IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රුපියල බාල්දුවීම ගැන මහින්දගෙන් නිවේදනයක්

(නාලක සංජීව දහනායක)

රටට ආවේණික ආර්ථික කළමණාකරන ක‍්‍රමවේදයක් නොමැතිවීම හා වත්මන් ආණ්ඩුවේ අමනෝඥ ආර්ථික ප‍්‍රතිපත්ති නිසා රුපියල දිනෙන් දිනම බාල්දුවී ආර්ථික අර්බුධ නිර්මාණය වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (25) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

 

 

 



අදහස් (44)

රුපියල බාල්දුවීම ගැන මහින්දගෙන් නිවේදනයක්

සතයපාල Tuesday, 25 September 2018 01:02 PM

අපිව හිනස්සවන්න එපා

:       653       755

BamunuarachchiWednesday, 26 September 2018 07:34 AM

විෂය තේරුම් ගන්න බැරි උනාම හිනා යනවා තමයි

:       46       0

ගාල්ලේ පාල Tuesday, 25 September 2018 01:10 PM

මේ ආණ්ඩුව කාලෙද රුපියල අවප්‍රමාණ වෙන්න පටන් ගත්තෙ.

:       55       134

BamunuarachchiWednesday, 26 September 2018 12:21 AM

මහින්දගේ කාලේ අවුරුදු 10 ටම 105 සිට 130 රුපියල අවප්‍රමාණ වුණා. යහපාලන කාලේ අවුරුදු 3 ට 130 සිට 170 අවප්‍රමාණ උනා. ඉතිරි හරිය කියන්න ඕනෙද හිතා ගන්න පුලුවනිද.

:       370       505

BamunuarachchiWednesday, 26 September 2018 12:56 AM

රුපියල අවප්‍රමාණ පටන් ගත්තේ බොහොම ඉස්සට ඉඳන්. නමුත් ප්‍රශ්නය ඉස්සර රුපියල අවප්‍රමාණ උනේ රටට සංවර්ධනයක් වීමේ ප්‍රතිපල හැටියට නමුත් මේ අවුරුදු 3 ට රු 40 කින් රුපියල අවප්‍රමාණ වුනේ ඇයි කියන එකයි ප්‍රශ්නය ?

:       266       312

Lakmal Tuesday, 25 September 2018 01:39 PM

ඔක්කොම එක බව ජනතාව දන්නවා.

:       78       438

sarath Tuesday, 25 September 2018 02:06 PM

එතකොට ඉන්දියාවේත් අනික් රටවල් වලටත් එහෙමමද වෙලා තියෙන්නේ? අපි ඔයාට වැඩිය ආර්ථික විද්‍යාව ඉගෙනගෙන තියෙනවා. හැමදාම අපිව රවට්ටන්න බැහැ

:       281       333

kumara Tuesday, 25 September 2018 02:42 PM

කියලා තියෙන කතා නම් සහතික ඇත්ත.

:       61       159

පිටිගල මිලානෝ Tuesday, 25 September 2018 03:17 PM

ආර්ථිකේ ගැන දන්නා තරම තමයි. ඩොලරය ඉහල යන්නේ මුලික වශයෙන් ඇමරිකාවේ පොලී අනුපාතය ඉහල දැම්ම නිසා. එකට හේතුව චීනය යම් යම් ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීම නිසා සිදුවිය හැකි මුල්‍ය පසුබෑම් වලට මුහුණ දෙන්න. මීට අදාළ උප හේතුන්ද රාශියක් තියෙනවා. මේ ප්‍රශ්නේ යුරෝපේ ඉන්න අපිටත් තියෙනවා. රාජ්‍ය නායකයෙක් මෙවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ නොදන්නාකමටද?

:       156       317

BamunuarachchiTuesday, 25 September 2018 11:48 PM

රුපියලේ අගය 130 සිට 170 දක්වා නැග්ගේ ඇමරිකාවේ ඩොලරය නැග්ග නිසාම නොවෙයි. 160 සිට 170 නගින්න ඩොලරය ශක්තිමත් වීම හේතු වුනා නමුත් 130 සිට 160 දකවා නැග්ගේ මේ අයගේ නොහැකියාව නිසයි. මොවුන් රට බාර ගත් විට ඩොලරයත් රු 130, තෙල් බැරලය ඩොලර් 40, රටේ යුද්දෙත් ඉවරයි ඒත් ඩොලරය පාලනය කරගන්න බැරිවුනා. මේ අවුරුදු හතරට කරපු සංවර්දනයකුත් නැහැ ඩොලරයේ පලුවකුත් නැහැ.

