යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානවල මේ වනවිට කිසිඳු කොරෝනා ආසාදනයක් සිදුවී නැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරයි. ශ්‍රී ලංකාවේ විශාලතම හා ප්‍රධානතම යුදහමුදා පුනරුත්ථාපන කඳවුර වන්නේ කන්දකාඩු යුදහමුදා කඳවුර බවත්, අධිකරණ නියෝගවලට අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රැඳෙවියන් පුනරුත්ථාපනය කිරීමත් එහිදී කෙරෙන නමුත් යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානවල මේ වනවිට කිසිඳු කොරෝනා ආසාදනයක් සිදුවී නැති බවත් හමුදාපතිවරයා අද (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ශ්‍රී ලංකාව තුළ උද්ගතවී ඇති කොරෝනා ව්‍යවසනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් විශේෂ මාධ්‍ය හමුවක් පැවැතිවිණි. මෙම ප්රවෘත්ති සාකච්ඡාවේදී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මෙසේ පැවසීය.
“පසුගිය ජූලි 07 වැනිදා නැවතත් වැලිකඩ බන්ධනාගාරයේදී සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ මගින් කොරෝනා ආසාධිතයකු හඳුනාගනු ලැබුවා. මේ තත්වයත් එක්ක වැලිකඩ බන්ධනාගාරය තුළ 312 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කළා”
“මෙම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට පැමිණි පුද්ගලයෙක් නැවත කන්දකාඩු වෙත රැගෙන යාට ප්‍රථම පී.සී.ආර්. පරීක්ෂණය කළ යුතු වෙනවා. 40 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණය කළාම 39 ක් නෙගටිව් වෙනවා. එක් පුද්ගලයෙකුට පොසිටිව් වෙනවා. සාමාන්‍යයෙන් වෙන්නේ ඒ විදිහටයි”
“බන්ධනාගාරයේ 312 දෙනාගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා මගින් කෝවිඞ් ආසාධිතයින් නොවන බවට තහවුරු වෙලා තියෙනවා. මේ පුද්ගලයා ජුනි 27 වැනිදා බන්ධනාගාරයට ඇවිත් ජූලි 01 වැනිදා තිබූ නඩුවකට ස්කයිප් තාක්ෂණය හරහා සහභාගී වෙනවා. ජූලි 03 වැනිදා මෙම පුද්ගලයා පී.සී.ආර්. පරීක්ෂණයට යොමුකළා. ජූලි 07 වැනිදා පොසිටිව් වෙලා කොරෝනා ආසාධිතයකු ලෙස හඳුනා ගැනුණා”
“ජුනි 27 සිට ජූලි 4 දක්වා සියලු දෙනාම පී.සී.ආර්. පරීක්ෂණ වලට යොමුකළා. ඒවා නෙගටිව් බව තහවුරු වුණා. මීට අමතරව තවත් පිට වෙනත් බන්ධනාගාරවල සිටින 242 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කළා. ඒ අය දැනටත් නිරෝධායනය වෙමින් සිටිනවා. තවත් ආසාධිතයෙක් ඊයේ (10) හමුවී තිබෙනවා. මේ විදිහට වැලිකඩ බන්ධනාගාරයේ මෙම කටයුතු නිසි ක්‍රමයකට පාලනය වෙමින් පවතිනවා”
“යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානවල මේ වනවිට කිසිඳු කොරෝනා ආසාදනයක් සිදුවී නැති බව මම තරයේ කියා සිටිනවා. අප රටේ විශාලතම හා ප්‍රධානතම යුදහමුදා පුනරුත්ථාපන කඳවුර වන්නේ කන්දකාඩු යුදහමුදා කඳවුරයි. අධිකරණ නියෝගවලට අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රැඳෙවියන් පුනරුත්ථාපනය කිරීමත් මෙහිදී සිදුකරනු ලබනවා”
“මෙම කොරෝනා ආසාධිතයා සොයාගැනීමත් සමග 450 ක් පමණ පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කළා. එහිදී 57 ක් ආසාධිතයන් බව තහවුරු කළා. මේ අතර කොරෝනා ආසාධිතයන් අතර නාත්තන්ඩියේ පදිංචි උපදේශක කාන්තාවකුත් සිටිනවා. ඒ නිසා ඇයට සම්බන්ධ සියලුම දෙනා නිරෝධායනයට යොමුකරලා තිබෙනවා. මේ ආකාරයට සියලුම ක්‍රියාමාර්ග අපි අරගෙන තියෙනවා.”
