( නාලක සංජීව දහනායක -සුජිත් හේවාජූලිගේ)
රටේ ජාතික ආරක්ෂාව කඩාවැටී රාජ්‍ය නායකයන්ගේ ජීවිතවලට තර්ජන එල්ලවී තිබීම හා ඇතිවී තිබෙන ආර්ථික අර්බුධය සම්බන්ධයෙන් විශේෂ විවාදයක් පැවැත්වීම සඳහා ලබන සතියේදී වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසට ඒකාබද්ධ විපක්ෂය අද (26) කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
රටතුළ දැඩි අර්බුධකාරී තත්ත්වයක් මතුව තිබෙන අවස්ථාවකදී සතිදෙකක කාලයක් පාර්ලිමේන්තුව රැස්නොවීම බරපතල බැවින් මෙම ඉල්ලීම කළ බව ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
එමෙන්ම පොලිස්පතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සඳහාද ඒකාබද්ධ විපක්ෂය මේ දිනවල සාකච්ඡාකරමින් සිටින බවත් පාර්ලිමේන්තුව කැඳවූ වහාම සෙසු දේශපාලන පක්ෂ සමඟද ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට බළාපොරොත්තුවන බවද මන්ත්‍රීවරයා කීය.
මේ අතර ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය, පොලිස්පති හා පොලිසියට එරෙහි චෝදනා සම්බන්ධයෙන්දයෙන්ද පාර්ලිමේන්තුවේ විවාදයක් පවත්වන්නැයි කතානායකවරයාගේ ඉල්ලීමට ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන විපක්ෂය සහ දේශපාලන පක්ෂ කිහිපයක නායකයෝ බලාපොරොත්තු වෙති.
මේ සම්බන්ධයෙන් අප ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතාගෙන් කළ කරුණු විමසීමකදී ඔහු පැවසුවේ මෙවැනි විවාදයක් පැවැත්වීම කාලීන අවශ්‍යතාවක් බවයි.
මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් නායකයන් සමඟ ද සාකච්ඡා කර ඇති බව ගම්මන්පිල මහතා සඳහන් කළේය.
පොලිසියට එරෙහිව ප්‍රබල චෝදනා රැසක් එල්ල වී පවතින මොහොතක ඒ ගැන මැතිසබයේ කතාබහ කිරීම ඉතා වැදගත් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අප සමඟ කීය.
පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය ගැන පසුගිය මැතිසභා රැස්වීමකදී තමා ප්‍රශ්නයක් මතු කළ බවද ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පැවසීය.
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රටේ අර්බුද ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි
සතයපාල Wednesday, 26 September 2018 02:43 PM
කොරහේ කිඹුල්ලු දකින මොංගල් විපක්ෂ සංවිධායකවරයෙක් රටේ ඉන්නේ. කුමන්ත්‍රණයක් කළා යයි කී පමණින් ඒ ගැන විවාද කරන්න දඟලන්නේ රටේ ඇත්තටම ඇති ප්‍රශ්න ගැන කතා කරන්න නම් මෙවැනි වුවමනාවක් මේ අයට නැහැ. තව ටික දවසකින් කියයිද දන්නේ නැහැ එ්කාබද්ධයේ ජනාධිපති අපේක්ෂකත්වයට ඇතුලේ කුමන්ත්‍රණ තියනවා... ඒ ගැනත් විවාදයක් තියන්න වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා...
surannga Wednesday, 26 September 2018 11:47 PM
පැරදුණු පචබලය කිරිපැකට්ටුවේන් බැරිවුණා.ඩොරලයෙනුත් බැරි වුනා.
dhamneth Thursday, 27 September 2018 02:05 AM
මේ ගොල්ලෝ මේ හදන්නේ කැළඹුන දියේ මාළු බාන්න. නැත්නං ගිය මාසෙත් මේ මාසෙත් දින දෙක දෙක පාර්ලිමේන්තුව කල්දැම්මා ඝනපුර්ණය නැතුව. ඒ කියන්නේ මන්ත්‍රීවරුන්ගේ පැමිණීම 10%ක් වත් නැහැ.
Shan Thursday, 27 September 2018 06:16 AM
මේ අයගේ ආරක්ෂාව තමයි රටේ අර්බුදය............
Hafeel Thursday, 27 September 2018 11:13 AM
පාර්ලිමේන්තුව කැඳවල රටේ අර්බුද විසඳන්න හැකි නං, මේ ගතවූ අවුරුදු 70 ම රට ණය උගුලට පත්වෙනවද?