IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රනිල්ගේ-සුමන්තිරන්ගේ රහසිගත තීන්දුවලට ඉඩ නෑ

(අනීෂා මානගේ)

 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එම් ඒ සුමන්තිරන් යන දෙදෙනා රහසිගතව ගත්තාවූ තීන්දු ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
 
මහින්ද රාජපක්ෂ මහතා එසේ පැවසූවේ බෙලිඅත්ත නාකුළුගමුව මැද්දදෙනිය ශ්‍රී ශෛල්‍යාරාම පුරාණ විහාරස්ථානයේ ඉදිකරන ලද නව වාහල්කඩ විවෘත කිරීමේ අවස්ථාවට අද(20) සහභාගී වෙමිනි.
 
මේ අවස්ථාවට පොදුජන පෙරමුණෙහි සභාපති ජී.එල්.පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී.ඒකනායක, දකුණු පළාත් සභාවේ සභානායක සෝවමංශ කෝදාගොඩ, දකුණු පළාත් සභා මන්ත්‍රී ඩී.වී. උපුල්, එම්.කේ කසුන් මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
 
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
 
‘‘ව්‍යවස්ථාවක් දැකල නැති අය රට බෙදන්න යනවා කියනවා. ව්‍යවස්ථාවට කාරනා කිව්වෙ එයාලමයි. ඒක ව්‍යවස්ථාවක් නෙවෙයි කියනවා. කෙටුම්පතක් නෙවෙයි කියනවා. සමහරු කියනවා කෙටුම්පතක් කියලා. මේක දන්නේ රනිලුයි සුමන්තිරන් මහත්තයයි දෙන්න විතරයි. මොකද ඒ දෙන්න රහසිගතව ගත්තාවූ තීන්දු ක්‍රියාත්මක කරන්නයි හදන්නේ. අපි ඒකට ඉඩ දෙන්නෙ නැහැ. 
 
චීන භාෂාවෙන්ම තමයි අගමැතිවරයාගේ ජීවිත කතාව ලියන්න ඕනෑ. මේ රටේ තත්ත්වයයි චීනයට මේ රටේ වරායන් විකුණපු එක ගැන ලියවෙයිද දන්නේ නැහැ. රටේ සම්පත් විකුණපු හැටි ගැනත් ලිව්ව නම් හොඳයි.
 
විද්‍යාපීඨ වලට වසර තුනකින් ළමයි ඇතුලත් කරගෙන නැහැ. මේ ආණ්ඩුව අධ්‍යාපනයට බොරුවට කතා කරනව වියදම් කරනව කියලා.මේ කරන්නේ කප්පාදු කරන එක. ඒකෙන් වෙන්නේ ගුරුවරුන් බිහීවීම නැවතුන එකයි. රටේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්නයි මේ හදන්නේ.
 
සේනා දළඹුවා ගැන රජයෙන් නිහඬව සිටීම ගැන අපිට සැකයක් තිබෙන්නේ රජයේ වුවමනාවක්ද කියලා. පිටරටින් ආහාර ගෙන්වන්න කෘෂිකර්මය, විනාශ කිරීමේ වැඩපිළිවෙලකට කාගේ හරි කුමන්ත්‍රණයක්ද කියල අපිට සැකයක් ඇති වෙනවා‘‘



අදහස් (33)

රනිල්ගේ-සුමන්තිරන්ගේ රහසිගත තීන්දුවලට ඉඩ නෑ

Buddika Sunday, 20 January 2019 08:38 AM

රනිල්ට කොටි ලේබලය අලවපු තමුන්නාන්සේ අතීතයේදී රනිල්ට ලැබෙන ඡන්ද වළක්වන්න කොටින්ට සල්ලි දුන්නා. දළදා මාලිගාවට ගහපු කොටියට පක්ෂයේ උපසභාපතිකම දුන්නා. අනුන්ට ඇඟිල්ල දිගු කරන්න කලින් තවත් ඇඟිලි 4ක් තමුන්දෙසට එල්ල වී ඇති බව අමතක කරන්න එපා. මේ රට තවත් අවුලන්නේ ජාතිවාදියෝ.

