ඩි.ජී.සුගතපාල
රත්ගම පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ තවත් නිලධාරින් හත් දෙනෙකු සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි වන නිලධාරියකු ඇතුළු සැකකරුවන් අට දෙදෙනකු ද 27 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ උප පොලිස් පරික්ෂක විමලරත්න, උප පොලිස් පරික්ෂක විමලසිරි, සැරයන්වරුන් වන ප්‍රේමලාල්, චමින්ද, කොස්තාපල්වරුන් වන අසංක, විදානගම, පොලිස් රියදුරු ජයරත්න සහ වලස්මුල්ල අඩවි වන නිලධාරි එස්.ජේ.බී.සුවාරිස් යන සැකකරුවන් අට දෙනාය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (18) සවස අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරුවන් මධ්‍යම රාත්‍රීයේම මහේස්ත්රාත්වරයාගේ නිල නිවසට ඉදිරිපත් කිරිමෙන් පසු මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට නියෝග කළේය.
මෙයට පෙර අත්අඩංගුවට ගන්නා ලද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරික්ෂක කපිල නිශාන්ත සිල්වා, උප පොලිස් පරික්ෂක එච්.ජී.විරාජ් මධුසංක, කොස්තාපල් එච්.ජී. සංජය චානක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වලස්මුල්ල කණුමල්දෙණිය රක්ෂිතයේ බීට්ටු නිලධාරි කංකානම්ගේ මාෂල් තුෂාර නලින්ද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.සමන් රෝහණ, උප පොලිස් පරික්ෂක විදානගේ තිලකරත්න, කොස්තාපල් කොස්තාපල් උපුල් රංජිත් යන සැකකරුවන් හත් දෙනා ද 27 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත.
ඒ අනුව මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන්ගේ සංඛ්‍යාව 15කි. එම සැකකරුවන්ගෙන් 13ක් පොලිස් නිලධාරින් වන අතර දෙදෙනක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිහු වෙති.
පොලිස් නිලධාරින් අතර ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙක් පොලිස් පරික්ෂකවරයෙක් උප පොලිස් පරික්ෂකවරුන් සිව් දෙනෙකු සැරයන්වරුන් දෙදෙනෙකු කොස්තාපල්වරුන් සිව් දෙනෙකුද පොලිස් රියදුරෙකුද වේ. අනෙක් සැකකරුවන් දෙදෙනා වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වලස්මුල්ල කණුමල්දෙණිය රක්ෂිතයේ අඩවි වන නිලධාරියා සහ බීට්ටු නිලධාරියා වේ.
මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලද අඩවි වන නිලධාරියා පළමුවන සැකකාර පොලිස් පරික්ෂකවරයාගේ මිතුරෙක් බවත් ඔහුගේ ඉල්ලීම මත මළ සිරුරු පිළිස්සීම සඳහා කණුමුල්දෙණිය රක්ෂිතය පෙන්වා ඇත්තේ බීට්ටු නිලධාරියා විසින් බවත් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.
දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පතිවරයා යටතේ ක්‍රියාත්මක වූ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන අංශයේ සියලුම පොලිස් නිලධාරින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය කරන ලද පුද්ගලයින් දෙදෙනා පැහැර ගෙනගොස් ඝාතනය කිරිමට යොදා ගන්නා ලද වෑන් රථය ද කැබ් රථය ද මෝටර් රථය ද අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් ජනවාරි 23 දින රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපීනුවලගේ අසේල මංජුල කුමාර සහ කොස්ම රසික් චින්තක නමැති දෙදෙනා පැහැරගෙන යාම ඝාතනය කිරිම කුමන්ත්‍රණය කිරිම එම අපරාධයට ආධාර අනුබලදීම යන චෝදනා යටතේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රත්ගම ඝාතනයට තවත් අටක් රිමාන්ඩ්