:       404       390

BamunuarachchiWednesday, 26 September 2018 12:35 AM

මෙන්න මෙයාගෙන් අහගන්න

:       3       31

sirimal Tuesday, 25 September 2018 03:21 PM

මෙච්චර දේවල් දන්නා එකේ අර මාධ්‍ය සාකච්චාවේදී මොකද දන්නේ නැහැ අන්දුන් කුන්දුන් වුනේ? ඔය කතා කොයික උනත් ඇමරිකන් ඩොලරය ඉහල යාමට ප්‍රධාන හේතුව එරට විසින් බැංකු පොලිය ඉහල නැංවීමයි. ලෝක ආර්ථික බලවතා වීමට චීනය විසින් ආරම්භ කර ඇති "එක මාවතක්" ආර්ථික උපායමාර්ගික වැඩපිළිවෙලට එරෙහිව ට්‍රම්ප් විසින් ඉදිරිපත්කර ඇති විකල්පය එයයි. අපේ රටේ නිෂ්පාදන ආර්ථිකය වර්ධනය කර අපනයනය ප්‍රවර්ධනය කිරීමෙන් තොරව මෙයට ස්ථීරසාර විසඳුමක් ලබාදිය නොහැකිය. වත්මන් රජය එවැනි දිගු කාලීන ආර්ථික සංවර්ධන උපාය මාර්ගයක් සකස්කර තිබුණත් එය සෘජු ලෙස ක්‍රියාවට නැංවීමට නොහැකි වී ඇත. සමාජය තුළ ගලා ගෙනයන ප්‍රාග්ධනය කොටස් වෙළඳපොල තුළට අවශෝෂණය කරගැනීමට ක්‍රමවත් සහ විධිමත් වැඩපිළිවෙලක් සකස්කිරීම මගින් කිසියම් ප්‍රමාණයකට මෙය පාලනය කරගත හැකිවනු ඇත. එදා කීව ‘බලයට ආවහම කරන හැටි කියන්නම් ’ මේ ප්‍රශ්නයට උත්තරයක් නෙවේ. මෝඩ කතාවක් පමණකි.

:       472       531

BamunuarachchiWednesday, 26 September 2018 07:25 AM

ඔබට දෙන උත්තර පත්තර කට්ටිය ඔබේ වාසියට වෙනස් කරනවා

:       2       0

sirimalWednesday, 26 September 2018 08:20 AM

මෙයා එහෙම කියන්නේ දිවැස් ප්‍රගුණ කරලාදැයි මම දන්නේ නැහැ. නමුත් මා විසින් සඳහන්කළ දේවල් වෙනස් කර ඇති බවක් මටනම් පෙණුනේ නැහැ.

:       0       1

athura Tuesday, 25 September 2018 04:19 PM

මේක මහින්ද මහත්මයමද ලියලා තියෙන්නේ. අපි දැක්කා එතුමාගේ ආර්ථිකේ ගැන තියන හසල බුද්ධිය.

:       59       285

Nandalal DE SILVA - France Tuesday, 25 September 2018 09:23 PM

2015 දී පරාජය කල, රාජපක්ෂ ආණ්ඩුවේ අමනෝඥ ආර්ථික ප‍්‍රතිපත්ති මැද විවිධ හේතු මත ගත් විශාල ණය කන්දරාව ඩොලර් වලින් ආපසු ගෙවීමට තිබෙන වග නොකියන්නේ මොකද? රුපියල බාල්දු වෙන්නේ නැත. ඩොලරය ඉහල යනවිට තරාදියේ තැටි දෙක මෙන් රුපියල හෝ අනෙකුත් මුදල් වල වටිනාකම පහල යන බව කියාදීමට රජයේ කවුරුවත් නැද්ද ?

:       50       27

Bamunuarachchi Wednesday, 26 September 2018 12:13 AM

ඕක තමයි අපිත් කියන්නේ නොහැකියාව කියන්නේ ඕකට. රට බාරගෙන අවුරුදු 4 ම රටට කිසිම ආදායම් ලැබෙන සංවර්ධනයක් නැහැ හැබැයි ඩොලර් කෝටි ගණන් වලින් කෙරෙන වියදම් කළා සහ කරනවා. ඉතින් ඩොලරය නගින එක අහන්න ඕනෙද.

