IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රණවිරු බළකාය ගෝඨා ඉල්ලයි

අනීෂා මානගේ 

                               
රට බේරා ගැනීමේ අරමුණින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කිරීමට ශ්‍රී ලංකා ජාතික රණවිරු බළකායේ නිලධාරී මණ්ඩලය අද(16) විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට තංගල්ල කාර්ල්ටන් නිවෙසට පැමිණියේය. 

ලංකාව නැවතත් යුද පිටියක් බවට පත්ව ඇති අතර මේ හේතුවෙන් රට බේරා ගැනීමට සියළුම ආගම්වල සිවිල් ජනතාව සමඟ එකතු වීමට තීරණය කර බලවේගයක් ගොඩනැගීමට තීරණය කළ බවද ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙස මෙම රණවිරුවන් ඉල්ලා සිටියහ. 

හිටපු ජනාධිපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ මෙම රණවිරුවන් පිරිස සුහදව සාකච්ඡා කළ අතර ඔවුන්ගේ තනතුරු ප්‍රදානය කිරීම ද විපක්ෂනායක අතින් සිදුකෙරිණි.



අදහස් (49)

රණවිරු බළකාය ගෝඨා ඉල්ලයි

Chandima Tuesday, 16 July 2019 12:53 PM

ඔක්කොටම කලින් වංචා චෝදනා වලට මුහුණ දීලා නිවැරදි වෙන්න එපෑයැ. රටක් පාලනය කරන්න හොඳ මිනිස්සු වෙන්න ඕනිනේ.

:       1412       1518

BamunuarachchiWednesday, 17 July 2019 12:30 AM

අර සොහොන හදන්න ගිය කෝටි 3 ගැන නේද කතාව? එක මම උනත් ගෙවලා දමන්නම්. හැබැයි බැංකු මංකොල්ලේ ඇද්දාම ඔය කට්ටිය එල්ලුම් ගහේ තමයි නවතින්නේ. මතකයිනේද සල්ලි බෙදා ගත්ත හැටි? මේවගේ මිනිසුන්ට මේවගේ උත්තර තමයි හරියන්නේ. මොකද පොල්පිති න්‍යායට ඡන්දය දෙන අයනේ.

:       176       25

V.warnakulasuriyaWednesday, 17 July 2019 02:38 PM

මැදමුලන වලව්වට කඩේ යනවාට ගෙවන මුදල් වලින්ද ගෙවන්නේ? එකල රජ සමයේ රජවරුන්ට ආවතේවකම් කළ බමුණන්ටද මහා යසඉසුරු ලබාදීම නිසා ඔවුන්ද රාජකීයන්ට වන්දනාමාන කළ බව අසා ඇත.

:       0       114

BamunuarachchiWednesday, 17 July 2019 05:09 PM

වර්ණකුලසුරිය, බමුණෝ කවදාකවත් කාටවත් ආවතේව කළේ නැත. සිද්ධාර්ථ කුමරුවාව ඉසිස්සෙල්ලාම ගෙනත් පෙන්නුවෙත් බමුණෙකුටය. ඉතින් මම බමුණන් ගැන ඔබට කියාදීම ආත්ම වරුනාවක් වන නිසා කතා නොකරමි.

:       120       0

LaalSunday, 21 July 2019 03:06 AM

අර්ජුන මහේන්ද්‍රන් ගේ ගෝලයෝ ටික දැන් කා ලඟද කියලා හොයලා බැලුවානම්!

:       0       0

chandima Tuesday, 16 July 2019 01:59 PM

ගෝටා ඇවිත් මොනා කරන්නද? එයාට දැනටමත් නඩු හැට කෝටියක් වැටිලා ඇමෙරිකාවේ. එයින් සමහරක් යුධ අපරාධ පිළිබඳව. ඒ සියලු නඩු වැටුනේ එය ඇමෙරිකානු පුරවැසිකම අත්හරින්න ඉස්සරවෙලා. ඇමෙරිකානු නිතිය අනුව පුරවැසිකම අත්හරින්න පෙර වැටුණු නඩු වලට එයා පුරවැසිකම අත හැරියට පස්සේ උනත් දඬුවම් දෙන්න පුළුවනි. ඒ කියන්නේ ගෝටා දැනටමත් රූකඩයක් වෙලා ඉවරයි. ඒ නිසා අන්ධානුකරණයෙන් පිට රටවල් කියන කියන පැත්තට වැඩ කරන පඹයෙක් පත් කරගන්නේ නැතිව, ජාත්‍යන්තර දේශපාලනය ගැන අවබෝධයක් ඇති, රටට නායකත්වය දීමට හැකි තරමට තරුණ, රටට වැඩක් ඇති නායකයෙක් පත්කරගෙන රට ඉදිරියට ගෙනියන්න වෙනවා.

