( ජයන්ත සමරකෝන්)
කොළඹ නගරයේ රාජ්‍ය අයතනවල ආරක්ෂක සේවා රාජකාරී කළ සිවිල් ආරක්ෂකයින් එම රාජකාරීවලින් ඉවත් කිරීමේ කාලය ලබන මාර්තු 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇතැයි සිවිල් ආරක්ෂක බළකාය කියයි.
මේ වන විට කොළඹ හා තදාසන්න රාජ්‍ය ආයතන 136 ක ආරක්ෂක සේවාවන් සිවිල් ආරක්ෂක බළකාය මගින් සිදු කිරීම කර ඇති අතර ඒ අනුව සිවිල් ආරක්ෂකයින් 100 ක් රාජ්‍ය ආයතන 15 කින් දැනටමත් ඉවත් කර තිබේ. එමෙන්ම තවත් 600 ක් පමණ ඉවත් කිරීමට සිටිනා බව සිවිල් ආරක්ෂක බළකායේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් රත්නසිංහම් මහතා පැවසීය.
සිවිල් ආරක්ෂක යින් එම ආයතනවලින් ඉවත් කිරීමෙන් පසුව රාජ්‍ය ආයතනවල සිදුවන ආරක්ෂක සේවා පුරප්පාඩු පිරවීම සඳහා ‘රක්නා ලංකා ආරක්ෂක සමාගම‘ විසින් බාරගෙන ඇතැයිද ඒ මහතා සඳහන් කළෞය.
සිවිල් ආරක්ෂකයින් බළකා මූලස්ථානය යටතේ ග්‍රාමිය ප්‍රදේශයන්හි සංවර්ධන කාර්යයන් සඳහා යෙදවීම හා සිවිල් ආරක්ෂක බළකාය යටතේ නැවත ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘතින් සඳහා යෙදවීමට නියමිතය.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රාජ්‍ය ආයතනයන්හි ආරක්ෂාව රක්නා ලංකා සමාගමට
Amula Friday, 21 February 2020 12:07 PM
මට මතක නැහැ. මේකට නඩුත් තියෙනවද?
නන්නාදුනන හාදයා Friday, 21 February 2020 12:23 PM
ඔය සමාගමට ගෝඨාගේ සම්බන්ධකමක් තියෙනවා.
Devinda Uduwara Friday, 21 February 2020 12:52 PM
මෙය පුද්ගලීකරණයක් නොවෙයිද?
Bishan Friday, 21 February 2020 01:49 PM
දැන් සැපද? තමන්ගේ අයට කරන්නයි මේ ආණ්ඩුව දන්නේ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. අපි රටට ගෙවන බදු මුදල් තමන්ගේ අයට බෙදලා දෙන්නේ. මේක මහා බැංකුවට දීපු ගේම වගේම එකක්.
rasikaFriday, 21 February 2020 05:26 PM
අනේමන්දා ලංකාවේ මිනිස්සු නම්... කිසිම දෙයක් ගැන හරිහැටි දැනුමක් නැතුව ඔහේ තමන්ගේ අර දේශපාලන කන්නාඩිය ගෙන හැමදේම ඒ අනුව බලනවා. රට දියුණු නොවෙන්නේ මේවගේ මිනිසුන් නිසා.. රක්නා ලංකා කියන්නේ 100%ක් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පාලනය වන සමාගමක්... ඒ වගේම එ්කේ වැඩ කරන්නේ.., හමුදාවේ ඉඳලා නීත්‍යානුකූලව විශ්‍රාම ගිය අය.. ඉතා ඉහළ විනයක් සහ පුහුණුවක් ඇති නිලධාරින්... ඉතින් කොළඹ ඇති රාජ්‍ය ආයතනවලට එයින් හොඳ ආරක්ෂාවක් ලැබෙනවා.. ඉතින් මේක හොඳ ක්‍රියාවක් නෙමෙයිද..? එකක් විශ්රාමගිය හමුදා නිලධාරින්ගේ සේවය ලබාගන්න පුළුවන්... අනෙක ඔවුන්ට තවත් අාදායමක් ලැබෙනවා. එතකොට රජයට ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් වැය කරන්න තියෙන මුදල අඩුවෙනවා.. විශේෂයෙන්ම ඕනෑම හදිසි අවස්ථාවක පාස්කු ප්‍රහාරය වගේ.. මෙම නිලධාරීන් සමග සම්බන්ධ වී වැඩකිරීමට ඉතාම පසුයි..
