IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රටම වසාදැමීමේ සූදානමක් නැහැ

 

(අජන්ත කුමාර අගලකඩ)

‘කොවිඩ්-19’ වයිරසය හේතු කොටගෙන රට වසා දැමීමේ සූදානමක් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (26) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.


කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන්නේ නම් පමණක් අදාළ ප්‍රදේශවල සංචරණ සීමා ආදිය පැනවීමට සිදුවන බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

කොවිඩ් වැළැක්වීමේ ජනාධිපති කාර්යසාධක බලකයා හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ ද තමා මේ පිළිබඳව සාකච්ඡා කළ බව ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා රට වසා තැබීමේ අවශ්‍යතාවක් මතුව නැති බව ද ප්‍රකාශ කර ඇත.



අදහස් (33)

රටම වසාදැමීමේ සූදානමක් නැහැ

JCN Tuesday, 27 October 2020 03:17 PM

එහෙමයි සර්..

:       1       4

Sanjeewa Tuesday, 27 October 2020 03:23 PM

රට වහන්ඩ ඔනි නැත 20 සම්මත නිසා

:       2       5

මහසෙන් Tuesday, 27 October 2020 03:29 PM

චන්දත් ඉවරයි. විභාගයත් ඉවරවීගෙන යනවා. සමාජ පැතිරීමකුත් නෑ. විස්සත් සම්මතයි. පොම්පියොත් එනවනෙ.. ඔබ හරි. වහන්න එපා රට. අඩු ගානේ සංචරන සීමාත් මොකට ද? ඔය සංගම් ඔබට එකයි. ටීවී එකට එකයි. අපි ඒවා බලලා හුගාක් සතුටින්. ස්තුතියි.

:       9       139

Nuwan Tuesday, 27 October 2020 04:45 PM

ඔබතුමා මීට කලින් හිටපු හිටන් හුටන්ලා වගේම තාම වෙනසක් නැහැ.

:       15       115

CIA VIYATH MAGATuesday, 27 October 2020 10:59 PM

මම හිතන්නේ කලින් කෙනා වර්තමාන කෙනාට වඩා ටිකක් හොඳයි. ඔහු අවම වශයෙන් ප්‍රවෘත්ති පත්‍ර කියවා පසුව යමක් කිරීමට උත්සාහ කළේය.

:       3       9

Dr himali Herath Tuesday, 27 October 2020 05:37 PM

මේ තත්වය ඇති වෙන බව පැහැදිළිව පෙනෙන්නට තිබුණා. එහෙත් ආර්ථිකයට ප්‍රමුඛත්වය ලබා දීම මත ජනතාවගේ සුවතාව ගිලිහි ගියා . යුද්දය අවසන් කළේ ජනතා ජිවිත බේරාගැනීමට ප්‍රමුකත්වය ලබාදිමත් මෙහිදී එම අයවලුන්ම ජනතා ජිවිත බේරා ගැනීමට ප්‍රමුකත්වය ලබා දීම වෙනුවට ආර්ථිකයට ප්‍රමුකත්වය ලබා දුන්නා . දිනපතා කොරෝනා පාලනය ගිලිහියන බව දැන් වත් තෙරුම් ගත යුතුයි . නැතහොත් සිදුවනුයේ ආර්ථිකය හා ජනතාවගේ සුවතාව දෙකම නැතිවීමයි. සුවතාව ගිලිහුන ජනතාවක් සිටින විට ආර්ථිකය ගොඩ නගන්නේ කෙසේද යන්න පළමුව තේරුම් ගත යුතුයි. සති දෙකක් රටවහලා ජනතාවගේ සුවතාව රැක්කනම් ආර්ථිකයට සිදුවන පාඩුව මීට වඩා බෙහෙවින් අඩු බව මාගේ හැඟීමයි.

:       6       71

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 28 October 2020 02:49 AM

ඔබතුමිය නිවැරදියි. බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වූ වහාම එම ප්‍රදේශ ගැන ගතයුතු නිසි පියවර ගත්තේ නම්, අද මෙවන් විපත් සිදුවෙන්නෙ නැහැ. මේ තීරය ඔස්සේ මා ඒ ගැන අදාළ අංශ නිතර දැනුවත් කලා. ඒත් ඒවා බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේ නිෂ්ඵල ක්‍රියාවන් උනා.

