IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රිය අනතුරකින් 4ක් මරුට -7 කට තුවාල

(හිරාන් ප්‍රියංකර ජයසිංහ, ඔගස්ටින් ප්‍රනාන්දු, රෝවන් පෙරේරා සහ එච්. චන්දන)
 
පුත්තලම  කොළඹ ප්‍රධාන මාර්ගයේ නාගවිල්ලුව ප්‍රදේශයේ දී අද (18) අලුයම වූ රිය අනතුරකින් සිව් දෙනෙකු මරණයට පත්ව 07 දෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
 
යාපනය සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ වෑන් රථයක පුත්තලම සිමෙන්ති සමාගමක ටිපර් රථයක් ගැටී එය බඩු ප්‍රවාහනය කරනු ලබන ලොරි රථයකද ගැටී අනතුර සිදුව තිබේ.

ලොරි රථයේ රියදුරු, වවුනියාව තේක්ක වත්තේ විසු මො‍හාන් රාජ් පක්ෂාන් (30) අනතුරින් මිය ගොස් ඇත.

අනතුරින් කාන්තාවන් තිදෙනෙකු ද මියගොස් ඇති අතර එයින් එක් කාන්තාවක් ගැබිනියක් බවද පොලිසිය කියයි. අනතුරින් තුවාල ලැබූ පිරිස අතර කුඩා දරුවෙක්ද සිටී. 

 පුත්තලම මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි. සිද්ධියෙන් බරපතල තුවාල ලැබු  දෙදෙනකු මේ වන විට කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇතැයි පොලීසය කියයි.

 

(ඡායාරූප - හිරාන් ප්‍රියංකර)

(ඡායාරූප - රෝවන් පෙරේරා)

(ඡායාරූප - එච්. චන්දන)

 



අදහස් (19)

රිය අනතුරකින් 4ක් මරුට -7 කට තුවාල

abaran Monday, 18 March 2019 04:10 AM

මාර්ග නීති කඩ කරන රියැදුරන් හට පොලිසිය විසින් දඩ නියම කලාම අපි කරන්නේ පොලිසියට විරුද්ධව වැඩ කරන එකයි. ඒත් මාරක අනතුරක් සිද්ධ උනාම තමයි තේරෙන්නේ නීති රීති හරියාකාරව පිළිපැද්දානම් කොපමණ අනතුරු ප්‍රමාණයක් වලක්වාගන්නට තිබුනාද කියා..

:       140       811

hesaMonday, 18 March 2019 06:24 AM

ඇත්ත අබරන් ඔබ, රියදුරන්මයි නීති වලට විරුධව නැගී සිටින්නේ. පාරට බහින්නේ. පොලිසිය විවේචනය කරනවා, බනිනවා, ඒ වගේම පොලිසියේත් ඉන්නවා මුදලට නිතිය නමන අය. කවදාවත් හැදෙන රටක් නෙවි ලංකාව. " අපිට දෙන්න අපි හදනවා රට" කියන අයත් බලයට තණ්හාව නිසා ඒ වදන් යොදන්නේ, කොහේට හරි , කොක්කක් ගහල .කිසි කෙනෙක් නැහැ රටට හිතෛහී ලෙස මේ ක්‍රමය වෙනස් කරමු කියන අය

:       1       182

ruwanMonday, 18 March 2019 01:46 PM

ඇයි මතක නැද්ද කාලයක් මංතීරු නීතිය එපා කියලා නැටුවා..?

:       0       2

Rohana Monday, 18 March 2019 06:06 AM

මාර්ග නීති පිළිපදින්න කියල රිදුරන්ට කොපමණ කිව්වත් අහන්නේ නැහැ. අනවශ්‍ය කලබලයයි ලොකුකමයි ඔලුවට අරගෙන වාහන එලවනවා. ප්‍රතිඵලය වන්නේ කීපදෙනෙකුගේ ජීවිත අහිමිවීමයි. හරියට එලවන අයටත් එම වාහනවල යන අයටත් ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවීම කණගාටුවට කරුණක්.

