IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රාවණා 1 චන්ද්‍රිකාව ගමන් අරඹයි

ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙදෙනකු වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා නිර්මාණය කරන ලද ද රාවණා 1’ ඝනක චන්ද්‍රිකාව අද (18) පස්වරුවේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් ආරම්භ කරන ලදි.

එම චන්ද්‍රිකාව අද (18) පස්වරු 6.30 පමණ විට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ළඟා වීමට නියමිතව තිබිණි. 

‘ද රාවණා 1’ ඝනක චන්ද්‍රිකාව නිර්මාණය කරන සංවර්ධනය කර ලද්දේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙදෙනකු වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා ය. ඇමෙරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනයට අයත් සිග්නස් අභ්‍යාවකාශ යානය මගින් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර 400ක් දුරින් කක්ෂයේ මෙම චන්ද්‍රකාව ස්ථානගත කිරීමට නියමිතය. 

එම චන්ද්‍රිකාව අද (18) ශ්‍රී ලංකාවේ වේලාවෙන් අලුයම 2.16ට කක්ෂගත කෙරුණි. අභ්‍යාවකාශ යානය ගමන් කරන ලද්දේ ‘අන්තරේස්’ රොකට්ටුව මගිනි. 

සිග්නස් අභ්‍යාවකාශ යානය අනිද්දා (20) ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වීමට නියමිත බව පැවසේ. 

තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා ආතර් ශ්‍රී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂයෝ වෙති. ඔවුන් දෙදෙනා නිර්මාණය කරන ලද මෙම චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවේ පළමු පර්යේෂණ චන්ද්‍රිකාවයි. 

ජපානයේ ක්‍යුෂු තාක්ෂණය ආයතනයේදී මෙම චන්ද්‍රිකාව නිර්මාණය කර සංවර්ධනය කරන ලදි.

තරිදු දයාරත්න පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් විදුලි සහ විද්‍යත් ඉංජිනේරුකරණය පිළිබඳ උපාධිය ලබාගෙන තිබෙන අතර ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂක ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කරයි. දුලානි චාමිකා විද්‍යුත් යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ ඉංජිනේරුවරියක වන අතර ඇය ද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවරියක ලෙස කටයුතු කරයි. ඔවුහු දෙදෙනාම මේ වනවිට පශ්චාත් උපාධිය හදාරමින් සිටිති. 

දුලානි චාමිකා කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ සහ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි සිසුවියක් වන අතර තරිඳු දයාරත්න මොලගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සහ රඹුක්කන, පින්නවල ජාතික විද්‍යාලයේ ආදී සිසුවෙකි. 

දුලානිගේ පියා හේලීස් සමූහ ව්‍යාපාරයේ ව්‍යාපෘති කළමනාකරුවකු වන අතර ඇගේ මව ගෘහණියකි. තරිඳුගේ පියා මේ වනවිට ජීවතුන් අතර නැති අතර ඔහු රියදුරකු ලෙස කටයුතු කර ඇත. ඔහුගේ මව රසකැවිලි වෙළෙන්ඳියකි. 

055

 



අදහස් (21)

රාවණා 1 චන්ද්‍රිකාව ගමන් අරඹයි

පිටිගල මිලානෝ Thursday, 18 April 2019 02:40 PM

මෙය මට නම් හතරබීරි කතාවක්. මා දන්නා තරමින් ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව කක්ෂගත කලේ රොකට් රෝහිත නමැති ගෞරව නාමයෙන් හැඳින්වෙන රොකට් විෂයෙහි චීනයට පවා මෙම රොකට්ටුව යැවීම මඳක් පමා කරන්න යයි (එතුමා කියන පරිදි) උපදෙස් දුන් රොකට් විද්‍යාඥ සහ අභ්‍යවකාෂගාමියෙක්.

:       89       635

kamani Thursday, 18 April 2019 03:17 PM

කෝ අර මැද මුලන රොකට් එක...?

:       80       784

Nihal Thursday, 18 April 2019 04:12 PM

හරිම සතුටක් ,ජයවේවා.අපේ රටේ පළාතක් තියෙනවා සුළු කාරෙනේකටත් පුදුම කර පම්පොරියක් ගහන්නේ. ලංකාවේ වෙනස් කොටසක ගෝත්‍ර කොටසක් වගේමයි හැසිරෙන්නේ

:       149       281

Nuwan Thursday, 18 April 2019 04:28 PM

සුභ පැතුම් දරුවනි....

:       0       36

ගමයා Thursday, 18 April 2019 05:32 PM

ශිෂ්‍යත්ව විභාගය නිසා ලොව ජයගැනීමට වරම් ලද දරුවන්. ජය!

:       2       48

Nissanka Thursday, 18 April 2019 08:19 PM

කෝ එතකොට චිචි බේබි යවපු චන්ද්‍රිකාව?

:       59       1043

හේවාස්වර්න Thursday, 18 April 2019 09:26 PM

සතුටුයි...!!!

:       0       11

Gayan Thursday, 18 April 2019 09:38 PM

මේ ගැන ආඩම්බරයි..

:       0       9

Sam Thursday, 18 April 2019 11:56 PM

තම ප්‍රථම උපාධිය නිදහස් අධ්‍යාපනයෙන් ලබාගත් පුතණුවෙක් සහ මලයාසියාවේ පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධි ලැබූ දියණියක් බර්ඩ්ස් ව්‍යාපෘතියේ තුන්වන අදියර සමග එකතුවීම ගැන සතුටුයි.

