IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රවී ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්

(මනෝප්‍රිය ගුණසේකර)

මහ බැංකු බැඳුම්කර නිකුත්තුවකදි සිදු කළ වංචාවකින් රජයට රුපියල් කෝටි 1500කට අධික පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු අට දෙනා ලබන 31 දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට ත්‍රිපුද්ල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේය.

මෙම විත්තිකරුවනට ඇප ලබාදීම සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය අවශ්‍ය බවට පැමිණිල්ලෙන් ඉදිරිපත් කළ කරුණු ප්‍රතික්ෂේප කළ විනිසුරු මඩුල්ල විත්තිකරුවනට ඇප දිම සඳහා තම අධිකරණයට බලයක් ඇති බව තීරණය කරනු ලැබීය.

ඒ අනුව විත්තිකරුවන්ට ඇප නියම කරන ලෙස ඉල්ලමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සුවිශේෂි කරුණු ඉදිරිපත් කළහ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් විත්තිකරුවන්ට ඇප දීම සම්බන්ධයෙන් නීතිපති ස්ථාවරය දැනුම් දීමට මත්තෙන් ඒ පිළිබඳ ලේඛන විශාල ප්‍රමාණයක් අධ්‍යනය කළ යුතු බව විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නාය.

එම ලේඛන පරීශිලනය කොට කරුණු ඉදිරිපත් කිරීම සඳහා තමන්ට සතියක කාලයක් ලබාදෙන්නැයි ඇය විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියාය. එම කරුණු සලකා බලමින් ලබන 31 වැනි දා නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීමට නියම කළ විනිසුරු මඩුල්ල එදින තෙක් සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.



අදහස් (4)

රවී ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්

සමිත සේනක අලුත්ගමගේ. Friday, 26 March 2021 11:24 AM

කොයිවෙලේත් එක් පැත්තක වැරදිකරුවන් රිමාන්ඩ්.. තවත් පැත්තක අය නිදොස් කොට නිදහස්...

:       3       19

mihira Friday, 26 March 2021 11:27 AM

පළාත් සභා ඉවර වෙනකම් ඇතුලේ තමයි ඉතින්..

:       1       19

Ruhunu Friday, 26 March 2021 11:31 AM

දේශපාලකයන් යන එන තැන්..., උසාවි, බන්ධනාගාර, පාර්ලිමේන්තුව... ඉතින් මේවගේ හොරුන්ට නේද මිනිස්සු ඡන්දෙ දෙන්නේ...?

:       2       19

CHANDIMA Friday, 26 March 2021 04:03 PM

බන්ධනාගාර රෝහලේ නවත්වන්නේ නැතිද? ප්‍රභූවරුනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1769 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 894 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 718 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 346 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 606 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 550 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site