IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩ වර්ජනයකට සැරසෙයි

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් ලෙස කටයුතු කළ මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්ෂවරිය ස්ථානමාරු කරමින්ද, කොලොන්න රෝහලේ කාර්යභාර නිලධාරීවරිය සිටියදී වෙනත් නිලධාරිනියක එම රෝහලට මාරු කර එවීමද අවලංගු කිරීමට අද (14) සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සමඟ පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (14) පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්විණි.

මහරගම අපේක්‍ෂා රෝහලේ සහ කොළොන්න ප‍්‍රාදේශීය රෝහලේ වෛද්‍ය ස්ථානමාරු අවලංගු කර මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමේ අවස්ථාව වනවිට තිබූ තත්ත්වයට පත් කිරීමට මැතිවරණ කොමිසමට පැය 48ක කාලයක් ලබාදෙන බව කී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා බ‍්‍රහස්පතින්දා සිට රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික් දෙකේ වෛද්‍ය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.

මෙම ස්ථාන මාරු අවලංගු කරන ලෙස මැතිවරණ කොමිසම විසින් කළ නියෝගය සෞඛ්‍ය අමාත්‍යාංශයයේ ලේකම් පිළිනොගන්නා බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පැවසීය.

මේ සම්බන්‍ධයෙන් යළි මැතිවරණ කොමිසම දැනුවත් කළ බව කී  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා ඔවුන්ගේ ඉල්ලීම අනුව පැය 48ක කාලයක් මෙම ගැටලුව විසඳීමට අවස්ථාව ලබාදෙන බව ද කීවේය.

මෙම ස්ථානමාරු අවලංගු කරන ලෙස මැතිවරණ කොමිසම දෙවන වරටත් සෞඛ්‍ය ලේකම්වරියට ලිඛිතව දන්වා යැවීමට කටයුතු කරන බවට පොරොන්දු වූ බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පැවසුවේය.

කෙසේ වෙතත් මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමට පෙර තිබූ අවස්ථාවේ තත්ත්වයට බදාදා සවස් වනවිට පත් කිරිමට අපොහොසත් වුවහොත් බ්‍රහස්පතින්දා පෙරවරු 08.00 සිට රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික් දෙකේ වෛද්‍යවරු වැඩවර්ජනයක් අරම්භ කරන බව ද කීවේය.

එහිදීද ගැටලුව නිරාකරණය නොවුණ හොත් සිකුරාදා වනවිට ඌව පළාතේ සහ සබරගමු පළාතේ වෛද්‍යවරු එම වැඩවර්ජනට එක්වන බවද පැවසුවේය.

එම වෘත්තිය ක්‍රියා මාර්ගය අනුවද විසඳුමක් නොලැබුණ හොත් ලබන සඳුදා සිට දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනයක් පවත්වන බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

එපමණක් නොව වෛද්‍යවරුන් ප‍්‍රධානත්වය දරණ ආයතනවල තැපැල් ඡන්ද සහතික කිරීම් වලින් එම වෛද්‍යවරු ඉවත්වීමට ද පියවර ගන්නා බවද සඳහන් කළේය.

මෙම අවිධිමත් වෛද්‍ය ස්ථානමාරුව හේතුවෙන් හම්බෙගමුව සහ කොලොන්න යන රෝහල් දෙකේ වැඩ දින දොළහක පමණ සිට අඩාලව ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පෙන්වා දුන්නේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් මෙම සාකච්ඡාවට එහි සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය, ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (17)

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩ වර්ජනයකට සැරසෙයි

Rata Perata Monday, 14 October 2019 02:37 PM

මෙයාලා තාම මොකද පරක්කු කියලා තමයි අපි බැලුවේ...

:       285       254

RaveendraMonday, 14 October 2019 03:32 PM

ඇත්තෙන්ම අපිත් මේ මග බල බලා හිටියේ ඇයි නාවේ සුදාළ ටික කියලා... මේ වැඩිදෙනෙක් ගුටිකන්නේ අහිංසක ලෙඩ්ඩුන්ගෙන්...

:       133       255

රොෂාන් Monday, 14 October 2019 03:40 PM

මොනවා වුණත් දොස්තරකමට වඩා, වර්ජනයට නම් මාරම දක්ෂ අය... ඉස්පිරිතාල වල ඉන්න රෝගීන්ගේ බෙලි ටිකක් මිරිකලා දැම්මා නම් එ්ක ඔය වර්ජනවලට වඩා සාර්ථකයි.