:       0       28

sarath perth Friday, 19 April 2019 12:20 AM

ඔබ දෙදෙනාටම මගේ උණුසුම් සුභ පැතුම්

:       0       9

අනුර Friday, 19 April 2019 01:31 AM

දරුවනේ ඔබ අපේ මව් රටට විශාල ආඩම්බරයක්. මේ වගේ මැණික් ලෝකයේ විවිධ රටවල් වල සිටින බව පැහැදිලි. ඔබ සියලු දෙනා ලංකා මාතාවට ගෞරවයක් . ඔබ සියලු දෙනාගේ දැනුම භාවිතා කරමින් මේ අපේ මව් රට ගොඩනගන්න දායකවන්න.

:       0       29

jayath Friday, 19 April 2019 06:32 AM

අපේ උණුසුම් සුබ පැතුම් ! පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මේ වගේ දේවල් ඉදිරියට ගෙනයන්න පුළුවන් රටක් නෙමෙයි මේක... මොකද පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලන බූරුවෝ ටික යන සෝපානය කැඩුණාම මිලියන ගණන් ක්ෂණිකව වියදම් කරන රටක් කවදාවත් මේවගේ දේවල් වලට සතපහක් දෙන්නේ නැහැ..!

:       0       207

Dinuka Friday, 19 April 2019 06:50 AM

හරිම සතුටුදායක පුවතක්...

:       0       6

Japan baby Friday, 19 April 2019 07:10 AM

සුබ පැතුම් පිරිනමනවා ඔබ දෙපලට.. නමුත් මෙම වැඩසටහන ජපානය විසින් ලොව වෙනත් රටවල් සමගත් කරන දෙයක්... ඇෆ්රිකාවල මීට වසර 50කට පෙර ඇඳුම්වත් හරියට නොතිබුණු රටකුත් (අපහාසයට නොව එම රටේ දියුණුවේ වේගය සැලකීමට) ජපානයට පැමිණ සිටින එම රටේ සිසුන් විසින් ලබන මාසයේ එකක් යවනවා.

:       60       15

NuwanFriday, 19 April 2019 08:00 AM

ඔබ හරි කෙන්යාව මෙක්සිකෝව ඇතුළු රටවල් කිහිපයකම සිසුන් ජපාන අභ්‍යවකාශ ඒජන්සිය මගින් පවත්වන මේ වැඩසටහන යටතේ කුඩා චන්ද්‍රිකා ගුවන්ගතකරලා තියනවා කියල දැක්ක. ජයවේවා ලංකාවේ මේ වගේ නිපැයුමක් කල තරුණ දරුවන්ට. දේශපාලුවෝ සහ හෙන්චයියලා කිසි සුදුසුකමක් නැති අපත නෑදෑයෝ දරුවෝ රටේ හැම ක්ෂේත්‍රයම අල්ලාගෙන ඉන්න වෙලාවක , මේ වගේ රටේ නම තියන නිපැයුමක් ලොවට ඉදිරිපත් කල එක ලොකු ජග්‍රහණයක්

:       0       28

sirimal Friday, 19 April 2019 07:42 AM

එතකොට අර ලංකාවේ ඉන්න එකම අභ්‍යාවකාශ විශේෂඥයා කියලා පාරම්බාලා, බෙර ගහලා, පූජා පවත්වලා, බ්‍රේකින් නිවුස් දාල යවපු එකට මොකද වුනේ?

:       6       208

Kamal piyatissa Friday, 19 April 2019 08:12 AM

ඔබ සැමට මගේ සුභ පැතුම්...

:       0       3

රවින් Friday, 19 April 2019 08:25 AM

රාජ්‍ය ආයතනයක් වන ටෙලිකොම් වියදම දරමින් පහුගියකාලේ අභ්‍යවකාශයට යවන ලද චන්ද්‍රිකාවට මොකද උනේ? දන්නේ නැති හින්දා අහන්නේ?

:       0       66

ලේක්කෝ ගලබඩ Friday, 19 April 2019 10:13 AM

මේ ගොල්ලෝ රොකට් රෝහිතගේ ක්‍රමය අහගෙන තමයි යවන්න ඇත්තේ... අපරාදේ රොකට් රෝහිතවත් අස්සටම දාලා යවන්න තිබුනේ.

:       0       68

Samathasena Aluthgamage. Friday, 19 April 2019 01:30 PM

අපගේ පුංචි ලංකාව ලොව ඉහළ මට්ටමකට ගෙන ගිය මේ තරුණ බුද්ධිමතුන්ට අපගේ උපහාරය...!!!

:       0       55

සෙනෙවි Friday, 19 April 2019 01:37 PM

මේක යවන්න අැත්තේ නැකත් බලලා රාහු කාලෙ එහෙම මග හැරල වෙන්න අැති. මම එහෙම කිව්වේ තමන්ගේ දරුවන්ට මේ මිත්‍යාවෙන් උගන්නන දෙමව්පියන් වැඩි නිසා. එහෙම හිතුවා නම් මේ දරුවන්ට යවන්න වෙන්නේ අහස් කූරු තමයි...

:       23       271

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 702 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 133 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 915 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 946 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1281 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1155 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site