“පී.සී.ආර්. පරීක්ෂණ මගින් සනාථ වූ කොරෝනා ආසාධිතයන් සියලු දෙනා වෙනම යොමු කිරීමට කටයුතු කරනවා. මේ වනවිට උපදේශක කාන්තාව හැරෙන්නට 56 දෙනා කන්දකාඩු රෝහලට ඇතුළත් කර තිබෙනවා. රාජාංගණයෙන් තවත් පුද්ගලයකු හමුවී තිබෙනවා. එම පුද්ගලයාටත් ඔහුගේ දරුවන් දෙදෙනාටත් කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වුණු නිසා ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා. ඔවුන්ට සම්බන්ධ සියලු දෙනාම නිරෝධායනවලට යොමුකර තියෙනවා”
“කන්දකාඩුවල නිරෝධායනය කළයුතු 220 දෙනා නියමිත දින ගණන පැමිණීමෙන් පසු නිරෝධායනය කළ යුතු වෙනවා. ඒ නිසයි තවම පී.සී.ආර්. පරීක්ෂණ ඔවුන්ට නොකරන්නේ”
“කන්දකාඩු යුදහමුදා පුනරුත්ථාපන මධ්‍යස්ථානයත් ඉකුත් 8 වැනිදා කොරෝනා ප්රතිකාරක රෝහලක් බවට පත්කළා. කොළඹ රැගෙන යනවාට වඩා එතැනදීම නිසි ප්‍රතිකාර කිරීම වඩා සුදුසු නිසාත් අපි එසේ කළා. නිවාඩු සඳහා ගිය අයත්, උපදේශන කටයුතු සිදුකළ අයත් සහ අනෙක් සියලු දෙනාම නිවෙස් වල සිටම ආරක්ෂිතව නිරෝධායනය කිරීමට අපි කටයුතු කර තිබෙනවා”
“ඉතින් මේ ආකාරයට තමයි අපි 7 වැනිදා සිට කටයුතු කළේ. විවිධ කටකතා පැතිරුණත් ඇත්ත තත්වය ඕකයි. පසුගිය අප්‍රේල් 30 වනවිට කොරෝනා ආසාධිතයින් 313 කට සීමා කිරීමට හැකිවූයේ අතිගරු ජනපතිතුමා, අගමැතිතුමා ඇතුලු රජයත්, සෞඛ්‍ය අංශත්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් සියලුම නිලධාරින් කැපවීමෙන් කටයුතුකළ නිසයි. ඒ නිසා ඉදිරියටත් කොරෝනා පාලනය කරගැනීමට සියලුම ශ්‍රී ලාංකික ජනතාවම කටයුතු කරයි කියලා අපි අපේක්ෂා කරනවා.” යැයිද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාද මාධ්‍ය හමුවේදී මෙසේ සිය අදහස් ප්‍රකාශ කළේය.
“කොරෝනා කියන්නේ එක පොකුරක් නැතිවන විට තව පොකුරක් ඇතිවෙන විදිහට පැතිරී යන දෙයක්.. කොරෝනා ආසාධිත වැලිකඩ පුද්ගලයා හඳුනාගැනීමත් සමග කන්දකාඩුවල තත්වය ගත්තත් මෙයත් එවැනි ප්රතිඵලයකි”
“කන්දකාඩු කඳවුර හරහා සුදුවැල්ල ප්‍රදේශයේ සිට එන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් සිදුවූ පරිණාමයක් සහ රැල්ලක් වෙනවා. මෙවැනි කොරෝනා පොකුරු පාලනයට නිසි ක්‍රියාමාර්ග ගත යුතුයි. පී.සී.ආර්. පරීක්ෂණය මගින් නිසිලෙස තහවුරු කළ යුතුයි. එහෙත් ඇතැම්විට පී.සී.ආර්. පරීක්ෂණය නෙගවිට් වෙලා පසුව පොසිටිව් වෙන්න පුලුවන්”
“ඒ නිසා සුපිරි අවිය වන්නේ නිරෝධායනයයි. සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සමාජයට බැහැලා මේවා වළක්වාගන්න කටයුතු කරනවා. අපිට කෝවිඞ් නෑ කියලා කියන්න බැහැ දැන්මම. නිසිලෙස සෞඛ්‍ය උපදෙස් පිළිපැදලා, පොකුරු පාලනය කරලා, නිරෝධායනයට ලක්වෙලා කටයුතු කරන්න ඕනේ. ඒකට සියලු දෙනාගේම සහයෝගය ඕනේ.” යැයි අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානවල කොරෝනා නෑ
සමීර Saturday, 11 July 2020 03:02 PM
දේශපාලකයන්ට ඕන විදියට රූකඩ වගේ හැසිරෙන කොට වීරයො විකටයෝ වෙනවා...
සෙනෙවිරත්න Sunday, 12 July 2020 08:52 AM
සහතික ඇත්ත, මේ කටින්ම කියපුවා ටිකකින් වෙනස් වෙනවා. කන්දකාඩු තිබුණේ කා යටතේද? රටේ මිනිස්සු කියපු විදියට හිටියා, විවිධ ප්‍රදේශවලින් එන අය එක්කරන කොට එතන නිරොධායනය තිබිය යුතුයි නේද? කන්දකාඩු එහෙම තැනක් නේද? එතන වගකීම සාමාන්‍ය ජනතාවද? ඡන්දෙ තියන්න යටිතලය හදපු එකත් මාධ්‍ය මගින් පුද්ගල පිම්බිල්ල විතරයි දැක්කේ...
