IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රන් බිස්කට් 29 ක් සමඟ දෙදෙනෙක් රේගුවේදී අල්ලයි

( ටී.කේ.ජී.කපිල )

රුපියල් එක් කෝටි අසූ අට ලක්ෂ පනස් දහසක් වටිනා රන් බිස්කට් 29 ක් , ගුවන් තොටුපොළ මගීන්ගේ භාණ්ඩ තබාගෙන තල්ලු කරගෙන යෑමට ඇති ට්‍රොලියක යට පැත්තේ අලවා ගෙන ගුවන් තොටුපොළෙන් පිට වීමට සුදානම් වූ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (16) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .

මොවුන්ගෙන් එක් අයෙකු මන්නාරම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයකු වන අතර , අනෙක් පුද්ගලයා 43 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .මොවුන් ගුවන් මගින් ඩුබායි වෙත ගොස් භාණ්ඩ රැගෙන එන ව්‍යාපාරිකයෝ වෙති.

අද උදෑසන 7.30 ට පමණ ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ  ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මොවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , එහි පර්යන්ත ගොඩනැගිල්ල තුළ දී , මෙම රන් බිස්කට් මෙම ට්‍රොලියෙහි යට පැත්තේ අලවා ගෙන තිබූ බව රේගුව විසින් සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ .

කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 900 ක් බර රන් බිස්කට් තිබූ බව රේගුව ප්‍රකාශ කරයි. කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සපයන ලද තොරතුරක් මත රේගු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර  තිබිණි



අදහස් (3)

රන් බිස්කට් 29 ක් සමඟ දෙදෙනෙක් රේගුවේදී අල්ලයි

Mallika Monday, 16 July 2018 07:37 AM

ඕවා නතර කරන්න ..... එල්ලුම් ගහ........මරණ දණ්ඩනය වහාම....... ක්‍රියාත්මක කළ යුතුයි.............

:       35       0

Uditha Monday, 16 July 2018 08:38 AM

මොන රටක්ද මේක... කුඩු ගංජා මත්ද්‍රව්‍ය අහු වෙනවා කෙළවරක් නැහැ... රත්තරන් අහු වෙනවා එකේ කෙලවරකුත් නැහැ... නිසි බලධාරින් මොකද මේවට සුදුසු පියවර නොගන්නේ ... එල්ලුම් ගහ හොද වැඩි... හන්දියක තියල ගල ගහල මරණ නීති ඕන ලංකාවට.. ඒ තරමට රට පිරිහිලා.. අපේ දරුවන්ට කෝ රටක් හෙට..දේශපාලුවන්ට හෙන ගහනවා සාප වෙනවා අපේ දරුවන්ට හොද රටක් ඇති නොකලොත්.. මොකද උබල අපේ ඡන්දෙන් අපි පත් කලේ අපිට වැඩ කරන්න... දෙන මොකක්ද උබල අපිට කරන්නේ......

:       116       229

kumarage Monday, 16 July 2018 03:10 PM

ලංකාව තරම් නීතිය පහළට ගිය රටක් ලෝකේ කොහේවත් නැහැ. අද ජාවාරම්කාරයෝ කවුරුවත් නීතිය තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ. ඩ්‍රග්ස් එනවා, ටැබ්ලට්ස් එනවා, මේවා එන්නේ මහපරිමාණයෙන්. අහුනොවී ඇතුළට එන ඒවා කොච්චර ඇත්ද? මේ දේශපාලකයෝ පගාවට යටවෙලා. මුළු රටම ඉවරයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 16 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 85 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 431 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 16 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 170 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 159 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site