IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රතන හිමිගේ සහය ආණ්ඩුවට



(ඩයනා උදයංගනී )

රටේ පැවති තත්ත්වය සළකා නව අගමැතිවරයකු  පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අනුමත කරන බවත්,ස්වාධින මන්ත්‍රීවරයකු ලෙස  විපක්ෂයේ සිටිමින් නව රජයට සහය දෙන බවත් එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.


එමෙන්ම තමන්ට හිමි බලතල අනුව වහාම පාර්ලිමේන්තුව විසුරුවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ කීහ.

ජනතාව බලාපොරොත්තු වූ වෙනස ඇති කිරීමට පැවති ජාතික රජය කටයුතු නොකළ බව කී රතන හිමියෝ ඒ හේතුවෙන් රට ආර්ථික වශයෙන් මෙන්ම බොහෝ අංශයන්ගෙන් පිරිහුණු බව සදහන් කළහ.

රටේ ඒකීය භාවයට හානිවන හා බුදු දහමට හිමි ස්ථානය අහිමි වන ආකාරයේ යෝජනා සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පැවති රජයට තිබූ ජනමතය වෙනස් වීමට හේතු වූ බවද උන්වහන්සේ කීහ.


ජාතික සම්පත් විකුණමින් කටයුතු කළ පැවති රජයේ ක්‍රියා කලාපය කිසිසේත් අනුමත කළ නොහැකි බව රතන හිමියෝ ප්‍රකාශ කළහ.

එම කරුණු සළකා ජනාධිපතිවරයා ගත් තීරණය ව්‍යවස්ථානුකූල හා නීත්‍යානුකූල බවද  උන්වහන්සේ කීහ. උන්වහන්සේ මේ බව පැවසුවේ රාජගිරිය ගෝතමී පාරේ පිහිටි සදහම් සෙවණේ දී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(ඡායාරූප හා විඩීයෝ දසුන් - ශාන්ත රත්නායක) 

 



අදහස් (21)

රතන හිමිගේ සහය ආණ්ඩුවට

Buddika Sunday, 04 November 2018 07:18 AM

මේක අලුත් දෙයක් නෙමෙයි. කාලෙක ඉඳලා මහින්දගේ රෙදි සේදුවනේ. උතුම්බුදුදහමට නිගාකරන්න එපා. කුමන භික්ෂුවක්වත් දේශපාලනය කළොත් ඒක වැරැදියි. දේශපාලනය කියන්නේ ක්‍රෝධය, වෛරය, කුහකකම වැපිරුණු තැනක්.. බෞද්ධ භික්ෂුවකට කිසිසේත්ම නොගැලපෙන්නක්.

:       28       153

CHANDANA Sunday, 04 November 2018 07:56 AM

කිසිවෙක් විශ්වාස කළ නොහැක. මන්ද මුදලට ගිජු මිනිසුන්ගෙන් අපේ මව්බිම විනාශ මුඛයට ඇද දමා ඇත. ඡන්දය ප්‍රකාශ කිරීමට යාම ගැන දෙපාරක් සිතන ඡන්දය පාවිච්චි කිරීම ඡන්ද දායකයාගේ පරම අයිතියලු. මගුල තමයි.. අපෙන් ඡන්දෙ ගන්නවා. එ් අයට ඕනෑ විදියට වැඩ කරනවා..

:       2       63

Kumar (Gulf) Sunday, 04 November 2018 08:09 AM

කිසිම ප්‍රතිපත්තියක් නැහැ.. අද සොබිත හාමුදුරුවෝ හිටියානම් මේ කිසි විනාශයක් වෙන්නේ නෑ.

:       46       198

සුරංග Sunday, 04 November 2018 08:24 AM

රතන හාමුදුරුවෝ හරි. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ ගොවියන් තව තවත් වකුගඩු රෝග වලට ගොදුරු කරන පොහොර මිටිවල මිල නව රජයෙන් අඩු කිරීමත් ඔය හේතු ගොන්නට එකතු වෙන්න ඕනෑ වුණත් ඒ ගැන සඳහන් නොකිරීමයි...

:       93       177

අසංක Sunday, 04 November 2018 08:25 AM

අතන මෙතන රතන කොතන?

:       5       239

Rata Perata Sunday, 04 November 2018 08:26 AM

මෙන්න මේ වගේ අය අයින් කරලා දාන්න. මෙයත් සල්ලි කීයක් ගත්තද දන්නේ නෑ. මෙතන බලන්න ඕනෑ කවුද අගමැති කියලා නෙමෙයි.. මේ කරපු ප්‍රජාතන්ත්‍ර විරෝධී සිරිසේනගේ වැඩේ ගැනයි...

:       216       528

Mallawa Sunday, 04 November 2018 08:48 AM

2015 සිට ඔබෙන් සිදුවූ නරක දේවල් ආපසු හරවා යවන්නේ කොහොමද?

:       0       148

Saman Sunday, 04 November 2018 09:15 AM

ඕක අලුත් දෙයක්යැ?

