IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රාවණා 1 ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වෙයි

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙදෙනකු වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විසින් නිර්මාණය කරන ලද ද රාවණා 1’ ඝනක චන්ද්‍රිකාව රැගත් සිග්නස් අභ්‍යාවකාශ යානය අද (19) ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ විය. 

‘ද රාවණා 1’ ඝනක චන්ද්‍රිකාව ඊයේ (18) පස්වරුවේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් ආරම්භ කළේය.

‘ද රාවණා 1’ ඝනක චන්ද්‍රිකාව නිර්මාණය කර සංවර්ධනය කරන ලද්දේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙදෙනකු වන තරිඳු දයාරත්න (27) සහ දුලානි චාමිකා (24) විසිනි. ඇමෙරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනයට අයත් සිග්නස් අභ්‍යාවකාශ යානය මගින් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර 400ක් දුරින් කක්ෂයේ ස්ථානයක මෙම චන්ද්‍රකාව ස්ථානගත කිරීමට නියමිතය. එම චන්ද්‍රිකාව ඊයේ (18) ශ්‍රී ලංකාවේ වේලාවෙන් අලුයම 2.16ට කක්ෂගත කෙරුණි. අභ්‍යාවකාශ යානය ගමන් කරන ලද්දේ ‘අන්තරෙස්’ රොකට්ටුව මගිනි. 

මෙම චන්ද්‍රිකාව මගින් අරමුණු පහක් ඉටු කරගැනීමට අපේක්ෂිතය. ශ්‍රී ලංකාව සහ ඒ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම, ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත ‘ලෝරා මොඩියුලය’ නමැති මෘදුකාංගය අත්හදා බැලීම, චන්ද්‍රිකා භාවිතයේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම, කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම අත්හදා බැලීම සහ පෘථිවියේ චුම්භක ශක්තිය අධ්‍යයනය කිරීම එම අරමුණු පහය. ඉහත කී ‘ලෝරා මොඩියුල්’ නමැති මෘදුකාංගය දත්ත බාගත කිරීම (ඩවුන්ලෝඞ්) සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදාගැනීමට නියමිතය. 

ඝන සෙන්ටිමීටර් 1000 ක විශාලත්වයෙන් සහ කිලෝග්‍රෑම් 1.05 බරින් යුතු මෙම චන්ද්‍රිකාවේ ආයු කාලය අවුරුදු එකහමාරක් වුවත් අවුරුදු 5ක් දක්වා පවතිනු ඇතැයි පැවසේ.  

තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා ආතර් ශ්‍රී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂකයෝ වෙති. ඔවුන් දෙදෙනා විසින් නිර්මාණය කරන ලද මෙම චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවේ පළමු පර්යේෂණ චන්ද්‍රිකාවයි.  ජපානයේ ක්‍යුෂු තාක්ෂණය ආයතනයේදී මෙම චන්ද්‍රිකාව නිර්මාණය කර සංවර්ධනය කරන ලදි.

තරිදු දයාරත්න පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉංජිනේරුකරණය පිළිබඳ උපාධිය ලබාගෙන තිබෙන අතර ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂක ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කරයි. තරිඳු දයාරත්න මොලගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සහ රඹුක්කන, පින්නවල ජාතික විද්‍යාලයේ ආදි සිසුවෙකි. තරිඳු තමන් ඉගෙන ගත් පින්නවල ජාතික විද්‍යාලයේ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නම් ‘රාවණා 1’ චන්ද්‍රිකාවේ පරිපථයක සටහන් කිරීම ද විශේෂත්වයකි.  

දුලානි චාමිකා විද්‍යුත් යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ ඉංජිනේරුවරියක වන අතර ඇය ද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවරියක ලෙස කටයුතු කරයි. ඔවුහු දෙදෙනාම මේ වනවිට පශ්චාත් උපාධිය හදාරමින් සිටිති. දුලානි චාමිකා කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ සහ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි සිසුවියකි. 

දුලානිගේ පියා හේලීස් සමූහ ව්‍යාපාරයේ ව්‍යාපෘති කළමනාකරුවකු වන අතර ඇගේ මව ගෘහණියකි. තරිඳුගේ පියා මේ වනවිට ජීවතුන් අතර නැති අතර ඔහු රියදුරකු ලෙස කටයුතු කර ඇත. ඔහුගේ මව රසකැවිලි වෙළෙන්දියකි. 