:       627       862

rasikaTuesday, 16 July 2019 10:58 PM

'චන්දිම ' දන්නවද ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිට ඇමෙරිකාවේ මානවහිමිකම් උල්ලංඝණයට විරුද්දව නඩු තිබුණ. ඒ විතරක් නෙමෙයි ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල ඔහුට සංචාර කිරීම පවා තහනම් කරලා තිබුනේ. කොටින්ම ඔහු ත්‍රස්තවාදියෙක් විදියට සැලකුවේ ඔහු අගමැති වෙන්න කලින්. ඔහු අගමැති උන ඇමෙරිකාව නොහිතපු විදියට මොකද ඉන්දියාවේ මිනිස්සු ඡන්දෙ දුන්නේ තමන්ගේ රට ගැන හිතල මිසක් ඇමෙරිකාවට ඕන රූකඩයක් අගමැති කරන්න නෙමෙයි. පැය 24ක් යන්න ඉස්සෙල්ල ඇමෙරිකාව නරේන්ද්‍ර මෝදිට තිබුණ සියලු නඩුත් වරනත් අයින්කලා .. මේවා හොයල බලන්න. මේ ඇමෙරිකන් නාඩගම ඔවුන්ට ඕන පාලකයෙක් ලංකාවේ පත් කරගෙන රටේ සම්පත් සූර කමත් ඇමෙරිකන් හමුදාව ලනකවට ගොඩ බැහැල මේකත් සිරියාවක්, ඇෆ්ගනිස්ථානයක් කරන්න. දැන්වත් බුද්දීමතව හිතන්න.

:       89       91

BamunuarachchiWednesday, 17 July 2019 12:02 AM

හිරු නැගෙනවිට පිනිබිඳු මැකීයන්නාසේ ඝෝඨාභය බලයට පැමිණිවිට නඩු සියල්ල පස්සට ගොස් මරණීය දණ්ඩනයට යටත්ව මහ බැංකු කොල්ල නඩුව ඉදිරියට එනු ඇත. එතකොට කොහොමද?

:       148       76

athuraWednesday, 17 July 2019 08:17 AM

හැබැයි බමුණු කරුමෙට හරි ගෝඨා දිනලා මහා බැංකුව ගැන සද්දේ නොකළොත් මේ වගේ ඇවිල්ලා අදහස් නොදා ඉන්න හොඳේ...

:       0       50

BamunuarachchiWednesday, 17 July 2019 02:00 PM

බලමු බලමු සහෝදරයා. සිංහල ඔබ කෙසර සිංහයෙක් වගේ ඝෝඨාභයට ඡන්දය දීලා මුසල්මානුවන්ගෙන් රට බේරා ගන්න උදවුවෙන්න.

:       39       0

BamunuarachchiWednesday, 17 July 2019 12:12 AM

හලෝ සිංහලයින් සිංහලයින් ලෙස හිතන මෙරටේ ඝෝඨාභය ලෙස රූකඩයක් තිබ්බත් දිනනවා. මේ සැරේ සිංහලයා ඡන්දය දෙන්නේ මුස්ලිම්කරණයට විරුද්දවයි. දැන් සිංහල ජනතාව දන්නවා සිංහල බෞද්ධ ඡන්ද බලාගෙන බෞද්ධ උන එජාප නායකයෝ මුස්ලිම් ඡන්ද බලාගෙන මුසල්මානුවන් වෙලාබව.

:       206       38

Chanak los angeles Tuesday, 16 July 2019 02:36 PM

මොහුට ජනපතිවරණයට ඉල්ලීමට නොහැකි නීතිමය තත්වයක පසුවන බව ඔබලා දන්නේ නැතිද ?ඇයි මේ බොරු වැඩ කරමින් කාලය නාස්ති කරන්නේ ?

:       106       236

BamunuarachchiWednesday, 17 July 2019 08:59 AM

ඒක එයා බළාගනී. ඔබ අම්මා තාත්තා මේ සිරි ලකට බිහිකළ සිංහල පුත්‍ර රත්නයක් නම් ඝෝඨාභය කියන නමට කතිරේ ගහන්න. ඔබ සිංහලයෙක් ඕනේ එකෙකුට කතිරේ ගහන්න.