:       0       167

sirimal Sunday, 04 November 2018 09:19 AM

අති පූජ්‍ය සෝහිත නාහිමිපාණන් වහන්සේට දුන්නු පොරොන්දුව දැන් ජනාධිපතිතුමන්ට වගේම ඔබවහන්සේටත් මතක නැතුවා වගෙයි පෙනෙන්නේ.. මාධ්‍ය නිදහසට සහ මාධ්‍ය සදාචාරයට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට කණකොකා හඬා ඇතිබවත් දරදඬු රාජ්‍ය භීෂණය ඉස්මතු වී ඒකාධිපතිවාදය ස්ථාපිත වෙන කාල පරිච්ඡේදයක් නැවතත් බිහිවන ලකුණු දැනටමත් ඇස් පනාපිට පැහැදිලිව පෙනෙන්නට ඇති වාතාවරණයක ඔබවහන්සේත්, එවන් තත්වයක් රටතුළ නැවත ස්ථාපිත වීම තහවුරු වීම භයානක ලෙස නොදකින්නේ මොකද කියන එක අපට ප්‍රශ්නයක්...? එය මුදල් අතමාරු වීමක් හේතුවෙන් ගන්නා ලද තීරණයක් නොවේවා යැයි ප්‍රාර්ථනය කරමු.

:       358       821

P.D GOONAWARDENA Sunday, 04 November 2018 09:25 AM

මෙයාට දැන් තමා තේරිලා තියෙන්නේ... අපිට තේරුනේ ගොඩක් ඉස්සර... මේ වගේ තිරිසනුන්ගෙන් ඈත් වෙන එක ඇඟට ගුණයි...

:       283       316

nishantha Sunday, 04 November 2018 09:34 AM

බුද්ධාගමේ ගෞරවය කෙලෙසන චීවරධාරීන් මුළුමහත් සමාජයටම පිළලයක්... මත් උවදුර එපා ලෙස මාධ්‍යයට රඟපාන, සිවුරක් නිසා මිනිස්සුන්ගේ අනුකම්පාව දිනාගෙන ඒ ඔස්සේ තමන්ගේ ජීවිතය සුඛිත මුදිත කරගන්නා අය නිසා අපේ රට දිනෙන් දින ආපස්සට යනවා.

:       18       172

banda Sunday, 04 November 2018 09:35 AM

පහුගිය රජය කරපු සියලුම වැරදි වල පළමු වග උත්තර කරුවා ජනපති සිරිසේන බව ඔබවහන්සේට දැන් අමතකද?

:       0       245

Thilina Sunday, 04 November 2018 10:21 AM

එතකොට මහ බැංකුවට වැඩේ දුන්නේ සිරිසේනද? සිංගප්පූරු ගිවිසුම, එක්ටා ගිවිසුම වගේ ඒවා කැබිනට් එකටත් හොරෙන් අත්සන් කලේ සිරිසේනද? තමන්ගේ නොහැකියාව කාගේ හරි පිට දාලා ජාමේ බේරගන්න හදන්නේ...

:       116       39

athuraMonday, 05 November 2018 03:39 AM

මහත්මා කැබිනට් එකේ ලොක්ක කවුද කියල දන්නෙත් නැහැ වගේ මට පෙන්නේ.

:       0       57

Amila Sunday, 04 November 2018 10:45 AM

රතන හාමුදුරුවනේ, කරුණාකර සිවුර අයින් කරලා ඕනේ විදියකට ඕන පැත්තකට පනින්න. බුදු දහම සහ සිංහලකම වනසන සිවුරට මුවා වූ එන්ජිඕ වැඩ කරන්න එපා.

:       1       240

roshan Sunday, 04 November 2018 10:46 AM

අනේ හාමුදුරුවනේ ඔබත්.....සීසර්!!!

:       0       162

Senarath Sunday, 04 November 2018 10:55 AM

2015 දී අලුත් රජයක් පත් වුනේ ඔබවහන්සේ වැනි සුලුපිරිසකගෙන් ලැබුණු සුළු වැඩි ඡන්ද ප්‍රමාණය නිසා... එ්කෙන් රටට වුණු හානිය දැන් හොඳටම පෙනෙන්න තියෙනවා. ඒ වරද නිවැරදි කරන්න දැන්වත් මේ ගත්තු තීරණය ඉතාම හොඳයි.

:       447       45

Ranaweera Sunday, 04 November 2018 12:33 PM

දේශපාලන අඥානයින් නම් මම අදහන බුද්ධධර්මයට අනුව පන්සිල් පද පහම කඩන්නෝය. සහතික කර ගැනීමට නිතර නිතර දළදා මාලිගයට යයි. සංඝයා වහන්සේලා අනුශාසනාත් කරයි. බුද්ධ ධර්මයේ වරද නොවෙයි. ආගමේ වරද විය හැකියි. ඔබ වහන්සේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් නේද? තව අදහස් ඇතත් ප්‍රකාශ කිරීමට ධර්මානුකූල මා හට නොගැලපේ...

:       0       75

shan saudi Sunday, 04 November 2018 01:32 PM

හාමුදුරුවනේ, චීවරයෙන් ඉවත් වන්න. අපට පව් පුරවන්නේ නැතිව කෙලෙස් පිරුණු අය කොහොමද බණ දහම රකින්නේ?

:       3       73

Reality Check Sunday, 04 November 2018 03:13 PM

අවවාදයයි, බැටළු හම් පොරවාගත් වෘකයින්ගෙන් පරෙස්සම් වෙනු...

:       0       52

padmini Monday, 05 November 2018 07:15 AM

අපේ කාලයේ තවත් ජුදාස් කෙනෙක්

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1052 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 347 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 421 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 345 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 525 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4375 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site