IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රනිල් ඉරිදා අගමැති ධූරයේ දිවුරුම් දෙයි

(රංජන් කස්තුරි සහ නාලක දහනායක)
 
රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අග්‍රාමාත්‍ය ධූරයෙහි දිව්රුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා (16) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමට සූදානමින් සිටින බව නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන සඳුදා (17) පෙරවරුවේ දිව්රුම් දීමට නියමිතව ඇතැයිද පැවැසේ.
 
නව කැබිනට් මණ්ඩලයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් 6 දෙනෙකුද ඇතුළත්වන අතර කැබිනට් මණ්ඩලය 30 දෙනෙකුගෙන් සමන්විත වනු ඇතැයි ද වාර්තාවේ.
 
ජනාධිපතිවරයා  ඊයේ (13) රාත්‍රීයේදී කතානායක කරු ජයසූරිය මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර එහිදී අග්‍රාමාත්‍යධූරය රනිල් වික්‍රමසිංහ මහතාට නැවත ලබාදීමට එඟතාවය පළකර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
 
ජනාධිපතිවරයා විසින් ඉකුත් ඔක්තෝබර් මස 26 වැනිදා පස්වරුවේදී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කළ අතර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන ලදි.



අදහස් (58)

රනිල් ඉරිදා අගමැති ධූරයේ දිවුරුම් දෙයි

prasad Friday, 14 December 2018 03:12 PM

TNA ගොඩක් සතුටු වෙයි.

:       7496       7455

JjFriday, 14 December 2018 05:06 PM

හැම 1ටම එල්ටීටීඊ එක ගාව ගන්නේ නැතිව රටක නීතිය මොකක්ද කියලා තේරුම් ගන්න බලන්න....

:       3432       3557

janahitha Saturday, 15 December 2018 01:17 AM

එහෙම එකක් ලංකාවේ තිබුනේ නැහැ නොවැ... තිබුණත් ඒ අය නීතියට අනුව එය දැනගෙන ක්‍රියා කරන්න ඇති..

:       0       149

HiranSaturday, 15 December 2018 07:09 AM

ඔහේට වැඩිය නීතිය අපි දන්නවා. රට විනාශ කරන එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු නඩයට කඩේ යන එක දැන්වත් නවත්වන්න... සෑබෑ ශ්‍රී ලාංකිකයෙක් නම්...

:       599       838

channa Friday, 14 December 2018 03:34 PM

සිරිසේන පයින් යයිද?

:       6       349

Rata Perata Friday, 14 December 2018 03:35 PM

ඊට පස්සේ ඉක්මනටම සිරිසේනට දෝෂාභියෝගයක් ගේන්න. මේ මාස දෙකට රටට වුණු පාඩුවත් අය කරගන්න.

:       400       1165

channa Friday, 14 December 2018 03:43 PM

ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාදුන් මහින්දද ලංකාවේ අඩුම කාලයක් හිටපු අගමැති...? මාස 05ක් සිටි දහනායකද?

:       93       492

tommy Friday, 14 December 2018 03:49 PM

එස්.බී., ඔයත් එනවද?

:       6       365

Sanath Friday, 14 December 2018 03:51 PM

මේවනේ ප්‍රවෘත්ති...

:       34       211

aravinda Friday, 14 December 2018 03:54 PM

මා සිතන්නේ මේ රජය එජාප, TNA , ජවිපය සාමාජිකයින්ගෙන් සමන්විත වූවානම් වඩාත් හොඳ බවයි...

:       111       897

AnandaRFriday, 14 December 2018 04:49 PM

එය එසේම වුනොත් වඩා යහපත් හා විනයගරුක රජයක් වනු ඇත.

:       20       474

BamunuarachchiFriday, 14 December 2018 05:23 PM

එතකොට පුළුවන් හොරකම් කාටවත් අසු නොවී කරගෙන යන්න...

:       877       523

pjFriday, 14 December 2018 06:40 PM

මහරජාගෙන් උපදෙස් ගත්තා නම් අහුනොවී කරන හැටි හරියටම කියලා දේවි...

