තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
තමන්ට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාගයට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා ගොනු කළ රිට් පෙත්සමේ විභාගයෙන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඉවත් වන බව අද (16) නිවේදනය කළේය.
ඒ අනුව මෙම පෙත්සම ලබන සඳුඳා (19) අභියාචනාධිකරණ සභාපති නොමැති විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමටද නියෝග කෙරිණි.
මහින්දානන්ද අලූත්ගමගේ මහතා ගොනු කළ රිට් පෙත්සම අද (16) අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
නීතීඥ සනත් විජේවර්ධන මහතා මඟින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
රුපියල් මිලියන 27 ක වටිනාකමින් යුතු දේපළක් අත්පත් කර ගැනීමෙන් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් පෙත්සම්කරුට එරෙහිව කොළඹ මහාධිකරණය යටතේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම යටතේ නඩු පවරනු ලැබ ඇත.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනසුරු ගිහාන් කුලතුංග මහතා යටතේ විභාගවේ.
මෙම විනිසුරුවරයා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදුලි සංදේශ කොමිසමේ අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතාට එරෙහිව ප්‍රකාශිත නඩු තීන්දුවේ එවක පැවති දේශපාලන සංස්කෘතිය යටතේ රජයේ සේවකයින් සහ විධායක නිලධාරීන් මෙවැනි තීන්දු තීරණ ගැනීම් වලට යොමුවීමේ ස්වභාවයක් දක්නට ලැබේ යැයි සඳහන් කර ඇත.
පෙත්සම්කරුවෙකුගේ නඩුව විභාගයට ගනු ලබන විනිසුරුවරයා බරපතල වංචා සහ ¥ෂණ සෙවීමේ කොමිසමේ සාමාජිකයෙකු හැටියට කටයුතු කරයි.මෙම කොමිසම නිකුත් කළ වාර්තාවේ පෙත්සම්කරුට එරෙහිව විමර්ශනයක් සිදු කළ යුතු බවට කරුණු සඳහන් කොට තිබේ.
මේ අනුව අදාළ විනසුරුවරයා ඉදිරියේ පෙත්සම්කරුගේ නඩුව පිළිබඳ සාධාරණ සහ යුක්තිසහගත විනිශ්චයක් බලාපොරොත්තු විය නොහැකිය.
එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ එම නඩුව විභාගයට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද නඩුව වෙනත් මහාධිකරණ විනිසුරුවරයෙක් හමුවේ විභාගයට ගැනීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා මහතා පෙනී සිටියේය.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රිට් පෙත්සමේ විභාගයෙන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඉවත් වෙයි
Indrajith Saturday, 17 February 2018 01:11 AM
ගරු විනිසුරුතුමා ඉවත්වීමට හේතු මොනවද?
rocky Saturday, 17 February 2018 04:30 AM
අනේ පව් අහිංසකයා! ඔහුට ඉඩදෙන්න, තමන් කැමති විනිශ්චයකරුවෙකුව තෝරා ගන්න!
Appuhami Saturday, 17 February 2018 05:50 AM
මේක උසාවියට කරන අපහාසයක් නොවෙයි නේද?
lalith Saturday, 17 February 2018 08:42 AM
ෆයිසර් මුස්තාෆා මහින්දානන්ද වෙනුවෙන්.... මේ රටට හෙනම වදීවි...!!!
kamal GamageSaturday, 17 February 2018 03:37 PM
මේ ඔක්කොම එකට එකතු වන බව මෙයින් පැහැදිලියි නේද?
Binara Gunasekera Sunday, 18 February 2018 06:06 AM
මේ ඇමතිවරයාගේ පියතුමා කව්ද දන්නේ නෑ.
සුගත් තිලකරත්නSunday, 18 February 2018 09:26 AM
මහත්වරුනි සමාවන්න.. වලිගය පාගා ගන්න එපා. ෆයිසර් මුස්තාෆා සහ ෆයිස් මුස්තාෆා යනු දෙදෙනෙකි.
sarath perth Saturday, 17 February 2018 10:19 AM
රටට නෙමෙයි රට කරවන නොහොඹිනා පාලකයින්ට පලදේවි..!!!
Tissa Sunday, 18 February 2018 09:28 AM
ජනමතයෙන් අධිකරණයට තිත... බන්ධනාගාර දොරවල් ඇරේ. සිරකරුවෝද මනුෂ්‍යයෝය.