:       131       175

Bamunuarachchi Wednesday, 26 September 2018 12:27 AM

කොයි කාලයේද ඔය පාලනය කොරන්න හදන්නේ? තව අවුරුදු 1යි තියෙන්නේ.

:       66       114

Bamunuarachchi Wednesday, 26 September 2018 12:33 AM

යුද්දෙකුත් නවත්වලා විශාල සංවර්දනයක් කරලා අවුරුදු 10 ටම රුපියල බාල්දු වුනේ රු 25 න්. දැන් කොහොමද

:       125       174

Bamunuarachchi Wednesday, 26 September 2018 12:50 AM

" අපි ඔයාට වැඩිය ආර්ථික විද්‍යාව ඉගෙනගෙන තියෙනවා." ඔන්න ඔතන තමයි ලෙඩේ. ආර්ථික විද්‍යාව පුළුවන් වුනාට ඉලක්කම් අඩු කරන්න එකතු කරන්න වැඩි කරන්න බෙදන්න පුළුවන් වෙන්න ඕනේ. අර 62 හිතා ගෙන හිටියෙත් අපි දන්නවා කියලා තමා. ඔබලාගේ ඔය දැනීමේ ප්‍රතිපල තමයි අපි මේ අද ගෙවන්නේ.

:       90       142

Bamunuarachchi Wednesday, 26 September 2018 01:05 AM

කියන්න 2008 දී ලෝක ආර්ථිකය කඩා වැටුන අවස්තාවක යුද්දෙත් කරන ගමන් ඩොලරය අවප්‍රමාණ වෙන්න නොදී රැක ගත්තේ කොහොමද කියලා. පැත්තකට වෙලා හිතන්න. යහපාලකයෝ කියන ඒවා තර්කානුකූලව හිතන්න පුරුදු වෙන්න. රු 130 තිබූ ඩොලරය 170 දක්වා වැටුනේ ඩොලරය නැග්ග නිසාම නොවෙයි.

:       134       214

athuraWednesday, 26 September 2018 04:38 AM

ඇයි මහත්මයෝ ඔබතුමා ඔයහැටි අඩන්නේ. ඔබතුමාට මහින්ද මහත්මය බලයට ආවොත් මහබැංකු අධිපති කමවත් දෙනවා කිව්වද?

:       54       3

NalakaWednesday, 26 September 2018 06:09 AM

කාරනය මේක වෙන්න පුලුවන්නෙ අතුර. අපි දැක්ක ඇත්තයි යහපාලනය කියලා කරන පට්ටපල් බොරුයි, යහපාලනයටම ගැලපෙන තර්කයි දැක්කහම කාට උනත් අදහසක් ප්‍රකාශ කරන්න හිතෙනවනෙ. මම කියන්නෙ ඔයා එහෙම ගොන් අදහස් ප්‍රකාශ කරනව කියල නෙමෙයි. සමහරක් එහෙම කරන්වනෙ.

:       2       24

BamunuarachchiWednesday, 26 September 2018 07:13 AM

අතුර කතා කරන පුද්ගලයාව විවේචනය කොරන්න එපා කියන අදහස් පුලුවන්නම් හේතු දක්වා විවේචනය කරන්න. එහෙම බැරිනම් ඔබට අතුරේ යන්න බැරිවේවි.

:       1       23

athuraWednesday, 26 September 2018 08:16 AM

ඔන්න මහත්මයෝ මම හේතු දක්වන්න යන්නේ.......... මහින්ද මහත්මය පහුගිය ආණ්ඩුවේ හිටපු මුදල් ඇමති නේද?මට හැඟෙන විදිහට මුදල් පාලනය කරලා තියෙන්නේ මුදල් ඇමති නෙමෙයි වටේ හිටපු අය

