IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රත්තරන් මත බද්දක් පැනවීම අනවශ්‍ය දෙයක් - රවී කරුණානායක


 ආනයනික රත්තරන් මත සියයට 15ක තීරුබද්දක් පැනවීම අනවශ්‍ය ක්‍රියාමාර්ගයක් බව පාර්ලිමේන්තු රවී කරුණානායක මහතා කොළඹදී අද (20) පැවැසීය. 
 
ආණ්ඩු වෙනස් වුවද දේශපාලකයන් පිටුපස යන නිලධාරීන් වෙනස් නොවීම නිසා මෙවැනි ආර්ථික ව්‍යාකූල තත්ත්වලට මුහුණ දීමට රටට සිදුව ඇතැයි ද හිටපු මුදල් හා විදේශ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කීය. 
 
කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා උපකරණ බෙදාදීම වෙනුවෙන් තොටළඟ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවැති උත්සවයක් අමතමින් පාර්ලිමේන්තු රවී කරුණානායක මහතා එම කරුණු කීවේය.
 
දින සියයක් ඇතුළත් රටේ ආර්ථිකය ගොඩනංවන බව බව කී හිටපු අමාත්‍යවරයා දක්ෂ නිලධාරීන් පිරිසක් හා එක්ව එම අභියෝගයට මුහුණ දෙන බව ද කීය.
 
උත්සව සභාව ඇමතූ රවී කරුණානායක මහතා මෙසේ ද කීය.
 
“මම දින 100ක් ඇතුළත රටේ ආර්ථිකය ගොඩනංවනවා. දක්ෂ නිලධාරීන් පිරිසක් සමඟ එම අභියෝගයට මුහුණ දෙනවා. ජනතාව පීඩාවට පත්කිරීමේ අනවශ්‍ය බදු පැනවීම් වලට තමා තරයේ විරෝධය පළ කරනවා. අද වනවිට ආනයනික රත්තරන් මත සියයට 15ක බද්දක් පනවලා. එම බදු පැනවීම අනවශ්‍ය දෙයක්. 
 
ආණ්ඩු වෙනස් වුණාට, දේශපාලකයන් පිටුපස යන නිලධාරීන් වෙනස් නොවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවැනි ආර්ථික ව්‍යාකූල තත්ත්වලට මුහුණ දීමට රටට සිදුවනවා.   
 
අද රටේ ආර්ථිකය ගැන ජනතාව විවිධ අදහස් මතුකර තිබෙනවා. දක්ෂතා ඇති පුද්ගලයන් සඳහා නිසි තැනක් නොලැබීම නිසා, රටේ ආර්ථික අර්බුද සහ අනෙකුත් අර්බුද උත්සන්න වෙලා.
 
අපි කවුරුත් දන්නවා පෙරහර ගත්තහම ඒකෙ ප්‍රමුඛත්වය දෙන්නේ කරඬුව වඩම්මන හස්තියාට,  ඒ හස්තියා ගමන් ගන්නෙ ඒ සඳහා විශේෂයෙන් සකස් කළ පාවඩ මතින්,   ඊළඟට ඒ ඒ දේවාල වල නිලමේවරුන්, ගමන් ගන්නා අලි, ඇතුන්.අද වෙලා තියෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. කොහෙවත් ඉන්න පන්දම් කාරයෝ, අලි පැටවුන්, රබන් කාරයෝ, බොරු කකුල් කාරයෝ තමා පෙරහරේ ඉදිරියෙන් යන්නේ. 
 
රටේ වත්මන් තත්ත්වයත් මේවගේ තමා. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත්  රටේ ආර්ථිකය හදන්න දැඩි පරිශ්‍රමයක් දරන මොහොතක, ඒ ගමනට බාධා කරන දෙතුන් දෙනෙක් ඉන්නවා. 
 