:       0       0

dewa Friday, 14 December 2018 03:57 PM

එ් කියන්නේ රට ස්ථාවර තත්වයට පත්වෙනවා කියන එකයි...

:       499       582

Rohana Friday, 14 December 2018 04:19 PM

මේ ටික කාලය රනිල්ට භාරදෙමු. ඊ ළඟ මහා මැතිවරණයෙන් සුදුසු කෙනෙකුට රට භාර දෙමු.

:       23       364

BamaunuarachchiSaturday, 15 December 2018 02:54 AM

අද පත්තරයක තිබෙනවා දොස්තර ලේ පරික්ෂා කරගන්න ගන්න උපදෙස් දුන්නාම කට්ටඩියෙක් ලඟට ගිහිල්ල දෙහිකප්පවාගෙන මිනිහා මැරිලා කියලා. එහෙව් මිනිස්සු ඉන්න රටක මහජන ඡන්දයක් දෙන්න කියලා ඉල්ලුවාම මන්ත්‍රී චන්දෙකින් නැවත ඔබට බලය එන එක පුදුමයක් නොවෙයි රනිල්.

:       445       355

Bangomunu.Saturday, 15 December 2018 04:03 AM

මෙයාට තියෙන්නේ රනිල් භීතිකාව. ලේ නෙමෙයි පරීක්ෂා කරවගන්න ඕනේ වෙනත් දෙයක්. මහා ඡන්දයක් ගන්න ඕනේ කලින් මහා ඡන්දෙ කාලය ඉවර වුනාම... තව කල් තියෙද්දී හොර පාරෙන් ඇවිත් හොර ආණ්ඩු හැදුවේ මොකටවත් නොවෙයි අර ඇසීමට තියෙන නඩු ටික නවත්වා ගන්න... සැබෑවටම මැතිවරණයක් ඕනෙනම් තව ටිකක් ඉවසලා නිවැරදි විදිහට පවත්වන්න තිබුණානේ. කොහොම වුනත්, අධිකරණය ස්වාධීනව තිබුණු නිසා රට නිදහස් වුණා. විනිසුරුතුමන්ලාටත්, අධිකරණයටත් ප්‍රශංසා වේවා... දෙවියන්ට පින් සිදුවේවා!

:       1321       1357

BamunuarachchiSaturday, 15 December 2018 09:09 AM

රනිල් ගැන අපිට කිසිම භීතිකාව නැත. රනිල්ට කරන්න පුළුවන් කිසිම මගුලක් නැති බව අපි හොඳින් දන්නවා. රනිල් ඔතන රඳවා ගත්තේ, ජේවීපිය මහින්දට තිබෙන භයයි. දමිලයින් ඔවුන්ගේ පොරොන්දු ඉෂ්ටකොර ගැනීමටයි, එජාපයින් පැන්ෂන් එක රැකගැනීමයි හා රනිල් නැති උනාම ඉන්න අය නනත්තාර වෙන නිසයි. මම මෙච්චර චැලේන්ජ් කරනවා එක එජාපකයෙක් කීවාද රනිල් මෙපමණ සේවයක් රටට කර තිබෙනවා කියලා ?

:       0       0

BamunuarachchiSaturday, 15 December 2018 11:21 AM

ඔබ වගකිවයුතු තනතුරක් දරන කෙනෙක්ද කියා මම නොදනිමි. එසේ උවත් ඔබ යටතේ කාර්යක් කරන කෙනෙකකුගේ වැඩකටයුතු හරියාකාරව කෙරෙන්නේ නැතිනම් අතරමගදී උවද ඔහුගේ වැඩ නවතා සුදුසු කෙනෙකුට භාරදීම ඔබගේ වගකීමයි නේද? නැතුව ඔහුගේ කාලය ඉවර වෙනතුරු වැඩ ටික වැරදියට කරගෙන යන්න ඉඩදෙනවාද? ඒක නේද මෙතන සිදුඋනේ?

:       0       0

BamunuarachchiSunday, 16 December 2018 09:53 AM

මෙරටට සිංහල ජාතියට ආදරය කරන අපිට මේ රටේ සංස්කෘතියට ගැලපෙන්නේ නැති රනිල් ගැන භීතිකාව තිබෙනවා. එ්ක පුදුමයක් හෝ කියන්න තරම් දෙයක් නොවෙයි.

