IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රුපියල වාර්තාගත අගයකින් පහළ බසී

හර්ෂණ තුෂාර සිල්වා
 
ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කරමින් ශ්‍රී ලංකා රුපියල අද (18) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 161 ක් පහළ ගියේය. 
 
ශ්‍රී ලංකා මහ බැංකුව අද (18) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 161.00 ක් වූ අතර ගැනුම් අගය 157.80ක් විය.  
 
මේ අනුව රුපියල මෙතරම් අගයකට පහත වැටුණු පළමු අවස්ථාව මෙය විය. ඉකුත් පෙබරවාරි පැවැති පළාත් පාලන ඡන්දයෙන් පසු දේශපාලන ක්ෂේත්‍රයේ ඇති වූ අස්ථාවරත්වයත් සමඟ රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වෙමින් තිබේ.
 
ශ්‍රී ලංකා මහ බැංකු දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ජූනි 14 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 4.2කින් අවප්‍රමාණය වී තිබේ. 
 
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පෙර දින එනම් පෙබරවාරි 9 වැනි දිනා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 156.18ක් ලෙස දැක්විණි. 
 
පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.  
 
දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන රුපියල මේ වසර අවසන් වනවිට ඩොලරයට සාපේක්ෂව 163ත් 165ත් අතර අගයක් දක්වා පහත වැටෙනු ඇතැයි ගනුදෙනුකරුවන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි. 
 
“ගෝලීය ප්‍රවණතා හේතුවෙන් රුපියල පීඩනයකට ලක්ව තිබෙනවා. එය රුපියලට පමණක් විශේෂ තත්ත්වයක් නෙමෙයි. ගෝලීය ප්‍රවණතා හේතුවෙන් තමයි මේ තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ. ඩොලරයට සාපේක්ෂව ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙනවා” යැයි රොයිටර් පුවත් සේවයට අදහස් දැක්වූ ගනුදෙනුකරුවකු පවසා තිබිණි. 
 
 



අදහස් (12)

රුපියල වාර්තාගත අගයකින් පහළ බසී

Asanka Monday, 18 June 2018 11:42 AM

මේ තියෙන්නේ විපාක, දැන් හැමෝම එකතු වෙලා විදිමු දුක් .... ආර්ථිකය ගොඩනගන්න සැලසුම් ඇති දක්ෂ ව්‍යාපාරිකයෝ, සත්‍යගරුක නීතිවේදීන් අනාගතයේවත් පත්කරගමු පාර්ලිමේන්තුවට .

:       0       147

ranga Monday, 18 June 2018 11:54 AM

මම දන්නේ නැහැ... මට මතක නැහැ. කියන ඒවගේ ප්‍රතිඵල..

:       0       80

Raveendra Monday, 18 June 2018 12:00 PM

කවුද කෙනෙක් පසුගිය දවසක කියලා තිබුණා නේද මෙසේ රුපියල පහළ බැසීම රටට හොඳ බව... අපි අාසයි ඒ කෙනාගෙන් වැඩිපුර විස්තර දැනගන්න... කොහොමද රට හොඳ වෙන්නේ කියලා...

:       0       107

රොමේෂ් Monday, 18 June 2018 03:40 PM

රුපියල තවදුරටත් පහල යාමෙන් සිදුවන එකම වාසිය තමයි " රුපියල අවප්‍රමාණය වීම රටේ ආර්ථිකය හා කිසිසේත්ම සම්බන්ධයක් නැති ස්වායක්ත කාරණයක් ලෙස මේ ආණ්ඩුව විසින් ජනගත කිරීම සහ තවමත් මේ ආණ්ඩුවට කඩේයන ජනතාව විසින් එය එකහෙලා පිළිගැනීම සහ ඒ දුර්මතය ඔවුන්ස්නාගේ යු පද්ධතිය සහ රුධිර සංසරණ පද්ධතිය දක්වාම ගමන්කර, ප්‍රජනන පද්ධතියතුලින් නව නුඋගත් පරම්පරාවක් බිහිවීම. තාර්කිය බුද්ධියක් නොමැති ඒ නුගත් පරම්පරාව බිහිවෙනදින ආණ්ඩුකරන කොයියම් හෝ පක්ෂයකට වුවත් කිසිම අපහසුතාවයකින් තොරව නිදහසේ ආර්ථිකය කොල්ලකෑමට හැකිවීම". මේ ප්‍රකාශය කරපු ආචාරියාගෙන් ඉස්සෙල්ලම දැනගන්න ඕනා එයා "රට" නිර්වචනය කරන්නේ කොහොමද කියලා. එයා "රට" කියන්නේ පාලක පක්ෂයටද දන්නේ නැහැ.

:       1       47

RaveendraTuesday, 19 June 2018 06:31 AM

කෙසේ වෙතත් තම රටේ මුදල් අගය පහල බසිනවා යනු එම රටේ ආර්ථිකය අගාදයට යන බව ඕනෑම සාමාන්‍ය දැනුම ඇති කෙනෙකුට දැනුම් තේරුම් දෙන කරුණක්.......

