IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


යුක්‍රේනයේ 45 ක් සමග උදයංග වීරතුංග පොළොන්නරු යයි

(ඩබ් ඒ පියතිලක )
 
ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුක්‍රේන ජාතික සංචාරකයෝ 45 දෙනෙකු අද (19) ඓතිහාසික පොළොන්නරුව පුජා භූමියේ සිද්ධස්ථාන නැරඹීම සඳහා පැමිණ සිටියහ.
 
උදයංග වීරතුංග මහතා ඇතුළු මෙම කණ්ඩායම පොලොන්නරුවට පැමිණිමෙන් පසු  මධ්‍යම සංස්කෘතික අරමුදල පොලොන්නරුව ව්‍යාපෘති කාර්යාලයේ නිලධාරීන් විසින් යුක්රේන් ජාතික සංචාරකයෝ මහත් හරසරින් පිළිගෙන ගනු ලැබූහ.
 
බස් රථ කීපයකින් පොලොන්නරුවට   පැමිණි විදේශීය සංචාරකයන් හට පොලිසිය සහ යුද හමුදාවේ පූර්ණ ආරක්ෂාව සපයා තිබිණි.

 පසුව එම පිරිස මාළිගාව, වටදාගෙය, රන්කොත් වෙහෙර, ගල්විහාර සහ තිවංක පිළිමගෙය නැරඹිමෙන් පසු මාතලේ අළු විහාරය  නැරඹිමට පිටත්ව යන බව එහි සිටි නිළධාරියෙකු පැවැසිය.
 
සංචාරක පිරිස සඳහා ආරක්ෂාව සැපයීමට පැමිණ සිටි පොලිසිය යුද හමුදාව මෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදල කණ්ඩායම ද ආරක්ෂිත ඇඳුම් වලින් සැරසී  පිරිසට පහසුකම් සැපයීම සඳහා ක්‍රියා කරනු ලැබූහ.



අදහස් (24)

යුක්‍රේනයේ 45 ක් සමග උදයංග වීරතුංග පොළොන්නරු යයි

ලුම්බිණි Tuesday, 19 January 2021 08:47 AM

දැන් මොකටද බය?

:       3       47

fairoos Tuesday, 19 January 2021 09:32 AM

සර් නියමයි. සංදර්ශනය නැගලා යනවා.

:       3       64

duminda Tuesday, 19 January 2021 09:45 AM

බණ්ඩාට කන්න දෙන්න යන ගමන්..

:       4       43

මංජුල Tuesday, 19 January 2021 09:52 AM

ආදායමට වඩා වියදම් වැඩියි වගේ...

:       4       59

Always breakdown Tuesday, 19 January 2021 10:27 AM

ගිහින් සිරිසේනත් බලලා එන්න.

:       0       45

වීරවිජේTuesday, 19 January 2021 10:43 AM

අන්න හොඳම වැඩේ...

:       0       32

qatar sita Tuesday, 19 January 2021 10:37 AM

අත් උස්සගෙන කරන විගඩමෙන්ම පේනවා මේක මාධ්‍ය සංදර්ශනයක් කියලා.

:       0       44

BamunuarachchiWednesday, 20 January 2021 05:44 AM

හලෝ පින්තූරයක් ගන්නකොට අත්දෙක පහළට දාලා සීරුවෙන් සිට පොටෝ එකට පෙනීසිටින්නේ ගොඩේ අයියලා. මේක මගුල් පොටෝ එකක් නොවෙයි.. එ්ත් සමහර මගුල් පොටෝවල සංදර්ශන දානවා. පොටෝ එකකට පෙනීසිටීමත් සංදර්ශනයක් තමයි. එ්ක දැනගත්තේ දැන්ද?

:       18       0

බුද්දදාස Wednesday, 20 January 2021 11:26 AM

කට්ටි පැන පැන හිටපු කෙනෙක්ගේ කෙරුවාව ගැන කවර කතාද බමුණෝ?

:       0       1

BamunuarachchiFriday, 22 January 2021 12:29 PM

ඇයි හලෝ අර මහත්තයා කට්ටි පැන්න හැටි දැක්කේ නැද්ද?

:       0       0

siri Tuesday, 19 January 2021 11:06 AM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. 69 ලක්ෂයට දැන් හරි සනීප ඇති.

:       1       64

BamunuarachchiWednesday, 20 January 2021 05:51 AM

මේක නියම කතාවක්නේ... ඇයි උදයංග යුක්රේන් නඩය සමග පොළොන්නරු ගියාම 69 සැපද කියලා අහන්නේ...? යුක්රේන් නඩය පොළොන්නරු යාමෙයි අපි නඩයක් පොළොන්නරු යාමේ වෙනස මොකක්ද? අපිටත් සුඛෝපභෝගී බස් රථයක් ගමනට ගන්න පුළුවන් අපිටත් ඔයවිදිහට යන්න පුළුවන්... කැමති නම් උදයංගට ආරාධනා කරන්න පුළුවන් අපි සමග එන්න කියලා...