:       0       0

Nimal Friday, 14 December 2018 04:28 PM

අගමැතිවරු ඇමතිවරු පත් කිරීම දැන් විහිළුවක් වෙලා. 2015 සිට මේ දක්වා කීදෙනෙක් නම් පත්කලාද? ඉස්සරනම් අගමැතිවරයෙක් කැබිනට් මණ්ඩලයක් පත් කිරීම මොනතරම් ගාම්බීර කටයුත්තක් වුනාද?

:       0       160

Amila Friday, 14 December 2018 04:48 PM

ශ්‍රීලනිපය නිකන් අර පැරණිම රැකියාව කරන අය වගේනේ. එක ප්‍රතිපත්තියක ඉන්න බැරි අය දාගෙන අායෙත් කෙලවගන්න හදන්නේ...

:       0       74

joseph Friday, 14 December 2018 05:04 PM

කොහොම හරි 20 ගේන්න!

:       504       425

Bandara Friday, 14 December 2018 05:33 PM

රට නම් තවත් ඉවරයි. ටී.එන්.ඒ. එක හොඳ සලකයි. උතුරෙදි අපිටත් හොඳට සලකයි. හැබැයි මේ පාර වගේ එකෙක් දෙන්නෙකුට නෙමෙයි හොඳේ...

:       76       144

lakmal Friday, 14 December 2018 05:53 PM

බැලූ බැල්මට පෙනෙන්නේ මෙය මැතිවරණයක් පවත්වන තුරු ඇතිකරගත් භාරකාර ආණ්ඩුවක් පමණි. TNA සහ ජවිපය එකතුවුවා නම් ස්ථාවර ආණ්ඩුවක් 2020 දක්වා ගෙන ගිය හැකියි. නමුත් පෙනෙන ආකාරයට, සියලු දෙනාටම ළඟදීම මැතිවරණයකට යාමට අවශ්‍යවී තිබේ.

:       117       32

sudesh Perera Friday, 14 December 2018 06:07 PM

අපේ අගමැතිතුමාට ජය වේවා. සත්‍ය ජයගන්නවාමයි.

:       557       638

Sathyayaa Friday, 14 December 2018 10:51 PM

හලෝ ! මෙතන කමෙන්ට්ස් දාන්න ඉස්සරවෙලා සත්‍යය කියන දෙය තමන්ට තේරෙන්නේ නැත්නම් දන්නා කෙනෙක් ගෙන් හරි අහගෙන ඇවිල්ල ඕව ලියන්න. විකෘති වූ සත්‍යය කෙළවර වන්නේ බොරුවෙන්. ඇවිදින්න කකුල් අවශ්‍යයම නැහැ. බොරු කකුල් වලිනුත් ඇවිදින මිනිසුන් ඉන්නවා.

:       0       0

BamunuarachchiFriday, 14 December 2018 11:26 PM

ඔය කියන අගමැතිතුමාට නම් ජයවේවී.. රටේ ජනතාවට ජයක් වේවිද? මේ දක්වා ජනතාවට රටට ජය වුණාද? ඔබට ජයක් වුණාද? මොහොතකට හිතපල්ලා ජයවුණේ කාටද?

:       0       0

සේනක Saturday, 15 December 2018 04:09 AM

නැහැ නැහැ... අපේ අගමැතිතුමා බංගවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

:       170       345

julien Friday, 14 December 2018 06:07 PM

අධිකරණයේ ස්වාධින බව මුළු මහත් ලෝකයා ඉදිරියේ අද තහවුරු වුනා. ලෝකයා ඉදිරියේ ශ්‍රී ලංකාවේ යහපාලනයෙන් ලබාගත් විශිෂ්ට කාර්ය අධිකරණය ස්වාධීනව වීම