:       5127       3566

RuwaniSunday, 20 January 2019 10:01 AM

කොහෙද අප්පේ යුද්දේ කාලේ ඔබතුමා හිටියේ? හොරා වගේ දොර මුල්ලේ හැංගිලා හිටියා නේද? හැබැයි කොටියට උපසභාපතිකම දීල හරි යුද්දේ ඉවරකලේ නැත්නම් හැන්ගිලම ඉන්නයි හිටියේ නේද?

:       690       1141

හිතවතීSunday, 20 January 2019 10:08 AM

රටට මෙච්චර පාඩු සිදු කරපු, ඊලාම්වාදීන්ට ඕනේ විදියට රටේ ව්‍යවස්ථා වෙනස් කරන්න හදන වික්‍රමසිංහට කඩේ යන බත් කන හරක් තවත් ඉන්නවනේ හැබෑට...

:       549       1247

Bangomunu.Sunday, 20 January 2019 12:36 PM

අනේ ! හිතවතියේ, රටම හොරාකාපු හොරුන්ට කඩේ යන අසුචි බුදින හරක් හොඳද?

:       519       553

ruwanSunday, 20 January 2019 12:51 PM

මේ වචන වලට රැවටෙන මී හරක් තවත් ඉන්නවානේ තප්පුලන්න...

:       407       383

BamunuarachchiSunday, 20 January 2019 04:35 PM

ලක්ෂ 62ක හරක් රට කල වින්නැහිය මදෑ... දැන් අවුරුදු 4 ගිහිල්ල තාම කැබිනට් එක හදනවා. මේ කාලය මහින්ද මහතාට ලැබුණානම් දෙවුන්දර සිට පේදුරු තුඩුවට තව අධිවේගයක් හදලා. රනිල් එජාපයින්ගේ ඇස් උගුල්ලලා තිබෙන්නේ එත් එජාපයින් කියනවා තවත් හොඳට පේනවා කියලා.

:       146       329

Rata Perata Sunday, 20 January 2019 08:43 AM

LTTE ත්‍රස්තවාදී සංවිධානයට, තමන්ගේ ඡන්දෙ දිනන්න අපේ සල්ලි කන මිනිහෙක්නේ මේ කියන්නේ... මේවා හොඳයි මෝඩයන්ට...

:       1889       1984

BamunuarachchiSunday, 20 January 2019 01:48 PM

කකුල් දෙකෙන් එල්ලා අඩු ගින්දරේ තෙල් හිඳින්න හොඳයි..

:       247       150

Buddika Sunday, 20 January 2019 08:44 AM

යුද්ධය දිනන්න දේශපාලන නායකත්වය දුන්නු එකට ජාතිය ඔබට ගරු කරනවා. ඒ වගේම ඔබ සහ ඔබ පවුලේ පරම්පරාවටම එල්ල වී ඇති දූෂණ චෝදනාවලට ජාතියම ගරහනවා, ශාප කරනවා. රටවල නායකත්වය දරපු නායකයෝ විශ්‍රාම ගිහින් ගෞරවාන්විතව ජීවත් වෙද්දී තමුන්නාන්සේ පචවෙනවා. දෙවියන්ගේ නාමෙන් විශ්‍රාම සුවයෙන් ඉන්න. ජාතියම ඔබට ගරුකරාවි. අනික වයස 73ක් කියන්නේ චින්තනය දුර්වලයි. අවුරුදු 11 කෙරුවාවත් අපි දන්නවනේ...

:       2441       1844

BamunuarachchiSunday, 20 January 2019 01:45 PM

ඔබට විශ්‍රාම යන්න කියන්නේ අඩු වයසින් පට්ට නාකි වෙච්ච මිනිසුන්. ඔබතුමාට මේ රටට තව අවුරුදු 50 කට නායකත්වය දීමට ශක්තිය තිබෙන බව අපි දන්නවා. අපේ අනාගත ළමයින්ට බලා ගැනීමට අන්තිම දෙමළා කටුගෙයි තියනතුරු ඔබ අප හා රැඳී සිටින්න. අප මිය ගියත් අපේ දරුවන්ට, ඔවුන් මෙරට රට හැර යනතුරු, නායකත්වය දෙන්න.

:       803       576

athuraMonday, 21 January 2019 04:23 AM

බමුණු හිතන් ඉන්නේ මහින්ද මහතා අමරණීයයි කියල නේද.නම අමරණිය වුනාට ජීවිතය අමරණිය නැහැ මහත්මයෝ.