 



අදහස් (33)

රාවණා 1 ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වෙයි

Samathasena Aluthgamage. Friday, 19 April 2019 03:42 PM

අපගේ මේ පුංචි ලංකාද්වීපය දියුණුවේ හිනිපෙත්තට ගෙනයන මේ සුපිරි මොළකරුවන්ට ජාතියේ ප්‍රණාමය !!! මේ රට නව මං පෙත් ඔස්සේ මේ සුපිරි මොළකරුවන් ඉදිරියටම ගෙනයාවි. මෙවැනි දේ ඇසීමට දැකීමට ලැබීමත්, අප ලැබූ භාග්‍යයක්....

:       6       1210

RaveendraSaturday, 20 April 2019 03:26 PM

ඇත්තෙන්ම ඔබගේ අදහස් අපද අගය කරන්නෙමු. එමෙන්ම මේ දරුවන් දෙදෙනාට අප හදවතින්ම සුබ පතන්නෙමු.

:       0       54

Nishantha Friday, 19 April 2019 04:03 PM

මිට කලිනුත් එක්කෙනෙක් රොකට් එකක් යැව්වා නේද?

:       34       815

විජිත් Friday, 19 April 2019 06:32 PM

ඒක ' මැද මුලන ස්පෙෂල් ' වන අතර ඒ හොර බොරු ව්‍යාපෘතියට පින්සිදුවන්න චීනා අපට අයත් චන්ද්‍රිකා කක්ෂ 5න් එක කක්ෂයක් ඔහුට ලියාගත්තාදැයි කියන සැකය තවමත් එසේමය. සියලුම පාලකයින් ඒ පිළිබඳව ' නෑසු කන්ව ' සිටින්නේ හොරු ආරක්ෂාකිරීම පාලකයින්ගේ වගකීමක් නිසාදැයි නොදනිමි.

:       65       796

HafeelSaturday, 20 April 2019 01:04 AM

ඔය පුතුන් මොනවා කලත් මොනවා හරි අවුලක් තමා. දන්නවනේ නීති විභාගය ලිව්ව හැටි.

:       0       1

RaveendraSaturday, 20 April 2019 03:30 PM

ඇයි අපිත් පුංචි සන්ධියේ කඩදාසි වලින් රොකට් ප්ලේන්, එතකොට නැව් කොච්චර දේවල් හැදුවද? ඉතින් ඒ අයත් අපි වගේම රොකට්ටුවක් හැදුවා..

:       0       16

sanjeewa Friday, 19 April 2019 04:06 PM

තවත් අලුත් නිපැවුම් සමඟ ඉදිරියට යන්න මාගේ සුබ පැතුම්!

:       0       207

sirimal Friday, 19 April 2019 04:27 PM

ජයවේවා.

:       1       246

Dimuth Friday, 19 April 2019 09:54 PM

සුබ පැතුම්! කපටි දේශපාලුවන් අපව සිර කර සිටින ඉතා ගැඹුරු අඳුරු ලිඳෙන් එලියට පැන්න විට අප හට නොකළ හැකි දෙයක් නැත.

:       0       9

Hafeel Saturday, 20 April 2019 01:05 AM

ලාංකිකයන් හැටියට අපිට ආඩම්බරයි. සුබ අනාගතයක් වේව..!!!

:       0       70

Aloy Hettiarachchi Saturday, 20 April 2019 01:18 AM

ඉන්දියාව කිලෝමීටර් මිලියන කෝටි ගණනක් ඈත තියන අඟහරු වෙත රාම යැව්වා තමන්ගේම යානයකින්. ජපන්නු අපගේ පුංචි චන්ද්‍රිකාව නේපාලයන්ගේ එකත් එක්ක පෙලගැස්සුවා. අපිකරලා තියෙන්නේ මෘදුකාංග පමණි. ඊළඟට සෝමාලියාවත් සමග පෙලගැස්සෙන්න සූදනම් වන්න.