:       1       96

kule Monday, 18 March 2019 07:51 AM

මාර්ග අනතුරු අවම කිරීමටනම් මාර්ග නීති උපරිමයෙන් පැනවිය යුතුයි දඩය වැඩිකර යුතුයි...... ඒ වගේම පොලිසිය දිවා රාත්‍රී අඛණ්ඩ සේවයේ යොදවා මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් අත්අඩංගුවට ගත යුතුයි. ලංකාවේ සියලුම රියදුරන්ට හොද විනයක් ඉගැන්විය යුතුයි.

:       0       209

Jayantha Monday, 18 March 2019 08:10 AM

මට තේරෙන්නේ නැහැ රටක රජයක් මෙහෙම රිය අනතුරු වෙලා මිනිස්සු 10ක් 12ක් දවසකට මැරෙන කොට ඊට විධිමත් ක්‍රමයක් අනුගමනය කරලා රිය අනතුරු අඩු කරන්න උත්සහයක් ගන්නේ නැති හේතුව. හැම ආණ්ඩුවක් ම කරේ ඒ දෙයයි? වෙන රටවල් වල කරන්නේ එට හේතුව සොයා අනතුරු අවම කීරීමයි. ලංකාවේ දේශපාලනයෙන් උන්ට ඕන විදියට මාර්ග නීති සාදාගෙන රට කනවා. මන් හිතුවා රනිල් මෙයට විසදුමක් ගෙනෙයි කියලා. නමුත් එය වෙන පාටක් නැත.

:       0       112

rohanMonday, 18 March 2019 09:33 AM

ප්‍රිය මහත්මයාණනි, අද දේශපාලකය කරන්නේ තමන්ගේ බලය රැකගන්න අනිකාව විවේචනය කිරීම පමණි. ඔබට තේරුම් ගිය මේ ඇත්තවත් රනිල්ට තේරුම් ගන්න බැහැ. එ්ක නිසා දැන් කාලය පැමිණිලා රටේ ජනතාවට බුද්ධිමත් තීරණයක් ගන්න.

:       0       13

JayanthaMonday, 18 March 2019 09:47 AM

රනිල් විසඳුමක් ගෙනාවත්, නැතත් මහින්ද ආපහු අගමැති කරන්න මගේ නම් කිසිම කැමැත්තක් නොමැත. එයා ප්‍රශ්න වැඩිකර එයාගේ හිතවතුන්ට හොරකම් කරන්න ඉඩ දුන්නා පමණයි.

:       894       407

Bangomunu.Monday, 18 March 2019 04:02 PM

ජයන්ත මහතාණෙනි, බලාගෙන හොඳේ. අපේ බමුණු මහතාට මල පනියි.

:       0       1

Raveendra Monday, 18 March 2019 08:35 AM

ඔබ සියලු දෙනාගේම අදහස් ඉතාමත්ම නිවැරදිය. අප ඒවා අගය කරන්නෙමු.

:       34       4

සනත් ඉතාලිය Monday, 18 March 2019 09:01 AM

මහින්ද මහත්මයා බැසිල්ට හොරා කන්න මාර්ග සංවර්ධනය කළ එක තමයි වරද... මෙහි වගකීම මහින්ද බාරගත යුතුයි. ජේපී නියාය. දිවි අහිමිවූ අයට නිවන්සුව හා අන්‍අයට ඉක්මන්සුවය....

:       531       26

Donald G Monday, 18 March 2019 09:34 AM

කිසිම වගකීමක් රියදුරාට නොමැත. අධිකරණය මගින් දඬුවම් පමණි. ජීවිත හානි වූ අයට වෙන නඩු දමා අධිකරණ මගින් යමක් ගත යුතුව ඇත. රක්ෂණ නීති වෙනස්විය යුතුව ඇත.

:       0       8

දිලූෂා Monday, 18 March 2019 09:58 AM

ටිපර් රථ ඇතුළු බරවාහන රියදුරන් අනෙකුත් වාහන පිළිබඳ තැකීමක් නොමැතිව ධාවනය කරන බැව් නිරන්තරයෙන් දැකිය හැක. එයට හේතුව ලෙස මා දකින්නේ එවැනි රළු රැකියාවන්හි අඛණ්ඩව යෙදීම නිසා ඔවුන්ගේ සිත් සංවේදී බවින් ඈත්වීම නිසා හා ඔවුන් පදවන්නේ විශාල වාහන බැවින් ඒවා අනතුරකට ලක්වුවහොත් එහි ගමන් කරන්නන් හට හානි සිදුවීම අවම නිසා බවයි.

