රාහුල් ගාන්ධි සහ ඔහුගේ සොහොයුරිය වන ප්‍රියංකා ගාන්ධි දෙදෙනා හත්‍රාස් බලා යමින් සිටියදී උත්තර් ප්‍රදේශ් පොලිසිය විසින් රඳවා ගනු ලැබූ සිටිති. ඔවුන් දෙදෙනා පසුගියදා සමූහ දූෂණයට ලක්ව මියගිය උත්තර් ප්‍රදේශ් කාන්තාවගේ පවුලේ සාමාජිකයන් හමුවීම සඳහා හත්‍රාස් බලා යමින් සිටියහ.
රාහුල් ගාන්ධි සහ ඔහුගේ සොහොයුරිය වන ප්‍රියංකාගේ ගමන යමුණා අධිවේගී මාර්ගය අසළදී උත්තර් ප්‍රදේශ් පොලිසිය විසින් නතර කරන ලදි. පසුව වාහනයෙන් බට දෙදෙනා පා ගමනින් හත්‍රාස් බලා යාමට ගත් උත්සාහයේදී ඔවුන් දෙදෙනා උත්තර් ප්‍රදේශ් පොලිසිය විසින් රඳවාගන්නා ලදි.
සමූහ අපයෝජනයකට ලක්වූ කාන්තාවක ඉකුත් දා මරණයට පත්වූවාය. දිල්ලි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය එලෙස මරණයට පත්වූවාය. එම කාන්තාවගේ පවුලේ සාමාජිකයන් හමු වීම සඳහා කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි මහතා සහ ප්‍රියංකා ගාන්ධි මහත්මිය වද්‍රා දිල්ලියේ සහ උත්තර ප්‍රදේශ් හරහා හත්‍රාස් වෙත පාගමනින් ගමන් කරමින් සිටියහ. ඔවුන් සමඟ ඔවුන්ගේ ආධාරකරුවෝ ද මෙම පාගමනට එක්ව සිටියහ. පොලිස් නිලධාරීන් පැමිණ රාහුල් ගාන්ධි මහතා තල්ලු කළ බව ද බැටන් පොලුවලින් පහර දුන් බව ද ඔවුන් ආධාරකරුවන් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
කොරෝනා වයිරසය හේතුවෙන් විශාල පිරිසකට රැස්වීම තහනම් යැයි පවසමින් පොලීසිය පාගමෙන් යෙදුණු කොංග්‍රස් පක්ෂ ආධාරකරුවන් විසුරුවා හැරීමට පොලිසිය උත්සාහ කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්විණි.
පාගමනේ යෙදුණු පිරිසට ඉදිරියට යෑමට නොදීම නිසා රාහුල් ගාන්ධි සිය ආධාරකරුවන් සමඟ මාර්ගයේ වාඩි වී ඇත.
‘‘මේ දැන් පොලිසියට මට බැටන් පොලුවලින් පහර දුන්නා. ඔවුන් මා බිමට තල්ලු කළා. මං අහන්න ඕනෑ. මෝදි ට විතරද මේ රටේ ඇවිදින්න පුළුවන් ? සාමාන්‍ය මනුස්සයෙක්ට ඇවිදින්න බැරිද ? අපේ වාහන නැවැත්තුවා. ඒ නිසා ඇපි ඇවදගෙන යන්න පටන් ගත්තා’’ අත්අඩංගුවට පත්වීමට පෙර රාහුල් ගාන්ධි මහතා පැවැසීය.
(එන්.ඩී.ටීවී.)
055
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රාහුල් - ප්‍රියංකා පොලිසියෙන් රඳවා ගනී
ලුම්බිණි Thursday, 01 October 2020 11:39 PM
ඉන්දියාවත් ටික ටික වැරදි පැත්තට යමින් ඉන්නවා.