:       2       8

Nuwan Tuesday, 27 October 2020 05:38 PM

රටම වහලා රජයට වෛද්‍යවරුන්ට නිවැරදි තීන්දුවක් ගැනීමට තිබුනේ මීට ගොඩක් කලින්. මොකද චීනය, ඉන්දියාව, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වාගේ ප්‍රාන්ත lock කරලා ලංකාව වගේ පුංචි රටක කවදාවත් මේක මඩින්න බැ . දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරුතුඩුවට පැය 5න් 6න් යන්න පුළුවන්. සාමාන්‍ය ජනයාගේ සිතීමේ දැනීමේ හැකියාවන් බැලුවහම මේ තීරණ ගන්න අය ඉතාමත් අසමත්...

:       0       65

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 27 October 2020 05:41 PM

ජනපතිතුමනි,මුලදීම බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වූ වෙලේම ඒ ප්‍රදේශ වලට ඇඳිරිය දමා පාලනය කළා නම් අද මෙවන් විපතක් නැහැ. සෞක්‍ය ඇමතිණියගේ අඩු සෞඛ්‍ය දැනීම නිසා මෙසේ වූවා දැයි අපි නොදනිමි. දැන් හෝ මේ සඳහා රමේෂ් පතිරණ වැනි අයෙකු පත්කොට එම කටයුත්ත හරිහැටි කරවන මෙන් ඔබතුමාගෙන් රට වෙනුවෙන් ඉල්ලනු කැමැත්තෙමු. ස්තූතියි.

:       5       63

sachithTuesday, 27 October 2020 11:52 PM

අනිවාර්යෙන්ම ඒ වෙලාවේ අඩුමගානේ අන්තර් පළාත් සංචරණය නවත්වනවානම් ගොඩක් දුරට මේක වලක්වාගන්න තිබ්බා.

:       0       6

Perera Tuesday, 27 October 2020 05:54 PM

තාම කොරෝනා සමාජගත වෙලා නැහැනේ. ශරීර ගත වුණාම රටම වහලා දාන්න වෙන්න ඇති ඉන්නේ...

:       4       78

කපිල Tuesday, 27 October 2020 06:08 PM

ජනපතිවරණේ දිනුව, පාර්ලිමේන්තුවේ 2/3 ලැබුන, 20 ත් ගොඩ ගියා. දැන් නම් වැඩ පෙන්නන්න කාලය හරි සර්

:       2       7

de silva Tuesday, 27 October 2020 06:58 PM

ලොක් ඩව්න් වලින් කොරෝනා පාලනය කරන්න දැන් බැහැ.

:       1       6

Sunil Tuesday, 27 October 2020 07:32 PM

20 සම්මත කරගන්නකන් ජනතාවගේ අවධානය කොවිඩ් වලට යොමු කරලා තිබ්බේ උවමනාවට කියලා නොතේරෙන්න බබ්බු නොවෙයි මහත්තයෝ.

:       1       6

Nuwan Tuesday, 27 October 2020 09:19 PM

ජනාධිපති ලෙස කඩිනමින් තීරණ ගන්න දැන් බාධාවක් නෑ. රට වැහුවොත් අසරන වෙන්නෙ දවස් පඩි කාරයො සහ සුලු ව්‍යාපාරිකයො. රජයේ සේවකයො සහ මැති ඇමති උන්නාන්සෙලාට ප්‍රශ්නයක් නෑ. උන්දැලට ගම්වල අසරන පවුල් 10 ගානෙ බාර දෙමුද කන්න බොන්න ටිකවත් දෙන්න කියල. ඊට පස්සෙ මාසෙකට රට වහමුද ?

:       0       9

ධනා Wednesday, 28 October 2020 12:17 AM

ප්‍රභූ පැල්න්තියේ කෙනෙක්ට වැළඳෙන තුරු කොරෝනා සමාජගත නොවන බව කාරුණිකව සලකන්න

:       1       5

ලුම්බිණි Wednesday, 28 October 2020 12:41 AM

මුල් වතාවේ මුලුරටටම ඇඳිරි නීතිය දැම්ම මෙච්චර කොරෝන නැතුවත්. දැන් මොකද වෙලා තියෙන්නේ? හැමතැනම කොරෝනා. ඒත් බලාගෙන ඉන්නවා ලෙඩේ පැතිරෙද්දී.

:       2       3

perera Wednesday, 28 October 2020 12:56 AM

ඡන්දෙට කලින් කොහොමද. දැන් ....

:       2       6

Nihal Wednesday, 28 October 2020 01:22 AM

සිංහයා නාට්‍ය බලන්න ටිකට් ගත්තට පෙන්නන්නේ අන්දරේ නාට්‍ය.

:       2       7

නුවන් Wednesday, 28 October 2020 01:23 AM

අම්මෝ නියමයි සර්. අපි කැමතියි ඒකට. අපිටත් දැන් පුටින් වගේ නායකයෙක් ඉන්නවා. කොන්දක් තියෙන. සර් එක්ක සෙල්ලම් බෑ.. එකෙන්ම රෙස්පෙක්‍ට් සර්.