:       155       227

Deshapriya Wijetunge Monday, 14 October 2019 04:32 PM

ලොව කිසිම රටක් වෛද්‍යවරුන් වර්ජනය කරනවද? මහජන බදු මුදලින් ඉගෙනගෙන මහජන බදු මුදලින් වැටුප් ලබා පුද්ගලික සේවාවන්ට අවසරයද දී ඇති රටක ස්ථානමාරු ගැන වර්ජනය සුදුසු නැහැ නේද? පීඩාවට ලක්වණු ඔවුන්ට අධ්‍යාපනය සහ වැටුප්, වරප්‍රසාද දීමට තම දහදිය මහන්සියෙන් බදු ගෙවන ජනතාවම නොවන්නේද? පීඩාවට පත්වන ජනතා අයිතීන් වෙනුවෙන් මජනතාවට වග කියන්නේ කව්ද?

:       121       191

janahitha Tuesday, 15 October 2019 03:44 AM

කියන්නන් වාලේනිකන් දොඩවන්න එපා බනින්නන් වාලේ කාටවත් බනින්නත් එපා . දොස්තර කෙනෙක් සීමා වාසිකේ පැය 24 දවස් 365 ක් වැඩකරලා ඔයාලගේ බදු නැවත ගෙවලා , ජීවිත කීයක් බේරගන්නවද. ඒවාට කවුද ගෙවන්නේ , ඇත්තටම කිසිම සේවයක් නොකර බදු මුදල් කන්නේ දේශ පාලුවෝ . ඔයාල එයාලට බයයි නැතිනම් උන්ගේ හොර කම අල්ල ගන්න ඔයාල අසමත් .

:       192       13

Rohana Monday, 14 October 2019 04:34 PM

මෙයාලා ඉතින් වැඩවර්ජන වලින් ප්‍රශ්න විසඳන අයනේ. බලමුකෝ ලබන මාසේ 16 දිනෙන් පස්සෙත් වර්ජන කරනවද කියලා.

:       34       107

ranaTuesday, 15 October 2019 02:15 AM

ළමයෝ මේක ආණ්ඩුවකින් හෝ බලෙන් විසදන්න පුළුවන් දෙයක් නොවේ, ජනතාව පාරට බැහැල මේ අයට වැඩකරන්න බැරිනම් රටින්ම මුළු සනුවරේම එලවා දමන්න ඕනේ , බලමු පිට රටවල මෙහෙම සෙල්ලම් දාන්න පුළුවන් වෙයිද කියල මේක හිඟන්නාගේ තුවාල වගේනේ, ටික කලකට හරි අපි විඳලා මේ ප්‍රශ්නය සදහටම විසඳමු.

:       0       64

Don Monday, 14 October 2019 05:46 PM

GMOA එකට නම් වැඩවර්ජනම තමා.

:       0       59

de silva Monday, 14 October 2019 07:13 PM

දැනට වසරකට විතර ඉස්සර දොස්තරලා වර්ජනය කලේ කාර් පාර්ක් එක බෙදාගන්න බැරිව දොස්තරල් දෙන්නෙක් ගහගෙන, ඊට කලින් සාත්තු සේවකයන් සහ දොස්තරලට විවේක කාමරයක් බෙදාගන්න බැරුව ගහගත්තාඒකටත් වර්ජන, එක පාරක් කොහේදෝ තිබෙන සයිටම් එකක අල්ලාගෙන වර්ජන කලා, එක පාරක් සිංගප්පුරු ගිවිසුමක් අල්ලාගෙන නැටුවා, දැන් ලෑස්තිවෙලා තිබෙන්නේ තැපැල් ඡන්දයක් අල්ලාගෙන වර්ජන කරන්න. මේ ඔක්කොම ප්‍රශ්න ඇතිකළේ රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගන්න දුප්පත් මිනිස්සුද? මේගොල්ලෝ නිතරම බලන් ඉන්නේ මොකක් හරි එකක අල්ලාගෙන රජයේ රෝහල් වර්ජනය කරලා පුද්ගලික ඩිස්පෙන්සරිවල බෙහෙත් දීලා අසරණයන්ගේ අතේ තිබෙන තුට්ටු දෙකට විදින්න, මේවා නවත්වන්න නම් අයෝමය හස්තයකින් මේවා පාලනය කලා හැකි සරත් ෆොන්සේකා , ගොටභය වැනි කෙනෙකු මෙහි නායකත්වයට පත් විය යුතුය .

