(විජේරත්න රත්නායක)
මේ වන විට රට පත්ව ඇති අගාධයෙන් ගොඩගැනීමට පවතින දේශපාලන ක්‍රමය තුළ කිසිදා කළ නොහැකි බැවින් ඒ සඳහා පෙරමුණ ගැනීම උදෙසා රටට ආදරය කරන විද්වතුන් ඇතුළු දේශප්‍රේමීන් එකතු කරගෙන ජාතික විද්වත් සංවිධානයේ මූලිකත්වයෙන් ලබන 2019 වසර මුලදී නව දේශපාලන පෙරමුණක් බිහි කරන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවනාගාරයේදී අද (18) දහවල් පැවැති රැස්වීමකදී විද්‍යාරත්න මහතා ඒ බව පැවැසීය.
ඔහු මෙසේ ද කීය. වත්මන් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින්ගෙන් අඩක්ම සාමාන්‍ය පෙළවත් සමත් නොවූ අය. එවන් නූගත් පිරිසකට රට බාරදීමෙන් අද වන විට රට ඉතා දරුණු පරිහානියකට ලක්වෙලා. ඒ තත්වයෙන් රට ගොඩගැනීමට පාර්ලිමේන්තුවටත් පළාත් සභාවලටත් උගතුන් හා බුද්ධිමතුන් යැවිය යුතු බවත් සඳහන් කළේය.
යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර
බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය
මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව
ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රට බේරා ගන්න අලුත් පෙරමුණක් එනවා - සමන්ත විද්‍යාරත්න
Kumara Saturday, 18 August 2018 04:28 PM
පහුගිය ආණ්ඩුව පෙරලුවේ එහෙම පෙරමුණක් හඳන්න නේද
samankSunday, 19 August 2018 04:11 AM
කුට්ටිය පිටින් දොලපිදේනිය දෙනකොට ඒවා අමතක වෙලා
Raveendra Saturday, 18 August 2018 04:30 PM
තමන් තමන්ට අවංක වන්න. අවංකව තම හිතට එකාඟව රට වෙනුවෙන් වැඩ කරන්න එවිට වටපිට පරිසරයද ස්වභාවයෙන්ම තමන් වෙනුවෙන් අවංක වෙනු නියතය. එමෙන්ම බොරදියේ " කිබුලන් බාන " මිහරකුන්වත් රටේ මහජනතාව හොදින් අදුරන බවත් මේ බෝබිලට සදහන් කළ යුතුය.
sena Saturday, 18 August 2018 04:39 PM
මේ පෙරමුණුවලින් රට බේරාගන්නේ කව්ද
සතයපාල Saturday, 18 August 2018 05:07 PM
මේරට හදන්න බේරා ගන්න ගොඩ ගන්න මේරටේ ඉන්න මිනිසුන්ගෙන් අතිමහත් බහුතරයකට අවශය නැහැ.ඔවුනට ඕනා කරන්නේ මේ ජරාජීරණවු ක්‍රමය රටතුල පවත්වාගෙන යමින් තමන් පමණක් ඉසුරුමත් ජීවිතයක් ගත කරනවා දකින්න පමණයි. දේශපාලකයා තමන්ට හිමි බලය උපයෝගිකර ගනිමින් රටේ සම්පත් සොරා කමින් තමන්ගේ ජීවිතය සුබොපභෝගි ලෙස ගත කරන අතර සමාජයේ අනික් පාර්ශවද තමනට හැකි පමණ අයුතු ආකාරයෙන් මුදල් ඉපයීමට හා එක්රැස් කිරිමට පෙළඹී ඇත. උදාහරණ වශයෙන් ගත්කල වෛදයවරුන්ගෙන් බහුතරයක් රෝහල තුල තම රාජකාරි නිසි ලෙස ඉටු නොකර රජයේ වැටුප් ලබමින් පෞද්ගලික වෛදය සේවයේ යෙදමින් මුදල් ඉපයීමේ ජාවාරමක නිරත වෙමින් සිටි.ගුරුවරුන් රසායනගාර කාර්මික ශිල්පින් ඉංජිනේරුවන් වැනි වෘත්තීන් බෝහොමයක මේ තත්වය දකින්නට ලැබෙන අතර එලෙස වෙනත් ආදායම් මාර්ග උපයා ගැනීමට නොහැකි වෘත්තීන්හී යෙදෙන පුද්ගයන් අල්ලස් ගැනීම කොමිස් ලබා ගැනීම හා සොරකම් කිරිම වැනි මාර්ග වලින් තම ආදායම වැඩි කිරිමට පෙලඹේ. සමාජයේ තවත් කොටසක් හෙරොයින් හොර අරක්කු ගංජා වැනී නිති විරෝධි මත් ද්‍රව්‍ය හා ගණිකා වෘත්තිය වැනි ක්‍රම මගින් ඉහල ආදායම් ඉපයීමට මේ පවතින සමාජ ක්‍රමය ඉවහල් වී ඇත.