:       107       0

BamunuarachchiWednesday, 17 July 2019 01:46 PM

ඔබ සිංහලයෙක් නොවේ නම් ඕන එකෙකුට කතිරේ ගහන්න.

:       110       0

athura Tuesday, 16 July 2019 02:48 PM

රටේ ඉන්න ඔක්කොම රණවිරුවො ඔය රණවිරු බලකායේ නියෝජනය වෙනවද.

:       56       162

BamunuarachchiThursday, 18 July 2019 12:45 AM

මේ බලකාය නියෝජනය නොකරන එකා රණවිරුවෙක් නොවෙයි. අවුරුදු 25ක් දෙමළුන්ගෙන් වෙඩිකකා හිටිය සොල්දාදුවා නැතිනම් ආමිකාරයා රණවරුවා කලේ මොහුයි. නිකන්ම නිකන් පැන්ෂන් යන්න හිටි ෆොන්සේකා හමුදාපති කලේ මොහුයි. පසුව මූසලයා වගේ වැඩකළාට...

:       170       0

athuraThursday, 18 July 2019 08:39 AM

බමුණා ඔයාගේ අදහසින්ම පේනවා මේක ගෝඨාට කඩේ යන්න අටවාගත්තු සංවිධානයක් කියලා.

:       0       112

sirimal Tuesday, 16 July 2019 03:56 PM

ඔය කියන බලකායේ කීදෙනෙක් විතර ඉන්නවද ?

:       63       191

BamunuarachchiTuesday, 16 July 2019 11:48 PM

2009 දී ඔහොම ඇසුවේ නැහැ නේද? ඒ බලකාය එහෙම්මම ඉන්නවා.

:       163       78

ravi Tuesday, 16 July 2019 04:31 PM

මේක ගෝටා විසින්ම හදාගත්ත බොරුවක්.

:       66       262

Chanak los angrlesTuesday, 16 July 2019 10:04 PM

ඇත්ත ... සාටකලාට දැන් යන එන මං නැත ..

:       34       163

BamunuarachchiTuesday, 16 July 2019 11:45 PM

එහෙම කියලාවත් සැනසෙනවා වෙනමොනවා කරන්නද? නැතුව ඔයාලට පුලුවන්ද බලකායවල් හදන්න උතුර දකුණ දන්නේ නැතිව.

:       157       51

Bamunuarachchi Tuesday, 16 July 2019 05:35 PM

අපිත් හෙට අනිද්දාම යනවා ඉල්ලීම කරන්න දැනටම 3456ක බලකායක් අපිට ඉන්නවා. ඒගොල්ලෝ කැළෑ කපන්න අති දක්ෂයෝ.

:       269       25

Chanak los angelesTuesday, 16 July 2019 08:40 PM

ඇයි හෙට අනිද්දා ?

:       11       69

Chanak los angelesWednesday, 17 July 2019 05:24 AM

ශ්‍රී ලංකාවාසී ජනතාව වෙත දැනුම් දීමයි .ගෝඨාභයගේ ඇමරිකානු පුරවැසි භාවයේ ප්‍රශ්නය තවම විසඳී නැත. ජුනි 30 වෙනිදා ඇමරිකාව විසින් ප්‍රකාශයට පත් කළ තම පුරවැසි භාවය ඉවත් කර ගත් අයගේ සුපුරුදු නාම ලේඛනයේ ගෝඨාභය‌ගේ නම නැත. යලිත් ඊලඟ ලේඛනය ප්‍රකාශයට පත් කිරීමට නියමිත වන්නේ ලබන සැප්තැම්බර් 30 වෙනිදාටය. ඉතින් ඔහු ගැන කතාකර වැඩක් නැත.

:       59       120

V.warnakulasuriya Tuesday, 16 July 2019 09:03 PM

ජර්මනියේ හිට්ලර්ටත් ජයවේවා කියන්න ජනතාවක් සිටිය නිසා මෙය පුදුමයට කරුණක් නොවේ. රටේ පාලනයට අපරාධකරුවන්, දුෂිතයන් සහ කසිප්පු මුදලාලිලාව, පත්කරන ජනතාවක් රටේ සිටීම රටේ අවාසනාව වී ඇත.

