IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


යාපනයේ සිංහල නාම පුවරු විකෘති වෙයි

 


 
රොමේෂ් මධුෂංඛ
 
උතුරු පළාත් සභාවෙන් ගෙන ඇති තීරණයකට අනුව යාපනයේ ගම්මාන ඇතුළු ප්‍රදේශ නම් කිරීම සඳහා යොදා ඇති නාම පුවරු වෙනස් කිරීම හේතුවෙන් එම නාම පුවරුවල සිංහල අරුත් සම්පූර්ණයෙන්ම විකෘති කර ඇති බවට යාපනයේ සිංහල වැසියෝ පවසති.


උතුරේ ග්‍රාම නාම හා ස්ථානීය නාමයන් පුවරුවල යෙදීමේදී මුලින්ම දෙමළ භාෂාවෙන් ඒවා නම් කිරීමත් අර්ථ පරිවර්ථනය කර ගම්වල නම් සඳහන් නොකරන ලෙසත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් උතුරේ පළාත් පාලන නිලධාරීන් සඳහා වූ රැස්වීමකදී පසුගියදා  ප්‍රකාශ කර තිබිණි.


විදේශිකයින් විශාල පිරිසක් පැමිණෙන බැවින් නාම පුවරුවල පළමුව දෙමළ භාෂාව ද දෙවනුව සිංහලයෙන් ද අවසානයට ඉංග්‍රීසි භාෂාවෙන් ද සඳහන් කළ යුතු බව ප්‍රධාන අමාත්‍යවරයා නිලධාරීන් දැනුවත් කර ඇත.


එම ප්‍රකාශයන්ට අනුව මේ දිනවල උතුරේ බොහෝ ස්ථානවල ග්‍රාම නාම හා ස්ථානීය නාම වෙනස් කර නව පුවරු සැකසීමේ කටයුතු මේ දිනවල පටන්ගෙන තිබේ.


නමුත් එම නාම පුවරු සකස් කිරීමේ කටයුතු දෙමළ නිලධාරීන් සිදු කරන හෙයින් දෙමළ නිලධාරීන් නාම පුවරුවල සිංහල තේරුම පිළිබඳව දැනීමක් නොමැතිවීමෙන් මෙම ගැටලුකාරී තත්වයන් උද්ගතව ඇත.


එමෙන්ම යාපනයේ සිටින සිංහල ජනතාව කියා සිටින්නේ නම යෙදීම කුමන පිළිවෙළකට සිදු කළත් ඒවායෙහි සිංහල යෙදීමේදී නිවැරදිව සිංහල යෙදීමට දන්නා අයෙකුගේ හෝ සහය ලබාගත යුතුව ඇති බවටත් දිනපතා යාපනයට පැමිණෙන සිංහල බැතිමතුන් ද දැඩි අසීරුතාවයන්ට පත්වන බැවින් අදාළ ගැටලුකාරී තත්වයන් හැකි ඉක්මණින් නිවැරදි කිරීමට උතුරු පළාත් සභාව පියවර ගත යුතු බවටත්ය.



අදහස් (45)

යාපනයේ සිංහල නාම පුවරු විකෘති වෙයි

samank Tuesday, 16 October 2018 09:39 AM

දැන් රටම විකෘති කරලා නොවැ තියෙන්නේ ඉතින් ඕක මොකක්ද?

:       45       333

ලුම්බිණි Tuesday, 16 October 2018 10:20 AM

නාම පුවරු සැකසීම එක ආයතනයකින් කළා නම් ප්‍රශ්නේ ඉවරයි.

:       3       275

රනවිTuesday, 16 October 2018 12:27 PM

මේ බල්ලගෙ වැඩේ බූරුවො කරන්න ගිහින්. නොදන්න දේවල් කරන්න ගිහින් වරිගෙ නැහිල.

:       2       60

sirimal Tuesday, 16 October 2018 11:24 AM

මේ වැඩේ හැකි ඉක්මනින් නිවැරදි කල යුතුයි. නැත්නම් වෙන්නේ මේකත් අල්ලාගෙන එක කට්ටියක් අන්තර් ජාලයේ විශාල කලබලයක් ගෙනයාවි " හිටපු කට්ටිය ආපහු ගෙනාවොත් මේවගේ දේවල් වෙන්නේ නැහැ" කියල.

:       367       178

නොකවුට් Tuesday, 16 October 2018 11:33 AM

ගනන් ගන්න එපා එපා ඕවා සුළු දේවල් මේ වෙච්ච දේවල් වල හැටියට

:       11       15

ඇත්ත සත්‍යපාල Tuesday, 16 October 2018 11:34 AM

රටක ජාතියක සංස්කෘතියක මළගමේ අවසාන මොහොතට පැමිණ ඇත. මේ ගසන්නේ ඒ රටේ ජාතියේ සංස්කෘතියේ අවසන් කටයුත්තට පෙර පෙට්ටියට පියන තබා ගහන්නට යන ඇණ කිහිපයයි.

:       0       316

අසංක Tuesday, 16 October 2018 11:40 AM

අණ්ඩර දෙමළද මේවා ?