:       0       5

ranjith Wednesday, 28 October 2020 01:48 AM

මුලින් කිව්වනේ මේ රටේ කොරෝනා මර්ධන වැඩපිළිවෙල අතිසාර්ථකයි කියලා, කොතනද දැන් වැරදිලා තියෙන්නේ.

:       1       6

Samitha Wednesday, 28 October 2020 02:10 AM

අනේකාලේ වනේ වාසේ.

:       0       5

nuwan Wednesday, 28 October 2020 03:02 AM

එදා බ්‍රෑන්ඩ්ක්ස් එකේ පොකුර පටන්ගත්ත දවසේ රට දින 14 වැහැව්වනම් අද මේ විදියට කොරෝනා ලෙඩ්ඩු අහුවෙන්නෙනේ නෑ. තවත් ඇරගෙන ඉන්නේ මුලු රටටම මෙක ව්‍යාප්ත වෙනකම් ද?

:       0       6

Chami Wednesday, 28 October 2020 03:07 AM

ඔබතුමාට අපි 2/3 දුන්නෙ ඕන දෙයක් කරන්න. ඔබතුමා කැමති විදිහකට කරන්න අපිත් කැමතියි.

:       0       0

Kamal Koyrala Wednesday, 28 October 2020 05:27 AM

දැන් වහන්න දෙයක් නැහැ. රටම 3/4 වැහිලා තියෙන්නේ චීනයට අරගෙන හිටියට.. මොකද සෞඛ්‍ය ඇමැති මෙජර් ජනරාල් තවම හඹාගෙන යනවනේ ... අල්ල ගන්න බැරිවෙයි. දැන් නන්දිකඩාල් වීරයාත් පොර ටෝක් දෙන්නේ..මීඩියාවල මොකද එයා බන්ධනාගාර කොමසාරිස් තනතුර බාර අරගෙනනේ...

:       1       17

De Wednesday, 28 October 2020 06:15 AM

අපේ රටට දියසේන කුමාරයා පහළ වෙනතුරු බලාගෙන සිටිමු.... මෙයාලා මෙක කරන්නේ නැහැ වගේ... ?

:       0       0

kumara Wednesday, 28 October 2020 06:18 AM

රට වහලා නැත්නම් ඇයි මැදපෙරදිග වැඩකරන අය ගන්නේ නැත්තේ..? විදේශීය අය ගන්නවා කියලා.. අනෙක් රටවල් ඔක්කොම අය ගන්නවා. මැදපෙරදිග හැර...

:       0       0

D De Silva Wednesday, 28 October 2020 06:35 AM

හිතවත් ජනාධිපතිතුමනි, මේ වන විට රාජ්‍යයෙන් වෛරස් තත්වය ව්‍යාප්ත වී ඇති නමුත් සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ තවමත් සමාජීය නොවන බවයි. හැකි ඉක්මනින් රට වසා දැමිය යුතු අතර කරුණාකර දුප්පත් ජනතාවට උපකාර කිරීම සඳහා දැනටමත් ඔබේ රජය සතුව ඇති කෝවිඩ් අරමුදල් නිදහස් කරන්න.

:       0       4

Rata Perata Wednesday, 28 October 2020 07:20 AM

මේ වගේ කිසිම දැක්මක් නැති මිනිස්සු රටවල් පාලනය කරන්න පත් කරගන්න වෙන්නේ ඒ රටවල්වලම අවාසනාවට.

:       1       8

priyaa Wednesday, 28 October 2020 09:23 AM

රටවටේම කයිවාරු ගහනවා කොරෝනාවෙන් රටම බේරාගත්තා කියලා.

:       0       3

fairoos Wednesday, 28 October 2020 10:31 AM

කෝ අපේ බමුණා අදහස් දාන්න බැරිද?

:       0       2

kawi jayaseara Wednesday, 28 October 2020 10:39 AM

සර්ත් එක්ක කොරෝනාටවත් බෑ. ඒවා කොහෙද අපෙ සර් එක්ක .

:       0       2

sampath Saturday, 31 October 2020 05:20 PM

නිලධාරියා විසින් දේශපාලකයා ඇන්දවීම ජයටම කෙරෙමින් පවතියි. නිලධාරියා නිසි අවධානයෙන් කටයුතු කළේ නම් මෙවැන්නක් සිදු නොවෙ... කේවට්ටයෝ එදාද, අදද සිටිති.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1375 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 429 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 514 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 392 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 561 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4644 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site