IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


යුද ජයග්‍රාහණයට අදට වසර 12යි

(ඩයනා උදයංගනී)

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර 30 අවුරුදු යුද්ධය නිමාවට පත් කරමින් ශ්‍රී ලංකාව ලබාගත් යුද ජයග්‍රහණයේ 12 වැනි සංවත්සරය අද (18) ට යෙදී ඇත.

කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේදී 2009 වසරේ මැයි 18 වැනිදා මරණයට පත්වීමත් සමඟ එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත්විය.

ත්‍රස්තවාදයට එරෙහි සටනේදී දහස් රණවිරුවන් දහස් ගණනක් මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ අතර තවත් දහස් ගණනක් ආබාධිත තත්වයට පත්විය.

යුද්ධයේදී දිවි පූජා කළ හා තුවාල ලැබූ රණවිරුවන් සිහි කිරීමේ රණවිරු සැමරුම් දිනය හෙට (19) ට යෙදී ඇති අතර ඒ නිමිත්තෙන් සංවිධානය කරන සැමරුම් උත්සවයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අසල දී හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් මෙවර රණවිරු සැමරුම පැවැත්වීමට කටයුතු යොදා ඇත. වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එවක ජනාධිපතිවරයා ලෙස යුද ජයග්‍රහණයට නායකත්වය දුන් අතර වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යුද්ධය සමයේ ආරක්ෂක ලේකම්වරයා ලෙස යුද ජයගහණයට උර දුන්නේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යුද ජයග්‍රහණයේ 12 වැනි සැමරුම නිමිත්තෙන් පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් ද කළේය.

 



අදහස් (5)

යුද ජයග්‍රාහණයට අදට වසර 12යි

ලුම්බිණි Tuesday, 18 May 2021 07:19 AM

සැමරුම් උත්සව පවත්වන වෙලාවක් නොවෙයි නේද මේක?

:       5       4

Deepal Nirosh Tuesday, 18 May 2021 07:25 AM

එදා අපේ රණ විරුවන්... අද ඔබමයි සුවවිරුවන්... හෙටත් අපේ ඒ විරුවෝ වෙයි හෙළයේ දැය විරුවෝ..!!! 

:       1       7

pradeepa Tuesday, 18 May 2021 07:59 AM

ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, සිවිල් බලකායට, සෞඛ්‍ය අංශයට සහ බදු මුදල් වැයකළ මේ රටේ අතිමහත් ජනතාවට අපේ ගෞරවය.

:       2       5

Raveendra Tuesday, 18 May 2021 10:23 AM

ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ගෙන් අපගේ මතෘභූමිය බේරා ගැනුමට තම වටිනා ජීවිත පූජාකළ මෙන්ම තම ශරීරයේ අවයවයන් නැති කරගත් ඒ අභීත රණවිරුවන්ට ලංකාමාතාවගේ සියලුම දූදරුවන් සදා ණය ගැතියි.

:       0       2

ජනතාව Tuesday, 18 May 2021 10:40 AM

එවකට හිටපු යුද හමුදාපතිතුමන්ගේ නායකත්වය කැපවීම ප්‍රශංසනීයයි. සියලුම ත්‍රිවිධ හමුදාවන්ට සහ රණවිරුවන්ට සහ දායකත්වය දුන් සැමට අපගේ ප්‍රණාමය...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 140 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 298 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1290 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 180 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 385 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 350 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site