:       2       178

BamunuarachchiWednesday, 17 July 2019 09:07 AM

බැංකු මංකොල්ලකරුවන් මෙච්චර ඉක්මණට අමතක වුණාද? එතකොට මුස්ලිම් ඡන්ද ගන්න රටේ ආරක්ෂාව බල්ලට දාලා ජීවිත 260ක් විනාශ වීමත් අමතක වුණාද? එහෙව් වර්ණකුලසූරියද ජර්මනියේ හිට්ලර් ගැන කතා කරන්නේ? හලෝ ලෝකෙට හිට්ලර් බිහිවුනේ නැතිනම් ඇමරිකානුවෝ තාම කව් බෝයිස්ලා හරක් බලනවා...

:       150       0

BamunuarachchiWednesday, 17 July 2019 05:21 PM

මේවා චුවීන්ගම් වගේ ටිකක් වෙලා හපලා හිතලා තේරුම් ගන්න දෙන පිළිතුරු.

:       117       0

පිටිගල මිලානෝ Tuesday, 16 July 2019 10:09 PM

ඔක්කොටෝම ඉස්සෙල්ලා සරත් ෆොන්සේකා මහත්තයා වගේ බය නැති වෙන්න ඕනේ. බය අය කොහොමද රටක් පාලනය කරන්නේ?

:       3       121

Karu Tuesday, 16 July 2019 11:36 PM

අපරාදේ කියන්නේ එන ඔක්කොම කොමෙන්ට්ස් ගෝඨා විරුද්ධ, පක්ෂයට විරුද්ධ ඒවා විතරමයි.

:       2       5

සේනාරත්න Wednesday, 17 July 2019 12:07 AM

රණවිරු බලකාය කීවම ...මම හිතන්නෙම විශ්‍රාම ගියපු හමුදා සේවය කරපු යම් කංඩායමක් වියහැකි. මොකද හමුදාවට දේශපාලනය තහනම් නෙ. අනික රටෙහි හමුදාව කියන්නෙ එක අංශයක් පමණි. රටක පාලනය තීරණය කරන්න හමුදා ක්‍රියාකාරිත්වයම ප්‍රමාණවත් නොවන්නේය. සමහර අය කියනව ගෝඨාභය වැඩ පෙන්නපු කෙනෙක් ලු. මගෙ මතයනමි ඇත්ත අයියා ජනාධිපති .. තව අයියෙක් රටෙි සල්ලි ටික බෙදීම තීන්දුව ගන්නා කෙනා. ඉතිං ආරක්ෂක ලේකම්ට නගරය භාරදීල යහමින් සල්ලි දුන්නා. හමුදාව යොදවා වැඩටික කෙරුවා. හමුදාව කියන්නෙ පවරන දෙය කරන එක සංවිධානත්මක මෙහෙයවීම මත... එය තුලින්ම මැනිය හැකිද රටක පාලනයට සුදුසු ඔහුම බව. අපෙ රට මෙයිටවඩා හිතන්න ඔින රටට අවශ්‍ය පුද්ගලයන් වෙනුවට නිසිවැඩපිළිවෙළක් බව.

:       0       65

Bamunuarachchi Wednesday, 17 July 2019 12:18 AM

ඝෝඨාභයට තිබෙන භය, මේ ඔක්කොම දේශද්‍රෝහියෝද? ඇයි මෙතරම් භය? මෙතුමාගේ කාලයේ මහපාරේ ටයර්වල ආදාහනය කෙරුනේ නැහැ.

:       144       49

Bamunuarachchi Wednesday, 17 July 2019 12:51 AM

අඩුගනනේ ක්‍රිකට් ලෝක කුසලානය දෙන්න තීන්දු කල විදිහ ගැන හිතන්න. දිනුම දුන්නේ සෙල්ලම් කරපු කාලය තුල ගහපු 6 - 4 පාරවල් වලට. දේශපාලනයේදී මෙදෙගොල්ලෝම හොරු ඒ අතින් එකසමානයි කියමුකෝ. නමුත් පාලන කාලයේදී රටට කරපු වැඩ බැලුවාම රාජපක්ෂ කාලයේ රටට කරපු වැඩ රනිල්ගේ ටීම් එකට හිතන්නවත් බැරි උනා. රනිල්ගේ ටීම් එකට තවම තම පක්ෂයෙන් ජනාදිපති අපේක්ෂකයෙක් තෝරා ගන්න බැරි උනා. රාජපක්ෂලා ප්‍රතිපත්තිත් එලියට දානවා අගෝස්තු 8 වෙනිදා. රනිල්ලාගේ රටට වැඩ කෙරිල්ලත් ඔහොම තමයි. රාජපක්ෂලාට හොර අවුට් දීලා තමයි දිනන්න හදන්නේ. මතක තියා ගන්න තර්ඩ් අම්පයර් රටේ ජනතාව බව.

