( තිළිණි ද සිල්වා )
බංග්ලාදේශය, බ්‍රසීලය, කොරියාව හා ජපානය නියෝජනය කරමින් කොළඹ රැඳී සිටින තානාපතිවරුන් හදිසියේම වෙන් වෙන්ව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී සාකච්ඡා පවත්වා තිබේ.
විදේශ අමාත්‍යංශයේ දී මෙම හමුවීම් සිදු වූ අතර බංග්ලාදේශය, බ්‍රසීලය, කොරියාව, හා ජපානය සමඟ ශ්‍රී ලංකාව පවත්වා ගෙන යන ආර්ථික, සමාජ, දේශපාලන, හා අනෝන්‍ය සහයෝගීතාවන් වර්ධනය කර ගැනීමත් ,කොවිඩ්-19 වසංගතයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව ඉන් මුදවා ගෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගැනීමට මෙම රටවලින් ලබා ගත හැකි සහයෝගයන් පිළිබඳවත් මෙම හමුවේ දී දෙපාර්ශ්වයම වැඩි අවධානයක් යොමු කළ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
මේ අතර ලබන 9 වැනිදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට රටවල් කිහිපයක් එක්ව ඉදිරිපත් කරන ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්බන්ධයෙන් ජපානය, බංග්ලාදේශය සහ කොරියාව යන ආසියාතික රටවල ස්ථාවරය මෙතෙක් හෙළි කර නොමැති අවස්ථාවක මෙම විදේශ අමාත්‍යවරයා මෙම හමුවීම පැවැත්වීම විශේෂත්වයකි.
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රටවල් 4 ක තානාපතිවරු හදිසියේම විදේශ ඇමති හමුවෙති
chandima Thursday, 04 March 2021 05:56 PM
රුසියාවෙන් බෙහෙත් ගන්න එක නවත්වන්න වෙන්න ඇති.