IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රාඩා නඩුවෙන් ටිරාන් අලස් නිදහස්

(මනෝප්‍රිය ගුණසේකර)

සුනාමියෙන් හා යුද්ධයෙන් පීඩාවට පත් වී සිටින උතුරු නැගෙනහිර ජනතාවට නිවාස ඉදිකරදීම සඳහා මහා භාන්ඩාගාරයෙන් ‘රාඩා’ආයතනය වෙත නිකුත් කළ රුපියල් කෝටි 17 කට ආසන්න මුදලකින් එකඳු හෝ නිවසක් ඉදිනොකර එම මුදල් අවභාවිතා කළ බවට චෝදනා ලැබ සිටි හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඇතුළු සිව්දෙනෙකු කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් නිදහස් කරන ලදී.

මෙම නඩුවේ මුල් ලේඛන කිසිඳු අවස්ථාවක දැක නොතිබූ බවත් දැක ඇත්තේ ඡායා පිටපත් පමණක් බවත් ‘රාඩා’ ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී චන්ද්‍රකාන්ති ප්‍රනාන්දු මහත්මිය සාක්කි දෙමින් පැවසීමෙන් අනතුරුව මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන නොයන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් මහතා කළ දැනුම් දීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුවන් සියළු දෙනාම නිදහස් කිරීමට නියම කළේය.

‘රාඩා’ ආයතනයේ හිටපු සභාපතිවරයා මෙන්ම හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාට අමතරව මෙලෙස නිදහස් කරන ලද්දේ කොටි සංවිධානයේ මුල්‍ය අංශයේ නායකයකු බව කියන එමිල් කාන්තන්, ‘රාඩා’ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් සාලිය වික්‍රමසුරිය සහ එහි ගණකාධිකාරීවරයකු වන ජයන්ත  ඩයස්  සමරසිංහ යන මහත්වරුන් තිදෙනාය.

පසුගිය යහපාලන රජය සමයේදී විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබු අතර මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී දෙවැනි විත්තිකාර එමිල් කාන්තන් නමැත්තා හැර සෙසු විත්තිකරුවන් තිදෙනාම අධිකරණයේ පෙනී සිටියහ.

සුනාමියෙන් හා යුද්ධයෙන් පීඩාවට පත් වී සිටින උතුරු නැගෙනහිර ජනතාවට පසුගිය රාජ්‍ය පාලන සමය තුළදී “ජය ලංකා” ව්‍යාපෘතිය යටතේ ත්‍රීකුණාමලය හා මඩකලපුව ප්‍රදේශ වලින් නිවාස 1600 ක් ඉදිකරදීම සඳහා මහා භාන්ඩාගාරයෙන් ‘රාඩා’ ආයතනය වෙත නිකුත් කළ රුපියල් මිලියන 167ක මුදලක් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම, එම කුමන්ත්‍රණයට අනුව අදාළ මුදල් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා මත විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

මෙම නඩුව විභාග කිරීමට කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්කිදීම සඳහා ‘රාඩා’ ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී චන්ද්‍රකාන්ති ප්‍රනාන්දු මහත්මිය කැඳවනු ලැබු අතර පැමැණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් මහතාගේ මෙහෙයවීම යටතේ ඇය අධිකරණයේ සාක්කි දුන්නාය.

‘රාඩා’ ආයතනයේ ඉංජිනේරූවරයකු වශයෙන් සේවය කළ ගැමුණු සිල්වා මහතා විසින් තමාට ලබාදුන් ලිපිගොනුවක් මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනය කළ පොලිස් නිලධාරීන්ට ලබාදුන් බවත් එම ලිපිගොනුවේ තිබු ලේඛන සියල්ලම ඡායා පිටපත් බවත් පැවසු චන්ද්‍රකාන්ති ප්‍රනාන්දු මහත්මිය අදාළ ඡායා පිටපත් වලට අදාළ මුල් පිටපත් තමා කිසිදිනෙක දැක නොතිබු බවත් අදාළ මුල් පිටපත් පිළිබඳ කිසිවක් තමා නොදන්නා බවත් වැඩිදුරටත් පැවසුවාය.

ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ පැමැණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් මහතා ඇය මුල් ස්ථාවරය වෙනස් කරමින් මෙම අධිකරණයේ වෙනත් සාක්කියක් ලබාදෙන හෙයින් පැමිණිල්ලට අහිතකර සාක්කිකරුවකු වශයෙන් සළකා ඇගෙන් හරස් ප්‍රශ්න විමසීමට අවසර දෙන්නැයි කළ ඉල්ලීමට අධිකරණය අවසර දුන්නේය.

ඒ අනුව පැමැණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් මහතා විසින් ඇස හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් චන්ද්‍රකාන්ති ප්‍රනාන්දු මහත්මිය තමන්ට ඉදිරිපත් කරන ලේඛන වල මුල් පිටපත් පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බවත් එම ලේඛන වල මුල් පිටපත් තමා දැක කැති බවත් කීවාය.