:       0       32

BamunuarachchiMonday, 21 January 2019 02:47 PM

මහින්ද මහතා අමරණීය නැහැ... චා චා මොකක්ද ඒ කතාව? මහත්තයෝ මහින්ද මහතා රටට කළසේවය අමරණීයයි නේද? රනිල් සින්නකරන්න ගිය රට බේරාදීම, අධිවේගී මාර්ගයක් සෑදීම හම්බන්තොට වරායක් සෑදීම අමරණීයයි නේද? එහෙම නම් මේවා රටට කලේ කව්ද කියා මතක් කරන සෑමවෙලේම මහින්ද මහතා සිහියට නැගෙනවා නේද? එහෙනම් මහින්ද මහතා අමරණීයයි නේද? මම වැරදිද?

:       1       0

sunil Sunday, 20 January 2019 09:31 AM

20 දැන් තියෙන්නේ විපක්ෂය අතේ...

:       135       415

Bamunuarachchi Sunday, 20 January 2019 09:53 AM

20වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් මේ රට පාවාදී බලය ඉන්න රනිල් කරන මේ කුමන්ත්‍රණයෙන් රට බේරාගැනීමට අපේ එකම බලාපොරොත්තුව ඔබයි. දෙමළුන්ට, ත්‍රස්තවාදයට ඉඩදී නැවත යුද්ධයක් පටන්ගෙන ඉන්දියාවටම පලවා හරින්න.

:       1010       916

Chanak los angelesSunday, 20 January 2019 04:08 PM

කව්රු බලාපොරොත්තු තියාගත්තත් හොරුන්ට බලයට එන්න අපි ඉඩ තියන්නේ නැහැ.

:       84       181

Chanak los angelesSunday, 20 January 2019 04:08 PM

කව්රු බලාපොරොත්තු තියාගත්තත් හොරුන්ට බලයට එන්න අපි ඉඩ තියන්නේ නැහැ.

:       20       32

BamunuarachchiSunday, 20 January 2019 11:38 PM

ඔව් ඔව් රනිල්ට එන්න ඉඩතියන්න එපා.

:       116       44

Bandara Sunday, 20 January 2019 10:01 AM

හොරු අතරින් මම තෝරගන්න මිනිසා මහින්දයි. ඔහු හා සැසඳීමට කිසිවකු ලංකා දේශපාලනයේ ඉතිරිව නොමැත. ඔහු අප සැමට නිදහස ලබාදුන් පුද්ගලයාය.

:       771       663

පිටිගල මිලානෝ Sunday, 20 January 2019 11:18 AM

මෙයා දැන් එන්නේ රට පාවාදීලා හෝ තම පුතා ජනාධිපති කරවීමේ හාස්‍යදායක සිහිනය නිසා...

:       128       261

BamunuarachchiSunday, 20 January 2019 04:10 PM

ඔහොමවත් කියලා හිතලා සැනසෙන්න මොකෝ මොඩයා කියලා තෙල් හිඳින්න ගන්නයැ.

:       168       9

පාල ගාල්ලගේ Sunday, 20 January 2019 02:15 PM

සුමන්තිරන්ලා ඔබතුමාට අගමැතිවෙන්න උදව් කළානම් එයා පූසා... දැන් කොටියා.

:       390       712

BamunuarachchiSunday, 20 January 2019 04:24 PM

උදව් නොකළේ මෙතුමා දෙමළුන්ට රටින් කෑල්ලක්, පොලිස් හා ඉඩම් බලතල දෙන්න සූදානම් නැතිනිසානේ... ඒ ඉල්ලීම් ඉල්ලන්නේ නැතිව සිංහලයින් සමග රනිල් පන්නාදමන්න එකතුවෙනවා නම් මල්මාලාදාලා උඩුවියන් බැඳලා පාවඩ දාලනේ හලෝ පිළිගන්නේ. මොන ගොන් කතාවක්ද කියන්නේ? සුමන්තිරන් සුමතිරත්න වෙනවා නම්, සම්බන්දන් සහබන්දු වෙනවා නම් ඔය වයසේ සිංහල මනාලියෙකුත් හොයලා දෙන්නම්කෝ. ඕවත් වැඩද අපිට?