:       144       33

athuraWednesday, 17 July 2019 08:22 AM

රටේ ජනතාව කියන්නේ බමුණෝ ඔහේ වගේ මහින්දට හරි එයාගේ පවුලටම හරි කඩේ යන කට්ටිය විතරයි කියලද හිතන් ඉන්නේ..?

:       0       106

athuraWednesday, 17 July 2019 08:22 AM

රටේ ජනතාව කියන්නෙ බමුණෝ ඔහේ වගේ මහින්දට හරි එයාගේ පවුලටම හරි කඩේ යන කට්ටිය විතරයි කියලද හිතන් ඉන්නේ.

:       0       3

athuraWednesday, 17 July 2019 08:22 AM

රටේ ජනතාව කියන්නේ බමුණෝ ඔහේ වගේ මහින්දට හරි එයාගේ පවුලටම හරි කඩේ යන කට්ටිය විතරයි කියලද හිතන් ඉන්නේ?

:       0       3

BamunuarachchiWednesday, 17 July 2019 02:05 PM

එයාගේ පවුලේ අය එන්නෙත් ජනතා චන්දෙන් කියන එක හිතන්න බැරි ඇයි. ඒගොල්ලෝ පත්කළ මන්ත්‍රීලා නොවෙයි නේද? එහෙම දෙයක් හිතන්න බැරි අය ඇයි දේශපාලන වාද වලට එන්නේ?

:       118       0

athuraWednesday, 17 July 2019 08:22 AM

රටේ ජනතාව කියන්නෙ බමුණෝ ඔහේ වගේ මහින්දට හරි එයාගේ පවුලටම හරි කඩේ යන කට්ටිය විතරයි කියලද හිතන් ඉන්නේ.

:       0       2

BamunuarachchiWednesday, 17 July 2019 05:15 PM

කඩේ යන්න තරම් වටිනා රටට සේවයක් කළ වෙනකෙනෙක් ඉන්නවාද? ඉන්නවානම් කව්ද කියන්න? රනිල්ද, සජිත්ද පුහ්!

:       127       0

athuraThursday, 18 July 2019 04:18 AM

ඇයි ෆොන්සේකා. අනෙක මොකටද මහත්මයා තමන්ගේ කොන්ද පන තියනවා නම් කාටවත් කඩේ යන්නේ.

:       0       88

Amila Wednesday, 17 July 2019 05:45 AM

70පැනපු වල පයයි ගොඩ පයයි, බයිපාස් කරපු මනුස්සයෙක්, ඇමරිකන් පුරවැසියෙක් රටේ ලොක්කා කරන්න ඉල්ලන්න පිස්සුනේ. නිකන් හරියට ඉන්දියාවෙන් දෙමළ මනුස්සයෙක් ආනයනය කරලා රාජසිංහ කියලා රජ කෙරෙව්වා වගේ තමයි.

:       60       142

MaheeWednesday, 17 July 2019 06:25 AM

අමිල. ඔබ හිතන ඉතාම නිවැරදි දේ අපේ රටේ මිනිස්සු දකිනවා කියල හිතන්න එපා. වහල්ලු එහෙම ලේසියෙන් වෙනස් වෙන්නේ නැහැ. ඔබ අහල ඇති සමහරවිට, දෙවැනි ලෝක යුද්ධෙදි මිත්‍ර හමුදා විසින් නිදහස් කරගත් බොහොමයක් යුදෙව්වෝ තමන් එතෙක් හිටපු වහල් කඳවුරු වල පුරුදු ජීවිතය නැතුව, අලුත් ලෝකයට හැඩ ගැහෙන්නත් බැරුව දිවි නසා ගත් බව. අපේ වහල් මානසිකත්වයත් එහෙමම තමයි. හොරා වුනත් අපේ එකා නොවැ, ඒකතමයි වහල් මානසිකත්වය.

:       4       61

BamunuarachchiWednesday, 17 July 2019 09:31 AM

ඒ 70 පැන්න මිනිහා අවරුදු 10 රටේ ආරක්ෂාව රැකගෙන තිබුන ආකාරය ඇමරිකන් තානාපති රොබට් බ්ලේක් මහතා ගේ ප්‍රසාදයට ලක් වුණා නම් අනික් හාල්පාරුවන් කියන ඒවාට ඇහුන්කන් දෙන්නේ කව්ද බොල?

