IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රංගජීවට ඇප


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරයේ ආරක්ෂක අංශ විසින් සිදු කළ  සෝදිසි මෙහෙයුමකදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කරන ලදී.

තමන් ඇප මත මුදා හරින්නැයි ඉල්ලා නියෝමාල් රංගජීව මහතා සිය නීතීඥවරුන් මාර්ගයෙන් ගොනු කළ ප‍්‍රතිශේධන පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දී තිබේ.

මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
ඇප ලබා ගැනීමෙන් පසුව සෑම මසකම අවසන් ඉරිදා දින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට අභියාචනාධිකරණය සැකකාර නියෝමාල් රංගජීව මහතාට නියෝග කළේය.

තවද සැකකරුට විදේශ ගතවීම වළක්වාලමින් අධිකරණය විසින් නියෝගයක්ද නිකුත් කරන ලදී.

මීට අමතරව වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනට  රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ලමාහේවා මහතා ඇප ඉල්ලා ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සම ලබන නොවැම්බර් 9 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

තමන්ට ඇප ඉල්ලා පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සමේ මෙසේද සඳහන් විණි.

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ආරක්ෂක අංශ විසින් සිදු කළ  සෝදිසි මෙහෙයුමකදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා මත ඉකුත් මාර්තු 23 වැනිදා සැකපිට අත්අඩංගුවට ගැනුණු තමන්ට ඇප ඉල්ලා කොළඹ මහාධිකරණය හමුවේ ඇප අයැදුම්පතක් ගොනු කළද එය ප‍්‍රතික්ෂේප කෙරුණි.එය නීතිවිරෝධී යැයි පෙත්සම්කරු කියා සිටී.
එබැවින් මෙලෙස මාස පහකට ආසන්න කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ට ඇප ලබා දෙන්නැයි පෙත්සම්කාර පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා සිය ප‍්‍රතිශෝධන පෙත්සමින් ඉල්ලා තිබිණි.

පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ අසිත විපුලනායක මහතා සමඟ ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා පෙනී සිටියේය.



අදහස් (5)

රංගජීවට ඇප

thusitha Tuesday, 25 September 2018 02:30 PM

ආණ්ඩුවේ තවත් රගපෑමක් අවසන්, රට වෙනුවෙන් මහත් කැපවීමක් කලවුන් හට විදින්නට වී ඇති අපහසුතාවන්ට ආණ්ඩුවට සම්බන්ද සැමටම මේ පවු වන්දි ගෙවීමට සිදුවනු ඇත

:       0       114

රොමේෂ් Tuesday, 25 September 2018 02:37 PM

දක්ෂ පොලිස් නිලධාරියෙක්. තමන්ගේ රාජකාරිය අකුරට ඉටුකරන් උන්නනම් අද මෙහෙම දුක්විඳින්න ඕන නැහැ.

:       1       133

පිටිගල මිලානෝ Tuesday, 25 September 2018 03:19 PM

නම් අඬගහන්න කියපු කෙනා බය නැතුව ඉදිරිපත් වෙන්නකෝ.

:       2       24

Chandima Wednesday, 26 September 2018 03:32 AM

මේ නිලධාරියා ජිවිතේ පරදුවට තියල මත් කුඩු රටෙන් තුරන් කරන්න රාජකාරි කරපු කෙනෙක්. ඔහුට මෙහෙම කලහම අනිත් නිලධාරියොත් මිට පස්සේ වැඩි වැඩ නොකර ඔහේ දවස ගත කරලා ඇඟ බේරාගෙන පැත්තකට වෙලා ඉඳීවි. රටේ කුඩු නිසා රට තවත් කුඩු වෙලාම යාවි.

:       0       12

Senarath Wednesday, 26 September 2018 03:59 AM

නාලක සිල්වල ජනපති මරන්න කුමන්ත්‍රණය කළා කියල සාක්ෂි, හඬපට, ආයුධ අත්රුදන් වීම වගේ සාක්ෂි තිබිලත් මොනතරම් අමාරුවෙන්ද අනිවාර්ය නිවාඩු යවා ගත්තේ. එත් මේ කුඩු රජාල 200ක් විතර අල්ලලා හිරේට යවන්න කටයුතුකරපු දක්ෂ පොලිස් නිලදරියෙකුට සලකන ආකාරය ඉතාම නින්දිතයි. ඔවුන් අධෛර්යමත් කරලා කුඩුකාරයෝ අපරාධකාරයෝ සතුටුකරන්න තමා අද බොහොමයක් ලොකු ලොක්කෝ පේවෙලා ඉන්නේ.

:       0       68

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 101 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 283 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 55 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 499 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1415 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 3588 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site