:       214       22

BamunuarachchiSunday, 20 January 2019 04:42 PM

කරුණා අම්මාන් වැනි කොටින්ව හීලාකරලා කරුණා ලවා ඒ අයගේම මිනිස්සු මරවපු අයට සුමන්තිරන් හීලෑ කරන එක කජ්ජක්ද? සුමන්තිරන් සුමතිරත්න කරලා තමයි නවතින්නේ.

:       208       9

Hafeel Sunday, 20 January 2019 04:56 PM

සුමන්තිරන්ලාට මෙයලාත් නොයකුත් දේවල් පොරුන්දු වුණා. නාමල්, යෝෂිත සම්බන්දන්ගේ නිවසට ගිහිල්ලත් කතා කළාලු. මෙයලාත් සුමන්තිරන්ලාගේ සහාය ඉල්ලුවා.

:       0       154

BamunuarachchiSunday, 20 January 2019 11:15 PM

හලෝ ඔහේගේ මන්ද බුද්ධිකකම පෙන්වන්න එපා සුමන්තිරම් සම්පන්තන් වැනි දේශපාලන පරිනතයෝ, ප්‍රවීණයෝ නාමල් සහ දේශපාලනයට කොහෙත්ම සම්බන්ද නැති යෝෂිත සමග ගනු දෙනු කතා කරයිද?

:       209       0

Chanak los angeles Sunday, 20 January 2019 04:02 PM

මොහුට කියන්න තිබෙන්නේ ජාතිවාදී බයිලාවම පමණයි. කුජීතයි නේද?

:       18       249

lanka Sunday, 20 January 2019 04:28 PM

නොයෙකුත් කමිටු මගින් සම්පාදිත යෝජනා මිස, අද නව ව්‍යවස්ථාවක් කියා දෙයක් අද ඇත්තේ නැහැ. මා සිතන්නේ මෙතුමාට අද "ව්‍යවස්ථාව" පිළිබඳව තිබෙන ලොකුම ප්‍රශ්නය නම්, වර්තමානයේ එජාපය සහ දෙමල සංධානය සමග ඇති මේ ව්‍යවස්ථා කතිකාවත නිසා, ඔහුට උතුරු, නැගෙනහිර ප්‍රදේශ වලින් ඡන්ද නොලැබේය යන බියක් ඇතිවීමයි.

:       0       215

Saman Sunday, 20 January 2019 04:57 PM

එදා හොරෙන් අගමැතිකම ගත්ත වෙලාවේ දෙමළ සංධානය සහයෝගය දුන්නා නම් අද සුමන්තිරන්ලා හොඳයි.... නැද්ද ?

:       50       261

Sunil Sunday, 20 January 2019 05:03 PM

එතකොට චීනෙන්, 2015 ජනවාරි මාසයේ ඡන්දෙට කලින් අරලියගහ මන්දිරයට දීපු චෙක් 4, බැසිල්ගේ බිරිඳට දීපු චෙක් එක? එතකොට චීනෙ හොඳයි නේ?

:       0       228

piyasiri Sunday, 20 January 2019 05:22 PM

ඔය අපේ වාද විවාද නොවෙයි. ලොකු වැඩ සටහනක් යනවා රට කඩන්න. මෙහෙ කට්ටිය වැඩ කරන්නේ සල්ලිවලට.

:       219       177

Pandith Monday, 21 January 2019 02:05 AM

අද රටේ සෑම ජාතියක්ම හොඳ සමගියෙන් ජීවත්වෙනවා. දෙයියන්ගේ නාමෙට ඔය ජාතිවාදය අවුස්සන කිසිම කෙනෙකුට බලයට නම් එන්න දෙන්න එපා. මේ ආයාචනය සියලුම රටේ පුරවැසියන්ටයි.

:       0       238

shehaan yapa Monday, 21 January 2019 07:09 AM

ඒ.ජා.ප. යන්ගෙන් ප්‍රවීසම්වන්න

:       1       0

Rohana Monday, 21 January 2019 10:18 AM

දැක්ම : බලය ලබා ගැනීම මෙහෙවර ප්‍රකාශය : ව්‍යස්ථාවක් ඇදගෙන රට බෙදනවා යි කියමින් සිංහල ( විශේෂයෙන් බෞද්ධ ) ඡන්ද ගොඩ ඉතා පහසුවෙන් වැඩිකර ගැනීම.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 78 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 106 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 521 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 429 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 156 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1562 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 318 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site