(දයාරත්න ඇඹෝගම)
කොරෝනා ආසාදනය වී සිටින රාජාංගණය යාය පහ ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් සිසුවා ඉගෙනුම ලබන පාසලේ සිසුන් 50 දෙනෙකු සහ ගුරුවරුන් 6 දෙනෙකු සහ එම ප්‍රදේශයේ පුද්ගලයන් 40 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කළ බව උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ පාලිත බණ්ඩාර මහතා අද (14) පැවසිය.
රාජාංගණය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් විසින් අහඹු ලෙස පුද්ගලයින් 102 දෙනෙකු පී සී ආර් පර්ක්ෂණයකට භාජනය කිරිමෙන් පසුව මෙම ආසාදිත සිසුවා ඊයේ (13) හඳුනාගෙන තිබුණි.
මේ හේතුවෙන් එම පාසලේ සිසුන් ඊයේ (13) දින සහ අද (14) කිසිවෙකු පාසලට නොපැමිණි බවද වාර්තා විය. මේ සම්බන්ධයෙන් අප තඹුත්තේගම කලාප අධ්‍යාපන අධ්යක්ෂ ජී.කේ.එම්.කේ.බණ්ඩාර මහතා ගෙන් කල විමසුමේදි මෙසේ පැවසිය.
පසුගිය 13 දින හා 14 දින කිසිදු සිසුවෙකු පාසලට පැමිණ තිබුණේ නැහැ.ඒ වාගේම මේ පාසලේ සේවය කරන ගුරුවරුන් 34 දෙනා ගෙන් කිසිදු ගුරුවරයකු පසුගිය 13 දින සේවයට වාර්තා කර නැහැ. ඒ වාගේම අද (14) දින සේවය වාර්තා කර ඇත්තේ ගුරුවරුන් අට දෙනෙකු පමණයි.
පාසල් වැසිමට තීරණයක් නොමැති බවත් සෞඛ්‍ය බලධාරින්ගේ සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින්ගෙන් ලැබෙන උපදෙස් මත ඉදිරියට කටයුතු කරන බවද අධ්‍යක්ෂකවරයා මෙහිදි පැවසිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රාජාංගණයේ ගුරු-සිසු 56 සහ ගැමියෝ 40 ක් නිරෝධායනයට