IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රට බෙදන ව්‍යවස්ථාවකට දිවි ඇතිතුරු අත්සන් කරන්නේ නෑ‘ - කථානායක

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

රට බෙදන, රට කඩන, බෞද්ධාගමට හෝ වෙනත් කිසිදු ආගමකට හානිවන මොනයම් කරුණක් හෝ අඩංගු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නීතිගත කිරීම සඳහා  කතානායකවරයා ලෙස තමන් දිවි තිබෙන තුරු සිය සහතිකය සටහන් නොකරන්නේ යැයි කතානායක කරූ ජයසූරිය මහතා අද(22) මීරිගමදී පැවසීය.

ජයසූරිය මහතා මේ බව ප‍්‍රකාශ කළේ මීරිගම ශුද්ධ වූ ජපමාල දේවමාතා දේවස්ථානයට අවුරුදු සියයක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

‘‘මම පාර්ලිමේන්තුවේ කතානායක ලෙස තාම ව්‍යවස්ථාවක් ගැන දන්නේ නෑ. දැකලත් නෑ.  ඕනෑම කෙනෙකුට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවට ගේන්නත් පුළුවන්. සමහර ඒවා රට බෙදන රට කඩන යෝජනා වෙන්නත් පුළුවන්. නමුත් ඒවා යෝජනාවන් පමණයි. ව්‍යවස්ථාවක් ලෙස පර්ලිමේන්තුවේ සම්මත වන්නේ කතානායකවරයා ලෙස මා ඊට අත්සන් කළොත් පමණයි‘‘ යැයි ද කථානායකවරයා කීය.



අදහස් (19)

රට බෙදන ව්‍යවස්ථාවකට දිවි ඇතිතුරු අත්සන් කරන්නේ නෑ‘ - කථානායක

de silva Sunday, 22 October 2017 10:46 AM

ඔබතුමා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලකයෝ කියන්නේ එක දෙයක්... කරන්නේ වෙන දෙයක්... මට නම් ඔය පොරොන්දු ගැන කිසිම විශ්වාසයක් නැහැ.

:       68       1373

RaveendraSunday, 22 October 2017 11:30 AM

ද සිල්වා මයා වෙත, ඔබගේ ඉතාම නිවැරදි අදහස පිළිබඳව අපද සතුටු වන්නෙමු. මේ උන්දැල උපන්දා සිට දකුණට සිග්නල් දාලා වමට හරවන හාදයෝ. මේ සඳහා ඕනෑතරම් උදාහරණ තියෙනවා. එබැවින් සත පහක විශ්වාසයක් තැබිය හැකි ගොවියෝ පිරිසක් නොවැ...

:       0       527

prakaash Sunday, 22 October 2017 10:48 AM

මේ වගේ දේශපාලකයන් කියන දේ සැක සහිතයි.

:       81       682

sampath Sunday, 22 October 2017 10:51 AM

පසුගියදා පළාත් සභා පනත 2/3 කින් සම්මත කරගන්න වර්තමාන ආණ්ඩුවට කුජීතලෙස සහය දීපු හැටියෙන්ම අපි දැක්ක ඔබතුමා හරිම සාධාරණ, විශ්වාස කරන්න පුළුවන් ලංකාවේ හිටපු හොඳම කතා නායක කියලා.

:       228       1552

saman Sunday, 22 October 2017 11:00 AM

දැන් ඔය කියන සේරම කරලා නොවැ තියෙන්නේ. ආයේ මොනවා අත්සන් කරන්නද?

:       0       582

Senarath Sunday, 22 October 2017 11:04 AM

මෙන්න කියන විදියටම වැඩකරන කතානායක. මිනිසුන්ගේ සත පහකට විශ්වාසයක් නැහැ. කලින් හිටපු කිසිම කතානායකවරයෙක් මෙහෙම තුට්ටු දෙකට වැටුනේ නැහැ. අනුර බණ්ඩාරනායක මහත්තයා මොනතරම් සැහැල්ලුවෙන් ජිවිතේ ගතකරපු පුද්ගලයෙක් වුණත්, කතානායක වුණාට පස්සේ ගත් තීරණ... ප්‍රකාශ සියල්ල පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය රකින්න ඉවහල් වුණා. ලොකුබණ්ඩාර මහත්තයා එජාප වුණාට කිසිම වෙලාවක පක්ෂග්‍රාහී තීන්දු දුන්නේ නැහැ. චමල් රාජපක්ෂ මහත්තය එස්.එල්එෆ්.පී. වුණාට, එයාගේ සහෝදරයා ජනපති වුණාට,... ඒ කිසිවක් එයාගේ තීරණවලට ගාව ගත්තේ නැහැ.

