IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රෑට කුමන්ත්‍රණ තියෙන බව ආශු කියයි

(අංජුල මහික වීරරත්න)
 
මහින්ද රාජපක්ෂ මහතා හොර පාරෙන් අගමැති කළ අයුරින්, නැවත එවැනි කුමන්ත්‍රණයක් සඳහා රෑට රෑට සාකච්ඡා යන බව ආරංචි වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවැසීය.
 
බැරිවෙලාවත් එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් ජනාධිපතිවරයාගේ කුමන්ත්‍රණයකට හසුවුවහොත් එය ඔහුගේ දේශපාලනයේ අවසානය වනු ඇති බවද මන්ත්‍රීවරයා කීය.
 
මෙම කුමන්ත්‍රණ සාකච්ඡා ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම මන්ත්‍රීවරුන් තමාට තොරතුරු දෙන බව කී ආශු මාරසිංහ මහතා එම මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂා කළ යුතු හෙයින් ඔවුන්ගේ නම් හෙළි නොකරන බවද පැවැසීය.
 
කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අද(21) ආශු මාරසිංහ මහතා මේ බව කීය.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (11)

රෑට කුමන්ත්‍රණ තියෙන බව ආශු කියයි

චන්න Wednesday, 21 August 2019 09:37 AM

සුදුස්සාට සුදුසු තැන කවදා හෝ ලැබිය යුතුවේ.

:       636       208

ශ්‍රී Wednesday, 21 August 2019 09:39 AM

ගෞරවය ආරක්ෂා කරන්න හිනා වෙලා ඇති වෙලා ඉන්නේ තවත් හිනස්සන්න එපා? කවද්ද ඔයාලට ගෞරවයක් තිබුණේ..?

:       62       166

pradeepWednesday, 21 August 2019 10:33 AM

මොලේ කළඳක්වත් නැති අයට ගරුකළ යුත්තා නොයුත්තා හඳුනාගන්න බැහැ.

:       1       21

Bamunuarachchi Wednesday, 21 August 2019 09:47 AM

මෙයාට දිරච්ච ලණුවක් දීලා වගෙයි. එ්ත් කියන්න බැහැ ශ්‍රී ලංකා එකේ ඉන්නේ ඔයවගේ ගොබ්බයින් තමයි.

:       66       126

purnimaWednesday, 21 August 2019 10:30 AM

ඕක ශ්‍රී ලංකා මන්ත්‍රීන්ගෙන් දැනගන්න අවශ්‍යත් නැහැ. මොලේ කළඳක් විතර තිබෙන අයෙකුට සිද්ධි නිරීක්ෂණයෙන් තේරුම් ගත හැකිය.

:       0       1

Raveendra Wednesday, 21 August 2019 10:00 AM

මේ එකඑකාගේ වසුරු ගොඩවල්වල තියෙන ඇහැට පේන්නේ නැති කොකු පණු බිත්තර ගණන් කරන්නේ නැතිව තමන්ගේ ඇගෙන් පිටකරන අසූචිවල තියෙන දිරවලා නැති කබර ගොයිනගේ ඔලුටික ගණන් කර ගන්නකෝ.. ඇහුවොත් නම් මහලොකු උගත්ලු...

:       0       0

nimal Wednesday, 21 August 2019 10:06 AM

මොන මගුල්ද හලෝ...? ජනතාවට වැඩක් කරලා රටට යහපතක් වෙනදෙයක් කරලා පාඩුවේ ඉන්නකෝ..? නිකම්ම වයසට යනවනේ.. ඵලක් නැති දේවල් කරේදාගෙන..

:       0       0

Nandalal DE SILVA - France Wednesday, 21 August 2019 10:45 AM

එක පාරක් 2018 ඔක්තෝබර් 26දා හොරපාරෙන් ගිහින් මරා-සිරා කුට්ටම කරපු රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය වගේ තව එකක් දෙකක් හෝ කර, මැතිවරණවලට පෙර රට අගාධයට දමා, බලයට පැමිණීමේ පෙරනිමිති පෙන්වමින් සිටින එජා පෙරමුණු රජය අපහසුතත්වයට දැමීම වෙනුවෙන් පරාජය අභියස සිටින සියලු පක්ෂ එක්රැස් කරගැනීමට මහින්ද-සිරිසේන යුගල වලිකන කුමන්ත්‍රණ ගැන අගමැතිතුමා ඇතුළු සියළු ප්‍රගතිශීලින් විමසිල්ලෙන් සිටිය යුතුය..!!!

:       560       401

surathWednesday, 21 August 2019 11:39 AM

විපක්ෂ නායකකම සුදුස්සාට හිමි වුණෙත් එම මෙහෙයුමෙන් තමයි.

:       10       146

sirimal Wednesday, 21 August 2019 12:20 PM

වහෙන් ඔරෝ භාෂාවෙන් ඔය කියන්නේ අර එක්තරා මාධ්‍ය ආයතනයකින් දැනටමත් නාමයෝජනා ඉදිරිපත් කළ දිනවලත් ඉවර එක්කෙනා ගැනනේ. " එයා ජනාධිපති වුනොත් ඔය කියන මාධ්‍ය ආයතනයේ ලොක්කා ජනාධිපති වුණා වගේ තමයි " කියලයි බොහෝ දෙනෙක් කියන්නේ. ඇත්තද මන්දා. ඒ අතරේ පොහොට්ටුවේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙහෙම කියලා තියෙනවා. "අපි හොඳට දන්නවා රනිල් වික්‍රමසිංහ මහතා එක්ක දාම් අදින්නත් බැහැ. චෙස් සෙල්ලම් කරන්නත් බැහැ. ගේම් ගහන්නත් බැහැ. ඔහු ඒ වැඩේට ඉතාම දක්ෂයි. ඒ අනුව පවත්නා තත්ත්වය මත එක්සත් ජාතික පෙරමුණේ සන්ධානය පිහිට වූ පසු ජනාධිපති අපේක්ෂකයා ලෙස කරු ජයසූරිය මහතා නම් කරනු ඇති බවට විශ්වාසය පළකරනවා." තව කතාවක් තමයි " සජිත් මේ කුමන්ත්‍රණයට තල්ලු කර ඇත්තේ ජනාධිපතිවරයා විසින්ය" කියන එක... එ් කතාවේ අනෙක් කොටස මෙසේය "සිරිසේන-රනිල් සමඟ ඇති වෛරය පිරිමසා ගන්න ගමන් සජිත්ව පුම්බන්නේ 2020 කෙසේ හෝ අපේක්ෂකයා විමේ යටි අදහස තම හිතේ ඇති නිසායි. සිරිසේනගේ උත්සාහය සජිත් සටනට පොළඹවා එජාපය වලපල්ලට යැවීමටයි. සජිත් කරන්නේ ඔහුගේ පියා ජේ.ආර්.ට කලාක් මෙන් ජනප්‍රියත්වයක් පෙන්නා රනිල්ට අනවශ්‍ය බලපෑමක් ඇතිකිරීමටය."

:       0       309

Bamunuarachchi Thursday, 22 August 2019 07:07 AM

මල කෙලියයි.., කාරක සභාවෙන් පස්සේ මේ මනුස්සයා රෑටරෑට ශ්‍රී ලංකා මන්ත්‍රීලාගේ පිළිකන්නවලට වෙලා ගෙවල්වල කතාකරන දේවල් අහගෙන ඉන්නවද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 0 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 19 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1429 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 298 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1434 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1423 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site