:       1183       68

chathuriSaturday, 20 April 2019 12:46 PM

ඔබ සමහරවිට අප්පච්චිගෙන් සහතික ගත්තු පුතෙක්. වෙන්න ඇති.., ඒකයි ඔබට කේන්ති... ඔබගේ අසල්වැසියෙක්ද? ඒ කොහොම වුනත් සුබ පතන්න ඉගෙන ගන්න. පන්සලේ දායක පෝලිමේ ඉදිරියෙන් ඉන්නේ මේ වගේ කට්ටියයි.

:       1       237

NihalSunday, 21 April 2019 08:07 AM

ඊර්ෂියාව රුසියාවටත් වඩා ලොකුයිනේ

:       0       1

surangaSunday, 21 April 2019 10:24 AM

ඉරිසියාව නෙමෙයි. ලෝකෙ මේ තාක්ෂණය ගොඩක් ඉදිරියට ගිහින් තියෙන්නේ. මට වුනත් පුලුවන් පොඩ්ඩක් මුදල් වියදම කරලා මගෙම චන්ද්‍රිකාවක් යවන්න. ලක්ශ කීපයක් වියදම් කරලා. මෙහෙම දෙයක් හිස්මුදුනෙන්ම පිලිගන්න අපෙ අය ගැන දැක්කම දුකත් හිතෙනවා

:       0       8

sarath Saturday, 20 April 2019 01:59 AM

කිවිසුමක් ගියත් පාරේ නටන කලා පීඨ අන්තරේ ගොයියලාට ඉගෙන ගන්නවා නම් හොඳ පාඩමක්... සුබ පැතුම් ! ~~

:       309       675

Anuradha. W. Saturday, 20 April 2019 03:35 AM

ආදරණීය දුවේ පුතේ... ඔයාලා අපේ රත්තරන් පුංචි රටට අභිමානයක්... ඔයාලා ගැන අපට මෙතරම් සතුටක් ඇතිවෙනවා නම් ඔයාලගේ දෙමව්පියන්ට මොනතරම් සතුටක් ඇද්ද? ඔයාලට ජයෙන් ජය !

:       0       167

sarath Saturday, 20 April 2019 04:04 AM

පේරේ කොල්ලෙක් ... සුබ පැතුම්...!!!

:       0       64

Attalage Saturday, 20 April 2019 04:23 AM

මෙය ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ තවත් ජයග්‍රහණයක්..! රොකට්ටුව "අන්තරේ" නමින් නම් කලෙත් ඒකයි.

:       67       7

d.upul Saturday, 20 April 2019 04:36 AM

මෙම විශිෂ්ට නිර්මාණය කර තිබෙන්නේ අපේ දරුවෝ, ඒත් ජපානයේදී. අපේ පාලකයෝ විශිෂ්ටයින්ට ලංකාවට එන්න කියල ආරාධනා කරන්නේ පොල් ගාන්නද දන්නේ නැහැ.

:       0       40

Rahula Senanayake Saturday, 20 April 2019 04:42 AM

මෙය ලංකාවේ අනාගතය ලෙස ඉතිහාස ගතවේ. තාක්ෂණ නවෝත්පාදන ව්‍යාපාර ලංකාවේ එකම හොඳම විකල්පය වේ. සුබපැතුම්!!!

:       0       51

Amila Saturday, 20 April 2019 05:29 AM

අර මීට ඉස්සෙල්ලා චිචීද කියන හාදයා යවපු එක ගියේ කලු කුහරයකටද?

:       0       233

පිටිගල මිලානෝ Saturday, 20 April 2019 06:22 AM

රොකට් රෝහිතලා රොකට් යවන්න විනාශ කරපු මහජන මුදල් ගැන සොයා නඩු දාන්නේ නැත්තේ ඇයි?

:       0       186

JayaSaturday, 20 April 2019 01:45 PM

මම හිතන්නේ මේ මනුස්සයගේ ජානවල මොකක් හරි අවුලක් තියනවා. රොකට් රෝහිතලා ගැන කතා කරන්න ඉස්සෙල්ලා මේ දෙන්නට සුබ පතලා ඉන්න.

:       209       329

පිටිගල මිලානෝ Saturday, 20 April 2019 08:39 PM

ජාන වල ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ වහල් මානසිකත්වය තමයි අපේ දියුණුවට තිබෙන එකම බාධාව.