:       1927       813

Nalaka Friday, 14 December 2018 07:38 PM

මම නම් කැමති මේ වගේ ඇමති මණ්ඩලයක්. පොඩි රටකට මොකටද ලොකු ඇමති මණ්ඩලයක්.. ආර්ථික කටයුතු සහ බල ශක්ති - අගමැති යටතේ අධිකරණ - අජිත් හරි සුජීව හරි (නීතිය දන්නා කෙනෙක්) මුදල් - හර්ෂ විදේශ - මංගල (රටවල් අතර හොඳ නම ඇතිකළ නිසා) වෛද්‍ය - රාජිත (ඉන්න එකම දොස්තර නිසා) නිවාස සහ සංවර්ධන - සජිත් වරාය ගුවන් සේවා සහ ප්‍රවාහන - නවීන් ආරක්ෂක - සරත් (පොලිසිය ස්වාදීනව) අධ්‍යාපන සහ සංස්කෘතික - කම්කරු, සහ කර්මාන්ත (කෘෂිකර්ම ඇතුළුව)..

:       0       0

Prof. Edward Perera Germany Friday, 14 December 2018 11:06 PM

රටකට පාර්ලිමේන්තු විධායකයක් නොමැතිවුණත් ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන්. 1978ට කලින් සිදු වූයේ එයයි. එහෙත් ඕනෑම රජයකට අධිකරණ පද්ධතියක් අවශ්‍යම වන්නේ ව්‍යවස්ථාදායකයෙන් පනවන නීති අනපනත් හා කෙටුම්පත් හරියාකාරව ක්‍රියාවේ යොදවන්නයි. අධිකරණයේ ස්වාධීනත්වය ගැන උදම් අනන අයම වරෙක නොඉවසිලිමත්ව අධිකරණය දුෂිතයි කියා ප්‍රසිද්ධියේම බැණ වැදුණත් කෑමට තලගොයි මස් නැත්නම් කබර මස් වුනත් පිසගෙන කන බව රහසක් නොවෙයි. මෙතැනදී වැදගත් වන්නේ තමන්ට වාසි තීරණයක් ලැබීම නිසා අධිකරණය පසසා නිහඬ වීම නොව අධිකරණයටත්, හිසරදයක් නොවන ලෙස ව්‍යවස්ථාදායකය තුළ ශිෂ්ඨ සම්පන්නව හැසිරීමයි.

:       0       0

RUWAN Saturday, 15 December 2018 12:15 AM

ජනතාවට වෙන සෙතක් නෑ. ඉතිරි කාලයත් ඔහොමම රණ්ඩු වෙලා.. ජනතාව අසරණ කරයි.

:       0       0

Zaf Saturday, 15 December 2018 01:21 AM

ඒ මොන කතාවක්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 6 කැබිනෙට් එකට දානවා කියන්නේ... එජාපය මේ පාරත් කන්න තමා හදන්නේ...

:       12       12

maximus Fernando Saturday, 15 December 2018 01:40 AM

රට ඉදිරියට ගෙනයන වැඩපිළිවෙළක් සමග යන්න.

:       14       5

ගල්කටස් Saturday, 15 December 2018 01:58 AM

රැකියා දසලක්ෂයක්, පුංචි කාර් එකක් ගන්න වාසනාව, බුලත් විටක් වෙනුවට චුයින්ගම්, අපිට ⁣⁣බ්‍රේස්ලට් බඩු මිල සෑහෙන්න අඩුවෙන් ගන්න පුලුවන්... එකී මෙකී නොකී අපේ තරුණ ජවසම්පන්න නායකතුමාට හතරවරං දෙවියන්ගේම පිහිටයි.. අාරක්ෂාවයි. රටත් බෙදලා කෑල්ල කෑල්ල විකුණලා දාලා සමරිසි කසාදෙකුත් කරන් ඉමු. අපි ඉමු අපි... ඉමු අපි ඉමු. අපි චූන් එකේ..

