IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රණවිරුවන් දෙදෙනෙකුට ජනපතිගෙන් වීරෝධාර විභූෂණ පදක්කම්

(ඩයනා උදයංගනී)
            
රණවිරුවන් දෙදෙනෙකු වෙනුවෙන් විරෝධාර විභූෂණ පදක්කම් ප‍්‍රදානය කිරීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් ජනාධිපති කාර්යාලයේ දී අද (19) සිදු කෙරිණි.
            
මරණාභිමුඛ වූ අයෙකුගේ හෝ පිරිසකගේ ජීවිතය/ ජීවිත බේරාගැනීමේ හෝ ආරක්ෂා කිරීමේ අරමුණින් තම ආත්මාරක්ෂාවට සිදුවිය හැකි උපද්‍රව පිළිබඳව ද නොතකා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තමා විසින් ම කරන ලද වික‍්‍රමාන්විත වූ ද, අභිතභාවය ප‍්‍රදර්ශනය කෙරෙන්නා වූ ද ක‍්‍රියාවන් උදෙසා යුද, නාවික සහ ගුවන් හමුදාවන්හි නිත්‍ය හා ස්වේච්ඡා බළසේනාවල නියුක්ත සෑම තරාතිරමකම පුද්ගලයන් වෙනුවෙන් සේනාධිනායකවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මෙම පදක්කම ප‍්‍රදානය කරනු ලැබේ.
            
2016 දෙසැම්බර් මස 21 වන දින එරාවුර් සිට මඩකලපුව මහ රෝහල වෙත ගමන් කරමින් තිබු ත්‍රි රෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මඩකලපුව පුඩු පාලම අසල ඇති කලපුවට වැටී එහි ගමන්ගත් පුද්ගලයන් සිව්දෙනෙකු ගිලෙමින් සිටිය දී ඔවුන්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් තම ජීවිතාරක්ෂාව නොතකා ඉදිරිපත්වීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රෝප‍්‍රල් රත්නායක සහ දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට 2017 මැයි මාසයේ බලපෑ අධික ගංවතුර හේතුවෙන් විපතට පත්වූවන් බේරා ගැනීමට සහ සහන සැලසීම සඳහා ගුවන් හමුදාව කළ ගුවන් මෙහෙයුම් අතරතුර ආරක්ෂිත ආධාරකයෙන් ගිලිහී යාමෙන් සිදුවූ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ බලලත් නිලධාරි වයි.එම්.එස්. යාපාරත්න යන මහත්වරුන් වෙනුවෙන් මෙම පදක්කම් පිරිනැමිණි.
            
යාපාරත්න මහතා වෙනුවෙන් ඔහුගේ බිරිඳ ජනාධිපතිවරයා අතින් එම පදක්කම ලබාගත්තාය.  
            
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
                                                            
(ඡායාරූප  - ජනාධිපති මාධ්‍ය අංශයෙනි)



අදහස් (9)

රණවිරුවන් දෙදෙනෙකුට ජනපතිගෙන් වීරෝධාර විභූෂණ පදක්කම්

ආරියපාල හේවගේ Monday, 19 August 2019 05:39 PM

ඉතාමත් විශිෂ්ඨ ක්‍රියාවක්. අගය කල යුතුය

:       0       135

Chanak los angeles Monday, 19 August 2019 09:19 PM

එදා බොන්න වතුර ඉල්ලුවම දුන්න තෑග්ගට වඩා මෙය මොන තරම් උතුම්ද ?

:       65       37

Zusa IthiyopiyawaTuesday, 20 August 2019 07:00 AM

කොහෙද යන්නේ.... මල්ලේ පොල් ....

:       0       3

BamunuarachchiWednesday, 21 August 2019 01:38 PM

එදා ඒ තෑග්ග දුන්නෙත් මේ ගොල්ලෝම තමයි. මේ ගොල්ලන්ට ඒ තෑග්ග හැර දෙන්න වෙන තෑග්ගක් නැත...

:       0       0

Raveendra Tuesday, 20 August 2019 01:47 AM

අප ඔබලාගේ වීර ක්‍රියාවන් අගය කරන්නෙමු. ඔබලාව මෙලොවට බිහිකළ ඒ දෙමාපියන්ට පින් සිද්ධවේවා !! උණුසුම් සුබපැතුම් !!!

:       0       59

Senarath Tuesday, 20 August 2019 03:19 AM

2016 දී දියේ ගිලෙමින් සිටි මුස්ලිම් ජාතික අම්ම කෙනෙකු සහ පවුලේ උදවිය බේරා ගැනීම ගැන පුවත් පත්වල පවා පල වුනා. ඒ වීර ක්‍රියාවට දැන්වත් මෙසේ උපහාර දැක්වීම ඉතාම හොද වැඩක්. මේ රණවිරුවාට සහ මිය ගිය රණවිරුවාට අපේ උපහාර.

:       0       78

Sugath Premalal Tuesday, 20 August 2019 04:32 AM

ඉතාමත් විශිෂ්ඨ ක්‍රියාවක්. සැම වසරක් පාස අපේ රණවිරුවන් ඇගේමකට ලක් කල යුතු..

:       0       28

RIHAN Tuesday, 20 August 2019 04:39 AM

හමුදාවට ජයශ්‍රී.

:       0       33

Bamunuarachchi Wednesday, 21 August 2019 01:36 PM

මේ දරුවා ටයි ගැටේවත් හරියට ගහගෙන නැහැ... ඉන්න මම හදනකම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 632 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2032 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1494 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 843 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2056 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 102 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1437 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site