(රන්ජන් කටුගම්පොළ සහ මනෝප්රිය ගුණසේකර)
විනිසුරුවරුන් හා නීතීඥවරුන් බහුතරයක් දුෂිත බවට සමාජ සවිබල ගැන්වීම හා සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශය ඇතුලත් ශ්‍රව්‍ය දෘශ්‍යපට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ විද්‍යුත් මාධ්‍ය ආයතනයට අද(14) නියම කළේය.
අදාළ ශ්‍රව්‍ය දෘශ්‍ය පට ලබන ජනවාරී මස 15 වැනිදා හෝ ඊට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
මීට පෙර අවස්ථාවක අධිකරණයෙන් නිකුත් කොට තිබු සිතාසියකට අනුව මෙම පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අනිල් ගුණරත්න, බුවනෙක අළුවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.
සිංහල රාවයේ කැඳවුම්කරු මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික හමුදා නිලධාරීයකු වන සුනිල් පෙරේරා මහතා විසින් රන්ජන් රාමනායක මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කොට ඇත.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රංජන්ට එරෙහි නඩුවේ විද්‍යුත් මාධ්‍ය සාක්කි ඉල්ලයි
PRASAD Thursday, 14 December 2017 11:14 AM
රන්ජන් කියන්නේ ගොඩක් වෙලාවට කෙලින් කතාකරන පොරක් තමයි.
sumal perera Thursday, 14 December 2017 12:18 PM
අපේ උසාවි නම් වැඩකට නැහැ. ඇතැම් නඩුකාරයෝ ගොඩක් පගා කාරයෝ තමයි...
abaran Friday, 15 December 2017 12:53 AM
ඇයි නිිතිඥයින්ට අපහාස කළයි කියලා නිතිඥයෙක් නඩුවක් ගොනු නොකෙර හිමිනමක් නඩු දැම්මේ? මේක මට තේරෙන්නේ නැහැ.
Prabath Friday, 15 December 2017 03:02 AM
රන්ජන් මහත්තය කතා කලේ අද රටේ තියෙන ඇත්ත තත්වය.ඕකට අරක මේක හොයල වැඩක් නැහැ.මහජන යට ඕන මේ ප්‍රකෝටි ගණම් මහජන මුදල් හොර කාපු නඩු වලට දඩුවම් කෝ කියල? ඉතින් ඇත්ත කිවුවට රන්ජන් මහත්තය පලි නැහැ.රන්ජන් මහත්තය ඔබට අපි ගරුකරනවා ඔබේ නිර්බිත කතාවට.