:       52       0

MISHAL-MATARA Saturday, 20 April 2019 06:36 AM

ජයවේවා...!!! සුබපතනවා ඒ දෙපළට... නිහතමානීව ආඩම්බර වෙමි... ශ්‍රී ලාංකිකයකු ලෙස... !!! 

:       1       77

Nimal Saturday, 20 April 2019 07:49 AM

ලංකාවේ දරුවන් මෙවන් ක්‍රියාවකට පෙළඹීම ඉතා වැදගත්... එම දරුවන්ගේ අනාගත සිහින තවත් සරුවේවා...!!!

:       0       42

gamini abeykoon Saturday, 20 April 2019 11:51 AM

තරිඳු සහ දුලානි, ඔබ දෙපල ලංකාවට කීර්තියක් ගෙනදුන් ක්‍රියාවක් කර ඇත. ඊට මගේ හදපිරි සුභපැතුම්... තව තවත් උසස් නිර්මාණ බිහිකිරීමට ඔබ දෙපලටම ශක්තිය හා ධෛර්යය ලැබේවා !

:       0       54

Aloy hettiarachchi Saturday, 20 April 2019 12:05 PM

මෙය යැවූ සිග්නිස් යානයෙන් වෙන රටවල පාසල් දරුවන්ගේ පුංචි චන්ද්‍රිකා පවා යවනවා. වෙන නමකින් මෙතරම් ප්‍රසිද්ධියක් නොදී කළානම් ප්‍රශ්නයක් නෑ. මෙම දරුවන් දෙදෙනාට මීට වඩා ලොකු දේවල් කරන්න පුළුවන් වේවා කියා මම පතමි. මීළඟ චන්ද්‍රිකාවේ ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය මොරටුව විශ්ව විද්‍යාලයට බාර දෙන මෙන් මා ඉල්ලා සිටිනවා. ඔවුන්ට එවැනි නිමානය කිරීමට අවශ්‍ය මෘදුකාංග සහ උපකරණ පසුගිය රජයෙන් ලබාදී ඇති බව මා දනිමි.

:       264       223

kuruttaa Sunday, 21 April 2019 01:27 AM

ඇයි පේරාදෙණියට ඉරිසියයිද ?

:       0       31

japaan mamaSunday, 21 April 2019 04:51 AM

ලංකාවේ ඉන්න ලිං මැඩියන්ට ඕව කියල වැඩක් නෑ.

:       0       0

gamage Saturday, 20 April 2019 12:49 PM

මේ ඉන්ජිනේරුවෝම තමයි රාවනා නම දැම්මේ... අපේ පට්ට ගොන් මොට්ට දියවන්නවේ ඉන්න රොත්තවත් සක්කිලි කැබිනට්ටුවේ අනුමැතියවත් නැතුව මේ ඉංජිනේරුවන් දෙදෙනාගේ නිර්මාණය නිෂ්පාදනය සහ අභ්‍යාවකාශයට යැවීම ගොන් දේශපාලකයන්ට නොදන්වාම කරපු එක අපේ රටේ විදේශ ණය කොමිස් ගහන අට පස් ගොන් දේශපාලකයන්ට හොඳම හොඳ පාඩමක්... ජයවේවා...!!! අපේ බුද්ධියෙන් ඉහළම ඉංජිනේරු දරුවන්ට..

:       0       632

RaveendraSaturday, 20 April 2019 03:39 PM

හා හා... ඔබ 225ක් වූ ගොන් රෑනට අසංවර ලෙස මෙන්ම අසීලාචාර ලෙස පරිභව කරනවා නොවේද? එසේ කිරීමෙන් ඔබ විසින් ඔබ අදහන ආගමට අනුව අවැඩක් සිදු කරනවා නොවේද? මේ පින් ගොන්නු 225ම තුන් වේල පිනටම ගිලීමට ඔබත් දායකවී ඇති බැවින් ඔබ විසින් කරන ලද පින් මෙසේ එම ගොන් රැලට වඩාත්ම ගැලපෙන සුදුසු වචන බාවිතා කිරීම හොඳ නැහැ නේද?

:       2       11

chamath Saturday, 20 April 2019 01:36 PM

සුබ පැතුම් දරුවනේ...!!!

:       0       57

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 261 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 545 2

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 228 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 164 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 240 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2322 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1515 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site