:       20       1262

MAHASOHONA Sunday, 22 October 2017 11:13 AM

සුනඛයොත් සමග නිදා ගත්තොත් එහෙම වෙනවා.

:       0       138

Lusena Sunday, 22 October 2017 11:14 AM

කතානායකගේ පැටිකිරිය දැන් ජනතාවට එලිවී හමාරයි.

:       0       446

sathyapala Sunday, 22 October 2017 11:15 AM

මොනවද මේ බහුබූත කතා. අගමැති කියනවා මල්වතු නාහිමි මේ ව්‍යවස්ථාවට කැමතිලු. එන්ජීඕ නඩය කියනවා මේ ව්‍යවස්ථාව හොඳයිලු. බෙදුම්වාදී, ජාතිවාදී නායකයෝ කියනවා මේ ව්‍යවස්ථාව සම්මත කරන්නට උපරිම සහය දෙනවලු. මොනවත් නැති කෙනාටද එතකොට මේ අය කැමැති? මේ හංගලා ගහන්න යන්නේ. මේක විනාශකාරී බෝම්බයක්. වෙඩි බෙහෙත්, යකඩ බෝල ඇතුළු සියල්ල වෙන වෙනම නිසා බෝම්බයක් නෑ. මේ ටික එකතුකරලා හදන්න යන්නේ බෝම්බයක් කියලා කට්ටිය දන්නවා. හදලා පුපුරවන්න පෙර අපි කෑගහන කොට කියනවා මේ වෙඩිබෙහෙත් ගල් කඩන්න ගෙනාපුවා. යකඩ බෝල සෙල්ලම් කරන්න තියෙන්නේ කියලා.

:       0       712

kumar (galf) Sunday, 22 October 2017 11:52 AM

ඔයාව වෙනස්කරලා වෙනකෙනෙක් දාලා අත්සන් කරගනීවි. ඉන්දියාවේ බලපෑමට පළාත් සභා අාවා වාගේ මේකත් ඒවි කාගේ වත් බලපෑමකට.

:       0       133

upali Sunday, 22 October 2017 12:38 PM

ඕවා ගිහින් කියන්න කොණ්ඩේ බැඳපු චීන්නුන්ට.. අපි නම් විශ්වාශ කරයි.. පල් හොරුන්ගේ කතා..

:       0       455

nimmi Sunday, 22 October 2017 12:43 PM

කියන්න තියන දේවල් ඔක්කොම අනිත් අය කියලා .

:       0       131

Perakum Sunday, 22 October 2017 12:46 PM

පළාත් සභා අහෝසි කරන පක්ෂ මාරුව නැති කරන ව්‍යවස්ථාවකට නම් අපි උඩින්ම කැමතියි. එ්ත් ඉතින් ඒක වෙන්නේ නැහැ නේ.

:       0       143

කොන්ඩෙකලූ Sunday, 22 October 2017 01:52 PM

හීන් බබා සීයගේ කතා විශ්වාස කල හැකිද?

:       0       262

asanka Sunday, 22 October 2017 02:30 PM

අපි බලමු ඉදිරියේදී ඔබතුමා ඔය කටින් කියනවා වගේම ක්‍රියාවෙන් ඔප්පු කරයිද කියලා...

:       0       136

සෙනෙවි Sunday, 22 October 2017 05:59 PM

ආ....කොහොමද ඒක ...

:       0       418

ධම්මික Sunday, 22 October 2017 08:00 PM

මෙයාගේ කෙරුවාව හොඳට දන්නවා. කොන්දක් කියලා දෙයක් මෙයාට තියනවද?

:       0       137

Kumara (galf) Sunday, 22 October 2017 08:17 PM

ඔහොම කිය කියා තමයි රනිල් එක්ක එකතු වෙලා රට කෑලි වලට කඩන්න හදන්නේ...

:       0       54

Chaminda Sunday, 22 October 2017 11:52 PM

දැන් පල්ලියත් දේශපාලනය කරන තැනක් වෙලාද ,ඕවා කියන්න පල්ලිය ගාවගන්න එපා.

:       0       21

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 43 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1330 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1189 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 674 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1725 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 87 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site