චන්ද්‍රකාන්ති ප්‍රනාන්දු මහත්මියගේ සාක්කිය අවසන් වීමෙන් අනතුරුව අධිකරණය ඇමතූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් මහතා මෙම නඩුවේ ඇතැම් ලේඛන පිළිබඳ තොරතුරු දන්නේ මෙම සාක්කිකාරිය පමණක් බවත් ඒ පිළිබඳ දන්නා වෙනත් සාක්කිකරුවන් නොමැති බවත් දැනුම් දුන්නේය.

මෙම නඩුව ගොනු කරන ලද්දේ මෙම සාක්කිකාරිය මුලින් දැරූ ස්ථාවරය විශ්වාස කිරීම නිසා බවත් මේ වන විට ඇය මුලින් දැරූ ස්ථාවරය වෙනස් කොට ඊට වඩා වෙනස් ස්ථාවරයක් දරණ නිසා මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට අදහස් නොකරන බව පැවසු දිලීප පීරීස් මහතා පැමිණිල්ලේ සාක්කි විමසීම මෙතැනින් අවසන් කරන බව දැනුම් දුන්නේය.

විත්තිකාර ටිරාන් අලස් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා අධිකරණය අමතමින් මේ තත්වය මත තම සේවාදායකයින් නිදහස් කරන්නැයිද ඔවුන්ට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම් ඉවත් කොට අධිකරණය බාරයේ ඇති ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර මුදාහැරීමට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනිසුරුවරයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 වගන්තිය යටතේ තමන්ට පැවරී ඇති බලතල මත මෙම නඩුවේ සියළුම විත්තිකරුවන් නිදහස් කරන බව දැනුම් දුන්නේය.

ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා කරුණු ඉදිරිපත් කරමින් දෙවැනි විත්තිකාර එමිල් කාන්තන් නමැත්තාට එරෙහිව නිකුත් කොට ඇති වරෙන්තුව ආපසු කැඳවීමට නියම කරන්නැයි කළ ඉල්ලී පිළිගත් විනිසුරුවරයා අදාළ වරෙන්තුව ආපසු කැඳවීමට නියම කළේය.

පළමු විත්තිකරු වෙනුවෙන් නීතීඥ දිනේෂ් ලියනගේ, ශාලික ගුණවර්ධන, ලසන්ත සෙනෙවිරත්න, අසංති ද අල්මේදා, යු.එල්.බණ්ඩාර සමඟ ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා ද දෙවැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ පියසරා පද්මසීලී, ලක්‍ෂමන් පෙරේරා සමඟ ජනාධිපති නීතීඥ ශානක රනසිංහ මහතා ද තුන්වැනි  විත්තිකරු වෙනුවෙන් නීතීඥ චන්දික පීරිස්, මහින්ද ජයවර්ධන සමඟ ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා ද  සිව්වැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ නලින්ද ඉන්දතිස්ස මහතා ද පෙනී සිටියහ.

 



අදහස් (21)

රාඩා නඩුවෙන් ටිරාන් අලස් නිදහස්

wac Friday, 10 July 2020 05:07 PM

අනේ කාලේ වනේ වාසේ..

:       0       0

දුළිප් වික්‍රමසිංහ Friday, 10 July 2020 05:07 PM

ගෝඨා ආවේ ඕවා කරන්නනේ... ටිරාන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ලිස්ට් එකෙත් ඉන්නවනේ...

:       0       0

Binkunndaa Friday, 10 July 2020 08:26 PM

මේ තමයි සිම්බාබ්වේ රට... එහෙත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ මේ ආකාරයටම තමයි.

:       0       0

Buddika Saturday, 11 July 2020 01:07 AM

නමුත් රාඩා ආයතනයෙන් එකඳු හෝ නිවසක් ඉදි නොකළ බව සහ ඒ සියලු මුදල් එවකට රජයේ ඉහළම තැනැත්තා සම්බන්ධ බව මුලු රටම දන්නවා. නීතියෙන් ගැලවිය හැකි වුවත් ස්වභාව ධර්මයෙන් සහ හෘද සාක්ෂියෙන් ගැලවිය නොහැක. කුමක් සිදුවුවද හොරු පල්හොරුම බව අප දනිමු..

:       0       0

Nishan Saturday, 11 July 2020 02:41 AM

කලගුණ සලකන්නත් එපැයි. වෙන නඩුවක නම් මෙහෙම සාක්කි වෙනස් කළොත් ඒකට වෙනම දඬුවම් දෙනවා. ඒත් මේ නඩුවේ එහෙම වැරදි නොසලකා හැරලා රජයේ නීතීඥයාම තීන්දුවත් දීලා. අන්තිමේදී 2005 දී රාඩා හරහා කොටින්ට සල්ලි ගිය එකත් කැකිල්ලේ ක්‍රමයට විසඳුවා...

:       0       0

Piyal Saturday, 11 July 2020 02:58 AM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ ...

:       0       0

Saman Saturday, 11 July 2020 03:47 AM

විරුද්ධ අය සාක්ෂි නැතිව ඔප්පු කරගන්න බැරිව අත්අඩංගුවට ගන්නවා. අපේ අයව නඩු නැතිව නිදහස් කරනවා. අපේ සර් හරි විශ්ෂ්ඨයි. පුම්බපු බැලුන් වැඩිකල් හුළන් තියෙන්නේ නැහැ. පලතුරේ පණුවා ඉන්නවා.

