(තලවකැලේ- ශාන්ත චන්ද්‍රසිරි)
රට ඇමරිකන් කොළණියක් බවට පත්කරන ගිවිසුම් වහාම හකුලා ගන්නා ලෙස හා අන්තවාදී ත්‍රස්ත කල්ලිවලට උදව් කරන ලද මුස්ලිම් දේශපාලඥයන් වහාම අත්අඩංතුවට ගන්නා ලෙස රජයට බල කරමින් නුවරඑළිය නගරයේදී අද (15) උද්ඝෝෂණයක් පැවැත්විණි.
රජයට එරෙහි විවිධ සටන් පාඨ ලියන ලද බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශණය කරමින් නුවරඑළිය නගරයේ තැපැල් කාර්යාලය ඉදිරිපිටට එක්රැස්වූ පිරිස් මෙසේ උද්ඝෝෂණයක නියැලිණි.
සාමකාමී මෙන්ම ආර්ථික අතින් ස්ථාවර තත්වයක පැවැති මේ රට 2015 වසරේ බලයට පත්වූ යහපාලන රජය මෙරට ජාතික ආරක්ෂාව හා රටේ සුරක්ෂිතතාවය අහිමි කර ඇති බව මෙම විරෝධතාවයට එක්ව සිටි ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම පළාත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය නිමල් පියතිස්ස මහතා පැවසීය.
මේ රට මේවනවිට ඇමරිකන් කොළණියක් බවට පත් කිරීමට අවශ්‍ය පිඹුරුපත් සකස් කොට ඇති බවත්, එම ඇමැරිකන් ගිවිසුම් හේතුවෙන් මේ රටේ ගොවීන්ගේ ඉඩම් අක්කර ලක්ෂ 12 ක් ගොවීන්ට අහිමිවන බවද, වහාම එකී ඇමරිකන් ගිවිසුම් අහෝසි කර ගන්නා ලෙස රජයට බලකර සිටින බවද මෙහෙදී ඒ මහතා කීය.
ජාතික නිදහස් පෙරමුණ නුවරඑළිය දිස්ත්‍රික් බලමණ්ඩලය විසින් සංවිධානයකර තිබූ මෙම විරෝධතාවයට මධ්‍යම පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය හා ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් නිමල් පියතිස්ස, නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති සරත් කුමාර යන මහත්වරු හා එම පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනඥයින්, ක්‍රියාකාරී පුද්ගලයන් ඇතුළු විශාල පිරිසක් මීට එක්වූහ.
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රජයට එරෙහිව නුවරඑළියේ උද්ඝෝෂණයක්
dilan Saturday, 15 June 2019 10:29 AM
පචවංශගේ නරිනාටක දැන් පෙන්වනවා නුවර එළියේ...
ශ්‍රී ලංකික රට වැසියෝ Saturday, 15 June 2019 12:39 PM
රට ඇමෙරිකාවට පාවාදෙන ගිවිසුමට අත්සන් කරන සියලුම දේශපාලුවන්ට " මරණය ". ඒක නියතයි. ඒ සඳහා සංවිධානයක් දැනටමත් ගොඩනැගෙමින් තියෙන්නේ. එපමණක් නොවෙයි ශ්‍රී ලංකාවට පැමිණෙන ඇමෙරිකානු හමුදාවටත් මරණය. කොහෙවත් ඉන්න නයි මේ රටට ගෙනෙන්න දියවන්නාවේ ඉන්න හිඟන්නන්ට ඇති අයිතිය කුමක්ද?
Kumar Saturday, 15 June 2019 02:15 PM
මේ වර්ගයේ මුල්ම ගිවිසුමට අත්සන් කළේ ගෝඨා නේද? ඒ දවස්වල ඔය වගේ විරෝධයක් තිබුණා නම් එම විරෝධයට මුල්වුණු කිහිප දෙනෙක් සුදු වෑන් සවාරි ගිහිල්ලා හමාරයි. අනෙක ඔය නුවරඑලිය පැත්තේ අය ලංකාවේ සංචාරකයින්ට වඩා කැමති ඇමෙරිකන් සුදු සංචරකයින්ටයි. ගිවිසුම් අත්සන් කළවිට වැඩිපුර ඇමෙරිකන් සංචාරකයින් ලංකාවට පැමිණෙන්න ඉඩ තිබෙනවා. අර දම්රෝ මුදලිගේ වත්තට ගිහිල්ලා බලන්න. මට පෙනෙන හැටියට නම් ඔය විරෝධය ප්‍රෝඩාවක්...
