IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රාජ්‍ය සංගීත සම්මාන උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්


(හර්ෂණ තුෂාර සිල්වා)

‘රාජ්‍ය සංගීත සම්මාන උලෙළ 2018’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී  පැවැත්විණි. 

එහිදි ලාංකේය සංගීතය වෙනුවෙන් කරන ලද සේවාව අගයමින් ආචාර්ය දයාරත්න රණතුංග මහතාට “සංගීතාභිමානී” යාවජීව සම්මානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිරිනමනු ලැබිණි. 

මෙවර සම්මාන උලළේදී සංගීත ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා ශාස්ත්‍රීය ලිපි ඇතුළත් කරමින් “සංගීතාංජලි” නමින් සඟරාවක් ද එළිදැක්විණි. නිලාර් එන් කසීම් සහ දිනේෂ් කැටිපේආරච්චි යන මහත්වරු එහි සංස්කාරකවරු ලෙස කටයුතු කළහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‘රාජ්‍ය සංගීත සම්මාන උලෙළ 2018’ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ජනාධිපතිවරයා එහිදි යාවජීව සම්මානය ද ඇතුළුව සම්මාන හතරක් පිරිනැමිණි.

මෙවර රාජ්‍ය සංගීත සම්මාන උලළේදී සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් තර්ග ශීර්ෂ 29ක් යටතේ සම්මාන 24ක් පිරිනැමීය. 

එහිදි ප්‍රශස්ත ගායනය පිරිමි (ඒකල) සම්මානය කමළිනී ගීතය ගායනා කළ දුමාල් වර්ණකුලසූරිය හිමි කරගත් අතර එහි ගැහැනු අංශයේ සම්මානය ‘සරා සඳ’ ගීතය ගායනා කළ ඩබ්ලිව් ප්‍රියංගනී දිනාගත්තාය. 

ප්‍රශස්තම ගී තනු හා සංගීත නිර්මාණය සම්මානය ‘රිදුණු තැන්’ ගීතයේ තනු නිර්මාණය හා සංගීත නිර්මාණය කළ අරුණ ඉන්දික ගුණවර්ධන දිනාගන්නා විට ප්‍රශස්ත ගේය පද රචනය (විවෘත) අංශයේ සම්මානය හිමි කරගැනීමට සාමසර කන්ද ගීතය රචනා කළ රංජිත් කෝරළේ හිමි කරගත්තේය. 

ප්‍රශස්තම ගීත දෘශ්‍යකරණය (අධ්‍යක්ෂණය - විවෘත) සම්මානය අමිල ජයලත් ද, ප්‍රශස්තම ළමා ගායනය (බාලක) රොෂෙත් රුවිඳු දම්සර ද ප්‍රශස්තම ළමා ගායනය (බාලිකා) මයුමි අයෝධ්‍යා ද දිනාගත්හ. 

ප්‍රශස්තම “ළමා ගී” ගී තනු හා සංගීත නිර්මාණය මංජුල අරුණ බණ්ඩාර ද , ප්‍රශස්තම “ළමා ගී” ගේය පද රචනය එච්.ජී බන්දුලසිරි ද, ප්‍රශස්තම ජන ගී ආශ්‍රිත නව නිර්මාණ (විවෘත) සෝමරත්න දිසානායක විසින් ද දිනාගත්හ. 

ප්‍රශස්තම නිර්මාණාත්මක ශාස්ත්‍රීය ගායනය (ඒකල - වයස අවුරුදු 18ට වැඩි) සහ  ප්‍රශස්තම නිර්මාණාත්මක ශාස්ත්‍රීය වාදනය ((ඒකල - වයස අවුරුදු 18ට වැඩි) යන තරග ශීර්ෂ දෙකට සම්මාන ප්‍රදානය නොකළ අතර එම ඉසවු දෙක වෙනුවෙන් පිළිවෙළින් ජයනා තාක්ෂනා වනිගනායක සහ කල්ප කුමාර හෙට්ටිආරච්චි කුසලතා සහතික හිමි කරගත්හ.

(ඡායාරූප ඉෂාන් සංජීව)



අදහස් (2)

රාජ්‍ය සංගීත සම්මාන උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්

Raveendra Friday, 22 June 2018 10:02 AM

අවසාන ඡායාරූපය හරිම සුන්දරය.

:       0       16

vidya Friday, 22 June 2018 07:43 PM

මෙවැනි සම්මාන පිරිනමන එක හොඳ දෙයක්. ශ්‍රී ලංකාවේ අග්‍රගණයේ කලා ශිල්පියෙක් ඉන්නවා භද්‍රජි මහින්ද ජයතිලක කියලා. එතුමාට පොත් ලිවීම, ගීත ලිවීම, ගීත ගායන, චිත්‍ර ඇඳීම, චිත්‍රපටි අධ්‍යක්ෂණ කිරීම සහ නොයෙක් කලාත්මක හැකියාවන් තියන විරල මිනිසෙක්... පසුගියදා රාවණා පුවත දෙවන වරටත්, කොළොඹ සරසිවියේ සිසුන් විසින් නෙලුම් පොකුණෙහි රංග දැක්වුවා. එතුමාගේ නිර්මාණයෙන් පිළිඹිඹු වුනේ රාවණ ඉතාම හොඳ යුග පුරුෂයෙක් බව. එතුමා ඇමරිකාවේ තරුණ තරුණියන් සමග විශාල වැඩ සටහන් කරන ඉතාම නිහතමානි විරල ගණයේ මිනිසෙක්. ලැබුණු හැමවිටම ලංකාවට පැමිණ සමාජය යහමග යැවීමට ඔහු දරන වෑයම ඉතා අගනේය. මට හමුවුණු මේ මිනිසා මම දැක්කේ අහිංසක කලාකරුවෙක් ලෙස මේ කලාකරුවාගේ වටිනා සේවය පිළිගැනීමට කවුරුත් නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1282 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 272 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1339 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1338 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1532 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1429 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1537 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site