:       129       717

RaveendraSaturday, 15 December 2018 10:10 AM

ගල්කටස් මයා වෙත, ඔබගේ අදහස්වලට අප ගරු කරන්නෙමු. රනිල් කියන්නේ මේ මුළු සෞරග්‍රහ මණ්ඩලයටම ඉන්න එකම එක උගතා, බුද්ධිමතා බව ඔබ නොදන්නේද? එම උගතාගේ අදහස් ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙස මා දැනුත් බ්‍රේස්ලට් එකක් පැළඳ නොමිලේ අපගේ නිවාස වටා තිබෙන වයිෆයි වලින් අන්තර්ජාලය සැරිසරන්නෙක් වෙමි. එපමණක් නොව මා රාජකාරියට යන්නේද කුලියාපිටියේ සාදන ලද අපගේම ෆොක්ස්වැගන් රථයෙන් බවත් ඉතාම ආඩම්බරයෙන් ඔබහට පවසන්නෙමු. ඔබහට ඒවා නොලැබීම පිළිබඳව අනුනට ඉරිසියා නොකරන්න.

:       0       260

Nuwan Saturday, 15 December 2018 02:04 AM

ජනතාව නම් කියන්නේ 113 ගෙදර පලයව් කියලා.

:       4       110

RuwanSaturday, 15 December 2018 04:47 AM

225 මද?

:       1       21

රවින් Saturday, 15 December 2018 02:28 AM

හරි රනිල් ඉරිදා අගමැති වුනොත් ඉරිදාම ජනාධිපති ඉල්ලා අස්වෙයි. ඊළඟට ජනාධිපති මැතිවරණය. මේ පාර නම් ජනාධිපති තනතුරට පත්කරගන්න ඕනේ නියමෙටම තම සාක්කුව ගැන නොහිතන රටගැනම පමණක් හිතන වීරවංස, ගම්මන්පිල වැනි කෙනෙක්ව...

:       104       15

Akila Saturday, 15 December 2018 02:29 AM

අගමැතිතුමාට යන්තන් දැන්වත් ඉදිරියේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළු ටිකටවත් යන්න පුළුවන්. මේ සති කිහිපයට කීයක් මග ඇරුණාද දන්නේ නැහැ.

:       0       226

Chandrasiri Senevirathne Saturday, 15 December 2018 02:43 AM

මෙය ජයග්‍රහණයක් නොවේ. සත්තකින්ම එජාපයේ පසු බැස්මකි. රනිල් හැර වෙන ඕනැ කෙනෙක් යන ප්‍රකාශය කුමන්ත්‍රණ අවලාදයෙන් වෙන්කර සාකච්ඡා කළ යුතුය. මන්ත්‍රින් මුදලට විකුණුනා නම් සියල්ල අවසන් වන්ට ඉඩ තිබිණ. අදටත් එජාපයට ඉතිරිව ඇත්තේ රනිල්ගේ නායකත්වය පමණකි. එ් නායකත්වය ගැන විවේචන පවතී. කළ යුත්තේ විජේතුංග පන්නයේ භාරකරුවෙකු පත් කොට බිඳුණු සිත් එක්කිරීමය. පසුගිය කාලයේ කළකිරැණ එජාප පාක්ෂිකයින් දෙවර්ගයකි. 1 පක්ෂය හැර ගිය අයය. 2 පක්ෂ නායකත්වය විවේචන කරමින් වැඩ කළ අරගල කරුවන්ය. දෙවන කණ්ඩායම සමග වැඩ කිරීමට රනිල් සූදානම් වුණොත් බොහෝ දේ කළ හැකිය. මෙහිදී ඝනාත්මක චරිතය සජිත් නොවේ. කරූ ජයසූරියයි. ඔහුගේ වයස අනුව කිසිවෙකුට අභියෝගයක් වන්නේ නැත.

:       45       85

dissa Saturday, 15 December 2018 02:51 AM

මේක සිරාගෙයි මරාගෙයි ලෝක ගැටයක්... මේ යන්න යන්නේ අවුරුදු 1/30 තියෙද්දී ව්‍යවස්ථාව කඩන්න. සබාග රජයකට රනිල්ව ගමරාල කැඳවන්නයි යන්නේ...

:       0       11

saleeth Saturday, 15 December 2018 02:52 AM

අරවින්දගේ අදහසට මමත් එකඟයි.

