හර්ෂණ තුෂාර සිල්වා
දේශපාලන අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ ඉතිහාසයේ පළමු වරට අද (15) එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 178 සීමාව ඉක්මවා ගියේය.
මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (15) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 178.10ක් ලෙසත් ගැනුම් මිල 174.17ක් ලෙසත් දැක්විණි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට නොවැම්බර් 13 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 13.2කින් අවප්‍රමාණය වී තිබෙන අතර ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂණ ආයතනයක් වන රෙෆිනිටිව් ඉකෝන් දත්තවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 14.4කින් අවප්‍රමාණය වී ඇත.
වත්මන් දේශපාලන අර්බුදය නිසා ඇති වී තිබෙන දේශපාලන අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමේ අවදානමක් ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වාදෙති.
මේ අතර නොවැම්බර් 14 වැනිදා වන විදෙස් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.2ක් බවත් මේ වසර අවසන් වනවිට සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.8ක් වනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු වේ.
63226
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රුපියලේ අගය තවත් පහළට
sandy123 Thursday, 15 November 2018 07:05 AM
බොහොම ස්තිතුයි මහා රජාණනි!
shan saudi Thursday, 15 November 2018 07:09 AM
නියමයි
rocky Thursday, 15 November 2018 07:17 AM
දැන්වත් රුපියල බේරාගන්න!
Ravi Thursday, 15 November 2018 07:27 AM
දේසපාලනය කරන අය නිසා මේ රට විනාශ වෙලා මිනිස්සුත් විනාශ වෙලා යනවා
isurandi Thursday, 15 November 2018 07:42 AM
රුපියල විතරක් නෙමෙයි ලංකාවත් දැන් ඉන්දියන් සාගරේ පාවෙමින් තියෙන්නේ. කොයි මොහොතක හරි මේක මුහුදටම දියවෙලා යනවා රුපියල කෙසේවෙතත්.
Nandalal DE SILVA - France Thursday, 15 November 2018 09:27 AM
පසුගිය කාලයක අයවැයක් ඉදිරිපත් කරපු අයෙක් පාර්ලිමේන්තුවේදී ඇහුවලු මෙහෙම...."දැක්කද බයියාලගේ වැඩ" කියල? රුපියල ඉහළ යනවා කියා පාරම්බාන ඒ බයියාට....."දැන් සතුටුද"??????? රුපියල දැන් නායයාමකට අහුවෙලා නැද්ද?
weerakoon Thursday, 15 November 2018 10:33 AM
විපක්ෂයේ ඉන්නවිට අදහස් දෝරේ ගලනවා. බලයට ආවම කසාය බීපු ගොළුවෝ වගේ ඉන්නවා...රට දිනෙන් දින අගාදයට යනවා.
RNG Thursday, 15 November 2018 12:20 PM
මොළයක් තිබෙන මිනිස්සුන්ට නම් වැටහෙන්න ඕන රටේ දේශපාලනමය අර්බුදයක් තියෙන වෙලාවක ආර්ථිකය කඩන් වැටීමට ලක් වෙනවා කියලා. මහින්ද මහත්තයා ආවා කියලා ඒක වෙනස් වෙන්නෙ නෑ.
banda Thursday, 15 November 2018 03:09 PM
මහින්ද අගමැති . නාමල් ජනපති කරන තුරු අපි මහින්ද සමගයි .....
Rohana Friday, 16 November 2018 02:59 AM
බන්දුලගේ විනිමය අනුපාත විග්‍රහය දැන් දකින්න නැත්තේ මොකද දන්නේ නෑ. බන්දුල අවදි වෙනු. විග්‍රහය දිගටම කරනු.