:       32       1

NalakaWednesday, 26 September 2018 01:31 PM

අතුර, මහින්ද හිටපු අවුරුදු 10ටම ඩොලර් එක වැඩි වුනේ රුපියල් විසිගානකින්. යහපාලනයේ අවුරුදු හතරක් යන්නත් කලින් රුපියල් 37කින් විතර වැඩි වුනානේ. මහින්ද යුද්ධයක් දිනලත් ඩොලර් එක ඔය ගානට තියාගත්තා. දැන් ඉන්න අය මෙලෝ දෙයක් කරන්නේ නැතුව කෝටි ගණන් තමන්ගේ අයට වියදම් කරකර ඩොලර් එක 175 කළා. එහෙව් එකේ දැන් ඉන්න මුදල් ඇමතියයි මහින්දවයි සසඳන්න බැහැ කියලා මොලයක් තියෙනවා නම් තේරෙන්න ඕනනේ... එ්ක නිසා බූරුතර්ක දාන්නේ නැතුව අංතට්ටුවක් එනවද කියලා බලාගන්නකෝ...

:       0       24

BamunuarachchiWednesday, 26 September 2018 03:15 PM

නාලක මහත්මයෝ මේවගේ මෝඩ තර්ක දාන අය සමග කතා කිරීමත් විහිළුවක්.

:       0       54

BamunuarachchiThursday, 27 September 2018 01:22 AM

නිකන් අසාවට වගේ කියවන්නකෝ අද පුවත් පතක තිබෙන අජිත් කබ්රාල් මහතාගේ ලිපිය කියවා මම ලියන එවා සමග සංසන්දනය කොරන්නකෝ. එතකොට හිතේවි බමුණුආරච්චි බැංකු අධිපතිකමට හොඳයි කියලා.

:       0       0

BamunuarachchiThursday, 27 September 2018 12:21 AM

නාලක මහතා මෙතන ලියන කිසිවෙක් මහින්ද මහතාගේ ලිපිය කියවා නොමැත. ලිපිය කිවා මේ ආකාරයට ලියනවානම් ඒ යතාර්ථය තේරුම් ගැනීමට බැරි කුහකයින්මය.

:       0       0

kalpa Wednesday, 26 September 2018 01:23 AM

සිරිමල් කියනදේ හරි. නිෂ්පාදනයක් නැතිව අපනයන වැඩිකිරීමක් නොකර ආහාර ආදී සියලු දේම ආනයනය කරමින් අතපය හකුලුවාගෙන කකා බිබී පුටුවකට ලක්ෂ හයක් දොරකට කෝටියක් වැයකිරීම වැනි දේ කරමින් සිටියොත් රුපියල අවප්‍රමාණයවීම කිසිම ලෙසකින් නවත්වන්න බැහැ. 2000 වසරින් පසුව නිෂ්පාදන ආර්ථීකයක් සඳහා කලේ මොනවාද. අලුතින් අපනයනය කලේ මොනවාද.කිසිවක්ම නැහැනේ

:       3       60

Saththaya Wednesday, 26 September 2018 01:36 AM

පසුගිය කාලේ රුපියල විතරක් නෙමේ ජනතාවත් බාල්දු වුණා.

:       1       279

ලුම්බිණි Wednesday, 26 September 2018 01:45 AM

රුපියල පමණක් නොව බොහෝ මුදල් වර්ග ඩොලරයට සමානව අවප්‍රමාණය වී ඇත.

:       2       20

Sunil Wednesday, 26 September 2018 02:11 AM

මෙයා මේකට අත්සන් කලා විතරයි..

:       0       5

Saman Wednesday, 26 September 2018 02:16 AM

එතකොට ඉන්දියාවෙ රුපියල 12 % කින් බාල්දුවෙලා තියෙන්නෙ ඒ ආණ්ඩුවේ නොහැකියාව නිසාද ?

:       1       8

Saman Wednesday, 26 September 2018 02:16 AM

2012 දි ඩොලරය 113 ඉඳල 131 දක්වා 11 % කින් බාල්දු වුනේ කාගෙ නොහැකියාව නිසාද ?

:       40       56

BamunuarachchiWednesday, 26 September 2018 07:16 AM

රුපියල ගැන දන්නේ නැතිව ඩොලරය ගැන කතා කරනවා.