සතයපාල Saturday, 18 August 2018 05:21 PM
පෞද්ගලික අංශයේ ව්‍යාපාර ආයාතන වල තත්ත්වයද මෙයට වෙනස් නොවන අතර බදු වංචා කිරිම හා ගෙවීම පැහැර ඇරීම කම්කරු අයිතිවාසිකම් නොසලකා සේවකයන්ගෙන් වැඩ ගැනීම තත්ත්වයෙන් බාල හා නුසුදුසු භාන්ඩ විකිනිම වැනී කාරනා සදහා මෙවන් ගරා වැටුනු රාජයක් හා පාලනයක් ඔහුනට අවශයවී ඇත. එවන් රටක ඔබ ඔබගේ කාළය හා ශ්‍රමය කැප කරමින් මේරට හා රාජය තන්ත්රය ගොඩ නගන්නට ගන්නා උත්සාහය වෙහෙස ගඟට ඉණි කැපුවා හා සමාන වීමට තිබෙන ශාක්‍යතාවය ඉතා ඉහළ වනු ඇත.
ගොඩ බණ්ඩාSunday, 19 August 2018 01:40 AM
සත්‍යපාල උන්නැහේ, ඔවා දෙනු පර හට - තමා සම්මතයේ පිහිටා සිට දුසිරිත දනන් දෙන - ඕවා වැද්දන් කියන බණ වැනි *තමා යහපත් යැයි සම්මත මාර්ගයේ පිහිටා සිට අනුන් හට අවවාද දෙනු .. දුදන වැසියා දෙන අවවාද කැලේ වසන වැද්දන් කියන බණ හා සමානයි ... (ලෝකෝපකාරය) අනුන්ගේ (සත්‍යපාල) ප්‍රසිද්ධ නමකට සමාන නමක් ගෙන තමන් නමක් හදා ගන්න බලන අය කියන වැදි බණ.
Chanak Los angeles Saturday, 18 August 2018 05:32 PM
නුගත් අය නොවෙයි රටේ වංචා දුෂණ කරන්නේ .
dias Saturday, 18 August 2018 07:20 PM
හැබැයි ඉතින් ඔය කියන කට්ටිය 88/89 කාලේ රටේ සමහර ප්‍රදේශ පාලනය කරා. අපිට මතක හැටියට නම් ඒකාලේ ඔය අය ඒ තරම් උගත් අය වගේ නම් හැසිරුනේ නැහැ.
sudath Saturday, 18 August 2018 08:55 PM
ඔහෙලා මුක්කු ගහලා පත් කරගත්ත අයගෙන් බේරා ගන්නද ?
විකුම් රංගන Saturday, 18 August 2018 09:20 PM
ඔය කුණුවෙලා තියන රට ගොඩ ගන්න නම් ඔය ඉන්න ඔක්කොම වැනසිලා අලුත් ජාතියක් රටට ගොඩ බහින්න ඕනා. වැඩ කිසිවක් බැරි අදක්ෂ අමන ජාතිය මාෆියා කල්ලි බිහිකර ගනිමින් බලය පමණක් රටට පෙන්වනවා. මෝඩයින්ට ඉතින් මැජික්??
විකුම් රංගන Saturday, 18 August 2018 09:20 PM
ඔය කුණුවෙලා තියන රට ගොඩ ගන්න නම් ඔය ඉන්න ඔක්කොම වැනසිලා අලුත් ජාතියක් රටට ගොඩ බහින්න ඕනා. වැඩ කිසිවක් බැරි අදක්ෂ අමන ජාතිය මාෆියා කල්ලි බිහිකර ගනිමින් බලය පමණක් රටට පෙන්වනවා. මෝඩයින්ට ඉතින් මැජික්??
