IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රංජන්ට විරුද්ධව විනය පරීක්ෂණයක්

(දයාරත්න ඇඹෝගම)

මහා සංඝරත්නයට අපහාස කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට විරුද්ධ විනය පරික්ෂණයක් සිදුකිරිමට අගමැතිවරයා මෙවන විටත් ක්‍රියා කරමින් සිටින බව වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍ය පි.හැරිසන් මහතා අද (17) අනුරාධපුරයේ දී පැවසීය.

යාං ඔය ව්‍යාපෘතීය නිසා ඉඩම් අහිමි වුවන් සඳහා වන්දි ප්‍රදානය කිරිමේ උත්සවය  අද (17) අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්  අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී යාං ඔය ව්‍යාපෘතීය ඉඩම් අහිමිවූ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් 36 දෙනෙකු සඳහා රුපියල් මිලියන 42 ක් ඇමැතිවරයා විසින් බෙදා දෙනු ලැබීය.

එම උත්සවයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාට යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නයටත්, බුද්ධාගමටත් අගෞවරයක් වන ආකාරයට සිදුකළ ප්‍රකාශය  සම්පුර්ණයෙන්ම හෙළා දකිනවා.

මේක බෞද්ධ රටක්. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ තමයි මහා සංඝරත්නය.ඒ නිසා රංජන් රාමනායක මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පාක්ෂිකයෙක් ලෙස මහා සංඝරත්නයෙන් සමාව ඉල්ලා සිටිනවා.

පසුගිය කාලයේ මහා සංඝරත්නයේ උපදෙස්, අවවාද අනුශාසනා නොතකා දළදා මාලිගය ඉදිරිපිට රේස් පැද්දා. ඒ තත්වයට පත් නොවන්නටයි ජනතාව මේ රජය පත්කලේ. මේ හේතුන් නිසා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විරුද්ධව අගමැතිවරයා විසින් විනය පරික්ෂණයක් ඉදිරියේ දි සිදු කරනු ඇතැයිද අමාත්‍ය පි.හැරිසන් මහතා මෙහිදි පැවසිය.



අදහස් (11)

රංජන්ට විරුද්ධව විනය පරීක්ෂණයක්

rangoj Wednesday, 17 July 2019 11:43 AM

අනේ අපරාදේ කාලේ නස්තිකරන්නේ... විනය පරීක්ෂණේ ප්‍රතිඵලේ මොකක්ද කියලා ඕක දාන්නත් කලින් හැමෝම දන්නවනේ...

:       0       106

samantha Wednesday, 17 July 2019 12:16 PM

විනය පරීක්ෂණ කරකර හිටපියව්.. රටට හෙන ගැහුවත් කමක් නැහැ. තව ටිකයි... ඡන්දෙ ඉල්ලගෙන එන්න එපා අායෙත් නම්...

:       1       103

ලුම්බිණි Wednesday, 17 July 2019 12:23 PM

මීට වඩා කල යුතු දේවල් අපමණයි. බොරු වැඩ කරන්න එපා.

:       0       0

Nuwan Wednesday, 17 July 2019 12:29 PM

ඔය දේශපාලන නාට්‍ය නෙමේ අන්න "මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනයට ආගමික නායකයන්ගේ එකඟතාව ලැබී නෑලු" කියල ප්‍රවුර්තියක් පලවෙනවා. මතක තියාගන්න ඔය රන්ජන්ලා, මංගලලා හැමෝම එක එක මාතෘකා සතියෙන් සතියට ගෙනැල්ලා අපට පේන්න රටේ නාට්‍ය පෙන්නලා අනිත් පැත්තෙන් උන්ට ඕන දේ කරගන්නවා.. ඕවට අහුවෙන්න එපා ඔබ බුද්ධිමත් නම්.., පිටුපසින් වෙන්නේ මොකද්ද කියලා දකින්න.

:       202       395

ravi Wednesday, 17 July 2019 12:30 PM

මීට වඩා හොඳයි නේද? කෙලින්ම.. අවුරුදු 18ට අඩු දරුවන්, බාලවයස්කාරයින් ආගම් වලට බඳවා ගැනීම... අද සිට තහනම් කෙරුවා නම්...

:       12       5

janis Wednesday, 17 July 2019 12:50 PM

විනය පරීක්ෂණය නෙමේ... පක්ෂයෙන් නෙරපා දමන්න. නැත්නම් ඔබතුමාට ගෙදර යන්න වැඩකරන්නේත් ඔබේ පක්ෂයේම ඉන්න මේ වගේ අයගෙන්...

:       51       45

JCN Wednesday, 17 July 2019 01:09 PM

රන්ජන් කියපු කතාව ගොඩක් දුරට ඇත්ත. විනය පරීක්ෂණ අවශ්‍ය හාමුදුරුවන්ට. කිසිම විනයක් ඇති බවක් පේන්න නෑ.

:       184       169

සේන Wednesday, 17 July 2019 02:22 PM

එකම පවුලේ අයට මොන විනය පරීක්ෂණද? මාමා පිටපත ලිව්වා. බෑණා කියෙව්වා. දැන් රටම ඒක පස්සෙන්. ඒ අව්අස්සේ මොන මොන පනත් සම්මත කරගත්තද දන්නේ නෑ. අනේ කවදා නම් මේ කපටි නඩයෙන් අපේ මව්බිම ගැලවේද? පීදීගෙන ආපු පොල් ගහට හෙන ගැහුවා වගේ වැඩක්නේ වුණේ...

:       0       94

Nuwan Wednesday, 17 July 2019 02:31 PM

ඉහළ මම පෙන්නපු "මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනයට ආගමික නායකයන්ගේ එකඟතාව ලැබී නෑලු" කියන ප්‍රවෘත්තියට ඩිස්ලයික් බර ගානක් දමලා තියනවා කට්ටිය, මට ඩිස්ලයික් දැම්මට වැඩක් නැහැ ඔබල පත්තර බලන්න බොරුනම්... ඇත්ත හංගන්න බැහැ ඩිස්ලයික් දාලා. ඇත්ත තිත්තයි.

:       201       88

MD Thursday, 18 July 2019 03:30 AM

රන්ජන් ඇත්තටම ඔයාට හිතෙන්නේ නැත්ද? ඔයා ඉන්නේ ගංගා, කඳුවැටි, වනපෙත්, සමුදුරෙන් වටවුණු මනරම් රටක කියලා. ඒවගේ රටකට, ලෝකයට පේන්න මේ වගේ කුණු ගොඩගහන ජරාව ගෙනත් දාන මනුස්සයෙක්ද? අමනුස්සයෙක්ද?

:       0       0

KANDEPOLA Thursday, 18 July 2019 08:22 AM

එතකොට මහා දවාලේ මහා බැංකුව කඩන්න ප්ලෑන් කරපු අයට විනය පරීක්ෂණ නැත්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 164 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 33 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1253 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 2796 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 3277 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1561 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 286 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1647 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site