:       14       0

vipula Wednesday, 26 September 2018 05:54 AM

අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් මේ රටේ නිෂ්පාදනය කරන්න දේශපාලකයන් ඉඩ දෙන්නේ නැහැ. මේ දේවල් පිට රටෙන් ගෙන්න වෙනම මුදලාලිලා කොට්ටශයක් ඉන්නවා . දේශපාලන බලය අරගෙන. ඩොලර් එක කීයට ගියත් කාටවත් ගානක් නැහැ. මේවට දේශපාලකයන් ගන්න තීරණ වලට හිනා යනවා. තාමත් මේ රට මේ රටට අවශ්‍ය ආර්ථික ක්‍රමයකට අරගෙන නැහැ. අපි වෙනත් රටවල භාණ්ඩ වලට මාර්කට් එක හදල තියෙන්නේ. ඒ රටවලින් අපිට දීර්ග කාලීන ණය දෙනවා. ඒ රටවල දේශපාලකයන් තමන්ගේ මිනිස්සු ගැන හිතුවත් අපේ රටේ දේශපාලකයන් හිතන්නේ තමන් ගැන විතරයි. මාසෙන් මාසේ අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් අපි නිෂ්පාදනය කරලා පිටරටින් ආනයනික භාණ්ඩ ලිස්ට් එක දිනෙන් දින අඩු කරන්න ඕනේ. මේ ආණ්ඩුවේම ඉන්නවා ලංකාවේ කෘෂිකර්මය ට වඩා වෙන රටවලින් අහර නිෂ්පාදනය කර ගෙන්වීම ලාභයි කියන අය. ඔවුන්ට හිතන්න ශක්තියක් නැහැ රටේ මිනිස්සු මුදල් ලබාගන්න රැකියාවක් කරන්න ඕනේ නේද කියන එක. රජ කලේ මේවගේ දේශපාලකයන් හිටිය නම් අද අපිට වැවු කුබුරු දාගැබ් දකින්න ලැබෙන්නේ නැහැ.

:       0       105

Shan Wednesday, 26 September 2018 06:11 AM

මෙයා දන්න ආර්ථික. නිකම් බොළඳ විහිළු දෙන්න එපා.

:       0       1

Bummanaarachchi Wednesday, 26 September 2018 08:34 AM

2005 රට බාරගන්න කොට ඩොලර් එක රුපියල් 93යි... 2015 බලයෙන් පන්නන විට ඩොලරය 156යි. එහෙම වෙනකොට මෙයා මොනවද කළේ කියන්න මහත්තයෝ.. වාසියට බොරු කියන්න එපා.

:       0       1

BamunuarachchiWednesday, 26 September 2018 11:58 PM

කෙලින් කතා කිරීමේ ශක්තියක් නැත.

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 26 September 2018 08:58 AM

වහල්ලු දන්නා ඩොලර්.... ලියන දේවල් වලින් පෙනෙනවා පාසල් ගියේ කීවෙනි පන්තියටද කියලා.

:       0       26

ලක්ෂ්මන් Wednesday, 26 September 2018 09:05 AM

එක ඇමති කෙනෙක් පසුගිය කාලෙ ගම්මිරිස් ප්‍රති අපනයනය කලාම රටට ආර්ථික වාසි වෙනවා කියල ගම්මිරිස් පිටරටින් ගෙන්නුවා.ගොවියන් වගාව අත්හරින තැනට ආවා.රබර් වලටත් වෙන්නෙ ඒ ටිකමයි. තේවලට කසල එකතු කරල යවනවා ඉඩම් කැබලි කර පොල් වගාව විනාශ කරනවා කවුරුවත් මේ ගැන බලන්නේම නැහැ .මෙවැනිදේ නිසා ආපනයන ආදායම අඩුවෙනවා.රුපියල අවප්‍රමාණ වෙනවා.

:       0       0

KANDEPOLA Wednesday, 26 September 2018 09:21 AM

එයානම් මැරිලා ඉපදිලා. අපිනම් තාම හොඳ සිහියෙන් ඉන්නවා.

:       0       0

Bamunuarachchi Wednesday, 26 September 2018 03:32 PM

අපි ඩොලරය පැත්තකින් තියලා ස්ටර්ලින් පවුමට සාපේක්ෂව රුපියලට මොකද වුනේ කියලා බලමු. අද ස්ටර්ලින් පවුම රුපියල් 222 යි එහෙම වුනේ ඩොලරය ඉහල යාම නිසාමද? අගෝස්තු 26 දින රු 206.22 වූ පවුම සැප්තැම්බර් 30 වෙනකොට රු 222.65 නරක නැහැ නේද.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 69 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 39 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 129 1

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1776 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 516 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 622 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site