IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රාජකාරි නැති පොලිස් නිලධාරීන් 300 කට මාරුවීම්

(සිරාජ් හසීම්)
නිසි රාජකාරියකින් තොරව ඇමැති ආරක්ෂක අංශ සංචිතයේ (එම්.එස්.ඩී) සේවයේ නියුතු නිලධාරීන් 500 කින් 200 දෙනෙක් අප්‍රේල් 1වැනිදා සිට විවිධ පොලිස් ස්ථානවලට මාරු කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු යොදා ඇත.

එලෙසම පැවරුණු රාජකාරීවලින් තොර තවත් නිලධාරීන් 100 කට පමණ ඉදිරියේ දී ස්ථාන මාරුවීම් දීමට කටයුතු සිදුවෙමින් පවතින බවද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. 
මේ වනවිට ඇමැති ආරක්ෂක අංශයට අනුයුක්තව පොලිස් නිලධාරීහු 1300ක් පමණ සේවයේ නිරතව සිටීති.
මෙසේ ස්ථානමාරුවීම් ලබන පොලිස් නිලධාරීන් අතර ඇතැමුන් වසර 25 කට අධික කාලයක් ඇමැති ආරක්ෂක අංශයේම සේවය කරමින් සිටින බවත්, පොලිස් කොස්තාපල් නිලයේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දක්වාවූ නිලයන්වල අය සිටින බවත් වාර්තාවේ.  



අදහස් (2)

රාජකාරි නැති පොලිස් නිලධාරීන් 300 කට මාරුවීම්

ravin Monday, 27 March 2017 12:06 AM

ඇමතිලා කීදෙනෙක් ඉන්නවද ලංකාවේ ? පාර්ලිමේන්තුවේ ඉන්න ඔකොම මන්ත්‍රීවරු ඇමතිලා වුනත් එක මන්ත්‍රීවරයකුට නිලධාරීන් 5.77ක් ඉන්නවා? රාජකාරියක් නොමැතිව යම්කිසිවෙක් මොනම ආයතනයක හෝ හිටියත් වෙන්නේ එම ආයතනය තුල අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන එක.

:       0       1

ajith karunaratne Monday, 27 March 2017 04:28 AM

බියගම පොලිසියේ ආරම්භයේදී නිලධාරීන් 90 ක් සිටියා. දැන් ඉන්නේ 60-65 ක් විතර ප්‍රමාණයක්. ආයෝජන කලාපය නිසා ජනගහනය බොහොම වැඩියි. එම නිසා රාජකාරිත් බහුලයි. ඔය කියන වැඩි කට්ටියගෙන් 30 ක් විතර බියගමටත් එවන්න. ඒක දැනට සිටින නිලධාරීන්ටත් ලොකු සහනයක් වේවි. ජනතාවටත් මහඟු සේවාවක් වේවි.

:       0       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 118 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 707 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 582 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 536 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 274 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 714 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site