IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රුපියල තවදුරටත් පාවීමට ඉඩහැරිය යුතුයි - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

හර්ෂණ තුෂාර සිල්වා

රුපියල තවදුරටත් පාවීමට ඉඩ හැරිය යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පත් කර සිටින දූත මණ්ඩලයේ ප්‍රධානී මැනුවෙලා ගොරෝතී අද (20) පැවසුවාය. 

ශ්‍රී ලංකාව තවදුරටත් විනිමය අනුපාතික පාවීමට ඉඩ හැරිය යුතු බවත් විනිමය අනුපාතිකවලට වෙළෙඳපොළ තත්ත්වවලට අනුකූලව නිදහසේ හැසිරීම සඳහා ඉඩ දිය යුතු යැයි ද ඇය කීවාය.   

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීර්ණ ණය අරමුදල යටතේ ලබාදෙන ණය පහසුකම යටතේ කරන ලද සිව්වැනි නිරීක්ෂණය අවසානයේ වාර්තාව ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය එම කරුණු කීවාය. මෙම හමුව කොළඹ ලෝක බැංකු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 

විනිමය අනුපාතිකවල නම්‍යශීලි බව වෙනස්වන ගෝලීය ප්‍රාග්ධන ගලාඒම් හමුවේ තිබිය යුතු පළමු ආරක්ෂක සීමාව විය යුතු යැයි ද මැනුවෙලා ගොරෝතී මෙහිදි පෙන්වා දුන්නාය.

ශ්‍රී ලංකාව 2001 වසරේ සිට පාවෙන විනිමය අනුපාතික ක්‍රමයක් අනුගමනය කරන අතර ශ්‍රී ලංකා මහ බැංකුව අද (20) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 161.26ක් ලෙස දැක්විණි. එය ඉතිහාසයේ රුපියල පහළ ගිය ඉහළම අගයද වේ. 



අදහස් (6)

රුපියල තවදුරටත් පාවීමට ඉඩහැරිය යුතුයි - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

Chamara Wednesday, 20 June 2018 06:23 PM

ආර්ථික විශේෂඥයන් එන පොට හොද නෑ. මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න වෙනවා. නැත්නම් අපි අනුන්ගේ ඉත්තෝ වෙනවා.

:       0       0

sanath Wednesday, 20 June 2018 06:37 PM

රුපියල පාවෙනවා නෙමෙයි දියාරු වෙනවා. ඒත් එක්කම අපේ ජීවිතත් දියාරු වෙලා කුජීත වෙනවා.

:       0       3

lalith Wednesday, 20 June 2018 08:20 PM

5.50 ට තිබුණු රුපියල ජේ ආර් පාකරලා යැව්වා හතලිස් පනස් ගණන් වෙනකල්ම. මේ පාර බෑනගේ වැඩ බලමුකෝ? දෙසියටවත් නැග්ගුවේ නැත්නම් වැඩක් නැහැ.

:       0       42

asdfg Thursday, 21 June 2018 03:35 AM

ඉතින් ඕකට බදු ගෙව ගෙව ආණ්ඩුවේ මෝඩ මැති ඇමතිලා නඩත්තු කර කර ආණ්ඩුවක් ඕනද ? අයිඑම්එෆ් එකට මේක පාලනය කරන්න දුන්නනම් ඉවරි නේ

:       0       17

krishantha Thursday, 21 June 2018 03:45 AM

කමක් නැහැ . මෙච්චර දවස් කළා වගේ ඉතුරු ටිකත් මෙයාල කියන විදිහටම කරගෙන යන්න .කෙතුමතිය දැන් ළඟ .ළඟ .

:       0       0

Harshana Thursday, 21 June 2018 04:31 AM

ඔව් ඔව් මුන්ට ඕනෙ අපේ රට සූරගෙන කන්නනේ. ඒකනෙ ඔය කියන්නෙ. එකටම හරි යන පඹයෝ ටිකකුත් ඉන්නවනෙ.

:       5       54

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 121 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 327 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 808 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1099 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 384 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 183 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site