:       0       48

Chathuri Monday, 14 October 2019 09:49 PM

හරියට බෝවෙන ලෙඩක් වගේ මේ උද්ගෝෂණය පැයෙන් පැයට උද්ගෝෂණ බෝකරන්න මේ අය කවදා මනුස්සයෝ වෙයිද. අනුකම්පාව කියනදේ දන්නෙම නැති කට්ටියක්. සැවොම නෙමේ, ඔලුව ඉදිමුණු කට්ටියක් ඉන්නවා වෙනම, මේ කට්ටියව අදුනගෙන සේවයෙන් නෙරපන්න නැත්නම් මැදපෙරදිගට මාරුවක් දෙන්න. නලාව එල්ලන් හිටියට ලෙඩේ අදුනන්නේ නැති කට්ටිය කොච්චර ඉන්නවද. හැම කෙනාටම විෂබීජයක් ඇතුළුවෙලා. කියලා ඒක කියන්න දෙයක් නෙමේනේ , විෂබීජය ගියාට පසු හැදුනු ලෙඩේ මොකක්ද කියන්න දන්නේ නැහැ , කකුලේ අමාරුවට අත කපනවා, බඩේ අමාරුවට පිට පලනවා, එහෙම කරලා ලෙඩාගේ පවුලේ කට්ටිය බැන්නම මුළු දිවයිනම ලෙඩ නිවාඩු දමනවා. මෙන්න මේ වගේ කාලෙක සුද්දට රට යටත් වෙලා තිබුනානම් මේ අයගේ ආඩම්බර බලන්න අවශ්‍ය නැහැ. පොඩි ලෙඩටත් එංගලන්තෙට යන්න තිබුණා, දැන් සුද්දත් නැහැ, අරගත්තු නිදහසත් නැහැ

:       18       57

Ranil Tuesday, 15 October 2019 12:39 AM

ඡන්දයක් ප්‍රකාශ වු විට ස්ථාන මාරුවිම් තහනම්, ඇයි මැතිවරණ කොමිසමේ තීරණ සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රියා නොකරන්නේ??

:       16       109

Saman Tuesday, 15 October 2019 02:59 AM

අර ආධ්‍යාත්මික නායකයද කිව්වෙ වර්ජනය කරන්න කියල.. ?

:       11       56

sas Tuesday, 15 October 2019 03:09 AM

GMOA එක වැඩ වර්ජනය කරන්න නම් අති දක්ෂයෝ.

:       6       27

මගෝදිස් Tuesday, 15 October 2019 03:57 AM

කණගාටුවට කාරණය නම් පාලකයන්ගේ ඇස් ඇරීමට සහ විසඳුමක් ලබා ගැනීමට සේවකයන් විසින් මහජනයාට දැනෙන ලෙස තම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවීමය. වෙනත් රටවල කළු පටියක් පැළඳගෙන සේවයට වාර්තා කිරීමෙන් පාලකයන් එම ගැටළු වලට උත්තර සෙවීමට යුහුසුළු වුවද ලංකාවේ එය වැඩ වර්ජනයක් දක්වා ගියත් පාලකයන් ගණන් නොගනී. එම නිසා සේවකයාට පාලකයා අපහසුතාවයට ලක් කිරීමට ඇති හොඳම සහ එකම විසඳුම මහජනතාව අපහසුවට ලක් කිරීමය. දැන් එය සාමාන්‍ය කරුණක් බවට පත්වී සේවක අයතීන් දිනාගැනීමට මහජනතාව බිල්ලට දීම දිගින් දිගටම සිදුකරයි.

:       45       217

rana Tuesday, 15 October 2019 06:16 AM

අපේ සේවකයන්ට තියන ලොකුම ප්‍රශ්නය "දියව් දියව් පඩි වැඩිය දියව් " නේද ? ඔය ප්‍රශ්නය කවදාවත් විසඳන්න බැහැ, එක කට්ටියකට දුන්නම අනිත් ඇයො කහිනවා, ඇත්ත කියන්න එහෙම නේද ?? ඔය කඩේ යන සමිති වල එකම අරමුණ කඩාකප්පල්කාරී බවයි

:       0       1

jagath Tuesday, 15 October 2019 07:23 AM

මේවත් මහින්දගේ වෙනත් උපක් ක්‍රියා මැතිවරණය දිනන්න .

:       0       2

hasan786 Tuesday, 15 October 2019 08:01 AM

මේ අයට ජනතාව පාඩමක් උගන්වන්න ඕන මට සුවර් ගෝඨාභය දිනුවානම් ඊට පස්සේ ආසාවට වත් එක වර්ජනයක් වත් දකින්න ලැබෙන්නේ නැත.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 563 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1234 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1425 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 878 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 234 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2011 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site