ඇත්ත සත්‍යපාල Saturday, 18 August 2018 09:30 PM
කට්ටිය එකතුවෙලා ජනවාරි 8 හදපු අලුත් "යහපාලන" කේක් ගෙඩිය නේද දැනටත් රටම කන්නේ.අලුතින් අයිසින් කරලා අයෙත් අලුත් කොලයක ඔතලා පරණ කේක් ගෙඩිය අපට කවන්න නේද මේ හදන්නේ.ඔය ජවිපෙ මාර්කටින් මැනේජර්ලගේ ගරිල්ලා මාර්කටින් අපි දන්නවා.එක සැරයක් කාල බඩේ අමාරුව හැදිලා ඉන්නේ මෙදා ඔය කේක් කෑවොත් රටටම අතීසාරය හැදිලයි නවතින්නේ.
විකුම් Saturday, 18 August 2018 11:09 PM
සමන්ත විද්‍යාරත්න හොඳය පොදු අපේක්ෂකයාට.
Nuwan Saturday, 18 August 2018 11:32 PM
ඕන පෙරමුනක්. තමන්ගේ ඡන්ද දායකයින්ට ගරහන එක නවත්තන්න. නැත්නම් ජවිපෙට ලැබෙන්නේ ඔය විද්වතුන් හාර පන්දාහෙ චන්ද විතරයි.
Nimesh Sunday, 19 August 2018 12:05 AM
රටේ පාලනය භාර ගන්න හිටපු උගත් මිනිස්සු අවස්ථා 2කදි මරල දැන් කියනව අලුත් පෙරමුණු හදනවලු. කොයි පෙරමුණ හැදුවත් එන්නෙ ඔහෙල වගේ අවස්ථාවාදීන් තමයි.
Jayaweera Sunday, 19 August 2018 12:08 AM
ඔය කොයි කවිරුත් අලුත් පෙරමුණු හදන්නේ ඊළඟ පාර ගෝඨාට එන සිංහල ඡන්ද ටික කඩන්න. දැන් දෙමළ මුස්ලිම් අයට දෙන දීමනාවෙ හැටියට ඒ සේරම ඔහෙලගෙ කණ්ඩායමට ලැබෙනවා. මේ පාර තීරණාත්මක සිංහල ඡන්ද. අර රටේම ණය ගෙවනව කියන හාදය ආවෙත් ඒකටනේ.
M. A. A. R. Fernando Sunday, 19 August 2018 01:16 AM
2015 දී ජනතාව බලය දුන් 'යහපාලන ආණ්ඩුව' යටතේ රට යම් තරමක් ප්රගතිශීලී පියවර කිහිපයකින් ඉදිරියට ගියා. පැවතුනු තත්ත්වය යටතේ ජනතාවට ඒ ස්වල්ප වෙනස්වීම් පිළිබඳව පවා දැන් සතුටු විය හැකි ය. 2020 දී ඊට වඩා රට ඉදිරියට තල්ලු කරන පෙරමුණක් තැනිය යුතුයි. එයිනුත් යම් තරමක් රට ඉදිරියට ගෙනවිත් යම් විධියකට 2025 දී ඊටත් වඩා අලුත් යහපත් තලයකට රට ගෙනෙන්නට ජනතාව ධෛර්යවත්ව සිටිය යුතු ය.
asanka Sunday, 19 August 2018 01:43 AM
ගෙනාපු පෙරමුණු ඔක්කෝම මතකයි
රවීන්ද්‍ර Sunday, 19 August 2018 03:07 AM
මහත්තයෝ ඔයගොල්ලෝ බුද්ධිමතුන්ව ජාතික ලැයිස්තුවෙන් පෙන්නල ඡන්ද අරගෙන අන්තිමේ දි ඒ බුද්ධිමතුන්ව පන්නල තමුන්ගෙ පක්ෂ පැරදිච්ච ගොයියලාට මන්ත්‍රී කම් දීපු මිනිස්සු නේද? ඔය කියන වැඩේදිත් අන්තිමට ඒකම නොවෙනවා යයි කියන්න අපිට තියෙන සහතිකය කුමක්ද? සියල්ලටම කලින් මහත්තයෝ ඔයාලා දිනපු තංගල්ල ප්රාදේශී්ය සභාව ඊලඟ වතාවෙදි පැරදුනේ ඇයිද කියලා අපිට කියනවාද?