ඒක අපේ නායකයන් දෙදෙනා අවබෝධ කරගෙන ඇතිබව මම හිතනවා”යැයිද රවී කරුණානායක මහතා වැඩිදුරටත් කීය. මෙම අවස්ථාවට කොළඹ මහ නගර සභාවේ එජාප මන්ත්‍රීවරු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
 
(055)



අදහස් (28)

රත්තරන් මත බද්දක් පැනවීම අනවශ්‍ය දෙයක් - රවී කරුණානායක

Soma dubayi Friday, 20 April 2018 12:04 PM

රාජපක්ෂ රෙජීමයේ ණය නිසා තමයි රත්තරංවලට බදු ගහන්න වුණේ...

:       1221       1022

saraSaturday, 21 April 2018 03:38 AM

සෝමා අක්කේ, හැමදේටම රාජපක්ෂ කියන්නේ නැතුව අලුත් ආණ්ඩුවකට මිනිස්සු ඡන්දය දුන්නේ අලුත් විදිහට හිතලා දෙයක් කරයි කියලා.. ආණ්ඩුවට ටොයිලට් යන්න ඕනේ වුනත් කියන්නේ රාජපක්ෂ නිසා එ්ක වුනේ කියලා... කඩේ යන එක දැන්වත් නවත්තන්න අවුරුදු 3ක් ගියත් කිසිම දෙයක් හරියට කෙරුණේ නැහැ. රට අරාජික වුණා වගේ තමයි මට නම් හැඟෙන්නේ... මේ රටේ බහුතර ජනතාවට හැඟෙන්නේ... එ්කනේ පළාත් පාලන ඡන්දෙදී වෙනසක් කළේ...

:       111       583

dasunSunday, 22 April 2018 06:42 AM

සෝම අක්ක කියන්නේ ඩුබායි තිලක්ගේ අලුත් නමද? නිකං හිතන්නකෝ රාජපක්ෂල්ලගේ ප්‍රශ්න වලට අවුරුදු තුනකට පස්සේ බදු ගහන්නේ මොකද කියලා. අර ඇමතිවරුන්ට දෙන කෝටි ගණන් වටින වාහන වලට ගෙවන්න හලෝ.

:       0       11

Sugandhi Friday, 20 April 2018 12:06 PM

ඔය බද්දේ බර ජනතාවට මිස වෙළෙන්ඳන්ට නොවෙයි. කෙසේ හෝ මන්ද පෝෂණයේ පළමු තැනට රට ගැනීමටයි මේ රජය දඟලන්නේ...

:       54       386

Athula kSaturday, 21 April 2018 05:50 AM

සියලු බදු බර අවසානයේ එන්නේ සාමාන්‍ය ජනතාවට. ව්‍යාපාරිකයෝ ඒවා දරන්නේ නැහැ.

:       0       104

de silva berlin Friday, 20 April 2018 12:33 PM

තමන් ජීවත් වුණු මිලියන 165ක වටිනාකමක් ඇති ගෙදර... තම භාර්යාව මිලදී ගත්තේ කොහොමද කියලා හාන්කවිසියක් නොදන්නා මනුස්සයා කොහොමද? ලෝක වෙළඳපලේ රත්තරන් මිල ඒවාට ගහන බදු ගැන දන්නේ කොහොමද? මේ වෙලාවේ කට පියාගෙන පැත්තකට වෙලා ඉන්න. කට ඇරියොත් වෙන්නේ අර අහසින් ගිය ඉබ්බාට වුණුදේ..

:       1       821

kumara Friday, 20 April 2018 12:49 PM

දින සියයෙන් රටේ ආර්ථිකයත් එක්ක තවත් බැංකුවකුත් ගොඩ දාවි. අර කලින් දින සියයෙන් මහබැංකුව ගොඩ දැම්ම වගේ. අනේ අනිච්චං ලැජ්ජාවක් නැති හැටි...!!!