:       0       11

RaveendraMonday, 18 March 2019 10:56 AM

දිලූෂා මහත්මිය/මෙනෙවිය වෙත, ඇත්තෙන්ම රිය පැදවීම එක්තරා ආකාරයක භාවනාවකි. රියදුරුගේ මනස එක එල්ලයේ සන්සුන්ව තිබිය යුතුමය. අවාසනාවකට අප රටේ රියදුරන්ගේ විනය ඉතාමත්ම පහත් තත්වයට පිරිහී ඇති බව මාර්ග දෙස හොඳින් නිරීක්ෂණය කිරීමේදී ඕනෑම කෙනෙකුට දැකිය හැක. අප වැඩි දෙනෙකු සිතන්නේ අප හරි... අනිකා හැමවිටම වැරදිය. මා පමණක් පාරේ යායුතුය... අනිකාට පාරේ යාමට නොහැක. මා පමණයි මේ මුළු ලෝකෙටම සියලුම රියදුරු ශිල්ප දන්නා හොඳම හොඳ රියැදුරා යන මෝඩ න්‍යායයෙන්ය. තවද "වංක" පොලිස් නිලධාරින්ගෙන් ගහන මෙසිරිලක මෙවන් ජඩ රියදුරන්ට නිසි දඬුවම් ලැබේද යන්නත්.. සැමවිටම සැක මතුවෙනවා නොවේද?

:       1       17

casmir Monday, 18 March 2019 10:40 AM

වේග සීමාව 30 සහ 50 අතර කළ යුතුයි. සෑමපාරක්ම 2 කින් සමන්විත විය යුතුයි. අපේ මිනිස්සුන්ගේ ප්‍රමිතිය බලවෙලා ඉවරයි. එ්ක හදන්න බැහැ. එකම විසඳුම භෞතික ක්‍රම පමණි... නැත්නම් වසරකට, 3000ක් මැරෙනවා. 6000ක් අබ්බගාතයෝ වෙනවා. ලක්ෂයක් වත් අනාථ වෙනවා. අපි කතාකරනවා.

:       0       24

Praba Monday, 18 March 2019 01:13 PM

මතකද රිය අනතුරකට මුහුණ දුන්නා කන්ටේනර් රථ රියදුරෙක්ට... නින්ද යාම නිසා? ඔහුට සහයකයෙක් වත් හිටියේ නැහැ. එකදිගට පැය ගණනක් එළවලා.. අනතුරක් වූ විට වාහනයේ හිමිකරු වගකීම් පැහැර හැරීම ගැනත් සොයාබැලිය යුතුයි. බල්ලෝ මරලා හරි සල්ලි අරන් ආ යුතුයි කියන එකයි, බස් රථ ලොරි රථ හිමිකරුවන්ගේ නීතිය..

:       0       10

නිලාම් ගාල්ල Monday, 18 March 2019 01:28 PM

මගේ පවුලේ සාමාජිකයන් 5 දෙනෙක් දැනට වසර 14කට පෙර ලංගම රියදුරුගේ වරදින් වරකාපොළදී ජීවිතක්ෂයට පත්ව තවමත් නඩු විභාගය අවසන් නොවී වරදකරු තවමත් නිදැල්ලේ ඉන්නවා. මේකයි ලංකාවේ අවාසනාවන්ත තත්ත්වය...

:       0       62

RaveendraMonday, 18 March 2019 02:09 PM

අප අවංකව කණගාටු වෙනවා ඔබගේ පවුලේ උදවි පිලිබදව.

:       0       6

athula Wednesday, 20 March 2019 02:37 AM

විනිසුරු කාමරයේ දොරවල් වහලා නඩු අහලා අැප දෙනකොට මිණීමරන්න කවුද බය?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 138 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 137 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 195 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 141 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 557 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 939 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1519 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site