RanjithSunday, 19 August 2018 08:38 AM
රවින්ද්‍ර, තංගල්ලේ හොඳම ප්‍රාදේශීය සභාව තමයි ජවිපය කලේ, නමුත් මේ මිනිසුන්ට හොඳම දේ හරියන්නේ නැහැ... අවශ්‍ය ජරාජීර්ණ වූ පාලනයක් ... තංගල්ල වගේම තීරණයක් පහුගිය මැතිවරණයේදී බණ්ඩාරවෙල සිදු වුණා. උමාඔය නිසා අසරණ වූ මිනිසුන්ට හිටිය එකම අයෝමය ශක්තිය වුනේ ජවිපය පමණයි... අනිකුත් සියලු පක්ෂ වල අය මැටි ගිලපු කිඹුල්ලු වගේ ඉඳිද්දී ඔවුන් පමණයි ඒ සිදුවූ අසාධාරණයට එරෙහිව හඬ නැගුවේ.. ඒ වුණත් ඔවුන් පැරදුණා... සියලු වරප්‍රසාද ගත්ත බණ්ඩාරවෙල මිනිසුන් අනිත් පැත්තට කතිරය ගැහුවා..
padmini Sunday, 19 August 2018 05:10 AM
අනිවාර්යෙන්ම. රට ගොඩයනවට අකමැති කොටසක් ඉන්නවා. ඔබලාගේ කැපවීමෙන් පෙරමුණක් ගොඩනගන්න. අපිත් එනවා ඡන්දෙ දෙන්න.
kalani Sunday, 19 August 2018 07:50 AM
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, වෛද්‍යවරුන්, නීතිවේදීන් සහ නොයෙකුත් විෂය ක්ෂේත්රවල ප්‍රාමාණික බුද්ධිමතුන් හා එක්ව ජවිපෙ ගොඩනඟන අලුත් පෙරමුණ ගැන හෙළිවීමත් සමඟ සැමදේම සැමවිටම කළු පාටට දකින ප්‍රතිවාදීහු බියගත් ගොළුබෙල්ලන් මෙන් පිළිකුල් සහගත ප්‍රකාශ කරති. වසර 70ක තට්ටු මාරු දේශපාලනයේ අයෝමය පීඩාවන් නිසා කේන්තියෙන් සහ වෛරයෙන් සිටින ජනතාවට අලුත් පන්නයේ හිට්ලර් මුහුණක් මෙන්ම බදු බරින්, ණය බරින්, කුසගින්නෙන් වැහැරුණු මිනිසුන් හුස්මගත් තෙවසරක් ගැන ස්ත්රෝත්ර ගයති. වෙනස් ආකාරයක ජිවිතයක්,සතුට සහ මිත්‍රත්වය පිරි මානව ක්‍රියාකාරකම් අගයන ජිවිතයක් සොයායන මිනිසුන්ගේ ගමන් මඟ අසුරාලීමට ක්‍රමවේද සොයති. හයලක්ෂ හතලිස්දහසක පුටුවක්, අධීක්ෂණ මන්ත්‍රීවරයකුට ලක්ෂ දෙකක මාසික දීමනාවක්, කොළඹ නාගරික මන්ත්‍රීවරයකුට රුපියල් 25,000 ක වැටුප් වැඩිවීමක්,වශයෙන් නිර්ලෝභීව බෙදා ගන්න පාලකයෝ ජනතාවගේ නැහැ පුඩුවලට කන තබා හුස්ම ගන්නේදැයි විපරම් කරති.රුපියල් කෝටි දස ලක්ෂය ඉක්මවූ රාජ්‍ය ණය ජනතාවගේ හිස මත බලහත්කාරයෙන් පටවා දැන් සනිපදැයි විමසති. බුද්ධිමත් යහපත් මිනිසුන්ට ඉඩ හසර ලබාදීම අපේ එකම ප්‍රාර්ථනයයි..........
rocky Sunday, 19 August 2018 08:26 AM
රට බේරාගන්න පහළ වී සිටින උත්තමයන් දෙන්නා විමල් වීරවංස සහ ගොම්මන්පිලය. ඔවුන්ගෙන් අවසර නැතුව රට ගැන කතා කිරීම් පවා සුදුසු නැත!