:       0       518

Ravendra Friday, 20 April 2018 01:00 PM

අම්මපා... පුදුම ආදරයක් කරුණාවක්නේ.... මේ උන්දැට තකහනියක්ම අප ගැන පහළ වෙලා තියෙන්නේ. දැන්මම කතිර බලුපොරයට පෙරහුරු දක්වනවා වගේ...

:       0       441

සඳුන් Friday, 20 April 2018 01:05 PM

රවි කරුණානායක ඊළඟ මුදල් ඇමති කරණු !

:       224       10

sarath silva Friday, 20 April 2018 01:27 PM

මෙතුමා දවල් හීන දකිනවා... කරුණාකර හොරකම් කල මුදල් සියල්ල රජයට බාර දෙන්න. ඔබතුමා ඉන්නේ කලිසමක් නැතිවද?

:       0       431

RaveendraFriday, 20 April 2018 03:59 PM

සරත් සිල්වා මයා වෙත, ඔබගේ අදහස් අප තරයේ ප්‍රතික්ෂේප කරන අතර මෙම අදහස් එකතු කිරීමට කැමැත්තෙමු. ඔහු සිටින්නේ නාන්න සූදානම් වී තුවාය ඇඳගෙන ඔළුවෙන් හිටගෙන බව දැන්වීමට කැමැත්තෙමු.

:       112       324

saraSaturday, 21 April 2018 03:41 AM

ලැජ්ජා නැතුව තාමත් රටේ උත්සවවලට මේ මනුස්සයට අාරාධනා කරනවනේ... මිනිස්සුන්ටත් ලැජ්ජාවක් නැහැ.

:       0       188

de silva berlin Friday, 20 April 2018 01:34 PM

එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය දේවල්වලට බදු නොගහ රත්‍රන්වලට බදු වැඩිකළාට කමක් නැත.

:       0       132

P.Ilangaratne Friday, 20 April 2018 01:53 PM

මෙයා හිතන්නේ රටේ ඔක්කොම හරක් කියලා. හොරා බබා වෙන්න හදනවා.

:       0       475

menna Friday, 20 April 2018 02:00 PM

මටත් පුළුවන් දින 100කින් ආර්ථිකය නග්ගනවා කියල කියන්න. දින 100 කතන්දර අහල ඇතිවෙලා. ඉක්මන් කොටයි. හෙමිහිට යමු. ඔබට එකපාරක් ප්‍රධානම ඇමතිකම් දෙකක්ම දුන්නනේ. එ්ත් යන්න වුනානේ. සුපර් මෑන්ලා වෙන්න ඕනේ නැහැ. මනුස්සයෝ වැඩ කරන විදියට වැඩ කරන්න පුළුවන් වුනොත් හොඳයි.

:       0       107

Buddika Friday, 20 April 2018 02:16 PM

මමත් ඔයාට ඡන්දෙ දුන්නා. ආයිත් කවදාවත් දෙන්නේ නැහැ. එජාපයට විනකළ අය අතර මෙයා ඉදිරියෙන්ම ඉන්නවා.

:       50       572

Hafeel Friday, 20 April 2018 03:40 PM

කව්ද ඔයාගේ දින 100ක දක්ෂ නිලධාරීන්? අර දැනටමත් රතු වරෙන්තු නිකුත් කළ අර්ජුන් මහේන්ද්‍රන්ද?

:       201       401

Sapumal. Friday, 20 April 2018 04:10 PM

එතකොට ඒ දිනවල මෙයා පවරපු බදු අවශ්‍යම දේ වෙන්න ඇති. යූ.එන්.පීය කාපු එක්කෙනා... දැන් තොත්ත බබා වගේ හැසිරෙන්නේ....

:       0       266

sam Saturday, 21 April 2018 04:27 AM

කට වහගත්තොත් හොඳයි.

:       0       62

sarath Saturday, 21 April 2018 04:30 AM

විශ්ව කර්මය තවත් බැරි රටේ රවී කොහොමද කරන්නේ?