:       0       0

Banda Monday, 18 June 2018 01:55 PM

තවත් අැමැතිවරුන් 30ක් පමණ පත්කරන්න... රට සරුසාර වෙයි.

:       0       188

kalani Monday, 18 June 2018 02:23 PM

හැමදාම රුපියලට ශත 100යි. ඒක කොහොමද අඩුවෙන්නේ කියලා 1970 දශකයේ ආර්ථික කතිකාචාර්යවරයෙක් කියා තිබුණා මතකයි.

:       0       3

rasika Monday, 18 June 2018 02:36 PM

මම ඉන්නේ දියුණු රටක. මේ රටවල මුදල් ඒකකය ඇමරිකානු ඩොලර් එකට වඩා මෙහෙම අඩු උනොත් එක මහා විශාල ගැටළුවක් විදියට තම සලකන්නේ. මුළු රටම ඒ ගැන හොයනවා. මාධ්‍යවේදීන් හැම විටම ඒගැන ප්‍රශ්න කරනවා. ආණ්ඩුවට විශාල පීඩනයක් එල්ල කරනවා නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති වලට යන්න. දේශපාලන වාසිය අමතක කරලා.. ආණ්ඩු වැටෙන්න මේකම ඇති.. එත් ලංකාවේ.. දැන් මොක උනත් මිනිස්සුන්ට කමක් නැ. ආණ්ඩුවට මහා ජනතාවගෙන් එල්ලවෙන පීඩනය ඉතාම අඩුයි සාපේක්ෂව.. මෙනිසා ආණ්ඩුව ඕනෑම දෙයක් කරනවා තමන්ගේ පැවැත්ම ගැන විතරක් හිතල.

:       0       136

ධනුෂ්ක Monday, 18 June 2018 03:03 PM

ලංකාව නැමැති ගොඩනැගිල්ල නිර්මාණය කර අැත්තේ ශක්තිමත් අත්තිවාරමක් නැතිව, එ් අත්තිවාරම තමා රටේ බහුතරයක් වු ගම්බද ජනතාව, ඔවුන්ගේ යහපැවැත්ම මත තමා සියල්ල රඳා පවතින්නේ. අවුරුද්දක් වැස්සේ නැත්තම් කන්නත් නෑ බොන්න වතුරත් නෑ. සියල්ල රටින් ගෙන්වන්න වෙලා. හැබැයි රටේ පැත්තකට ගංවතුර, පැත්තකට නියඟය. මේ පුංචි රටේ වතුර ටික හරියට කලමනාකරණය කළානම්. එම ජනතාවට රජයේ සහනාධාර මත යැපෙන්න වුවමනාවක් නෑ. පහළ පන්තියේ අාර්ථිකය ශක්තිමත් කළානම්, ඔවුන් ඵලදායි නිෂ්පාදනයට යොමු කළානම් අද සියල්ල රටින් ගෙන්වන්න වෙන්නෑ. ඔවුන් එළිය වැටුණු වෙලාවේ සිට රෑ වෙනතුරු මහන්සි වෙනවා. නමුත්.... ඵලදායිතවය අවමයි. ගොඩනැගිල්ලේ මතුපිටට පෙනෙන කොටස ගොඩනගන්න කලින් අත්තිවාරම ශක්තිමත්කළ යුතුයි. නැත්නම් බර වැඩිවෙද්දි මේ වගේ පැතිවලින් ගිලා බහිනවා.

:       0       165

Samathasena A . Aluthgama Tuesday, 19 June 2018 02:55 AM

" ඩොලරය යන්නේ උඩ වේගෙන් එකසීයේ හැටේ " " රුපියල බහින්නේ පල්ලම් වලට රටේ " " පාලකයන්ට මේවා නොපෙනේද ? රටේ " " ඉක්මන් විසඳුමක් දෙනු අගමැතිඳු රටේ "

:       0       117

rohana kumara mendis Tuesday, 19 June 2018 06:06 AM

ඔව් එත් රුපියලේ අගය අඩු උනාම එක වාසියක් වෙනවා පිට රට ඉන්න අයට. ඩොලර් එකට වැඩිපුර ගෙනාවා. පිටරට අය වැඩි වැඩියෙන් ඩොලර් අරගෙන එනවා ලංකාවට මාරු කරන්න. ගොඩක් අය බලාගෙන ඉන්නේ ගෙවන ගාන වැඩි වෙකනකන් මාරු කරන්න ලංකාවෙන්. ඩොලර් යුරෝ එහෙම. රටට වැඩියෙන් විදේශ විනිමය එන එකත් හොදයි නේද .

:       34       0

Shahiwal Tuesday, 19 June 2018 07:38 AM

ළඟදීම ඉතියෝපියාව වෙනවා.

:       0       56

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 603 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 233 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 285 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 270 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 470 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3986 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site