කෝනාර Saturday, 15 June 2019 05:38 PM
කුමාර් ඔයා හිතන ගිවිසුමක් නොවෙයි මේක. අක්කර ලක්ෂ ගණනක් කොළඹ සිට ත්‍රිකුණාමලයට යනකල් පටියක් ලෙස ඇමෙරිකාවට දෙන්නයි මේ යන්නේ. ඊට පස්සේ ඇමෙරිකානු හමුදාව එහෙ. ඒ අයට අපේ රටේ නීති බලපාන්නේ නැහැ. ඒ අය ගෙනෙන දේවල් අපේ කස්ටම් එකට බලන්න බැහැ. ඒවගේ තව නොදන්න දෙවල් ගොඩක් මේකේ තියෙනවා. ඊට පස්සේ අපේ රටේ අපිට නිදහසේ ඉන්න බැහැ. හැමතැනම සුද්දෝ. ඒ අය අතින් රිය අනතුරක් වුනොත් ඒ අයට ප්‍රශ්නයක් නැහැ. ඒ අයගේ විදේශ විනිමයෙන් අපිට වැඩක් නැහැ.
asithaSaturday, 15 June 2019 11:36 PM
ඔය ඇමෙරිකන් කාරයින්ට ලංකාව අල්ලාගෙන, ඒ අයට ලංකාවෙන් ගන්නට තියෙන්නේ මොනවද? ඒ අපේ දුප්පත්කමද, ණය කන්දද? කඩන් හැලෙන කුණු කඳුද, පාරවල් දිගේ බෙරිහන් දෙමින් ඇවිදින වර්ජකයෝ සහ රැකියා විරහිත උදවියද, එහෙමත් නැත්නම් පාර්ලිමේන්තුවේ රෙදි උස්සගෙන කුනුහුරුප කියවන සෙට් එකද? මම නම් හිතන්නේ අද ලංකාව ගිලගත්ත කෙනෙකුට වෙන්නේ ඒ වෙලාවේම එ්ක වමාරන්ටයි.
NuwanSunday, 16 June 2019 06:32 AM
වටිනාම ඛනිජ නිධිත් එම තිරයට අයත් වෙනවා. සතිඅන්ත පුවත්පතක උගත් මහාචාර්යවරයෙක් මේ වග සඳහන් කරලා තිබ්බා... ජපානය, පිලිපීනය කොපමණ දුක් වින්දාද ඔවැනි ඇමරිකානු ගිවිසුම් මගින් ඔවුන්ගේ රටවල්වල හමුදා කඳවුරු තිබූ සමයේ, පිලිපීන කාන්තාවන් දුෂණයට, මරාදැමීමට ලක්වුණා. අවසානයේ ලොකු ව්‍යසනයකට පස්සේ ඔවුන් ගියා. අපටත් එ්කම වෙන්න ඕනෑද සතාව අඳුනාගන්න.
maheshikaSaturday, 15 June 2019 11:15 PM
ගෝඨා මන්තරේම මතුර මතුර ඉන්නේ නැතුව වෙන්න යන දේ වළකාගැනීම නේද හොඳ?
විජිත් Saturday, 15 June 2019 03:15 PM
ශ්‍රී ලංකික රට වැසියෝ, අපි ඒ කියන්නේ ශ්‍රී ලංකා කියන අපේ අම්මට ආදරේ කරන මේ රටේ සියලුම ජනතාව, ශ්‍රී ලංකික ලේ ශරීරයේ දුවන සිංහල,දෙමල,මුස්ලිම්,බර්ගර්,මැලේ යන සියලුම ජාතින් ඔබ සමගයි.
kamani Sunday, 16 June 2019 07:11 AM
මේවගේ රට වෙනුවෙන් සටන් කරන ජනතාවටත් අන්ලයික් දමන අර්ධ මිනිස්, මානසික ලෙඩ්ඩු අපේ රටේ ඉන්නකම් මෙරට ඔහොම්ම තමයි...
athuraMonday, 17 June 2019 03:28 AM
ඔය රට වෙනුවෙන් නෙමෙයි. ඇමරිකාවට බැනල ඇමරිකන් කාරයෙක්ම ජනාධිපති කරන්න දගලන්නේ.
WeerawansaMonday, 17 June 2019 06:17 AM
මේවා රට වෙනුවෙන් කරන බව සිතන්නේ මොලේ අමාරුව තිබෙන අය පමණයි. මේවා කරන්නේ බඩ වෙනුවෙන් රට කන්න බව මොලේ කළදක් වත් ඇති අය සිතනවා.
sirisena Monday, 17 June 2019 06:10 AM
ඇමරිකන් භිතිකා රෝගයෙන් පෙලෙන විමල් අවතාරය නුවර එළියේ හොල්මන් කරනවා වගේ.