:       0       0

UPALI Saturday, 11 July 2020 04:51 AM

එතකොට කෝටි ගාණක සල්ලිවලට මොකද වුණේ..?

:       4       1253

Sachin Saturday, 11 July 2020 07:01 AM

ලොකුවට හොරකම් කළාම නිදහස් වෙනවා අප්පා...

:       0       432

sharm warn Saturday, 11 July 2020 07:03 AM

එතකොට සල්ලි අරන් තියෙන්නේ මහ ජනතාවද? මෙහෙම නඩු විසඳන්න නම් අධිකරණයක් මොකටද? මේ නඩුවට පෙනී හිටපු හැම කෙනෙකුටම සහ ගහනවා...

:       0       1734

shanaka kavirathna Saturday, 11 July 2020 07:54 AM

අද මුහුදත් ඔන්න ගොඩගලනවා... තව මොන මොන දේවල් සිද්ද වෙයිද කියන්න දන්නේ දෙයියෝම විතරයි..

:       0       657

kamal Saturday, 11 July 2020 08:23 AM

නඩුත්, බඩුත් දෙකම අලස්ලාගේ...

:       0       576

KooralageSaturday, 11 July 2020 09:54 AM

මේ රට හොරුන්ට ජීවත් වෙන්න තියෙන එකම සහ හොඳම රට. මෙහෙම රටක් ලෝකෙ වෙන කොහේවත් නැහැ. දැන් බැලුවාම මේ ප්‍රකෝටි ගණන් මහජන මුදල් ටිරාන්ලට චග්ගුඩු පනින්න නිකම් ඔහේ දීලා වගේ. හරිම ෂෝක්... අනේ..!! පොඩ්ඩක් මොලේට තට්ටු කරලා බලන්න. මේ මහජන මුදල් නුඹලාගේ දරු මුණුබුරන්ට අනාගතයට ජීවත් වෙන්න තියෙන මේ රටේ සල්ලි නේද?

:       0       0

WasudevaSaturday, 11 July 2020 11:36 AM

කෝ මේ ටීවී එකේ වොයිස්කට් දෙන දේශහිතෛෂී හාමුදුරුවෝ කට්ටිය... වෙනදේවල් වලට නම් හොස්ස ළඟින් මැස්සෙක්වත් යන්න බැහැ. මම හිතන්නේ දැන් හැංගි මුත්තන් කරලා... ඡන්දෙ ළංවෙනකොට ගාණට කළඑළි බහීවි.

:       0       0

මනොද Saturday, 11 July 2020 08:43 AM

ඔව් ගෝඨා ආවේ ඕවාටනේ...

:       17       3457

සෑම් Saturday, 11 July 2020 09:22 AM

හොර දෙටුවන් පාලනය කරන රටක මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකිය.

:       0       0

sunil gikiyage Saturday, 11 July 2020 12:33 PM

නිදහස් වෙලා තියෙන්නේ නඩුව ඉල්ලා අස්කර ගැනීම නිසා නේද? එහෙම නැතිව සල්ලි හොරකම් කළේ නැති නිසා නොවෙයි නේද?

:       0       0

Anuradha Saturday, 11 July 2020 04:15 PM

ෆොටෝ කොපි ටික තියලා ඔරිජිනල් ලිපිගොනු ටික ඉස්සුවාම නඩු වලට මෙහෙම වෙනවා. මාර සීන් එක කියන්නේ මේ ෆොටෝ කොපි ටික සෘධි-බලයෙන් අහසින් කඩා පාත් වෙලා වගේ... කෝටි 17ක ට්‍රාන්ස්සැක්ෂන් එක වෙලා තියෙන්නේ ෆොටෝ කොපි දිහා බලලාද.? පව්නේ.. කාලෙකින් අහපු හරි ලස්සන සුරංගන කතාවක්..

:       0       0

thimal Sunday, 12 July 2020 03:32 AM

එතකොට සල්ලි වලට වෙච්ච දෙයක් නෑ. මාර නඩු තීන්දු...

:       0       0

Athula Sunday, 12 July 2020 05:32 AM

දැන් ඉතින් හොරු සේරම ලොන්ඩරියට දාල ගන්නවා.. එයාට බලය දුන්නා. හාෙරු සේරම වැහුවා.. දැන් හොරුන්ගේ රාජ්‍ය... ඉතින් අපි ලෝකෙටම නයයිලු... කොහොමද ගෝඨා සර්ගේ රට හදන වැඩ පිළිවෙල...?

:       0       0

Somipaala Sunday, 12 July 2020 06:22 AM

ඔන්න මේ ආණ්ඩුවත් හොරුන්ට කැන දෙන්න පටන් අරන්... ගෝඨාභය හොඳයි කියලා හිතුවාට එයත් යන්නේ පරණ පාරේමයි. ආයි නම් මේ අයට ඡන්දෙ දෙන්නේ නෑ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 100 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 231 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 992 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 125 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 316 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 292 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site