:       0       22

Athula k Saturday, 21 April 2018 05:57 AM

රෝහල් ගාස්තු වලට වැට් දැම්මේ මේ මිනිහ රෙදි නැතිවද? බයිලා කියනවා. සාමාන්‍ය කෙනෙක් පුද්ගලික රෝහලකට ගියාම කීයක් බදුවලට දෙන්න ඕනෙද? මිනිස්සු ලෙඩ වුණාම අසරණ වෙනවා. මෙයාට රත්‍රන් ගැන දුක හිතිලා.

:       0       253

Ranjith Silva Saturday, 21 April 2018 07:49 AM

කරුණා නායක කම නියමෙට කරනවා. දැන් තමා හරියට කරන හැටි කියන්නේ. බොක්කේ දඩමස් නේද? දැන් ගෙවල් වෙනස් කළාද?

:       0       182

pa Saturday, 21 April 2018 02:13 PM

මෙයා කොළඹ මිනිස්සු අල්ලාගෙන ඉන්නේ. එයාගේ පොඩි මිනිස්සුන්ට කරන දානපති වැඩ තියනවා. පොඩ්ඩක් මුඩුක්කු ජනපද ඇතුළට ගිහිල්ලා කතා කළොත් දැනගන්න පුළුවන්. ඒ මිනිස්සුන්ට බැංකුවෙන් වැඩක් නෑ.

:       0       0

maalaka Saturday, 21 April 2018 03:29 PM

මේ කතාවලට කොහෙන් හිනා වෙන්නද කියල මන් කල්පනා කරන්නේ

:       0       63

sarath Saturday, 21 April 2018 08:40 PM

දැන් ඇමති කමක් නැති නිසා මිනිසුන්ගේ පැත්තට කතා කරනවා. මේවා කිඹුල් කඳුළු. එත් මේවටත් මිනිස්සු රැවටෙනවා.

:       0       28

de silva berlin Sunday, 22 April 2018 05:32 AM

ඔබතුම මුදල් ඇමති වෙලා ඉන්න කාලේ ලෝකයේ බොහොමයක් රටවල ඉන්ධන පිරිමසන , පරිසර හිතකාමී හයිබ්රිඩ් මෝටර් රථවලට බදු සහන දෙනකොට ඔබතුමා ලංකාවේ ඒවාට ලක්ෂ 10 ක අලුත් අමතර බද්දක් ගැහුවා , මෙම බද්ද ගහන්න ටික දිනකට කලින් ඔබතුමාගේ හිතවත් වාහන ව්‍යාපාරිකයන් මෙම වර්ගයේ වාහන විශාල ප්‍රමාණයක් පිට රටින් ගෙන්වන්න ණයවර ලිපි විවෘර්ත කල බව රටේ ප්‍රසිද්ධ රහසකි.

:       0       51

Sanath Sunday, 22 April 2018 09:50 AM

මෙතුමා ගැන නොදන්නේ කවුද? ඒ කාලේ පුළුවන් තරම් ටැක්ස් ගහලා අසරණ රෝගීන්ටත් වැට් ගහලා අපිව සූරලා භාණ්ඩාගාරය පුරවන්න බැලුවා. දැන් දවස් 100න් කරන්න යන්නෙත් අපිව තවත් මොකක් හරි අලුත් ටැක්ස් එකකට යටකරන්න මිසක් පැට්‍රල් ළිඳක් හාරන්නැයි...

:       0       0

කසුන් Monday, 23 April 2018 04:33 AM

මොකක්වත් දෙයක් හරියට කරගන්න බැරි මනුස්සයෙක්. හැබැයි අගනගරයේ ඉන්න මේක නොදත් මිනිසුන්ගේ පිහිටෙන් ආයෙත් පත්වේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 534 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 861 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 504 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1379 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 72 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2545 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1542 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site