:       0       1

සේනක Saturday, 15 December 2018 04:03 AM

මේ පාරත් අපේ මහ බැංකුව මහ දවල් මංකොල්ල කයිද? එක්සත් ජාතික පාක්ෂිකයෙක් වශයෙන් මමත් කණගාටුවෙනවා. අපේ පක්ෂයට නායකත්වයක් නැති එක ගැන... රටටත් අබ සරණයි.

:       86       256

Sunil Saturday, 15 December 2018 04:16 AM

දැන් ඉතින් ෆොන්සේකාට පොලීසිය බාර දීලා හරියට වැඩ කරන්න.

:       848       123

Hiran Indrajith Saturday, 15 December 2018 06:42 AM

ලංකාවේ මිනිස්සු මොන තරම් අදූරදර්ශීද? එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ කිසි දවසක රටට සෙතක් කර නැත. සියළුම අර්බුදවලට වගකිවයුතු වන්නේ ඔවුන්ය. කිසිඳු දේශීය හැඟීමක් නැති, නමට සිංහල වෙලා ඉපදුණු ඔලමොට්ටලයන් පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායමකි. සෑබෑ ශ්‍රී ලාංකිකයින් සෑබෑ වීරවරුන් සැමදා සිටියේ වමේ පක්ෂ තුලය. 71, 88,89 කාල වකවානුව තුළ ජනතා විමුක්ති පෙරමුණ රටේ සියලුම සම්පත් විනාශ කර දමන ලදී. ලක්ෂ ගණනක් තරුණ ජීවිත විනාශ කරන ලදී. එක්සත් ජාතික පක්ෂය රටේ ජනතාවගේ ඡන්දයෙන් පත්වී රටේ සම්පත් කුණු මාළු ලෙස විකුණා බටහිර ඉන්දීය ගැති පාලනයක් ගෙන ගියේ ජනතාව තුට්ටු දෙකට දමාය. මොවුන් කිසිඳු දවසක රටට ආදරය කල දේශපාලකයින් නොවේ. බල තණ්හාව මුදල් වෙනුවෙන් තමන්ගේ දෙමාපියන් පවා විකිණීමට සුදානම් ඔලමොට්ටලයන් පිරිසකි.

:       5       557

ධනුෂ්කSaturday, 15 December 2018 08:44 AM

88 ජ.වි.පෙ අවි අතට ගත්තේ ඉන්දීය හමුදාවට එරෙහිව හා ඊට මග පාදමින් මෙරට ඔවුන් ගෙන්වා ගනිමින් පොලිස් හා ඉඩම් බලතලද අැතුළත්ව පළාත්සභා ස්ථාපිත කිරීමට එරෙහිව. එමෙන්ම කොටින්ට වාසි සහගත ලෙස ගෙන අා, අන්තර්වාර පාලන ක්‍රමයට, සුනාමි සහන මණ්ඩලයට අහෝසි කිරීම. එ්කාබද්ධව පැවැති උතුරු, නැගෙනහිර පළාත් නඩු දමා වෙන් කිරීම,17වන හා 19 වන සංශෝධන ගෙනඑමින් එ්කාධිපතිවාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම අාදිය. ජ.වි.පෙ මේ රටට කල වැදගත් වැඩ. එ් සුලු මන්ත්‍රිධුර කීපයක් තබාගෙනයි... අාණ්ඩුවක් ගත්තොත් වැඩ බලාගත්ත හැකි. දැන් වැඩ බැරි වුණාට එ.ජා.ප.යෙන් තමා මේ රටේ අාර්ථිකය ටිකක් හරි ගොඩ නගන්න මහවැලි ව්‍යාපාර අරඹලා. වෙළඳ කලාප පිහිටුවලා රැකියා අැති කරලා වැඩ කොටසක් කලේ... මහින්ද මහතත් යුද්ධය ඉවර කරලා ලොකුම සේවයක් කළා. නමුත් ඔහුගේ අාර්ථික චින්තනයත්, පවුල් පාලනයත් රට ලොකු අගාධයකට අැදලා දැම්මා.