BishanMonday, 24 February 2020 09:44 AM
රසික ඔයාගේ පාට කණ්ණාඩිය ගලවාගන්න පළමුවෙන්ම. ඕක ආරක්ෂක අමාත්‍යාංශයෙන් කරනවා නම් නිව්ස් එකේ දාන්න ඕනෑ නැහැනේ. ඕකේ අයිතිකාරයින් අපි නොදන්න අයත් නෙවෙයිනේ...
mihira Friday, 21 February 2020 02:11 PM
එක වෙන්න ඕනෙනේ එක මහා එක්කනගේ නේ රත්නා ලංකා
Sanka Friday, 21 February 2020 05:13 PM
මේක ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තියෙන්නේ... කිසිම වරදක් නෑ.
AkaSaturday, 22 February 2020 06:26 AM
රක්නා ලංකා කියන්නේ රජයේ සමාගමක්. ඒක නොදන්න අය තමා ලංකාවේ වැඩි...
Dirt Friday, 21 February 2020 03:05 PM
හුරේ .....හුරේ .... රාජ්‍ය වියදම් අඩුකළ අපේ නායකයාට ජයවේව .....
samaFriday, 21 February 2020 04:08 PM
රක්නා ලංකා කියන්නේ 100% ආරක්ෂක අමාත්‍යංශයට ඇති රාජ්‍ය සමාගමක්.
Rasika Friday, 21 February 2020 05:27 PM
රක්නා ලංකා කියන්නේ 100% ක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ පාලනය වන සමාගමක්. ඒ වගේම එකේ වැඩ කරන්නේ , හමුදාවේ ඉදලා නීත්‍යනුකුලව විශ්‍රාම ගිය අය. ඉතා ඉහල විනයක් සහ පුහුණුවක් ඇති නිලධාරීන්... ඉතින් කොළඹ ඇති රාජ්ජය ආයතන වලට එයින් හොද ආරක්ෂාවක් ලැබෙනවා. ඉතින් මේක හොද ක්‍රියාවක් නොවෙයිද.
Binkunndaa Friday, 21 February 2020 07:40 PM
ලිස්ට් එකේ 600, පඩි ගෙවයි 2,500 කට, නගරේ කුණු සුද්ධ කිරීමේ කොන්තරාත්තුව වගේ හොර පඩි ලොක්කොන්ගේ සාක්කුවට.
lgj Saturday, 22 February 2020 04:22 AM
මේ නීත්‍යානුකූල වැඩක් නම් එහි ඇති වැරැද්ද කුමක්ද? අදහස් හිතට ආව පලියට කල්පනාවෙන් එළියට දාන්න ඕනෑ. ක්‍රියාත්මක වැඩ පිළිවෙලේ වැරදි තිබේ නම් පෙන්වා දෙන්න කියා ජනාධිපතිතුමා කීපවරක්ම ඉල්ලා සිටි බව මතක් කරමි...
Raththi Saturday, 22 February 2020 09:43 AM
දැන් සැපද? තමන්ගේ අයට කරන්නයි මේ ආණ්ඩුව දන්නේ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. අපි රටට ගෙවන බදු මුදල් තමන්ගේ අයට බෙදලා දෙන්නේ. මේක මහා බැංකුවට දීපු ගේම වගේම එකක්. නියමයි.
sunil Sunday, 23 February 2020 02:32 PM
අපේ සල්ලිනේ දෙන්නේ පිටට... භාගයක් යන්නේ මහින්දට නේද?