(ටෝනි කරුණානායක)
පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව රස පරීක්ෂකරවරයාට යැවූ ගිනි අවි 40 පාවිච්චි කර නොමැති බවට රජයේ රස පරීක්ෂකවරයා දන්වා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) අධිකරණයට දැන්වීය.
මෙම සිද්ධියට අදාළව රිමාන්ඩ් කරනු ලැබ සිටින යුද හමුදා සාමාජිකයින් දෙදෙනා ලබන 04 වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ් කිරීමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත කන්නංගර මහතා නියෝග කළේය.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජන
නරක් වූ මාළු කන්ටේනර් එකසිය දෙකක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ මුදල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රස පරීක්ෂකට යැවූ ගිනි අවි 40 පාවිච්චි නොකළ ඒවා
ජයන්ත මිලානෝ Wednesday, 20 September 2017 06:55 AM
ලෝකයේ රඟමඩල තුළ ලංකාවේ නීතිය සහ පාලකයන් විහිළුකාරයාගෙ කොටස අපූර්වට රඟ දක්වනවා .
ruchira Wednesday, 20 September 2017 08:16 AM
ෂුවර් එකටම වෙඩිතියලා ඇත්තේ වර්ජනය පිටිපස්සේ හිටපු වෙඩි තැබීමේ මනා පළපුරුද්දක් සහිත දේශපාලන පක්ෂය වෙන්න ඕනේ. රජය හා ආරක්ෂක අංශ අපහසුතාවයට පත් කිරීමේ අන්තර්ජාතික කුමන්ත්‍රණයක්!
TuwanWednesday, 20 September 2017 09:44 AM
පුදුම වැඩේ කියන්නේ රජය මාරු වුණ ගමන් රතුපස්වල ජලය පිරිසුදු වෙච්ච එකනේ. වතුරේ ප්‍රශ්නයක් තියෙනවා කියලා පාරවල් වස්සවලා පොලීසියට හමුදාවට ගහන්න මිනිස්සුන්ව කුලප්පු කරපු කට්ටිය දැන් වෙඩි තියපු එක ගැන විතරයි හොයන්නේ. වතුරේ අැත්තටම ප්‍රශ්නයක් තිබුණා නම් එ්කට වග කිවයුතු කර්මාන්ත ශාලාවට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද? ප්‍රශ්නයක් තිබුණේ නැත්නම් බොරුවට මිනිස්සුන්ව කුලප්පු කරපු කට්ටිය අල්ලන්නේ නැද්ද?
dahamWednesday, 20 September 2017 11:19 AM
සහතික ඇත්ත. හැමදාම මේ ජේ.වී.පී එක කළේ අහිංසකයන්ව අවුස්සලා මැරෙන්න ඇරපු එක. උන් දැන් ආණ්ඩුව එක්ක හොර මගුල් කනවා. බත් ඉදෙනකම් ගැනියි මිනිහයි රණුඩු වෙන්ව වගේ අනුර පාර්ලිමන්ට් එකේ බොරු නෝක්කාඩු කියනව ආදරණීය රනිල්ට. මේවා දැකල පන පලයන් පෙරේදා කිව්වලු.
Ajith NissankaFriday, 22 September 2017 01:43 AM
අපිට නම් පෙනෙන්නේ නැහැ ඔවුන් බොරු නෝක්කාඩු කියනවා! ඔය රනිල් එක්ක කළු කෝපී සාකච්චා පවත්වමින් ඩීල් දාන අය තමා බොරු නෝක්කාඩු කිය කිය ඉන්නේ!
Ananda Wednesday, 20 September 2017 08:39 AM
දැන් තමයි ලංකාවේ නියම නරි නාඩගම් තියෙන්නේ. රෙදි ඇඳගෙන නටන එක තමයි ප්‍රස්නේ...
mahee Wednesday, 20 September 2017 08:59 AM
වරද කොතැනද කියලා හොයන එක ලේසි වෙන්නේ නැහැ. නියම පාවිච්චි කල ගිනි අවි රස පරීක්ෂකට ඉදිරිපත් නොවුනාද? නැත්නම් අර කුඩු සාම්පලය පාන් පිටි වුණා වගේ දෙයක් රස පරීක්ෂක කාර්යාලෙන් සිද්ධ වුණාද කවුද දන්නේ...
Nandalal DE SILVA - France Wednesday, 20 September 2017 09:04 AM
කවුරුන් හෝ මෙතැන හොඳ හුටපටයක් කරලා තිබෙනවා. වෙඩි තැබූ බව කියන ගිනි අවි 40 කවුරුන් හෝ හොඳට "සුද්ද කරලා" තිබෙන බව නියමෙට පේනවා ! නැත්නම් අසරණ ජනතාවට වෙනත් ගිනි අවිවලින් වෙඩිතබා පිරිසක් පැනගියා කියන සූක්ෂම රඟපෑමක් මේ මිනීමරු කුමන්ත්‍රණ කරුවන් විසින් කර තිබෙනවා ! රජයේ රස පරීක්ෂකවරයා භාරයට ගන්න පෙරද, ආවට පස්සෙද මේ "පිරිසිදුකම්" දක්ෂ අන්දමින් කරලා තියෙන්නේ ? CID එකට වහාම මේ අද්භූත කාර්යය භාරදී වැරදි කරුවන්ට ඉක්මනින් දඬුවම්දී, දිය පිපාසාවෙන් දිවිපිදූ අසරණ ජනතාවගේ පවුල්වල අයට සාධාරණයක් ලබා දීම රජයේ පරම යුතුකමක් වෙනවා !
chalaka Wednesday, 20 September 2017 09:56 AM
මළමිනී උඩින් දේශපාලන වාසි ගන්නවත් හැදුවද ....
sam Wednesday, 20 September 2017 10:52 AM
එතකොට බුලට් වලින් දමල ගහලද මැරුණු කට්ටියට?
daham Wednesday, 20 September 2017 11:21 AM
දැන් දිය පිපාසෙ සන්සිදිලද ආණ්ඩු මාරු උණු හැටියේ. කෝ අර මැරෙන්න දඟලපු හාමුදුරුවෝ.... දැන් රට තිබුනට වැඩ හොඳයි නේද. දැන් සනීපද??????????
RAVINDRA Thursday, 21 September 2017 10:40 AM
මෙන්න රාජපක්ෂලාගේ සුපිරි වැඩ ...කෝ යහපාලනයේ වැඩ? පුළුවන්නම් අල්ලලා පෙන්නන්න... වෙඩිල්ල තියලා තියෙන්නේ දිව්‍යලෝකෙන් ...!!!
janatha Thursday, 21 September 2017 12:23 PM
ප්රභාකරන් ට යන්න වුණෙත් මිනිස්සුන්ට වතුර නවත්තලා. මහින්ද මහතාට ගෙදර යන්න වුණෙත් මිනිස්සුන්ට වතුර නවත්තලා. කලකල දේ පලපලදේ...