:       12       1

Nuwan Tuesday, 19 January 2021 11:52 AM

එක එක හෙන්චයියෝ දාලා ලංකාවේ මහජනතාවට මේ පෙන්නන දේවල් වල අවසානේ අර ලිබියාවේ සහ ඉරාකේ හිටපු දූෂිත පාලකයන්ට වූ දේම නොවේවායි පතමි. මොකද ඒ දේ වෙනකොට මාගේ මාතෘභූමිය මේ පාලකයන් හපයක් කර අවසානයි...

:       1       50

Raveendra Tuesday, 19 January 2021 12:22 PM

දැන් සැපද?

:       1       38

Prasad Tuesday, 19 January 2021 12:30 PM

අනේ දෙවියනේ... මේ කරන වින්නැහියට නම් හොඳක් වෙන්නේ නැහැ.

:       1       32

BamunuarachchiWednesday, 20 January 2021 05:54 AM

මොකක්ද හලෝ වින්නැහිය? PCR කළාම ඒ මිනිස්සුන්ට කොරෝනා නැහැ. බෝවුණොත් අපෙන් තමයි. ඔවුන් කියයි අපිට බෝවුනේ ලාංකිකයින්ගෙන් කියලා...

:       14       2

de silva Tuesday, 19 January 2021 12:35 PM

නුවන් ලංකාව ලිබියාවක් වෙන්නේ නැහැ. ඒකට හේතුව නන්දසේන කියන්නේ දුබල පාලකයෙක්. ඔහු ගඩාෆිගේ කිට්ටුවෙන්වත් තියන්න බැහැ.

:       3       49

Buddika Tuesday, 19 January 2021 01:53 PM

රටේ සල්ලි කෝටි ගාණක වංචා, චෝදනා තියාගෙනත් ලංකාවට එන්නේ නැතිව කට්ටි පැන්නා. අවසානේ පරපුර රජවුණාම සුදු ඇඳගෙන ඇවිත් දැන් සංචාරක ව්‍යාපාරය හරහා තවත් හොරකම් කරන්නද හදන්නේ? ළඟදීම මෙයා නිදහස් වෙයි. ඔප්පු කළ හැකි සාක්ෂි නැහැ කියලා කියයි.

:       2       47

thusharaWednesday, 20 January 2021 05:02 AM

මෙයා නම් නිදහස් වේවි...!!! හැබැයි ප්‍රතිඵල නන්දසේන ප්‍රමුඛ ආණ්ඩුවම තව අවුරුදු 3 1/2 කින් අත්විඳීවි..

:       0       6

rangana Tuesday, 19 January 2021 06:47 PM

මානසික රෝගියෙක් වගේ මට නම් පේන්නේ...

:       0       0

Prasad Wednesday, 20 January 2021 02:01 AM

කොරෝනත් එක්කම තවත් වයිරස් ඇති එහෙනම්...

:       0       0

sharm warn Wednesday, 20 January 2021 04:40 AM

හොරෙකු වීරයෙකුට ඇන්දවීම... 69 ලක්ෂයකට ජයවේවා..!!! 

:       0       7

de silva Wednesday, 20 January 2021 01:23 PM

මේවා බලලා නන්දසේනගේ 69 ලක්ෂෙන්, රටවිරු පවුල්වල සහ සුළු පරිමාණ සංචාරක ව්‍යාපාරයන් ජීවිකාව ගැටගහ ගත්තු ඡන්ද දායකයන් ලක්ෂ 5ක් අනික් පැත්තට ඡන්දෙ දුන්නොත්.., ඔක්කොම කොට උඩ...

:       0       0

කපිල Thursday, 21 January 2021 10:31 AM

ප්‍රසන්න කැකුණ තලනකොට උදයංගට මඟුල්... රටට අවමගුල්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති
2024 අප්‍රේල් මස 17 502 0

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


‘‘එක්වරක් රැවටුණා‘‘
2024 අප්‍රේල් මස 17 515 0

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 688 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ
2024 අප්‍රේල් මස 17 356 0

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය


සගයාගේ අවසන් කටයුතු ගැන බලන්න ’’මහ ගෙදරින්’’ යයි
2024 අප්‍රේල් මස 17 3498 0

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්


සිරිල් ගාමිණි පියතුමා සි.අයි.ඩී.යට කැඳවයි
2024 අප්‍රේල් මස 17 1076 0

ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1464 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site