ඉස්ලාමීය බැතිමතුන්ගේ ශුද්ධ මාසය වන රාමදාන් මාසයේදී ඇමෙරිකාව, යුරෝපය, රුසියාව, ඕස්ට්‍රේලියාව, ඉරාකය, සිරියාව, ඉරානය සහ පිලිපීනය යන රටවලට ප්‍රහාර එල්ල කරන්නැයි අයි.එස් සංවිධානය ඔවුන්ගේ අනුගාමිකයන්ට පවසා ඇතැයි වාර්තා වේ.
අයි.එස් සංවිධානයේ ප්‍රකාශකයකුගේ හඬ යැයි කියැවෙන හඬපටයක් ඔස්සේ මෙසේ ඇමෙරිකාවට, යුරෝපයට සහ අනෙකුත් රටවලට ප්‍රහාර එල්ල කරන්නැයි ඉල්ලා ඇත.
මෙම පණිවිඩය දත්ත බවට හරවමින් අයි.එස් සංවිධානයේ නාලිකාවක් ඔස්සේ බෙදාහැර තිබෙන අතර හඬ පටය ඔස්සේ මෙම පණිවිඩය ලබා දී ඇත්තේ අයි.එස් සංවිධානයේ නිල ප්‍රකාශක අබි අල් හසන් අල් මුජහීර් යැයි ද පැවසේ.
කෙසේ නමුත් හඬ පටය කාගේද යන්න හෝ ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් වාර්තා නොවීය. එහෙත් එම හඬ මීට පෙර අබි අල් හසන් අල් මුජහීර්ගේ හඬින් නිකුත් කළ හඬ පටයක් හා සමාන බව වාර්තා වෙයි.
(රොයිටර් ඇසුරිනි 055)
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රාමදාන් මාසයේදී රටවල් අටකට පහර දෙන්නැයි ඉල්ලයි
tony-maharagama Wednesday, 14 June 2017 08:29 AM
ඔය රටවල් අතරින්..., ලෝකේ ලොකුම ත්‍රස්තවාදියෙකු වන ඊශ්‍රායලය නැහැ නේද..? ඔතන තමයි රහස තියෙන්නේ. ඔය අයි.සී.එස්. ත්‍රස්තයින් බිහි කරලා පෝෂණය කරන්නෙත් ඊශ්රාලයම තමා. ලෝකවාසීන් තුළ මුස්ලිම්වරුන් කෙරෙහි බියක්, පිළිකුලක් ඇතිකිරීම සහ ඊශ්‍රාලයට විරුද්ධවන රටවල් පාලනය කිරීමත් ඔවුන්ගේ ප්‍රධාන අරමුණු අතර වෙනවා. ඉස්ලාමීය ඉගැන්වීම්වලට පටහැනි වගේම ඉතාමත් ම්ලේච්ඡ ක්‍රියාවන් වල යෙදෙන අයි.සී.එස්. ලා කොහෙත්ම මුස්ලිම්වරුන් නෙමෙයි.
kumar (galf)Wednesday, 14 June 2017 10:32 AM
අග මුල වැරදිලා නේද? හොඳ නරකට පෙනෙන්නයි.... නරක හොඳට පෙනෙන්නයි... වගේ නේද?
rohan Wednesday, 14 June 2017 10:45 AM
ඔයා කොහොමද හරියටම එහෙම කියන්නේ ඊශ්‍රායලය පමණද තව රටවල් කියක් මේකේ නැද්ද? එහැම රටකම ඉන්නේ ත්‍රස්තවාදියෝද?
Imran DubaiThursday, 15 June 2017 06:31 AM
හරියට හරි, මුස්ලිම්වරුන්ට මෙතරම් හානියක් කල ඊස්රායලයට විරුද්ධව කිසිම ප්‍රහාරයක් හෝ ප්‍රකාශයක් මේ කණඩායම කරන්නේ නෑ. මොවුන්ව සිරියාවට එරෙහිව පෝෂණය කලේ ඇමෙරිකාව. ඉස්ලාම් ආගම කෙරෙහි වෛරයක් ඇතිකරවීම මොවුන්ගේ එක් පරමාර්ථයක්. මේ ත්රස්තයන් ඉස්ලාම් කියා කිව්වට ඔවුන් ගේ ක්‍රියාව ඊට හාත්පසින් වෙනස්.
kumar (galf) Wednesday, 14 June 2017 10:33 AM
ටෝනි මහත්තයෝ..., ඔබතුමා ඉස්ලාම් වල "අ" යන්න වත් දන්නේ නෑ නේද?
mangala Wednesday, 14 June 2017 11:25 AM
ඊශ්‍රායලය මේ තස්තවාදීන්ට කිරි පොවන්නේ නැහැ. එ්කයි වෙනස. එ්ක නිසා ඒ අය බයයි ගහන්න.
namal Wednesday, 14 June 2017 01:32 PM
ටෝනි..., අන්තවාදී ඉස්ලාමය හා අයි.එස් සංවිධානය අතර සම්බන්ධයක් නෑ කීම හිනායන කාරණයක්.. ඊශ්‍රායලයට ගහන්නේ නැත්තේ.., එච්චර බලවත් ආරක්ෂක විධාන තියෙන රටකට ගහන්න බැරි නිසයි.
arschfikaa Wednesday, 14 June 2017 02:41 PM
ඒ කාලේ බින් ලාඩන්ට විරුද්ධව යුද්ධ කරද්දී කිසිම යුදෙව්වෙක් එම බිල්ඩිමේ හිටියේ නැහැ..
Mohamed GM Thursday, 15 June 2017 10:58 AM
රාමසාන් මාසයේ යුද්ධ කිරීම ඉස්ලාම් අනුමත කරන්නේ නැ. 'tony-මහරගම' මහත්මයා ඉස්ලාම් දන්නේ නැතිව ඇති නමුත් ලෝකයේ සිදුවෙන දේශපාලනය හොදට තේරුම් අරගෙන තිබෙනවා. ඊශ්‍රායලය ගැන නිකම් හරි මේ ත්රස්තවාදීන් කතා කරන්නේ නැනේ... හොදට බලන්න ත්රස්තවාදීන් අතින් විනාශ වෙන්නේ ඉස්ලාමිකන් විතරයි. තේරුම් ගන්න බැරි අය තව තවත් ලෝකේ ගැන ආවදනයෙන් බලන්න. සත්‍ය තේරුම් ගන්න පුළුවන් වෙයි.
IMRAN Saturday, 17 June 2017 09:03 AM
ඕකි කියනවා වගේ I .S .I .S ඉස්රිලයට ගහන්නේ නැත්තම් මොකද ඉස්රිලයත් I .S .I .S ලට ගහන්නේ නැත්තේ ... පොඩ්ඩක් හිතන්න.... මොකටද මුස්ලිම් රටවල් වලටම ඉලක්ක කරන්නේ කියල .....