IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රජයේ රැකියා දෙන බව පවසා මුදල් වංචා කරන පිරිසක් ගැන තොරතුරු හෙළිවෙයි

රාජ්‍ය ආයතනවල රැකියා අවස්ථා දෙන බවට මහජනතාව මුලා කරමින් මුදල් වංචා කරන පිරිසක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඇතැම් වංචනික පිරිස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සමීප සබඳතා තිබෙන බව අඟවමින් මෙම කූට ව්‍යාපාරයේ නිරත වන බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙන බවත් ඊට සම්බන්ධ දෙදෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පෙරේදා (9) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූ බවත් එම නිවේදනයේ දැක්වේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.

අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු රාජාංගනය, යාය 08 පදිංචි වයස අවුරුදු 47ක් වන නිහාල් දසනායක නමැත්තෙකි. අනෙක් පුද්ගලයා සෙවනගල, සමගිපුර පදිංචි නුවන් ජයකොඩි යන අයයි.

දියණියට ගුරු පත්වීමක් ලබාදෙන බව පවසා ප්‍රධාන සැකකරු විසින් තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ඉල්ලා තිබේ. උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් නිකුත් කළ බවට ඇඟවෙන ව්‍යාජ ලිපියක් ද පත්වීමට අදාළව සකස් කර ඇත. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරියකු බව සඳහන් කරමින් නුවන් ජයකොඩි නමැත්තා ලවා අදාළ කාන්තාවට දුරකථන ඇමතුමක් ද දී තිබේ.

අනතුරුව මුදල් රැගෙන කොළඹ ඉසුරුපාය ඉදිරිපිටට පැමිණෙන ලෙස දන්වා ඇති අතර, සැකකරුවන් දෙදෙනා අදාල කාන්තාවන්ගෙන් මුදල් ලබාගන්නා අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙහෙයවනු ලබයි.

මෙවන් සිදුවීම් පිළිබඳ තොරතුරු ඇත්නම් වහාම දැනුම් දෙන ලෙස බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ජනතාවට දැනුම් දෙයි. ඕනෑම අවස්ථාවක 0718591017 දුරකථන අංකය ඔස්සේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධ කර ගැනීමෙන් හෝ 0112662323 හෝ 0718591727 දුරකථන අංක ඔස්සේ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් අධිකාරී ජී.ජේ. නන්දන මහතා සම්බන්ධකර ගැනීමෙන් තොරතුරු ලබා දිය හැකිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ස්ථීරාසාර පිළිවෙත වනුයේ සෑමවිටම පිළිගත් ක්‍රමවේදයට හා පටිපාටියට අනුව වැඩ කිරීමයි. රජයේ ආයතනවල රැකියා ලබාදීම සිදු කෙරෙන්නේ ද එම පිළිවෙත අනුවය. එබැවින් මෙවැනි වංචනික පුද්ගලයන්ට නොරැවටෙන්නැයි ජනාධිපති කාර්යාලය ද ජනතාවට කාරුණිකව දන්වා සිටින අතර එවන් පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරයි.

055



අදහස් (1)

රජයේ රැකියා දෙන බව පවසා මුදල් වංචා කරන පිරිසක් ගැන තොරතුරු හෙළිවෙයි

රවින් Wednesday, 11 December 2019 12:53 AM

හපොයි හපොයි දේශපාලුවන්ට වෙන්න යන දේ. සෑහෙන කලක සිට රජයේ රැකියා සඳහා දේශපාලුවෝ ගණනක් හොයාගත්තා. ඒකත් නැතිවෙන්නයි යන්නේ. කෙරෙන්න ඕනෙත් ඒ ටිකම තමා. දේශපාලුවන්ට අමතර සල්ලි හොයන විදි ඇහිරුවාම ඉබේම පාලුවෝ ටික හැලිලා පාලකයෝ ටික ඉතුරු වෙනවා. වරක් හිටපු ජනාධිපතිවරයකු කිවා වගේ මතකයි ප්‍රාදේශීය සභාවේ මාසිකව රුපියල් 5000.00 පඩියක් ගන්න ඇයි මේ මිලියන ගණන් ඡන්දෙට වියදම් කරන්නේ කියලා. වියදම් කරන ගණනවත් අවුරුදු පහේ කාලසීමාව තුලදී නිත්‍යානුකුලව ලැබෙන්නේ නැහැ.

:       0       21

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 144 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 175 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 486 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 335 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 821 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 451 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site