(නිශාන්ත කුමාර)
ගුවන් යානාවලට පොළොවේ සිට ප්‍රහාර එල්ල කළහැකි බර අවි සඳහා යොදනු ලබන සී.බී.සී වර්ගයට අයත් විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ජීව උණ්ඩ හැත්තෑ තුනක් ඇතුළු ජීව උණ්ඩ 346 ක්, යකඩ බැරල් දෙකක් ඇතුලු භාණ්ඩ තොගයක් අද (05) සැකකරුවෙකු සමඟ රිදීමාලියද්ද කුරුවිතැන්න තඹගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ නිවාඩු ලබා පැමිණී 35 හැවිරිදි යුද හමුදා සෙබලෙකි.
අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ගුවන් යානාවලට පොළොවේ සිට ප්‍රහාර එල්ල කළහැකි බර අවි සඳහා යොදනු ලබන විදේශීය රටක නිෂ්පාදනය කරන ලද සී බී සී වර්ගයට අයත් මිලිමීටර් 50-95 වර්ගයේ ජීව උන්ඩ 24 ක්, සී බී සී වර්ගයට අයත් මිලිමීටර් 50-81 වර්ගයේ ජීව උන්ඩ 49 ක් , එෆ් එන් එම් වර්ගයේ මිලිමීටර් 5.81 ජීව උන්ඩ 273 ක්, විදේශීය රටක හෝ මෙරට නිෂ්පාදිත 5.81 උණ්ඩ යොදන යකඩ බැරල් එකක් ,බෝර 12 යකඩ බැරල් එකක් සහ ඒවා අසුරා තිබූ මලු කීපයක් තිබූ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් හමුදා සෙබලාට අයත් කාමර දෙකකින් යුත් නිවසේ එක් කාමරයක් තුළ මෙම උණ්ඩ තොගය ගබඩා කර තිබිණී.
මොහු කුමන හේතුවක් සඳහා මෙම උණ්ඩ රැගෙන විත් ඇද්දැයි මේ වන තුරුත් අනාවරණය වී නොමැති බවත් සැකකරු හෙට (6) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පැවැසීය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රිදීමාලියද්දේ නිවසකින් ගුවන් යානා ප්‍රහාරක උණ්ඩ තොගයක් සොයා ගනී
wije Tuesday, 05 March 2019 04:26 PM
අනේ පව් එයා නිකම් සෙල්ලම් කරන්න ගෙන්න ඇති.
anura Tuesday, 05 March 2019 04:57 PM
තුවක්කුව පස්සේ ගේන්න වෙන්නැති උණ්ඩ විතරක් නොවැ ගෙනල්ල තියෙන්නේ
abaran Tuesday, 05 March 2019 08:42 PM
උණ්ඩ තියේ නම් තුවක්කුවක් හදාගන්න එක කජ්ජක්යැ?
Mahee Wednesday, 06 March 2019 03:14 AM
ආසාවට ගෙනාපු සෙල්ලම් බඩු හින්ද දැන් ඉතින් හිරේ විලංගුවේ ලැගහල්ලකෝ. තමන් හමුදාවේ හිටිය පලියට ඔහොම දේවල් ළඟ තියාගන්න එක වැරදියි කියල යාලුවෙක්වත් කියල දුන්නේ නැද්ද?
Chandima Wednesday, 06 March 2019 07:44 AM
පස්සේ කාලෙක කාට හරි විකුණගන්න පුළුවන්නේ කියලා හිතන් ගෙනාවද ?
sirimal Wednesday, 06 March 2019 09:13 AM
අනුමානයක් නැහැ මත්තල ගුවන් තොටුපලේ ඉඳල පකිස්තානයට පහර එල්ල කරන්නට රිදීමාලියද්දට උඩින් පියාසර කරන ඉන්දියානු ගුවන් හමුදාවේ යානා වලට දමල ගහන්න තමා ඕවා ගෙනැත් තියෙන්නේ. මත්තල ඉන්දියාවට විකුණුවේ ඒවගේ වැඩ වලට කියලනේ ඔය විපක්ෂයේ සමහරු කියන්නේ.
lal Wednesday, 06 March 2019 12:17 PM
මෙය සැහැල්ලුවෙන් සැලකීමට නුසුදුසු බැරෑරුම් දෙයක්. බොහෝ විට රාජ්‍ය නායකයින් රාජකාරී කටයුතු සඳහා මෙන්ම යාලු මිත්‍රයන් බැලීමට පවා යොදා ගන්නේ හෙලිකොප්ටර් යානාය. එබැවින් කුමන අරමුණකින් මෙම අවි ආයුධ රැස් කලේද කියා සොයා බැලිය යුතුයි.