IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රට රැකියවට ගොස් එද්දී නිරෝධායනය නොමිලයේ

( තිළිණි ද සිල්වා )

කොරෝනා වසංගත තත්ත්වය මත මැදපෙරදිග ඇතුළු විදේශයන් හි විවිධ රැකියාවල නියුතු ලාංකික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට කඩිනමින් ගෙන්වාගැනීමට අවශ්‍ය නිරෝධායන මධ්‍යස්ථාන පහසුකම් නොමිලේ ලබාදීම සඳහා පෞද්ගලික හෝටල් හා සංචාරක නිකේතන ද සම්බන්ධ කරගනිමින් ක්‍රමවේදයක් රජය විසින් සකසා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඒ අනුව පෞද්ගලික අංශයේ සංචාරක හෝටල් හා නිකේතන දහයක් (10) එම නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට තෝරා ගෙන ඇති අතර ඒවා සඳහා ජාතික කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ අනුමැතිය සහිතව තෝරාගෙන ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මෙම එමගින් එක් වරකට 571 දෙනකුට නිරෝධායන පහසුකම් සැපයිය හැකි වේ.

මෙහි දී හෝටල් ගාස්තු, ආහාර පාන සහ සෙසු සියලු පහසුකම් සම්පාදනය කරනු ලබන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගිනි.

 



අදහස් (17)

රට රැකියවට ගොස් එද්දී නිරෝධායනය නොමිලයේ

janahitha Thursday, 25 March 2021 08:23 AM

ගෘහ සේවකයන් හැරුණාම අනෙක් අයට අවශ්‍ය නැහැ විශාල පඩි ලැබුණත්, ආණ්ඩුවේ රක්ෂණ ගාස්තුවත් ගෙවන්න කැමැති නැහැ. රණ්ඩු අල්ලනවා... වැඩි වැටුප් ලබන මේ අය ඉතාම මසුරු ජීවිත ගත කරන්නේ. හරියට කන්න බොන්නෙත් නැහැ. බොහෝමයක් ආගමික වැඩ, දානමාන වැඩිපුරම කරන්නේ අසරණ ගෘහ සේවකයන් පමණයි.

:       121       15

ඉෂාන් Thursday, 25 March 2021 09:42 AM

හැමෝටම විශාල පඩි නැත. මාසයක් නිවාඩුවට එන අපිට ඉන්න ඕනේ... පවුලේ අය එක්ක ගෙදරට වෙලා. එහෙම නැතුව හෝටල්වල සල්ලි ගෙවලා ඉන්න පිස්සුවක් නැහැ. ඔයාගේ තියෙන කුහකකම තේරෙනවා, වැඩි පඩියක් ගන්න මිනිස්සු ගැන. මසුරු හෝ නොමසුරු මිනිස්සුන්ට එක විදිහට සලකන එක රජයක වගකීම... අඩුම ගානේ දැන්වත් රජයට මොලේ පෑදුණු එක ගැන සතුටු වෙනවා.

:       3       89

Not a slaveThursday, 25 March 2021 09:51 AM

කුහකකමේ ත‍රම...

:       1       48

SamThursday, 25 March 2021 11:09 AM

ලංකාවේ ගොඩක් අය එකිනෙකාට ඊර්ෂයා කරනවා, අනිත් එක ගොඩක් දේවල් ගැන කිසි අදහසක් නැතිව විවේචනය කරනවා. හිතන්න එපා රටවල් වල ඉන්න මිනිස්සු සැප විඳිනවා කියලා. අනික ලංකාවේ වගේ ගේමක් ගහගෙන ගාණක් හොයන්න අමාරුයි මෙ රටවල. විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගැන කිසිම පැහැදීමක් නැහැ කිසිකෙනෙකුට. ගුවන්තොටුපලින් යනකොට බියුරෝ ගාස්තු ගැන ගැහුණු දාලා චෙක් කරන වැඩේ නම් හරියටම කරනවා. ඇත්තටම මේ ආණඩුව නාගත්තා මාර නාගැනිල්ලක් මේ වැඩේදී. ගැහුණු වළං හෝදලා එවන සල්ලිවලට අඩුම තරමේ එ්කේ නම්බුවවත් තිබ්බද? තමුන්ලා දන්නැත්තම් පොඩ්ඩක් කතා කරලා බලන්න ඒ මිනිස්සු එක්ක. වෙන රටවල විදේශ ශ්‍රමිකයන් පිළිගන්නේ කාපර්ට් දාලා. නිරොධායනයත් නොමිළේ. අන්තිමට හරි මේක මෙහෙම ක්‍රියාත්මක කරන්න යනවා නම් ලොකු දෙයක්. එ්ත් ඉතින් අන්තිම මොහොත වෙනකන්ම ෂුවර් නැහැ. දන්නවනේ මේ උදේ කියන එක හවස් වෙනකොට වෙන එකක්...

:       0       33

GeorgeThursday, 25 March 2021 12:16 PM

හොඳයි මොලවල් පෑදුණාට... දැන් ඡන්දේ ළඟ වුණාම නැති අනුකම්පා.. මේකට අකමැති පඩි ගැන කතාකරන කුහකයිනුත් ඉන්නවා. මේවා අැයි වේලාපහ නොකලේ? ගජමිතුරන් වෙනුවෙන් දැන් දීලා ඉවරයිද..?

:       2       28

sanjeewaThursday, 25 March 2021 12:20 PM

වැස්සකටවත් ඉස්කෝලේ නොගිය කෙනෙක්..

