IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රජ්ජුරුවන්ගෙන් ලැබුණු ඉඩම් අක්කර 9998 ත් විකුණලා


 (මනෝප‍්‍රිය ගුණසේකර)
 
රජෙකුගෙන් තම මුතුන් මිත්තන්ට ලැබුණු බව කියමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රජයේ වනාන්තරයක අක්කර 9998 ක් ව්‍යාජ පිඹුරුපත් හා ඔප්පු සකස් කොට වෙනත් පුද්ගලයින්ට විකීණීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳ  තොරතුරු වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිසා වන නිලධාරීන් විසින් හෙළි කරගෙන ඇත.

දේශපාලනඥයින්, හිමිවරුන්, ව්‍යාපාරිකයින් ඇතුලු විවිධ තරාතිරම් වල පුද්ගලයින්ට ව්‍යාජ ලෙස සකස් කළ ඔප්පු මත රජයේ වනාන්තරයේ අක්කර 10 සිට අක්කර 2000 දක්වා වු බිම් කොටස්කර විකුණමින් හා දීර්ඝ කාලීනව බදු දී ඇති බව අනුරාධපුර දිසා වන නිලධාරී ලලිත් ගමගේ මහතා විසින් සිදුකළ මුලික පරීක්‍ෂණ වලදී හෙළි කරගෙන ඇත.


රජයේ කැළෑව දේශපාලනඥයින්ට විකුණන බවට අනුරාධපුර දිසා වන නිලධාරී ලලිත් ගමගේ මහතාට ලැබුණු තොරතුරකට අනුව රහසිගතව සිදුකළ විමර්ශනකදී සැකකරුට හෝ ඔහුගේ  පරම්පරාවට කිසිඳු හිමිකමක් නැති රජයේ කැළෑව සැකකරු විසින් ව්‍යාජ ලෙස සකස් කළ ඔප්පු මඟින් විකුණා ඇති බව හෙළි කරගෙන ඇතැයි වාර්තා වේ.

බලයලත් මිනින්දෝරුවකු 1974 වර්ෂයේදී පිළියෙළ  කළ  බව කියන පිඹුරක් උපයෝගි කර ගනිමින් නැවත නැවත එම පිඹුරට අයත් බිම් කොටස් කර අලුතින් සකස්කරන පිඹුරු ඉදිරිපත් කරමින් සැකකරු විසින් විවිධ කණ්ඩායම් මෙම ජාවාරම සඳහා පොළඹවාගෙන ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි පැවසු වන සංරක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීයකු මෙම දේපලෙහි දැනට සිටින එකම හිමිකරු තමා බව ප්‍ර‍කාශ කරමින් සැකකරු නීතිඥයන් මඟින් පැටිකිරි වාර්තාද කිහිපයක් සකස්කරවා ගෙන ඇති බවද වාර්තා වී ඇතැයිද පැවසීය.



අදහස් (4)

රජ්ජුරුවන්ගෙන් ලැබුණු ඉඩම් අක්කර 9998 ත් විකුණලා

kandepola Wednesday, 23 May 2018 10:27 AM

මොනවා උනත් මේක කරපු කෙනා මාර දක්ෂයෙක්. එච්චරයි මට කියන්න තියෙන්නේ.

:       92       13

Asanka Wednesday, 23 May 2018 12:09 PM

මේ වගේ වැදගත් ඉඩම් සම්බන්ධ තොරතුරු පරිඝනක ගතකර නැති රටක් නිසා සහ ඔන්ලයින් ක්‍රමයට මේ පිඹුරු වගේ දේවල් ගැන විස්තර බලාගන්න, තහවුරු කරගන්න ක්‍රමයක් නැතිනිසා වංචා කාරයින්ගේ හොරුන්ගේ තෝතැන්නක් වෙලා...

:       0       9

Bamunuarachchi Wednesday, 23 May 2018 12:35 PM

මම දකින්නේ මේ ඉඩම් ගත්ත අය කොටළුවෝ කියලා.

:       0       0

kalani Thursday, 24 May 2018 04:02 AM

මුළු රටටම ඔප්පු හදලා චීනෙට හෝ වෙනත් රටකට විකුණයි පරිස්සමින් වෙමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 263 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 964 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2399 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1636 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 958 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2220 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site