:       118       0

Wednesday, 17 July 2019 07:14 AM

වගකීමෙන් කියන්නේ මෙයා ඉල්ලුවත් නියත වශයෙන්ම පරාදයි , රනිල් , කරූ , සජිත් තුන්කට්ටුවට වෙන්නෙත් ඒකම තමයි

:       1       43

Bamunuarachchi Wednesday, 17 July 2019 09:15 AM

සරත් ෆොන්සේකා බය නැතිනම් කියන්න එපායැ මගේ හමුදාව යුද අපරාද කලේ නැහැ කියලා. මතකද මහින්ද මහතා කීවා "සීරෝ කැෂුවල්ටීස්" කියලා... අන්න මිනිස්සු.

:       105       0

ajith Wednesday, 17 July 2019 12:36 PM

අපොයි, ඔව් ටයර් දාල පුච්චලා මැරුවේ නැහැ. සුදු වෑන් වලින් ගෙනිහින් තමයි ඒක කලේ. හමුදා කොල්ලෝ රිමාන්ඩ් වෙලා ඉන්නේ ඒවායේ ප්‍රතිඵල හැටියට තමයි. මේ කොමන්ට්ස් දාන කට්ටිය කවුරු හරි කියනවද ඊළඟ මැතිවරණයේදී අපේ ඡන්දය දෙන්න සුදුස්සෙක් අපේ රටේ ඉන්නවද කියලා. මොකෝ මට නම් එහෙම කෙනෙක් ගැන හිතන්නවත් බැහැ. ඔක්කොම හොරු, තක්කඩි, වංචා කාරයෝ...

:       0       1

BamunuarachchiWednesday, 17 July 2019 02:17 PM

සුදුවෑන් වල ගියානම් ඒ ගියේ යන්න ඕනෑ මිනිස්සු.. එ්කට ඔහෙට තිබෙන අමාරුව මොකක්ද? අනාගතේ යයි අපට මොකෝ. යන්න ඕනේ මිනිස්සු ගියදෙන්... නිකන් බහුබූත දොඩවන්න එපා හලෝ සෙන්ස් කතාකරනවා. හොඳ ආගියුමන්ට් එකක් ඉදිරිපත් කරනවා අපිට කියවන්න. දෙකේ පන්තියේ ආගියුමන්ට් දාන්නේ නැතිව...

:       120       0

BamunuarachchiWednesday, 17 July 2019 02:28 PM

ඉන්නේ හොර තක්කඩි බව අපිත් දන්නවා. අපි තෝරන්නේ හොරු, තක්කඩි අතුරින් රටේ ආරක්ෂාව ඇතිකළ රටට පෙනෙන සේවයක් කළ, මෙරට තුළ සිංහල බෞද්ධයාගේ අනන්‍යතාවය තහවුරු කළ නායකයින්... නැතුව සිංහල බෞද්ධයා දෙමළාට මුසල්මානුවාට සමකළ, අන්‍ය ආගමිකයින් ලවා බෞද්ධ භික්ෂුවට අපහාස කල, උතුරේ පන්සල් කඩනවිට අහක බලාගත් පාහර නායකයන් නොවෙයි. ඔබ තෝරන්නේ කොහොම අයද...?

:       111       0

සේනාරත්න Wednesday, 17 July 2019 03:44 PM

අන්ත රථවාහන රාජකාරි නියුතු පොලිස් නිලධාරීයකුට පහරදී යටිනුවර ප්‍රාදේශීය සභික (කඩුගන්නාව පදිංචි) බන්ධනාගාර ගතකරල.. රටම යුධ පිටියක්ද? පොලිස් නිලධාරීන්ට ගහනඑක දැන් ප්‍රාදේශීය නියෝජිතයින්ගේ රට බේරාගැනීමේ කටයුතුවල කොටසක්ද?... මෙය පළමුවන අවස්ථාව නෙමෙයි නාරම්මල වුණා. යටිනුවරම තව කෙනෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වූ අතර මිහින්තලය දී තරුණයකුට පොල්ලකින් පහරදී කෙනෙක් අත්අඩංගුවට පක්වූවා... ඔවැනි සිද්ධි රැසක්ම වාර්තා වුණා.. රට බේරාගැනීමේ පළමුවන පියවරට ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කර තනතුර අහිමි කරලා රටට පෙන්වන ලෙස යෝජනා කරමි...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 553 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 110 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 800 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 818 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1214 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1096 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site