Kanishka Saturday, 11 July 2020 04:54 PM
ලැබෙන වගකීම කුමක් වූවත්, ඉතා කැපවීමෙන්, හොඳින් ඉටු කිරීමට ගන්නා උත්සාහය ඉතා ප්‍රශංසනීයයි. ඒ සියල්ලම සිය උපන් දේශය වෙනුවෙන්. ඔබතුමා සැබෑ වීරයෙක්...
Champa Saturday, 11 July 2020 06:12 PM
ඔබ සාධාරණීය කරන විදිහ පිළිගන්න බැහැ. මෙතනම උඩ තියෙනවා ප්‍රතිකාර ලබන ආසාධිතයන් සංඛ්‍යාව අද වෙනකොට 468ක් ලු. එහෙම එකපාරට වුනේ පොකුරකින් කියන එක පිළිගන්න බැහැ. පැහැදිලිවම මේ පිරිසට කොරෝනා ආසාදනය වෙලා තිබිලා ආණ්ඩුව තොරතුරු හංගගෙන ඉඳලා තියෙනවා. ආණ්ඩුව ඡන්දයක් වෙනුවෙන් තරුණ මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරනවා. ලෝකය පුරා දැනට පැතිර යන කොරෝනා දෙවෙනි රැල්ල බිල්ලට ගන්නේ තරුණ පරම්පරාව... ඇන්තනි කියනවා මාස කීපයකට ඉස්සෙල්ලා ආසාදනය වුණු පිරිසට වඩා දැන් මේ සාමාන්‍ය අගය අවුරුදු 15කින් පහළට ඇවිල්ලලු. ඒ කියන්නේ අවුරුදු 20 - 30 පරාසයේ පිරිස් වේගයෙන් ආසාදනය වෙන්න පටන් අරන් කියලා කියනවා. ලංකාවේ මේ අලුතින් ආසාදනයට ලක්වුණු හාරසිය ගණනකගේ වයස්වල මධ්‍ය අගය කීයද? හමුදාපතිතුමා, ඔබ ආණ්ඩුව වෙනුවෙන් ගිරා සංදේශය කියවනවා වුණත් රටම ඔබට ආදරය කරන නිසා ඔබට විරුද්ධ ලියන්න මට හිතෙන්නේ නැහැ...
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 12 July 2020 04:33 AM
හමුදාපතිතුමා, ඊයේ මධ්‍යම රාත්‍රියේ එක්තරා සමාජ ජාලා එකකින් දින තුනක් නිවාඩු කියා පණිවිඩ වගේ වගයක් ඇවිත් තිබුණා. පසුව ඒවා තාක්ෂණික දෝෂයක් කියා ඉවත් කොට තිබුණා. මේ නිසා ජනතාව කැලඹුණා. කරුණාකර මෙවැනි දේට කවුරුන් කළත් වැට බැඳිය යුතුමයි.. ඔබතුමා දන්නවා ඇති, රජයක් විසින් නිවැරදි තොරතුරු ඉක්මණින්ම සමාජගත නොකළහොත්, ජනතාව කැලෑ පත්තර, කටකතා ආදිය ගැන විශ්වාසය තබනවා. එබැවින්, මේ සම්බන්ධව රජය දැනුවත් කොට හැකි ඉක්මණින් නිවැරදි තොරතුරු ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරවන්න. එවිට බොරු ප්‍රචාර පතුරුවන ඇතැම් සමාජජාලා හා කැලෑපත්තර වැනි අංශ ජනතාව අතරට නොඑනු ඇත. එයින්, ඔබතුමා කෙරෙහිත්, රජය කෙරෙහිත්, සෞඛ්‍ය අංශ කෙරෙහිත්, ජනතා විශ්වාසය තවතවත් ගොඩනැගෙනු ඇත. ස්තුතියි.
tin tin Sunday, 12 July 2020 05:07 AM
ඉතින් ඒක තමයි අපිත් කියන්නේ... ඡන්දයට ගිහිල්ලා ‘‘ පොකුර‘‘ වැඩිකරගන්න ඕනෙද?
Risham Sunday, 12 July 2020 06:23 AM
මේ දවස්වල කොරෝනා හැදෙන්නේ නෑ.. කොටි නැගිටින එකයි රට බෙදන එකයි නවත්තන්න තුනෙන් දෙක ගත්තම තමයි ආපහු කොරෝනා එන්නේ. එතකන් බලන් ඉඳිමු. නාමල් කුමාරලා මේක් අප් දාගෙන ලෑස්ති වෙන ගමන්.. හෙට අනිද්දාට එළියට එයි...