:       148       99

BamunuarachchiSaturday, 15 December 2018 11:32 AM

මොකක්ද මහින්දගේ ආර්ථික චින්තනයේ වැරැද්ද? 2008 ලෝක ආර්ථිකයත් එදා වැටිලා අපි යුද්දෙකත් පැටලිලා ඉන්න ගමන් රුපියල අවපාත නොවී තියාගත්තේ ආර්ථික චින්තනයේ වරද්දෙන්ද?

:       0       0

Jayadewa Saturday, 15 December 2018 07:00 AM

කට්ටිය එක්ක එකතුවෙලා TNA එකට උතුර ලියා දුන්නා නම් හරි.. එතකොට කෙටිකලක් තුළ දකුණ අල්ලගන්නවා. කාටත් දැක බලාගන්න පුළුවන්... ඒක තමයි කාටත් කරගන්න ඕනේ...

:       103       188

ravi Saturday, 15 December 2018 08:22 AM

"රනිල්" අගමැති කරනවට , වැඩිය හොඳයි මේ රට හමුදාවට බාර දෙන එක... ! පේනවා..නේ රනිල්ගේ ඇම්බැට්ටයෝ පාරක කිහිලිකරුවකින් ගමන් කරන කෙනෙකුටවත් නිදහසේ පාරේ , යන්න නොදෙන ජාතියක් කියලා.. !!!

:       2       199

Amila Saturday, 15 December 2018 09:30 AM

නිකමට හරි මෙයාගේ මන්ත්‍රීකම අරකෙන් අහෝසි වුණොත් ජනවාරි වගේ අායෙත් අලුත් අගැමති කෙනෙක්...

:       0       13

NImal Saturday, 15 December 2018 01:14 PM

දැන්වත් ඉතින් හොරු අල්ලනවා කියාලා අපිට 2015 දී දුන්නු පොරොන්දුව මතක් කරලා ඒක ඉෂ්ට කරන්න,

:       0       0

maal Saturday, 15 December 2018 01:59 PM

දැන් රනිල් අගමැතිනම් සහ ඇමතිවරු 30ක් නම් තනිකරම එක්සත් ජාතික පෙරමුණු රජයක් විය යුතුයි. පිට අය කිසිකෙනෙකු ඇමතිකම් නොදැරිය යුතුයි. දැන් ජාතික ආණ්ඩුවක් නැත. විශේෂයෙන් සරත් ෆොන්සේකා නීතිය හා සාමය ඇමති විය යුතුමයි. දිල්රුක්ෂි ඩයස් නැවත විශේෂ අධිකරණයට පත්කලයුතුමයි. රාජිත සෞඛ්‍යය ඇමතී විය යුතුයි

:       0       0

Nalaka Saturday, 15 December 2018 07:11 PM

දැන් ඉතින් ජනවාරි ණය වාරික මිනිස්සුන්ට පඩි ගෙවන්න තිබුන සල්ලි විනාස කරපුව, පාර්ලිමේන්තුව විනාශ කරපුව, වීරවංස පත්වීම් දීපුවා ගෙවන්නත් ඕනේ මේ ආණ්ඩුවද. එයාලගෙන් අයකර ගන්න තියෙන්නේ. සරත් ෆොන්සේකාට නීතිය සාමය දුන්නනම් හරියට හදයි.

:       0       0

banda Saturday, 15 December 2018 09:14 PM

ඒ කියන්නනේ හෙට ඉදලා පොළොන්නරුවේ යනවද ?

:       0       0

lal Sunday, 16 December 2018 03:21 AM

දිව්රුම් දෙන්න අස්වෙන්න ඕනනේ. රනිල් අස්වුනෙත් නැත්නම් ආය මොනවටද දිව්රුම් දෙන්නේ? මහින්ද ඉල්ලාඅස් උනාම කිව්වේ අස්වෙන්න දෙයක් තිබුනේ නැහැ කියලා ?

:       0       0

dias Sunday, 16 December 2018 04:38 AM

අප නම් කැමති නෑ හොරුන්ට ඇමතිකම් දෙනවාට. කටින් කිවුඔත් රවිට ඇමතිකම් දෙනු එපා. ජනතාවට හොඳ සහන පැකජයක් දෙන්න.

:       0       41

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 738 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 140 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 952 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 984 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1303 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1171 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site