:       1       25

SrilaSaturday, 27 March 2021 05:26 AM

මොහු මානසික ආබාධයකින් පේන තෙක් වියයුතුමයි. මොකද විදේශ රටකට ගොස් රැකියාවක් කොට ලංකාවට ඩොලර් නොඑවුවා නම් රට මෙලහකටත් බන්කොලොත්ය. සේවා නියුක්ති කාර්යාංශය ගුවන්තොටුපලින් යනකොට බියුරෝ ගාස්තු ගැන චෙක් කරන වැඩේ ඇරෙන්න අඩුමගානේ SMS පණිවිඩයකින් ලියාපදිංචිය නිමවන දිනයවත් දැනුම් නොදෙයි.. වෙන කිසිම සේවාවක් නොකරයි.. මේ දිනවල මැදපෙරදිග රටවලට ගොස් බැලුවොත් මෙරටට ඒමට සිටින පිරිස කොතෙක්දැයි දැනගත හැක.. ලියාපදිංචි වන්නේ කෙසේදවත් කිසිම දැනුවත් කිරීමක් නොකරයි..

:       0       1

Kumari Thursday, 25 March 2021 08:24 AM

ගොඩක් හොඳයි...

:       1       20

මංජුල milano Thursday, 25 March 2021 08:47 AM

අවුරුදු කීයක් යයිද සේරම දෙනාට එන්න...? විහිළු සපයන්නේ නැතිව පී.සී.ආර්. නෙගටිව් නම් ගෙදර නිරෝධායනයට ඉඩදෙන්න.

:       3       107

senaThursday, 25 March 2021 09:46 AM

කියලා වැඩක් නැහැ... මේ මිනිස්සුන්ට පිස්සුද? වරකට 570ක් කියන්නේ මාසෙකට 1000ක්. එතකොට 50000ක් ගෙන්නන්න අවුරුදු 4ක් සහ මාස 02ක් යනවා.

:       2       40

Ravindra Thursday, 25 March 2021 09:09 AM

ඡන්දයක් ළඟ එන හැඩයි..

:       2       52

de silva Thursday, 25 March 2021 09:20 AM

ආණ්ඩුවට අවුරුද්දක් ගියාට පස්සේ රටවිරුවෝ හෝටල්වල නොමිලයේ නිරෝධායනය කරන්න මතක් වෙන්නේ පළාත්සභා ඡන්ද තියන්න කියලා ඉන්දියාවෙන් ජිනීවාවලදී තර්ජනය කළ නිසා... ඔහොම යමු.. පළාත් සභා ඡන්දෙදී බලාගන්න පුළුවන් 69 ලක්ෂයෙන් තව ලක්ෂ කීයක් ආණ්ඩුවට තිබෙනවද කියලා...

:       4       49

amitha Thursday, 25 March 2021 09:29 AM

ලංකාවට පැමිණීමට බැරිව සිටින මුලු ප්‍රමාණය 40,000ක් එක වරකට උපරිම 571 දෙනෙක් පමණයි නම්, දින 10ක් නිරොධායනය යටතේ 40,000ක මුලු ප්‍රමාණය ගෙන්වා ගැනීමට ආසන්න වශයෙන් දින 700ක් (අවුරුදු 2ක්) යනවා. ඒ නිසා විදේශ සේවා කාර්යාංශය සතු බිලියන 12ක මුදල භාවිතා කර හැකි ඉක්මණින් ගෙන්වා ගන්න.

:       2       29

බද්රානි Thursday, 25 March 2021 10:30 AM

පිටරටවලින් කාලා බඩ පුරෝගෙන උද්දාමයට පත්වෙලා, පහුගිය කාලේ සද්දෙට තප්පුලාගෙන කොඩි වැල් කරේ එල්ලගෙන ආපු රට හරක් ටික නම් කොටුවලටම ගාල් කරන එක තමයි හොඳ. එ්ත් ඉතින් පුන්නක්කු වලට යන අධික වියදම තමයි රජයට දරන්න අපහසු වෙන්නේ?

:       8       29

samansiri Thursday, 25 March 2021 11:24 AM

ආණ්ඩුවට ඩොලර් ඕනෑ වුණාම නිකන් නිරෝධායනය මතක් වෙනවා. මාර වැඩේ ලංකාවට වුණේ. හා හා හා ...!!! 

:       2       17

chandima Thursday, 25 March 2021 04:55 PM

කොහෙන් ගියත් හිදැසක් තියෙනවා. ද්විත්ව පුරවැසියෙක් ලංකාවේ ගමන් බලපත්‍රයෙන් ආවොත් නිරෝධායනයට සල්ලි ගන්නවා. පිටරට බලපත්‍රෙයන් ආවොත් සංචාරකයෙක් වන නිසා නිරෝධායනය නොමිලේ...

:       0       1

Wasantha Thursday, 25 March 2021 05:03 PM

අපි සැහෙන කාලයක් තිස්සේ බලාගෙන ඉන්නවා අපේ දරුවො බලන්න එන්න. ඒත් ඒ අවස්ථාව තාම ලැබුණේ නැහැ. හෝටල් නිරෝධායනයට එන්න තරම් වත්කම් අපිට නැහැ. රැකියා කරගෙන ඉන්න විදෙස් ගත ශ්‍රමිකයින් රැකගැනීම මෙම අවස්ථාවේ රජයේ ප්‍රධානම වගකීමක් වෙනවා. ඔවුන්ට නිවාඩුවට රටට එන්න තියෙන අවස්ථාව කප්පාදු නොකර එම අවස්ථාව තානාපතිවරුන් හරහා ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1032 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1056 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 594 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1573 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 79 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2664 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site