:       1       101

එර්දි Tuesday, 16 October 2018 11:47 AM

මොකක්ද මේ රටට වෙලා තියෙන්නෙ ඇයි මේ විදිහට භාෂාවක් බාල්දු කරන්නෙ අපහාස කරන්නේ.

:       0       132

kithsiri Tuesday, 16 October 2018 11:57 AM

මේවා ඉන්ටෙර්නෙට් පරිවර්තන වෙබ් අඩවියකිනුත් හදාගන්න තිබුනා නේ...

:       1       128

Dilan Tuesday, 16 October 2018 12:06 PM

මේක නම් අත්වැරැද්දකින් වෙච්ච දෙයක් නොවෙයි.

:       1       266

ප්‍රියන්ත Tuesday, 16 October 2018 12:10 PM

නොදන්න සිංහල ලියන්න ගිහින් මහ ඇමති වරිගේ නසාගන්න වගේ හදන්නේ...

:       1       171

amila Tuesday, 16 October 2018 12:12 PM

ඇයි සිංහල මුලට නැත්තේ...? එහෙමනම් අනිත් පළාත්වල දෙමල කතා කරන අය ඉතා අවම බැවින් සහ දෙමළට සාපේක්ෂව ඉංග්‍රීසි කතාකරන වැඩි නිසා සිංහල මුලට ඉංග්‍රීසි දෙවනුව සහ දෙමල තෙවනුව විය යුතුයි. එහෙම නැත්නම් මුළු රටේම ඉංග්‍රීසි පළමුව සිංහල දෙවනුව සහ දමිල තෙවනුව විය යුතුයි.

:       27       389

RNG Tuesday, 16 October 2018 12:36 PM

මේ අවුරුදු දෙක තුනට මෙහෙම නම් ඉදිරියට කොහොම වෙයිද ..?

:       0       269

WIJAYA BANDARA Tuesday, 16 October 2018 12:38 PM

ගූගල් පරිවර්තනයේ විපාක

:       14       55

Neranja Tuesday, 16 October 2018 12:41 PM

රටකට ගිය කලක්! සිංහල රජය බස, කොලේකට සිමා විය.

:       0       122

laksman Tuesday, 16 October 2018 01:33 PM

මෙය යාපනේ පමනක් සිදුවන දෙයක් නොවේ. අනෙක් පලාත්වලත් සිදුවෙනවා. මෙය බොහෝවිට මෙලෙස වෙනවා.

:       72       14

lalith Tuesday, 16 October 2018 01:43 PM

ඔය මොනවා කළත් මම විධායක බලතල අතට ගත්තාම ස්වයං පාලනයක් දෙනවා දෙනවාමයි. ඒ වුණත් ඔයවගේ සංදර්ශන පවත්වන එක හොඳයි. මොකද මට එන්න බැරි වුනොත් මෝඩ සිංහලයින් කුලප්පු කරලා අායෙත් ගොඩ නොඑන්න කළු ජූලියක් පටන් ගන්වන්න පුළුවනි.

:       13       0

Hafeel Tuesday, 16 October 2018 01:53 PM

දැන් හරි මේ පළාත් සභා ක්‍රමය අහෝසිකලයුතුයි. මේ විග්නේශ්වරන් දේශපාලනයට එන්න කලින් හොඳින් හිටියා.

:       0       50

Janahitha Tuesday, 16 October 2018 01:54 PM

මේ මොන කතාද කියන්නේ. ඒකීය රටක හැම දෙයක්ම රජයට ඕන විදිහටයි වියයුත්තේ. ඉස්සරහට මොන මොන ඒවා වෙනස් කරන්න කියයිද දන්නේ නැහැ.

:       0       11

Janahitha Tuesday, 16 October 2018 01:54 PM

මේ මොන කතාද කියන්නේ...? ඒකීය රටක හැම දෙයක්ම රජයට ඕනෙවිදිහටයි වියයුත්තේ... ඉස්සරහට මොන මොන ඒවා වෙනස් කරන්න කියයිද දන්නේ නැහැ.

:       4       89

sam Tuesday, 16 October 2018 02:09 PM

අර්ථ පරිවර්ථනය කර ගම්වල නම් සඳහන් නොකරන කොට කොහොමද සිංහලයෝ ඒ ගම්වල සිංහල නම් දැනගන්නේ....? මේක සිංහල නම් උතුරෙන් අතුගා දැමීමට කරන උපක්‍රමයක්. තව අවුරුදු පනහකින් කියයි උතුරේ සිංහලයෝ ඉඳලම නැහැ. ඔක්කොම දමිල ජනාවාස තමයි තිබුනේ කියලා. ඔය ගම්මානවල අපේ අතීත නම් ඒ අකාරයෙන්ම සඳහන් කළයුතුයි. දැනටමත් දමිළ නිජබිම යයි කියමින් වෙනම රජයක් ඉල්ලන මොවුන්ට අනාගතයේදී හෝ එය ලෙහෙසියෙන්ම ඉෂ්ට කරගනීමට කරන කුට උපායක් මේක...

:       0       453

Dan Rosh Tokyo Tuesday, 16 October 2018 02:34 PM

මේ මොකක්ද මේ...

:       0       3

prabha Tuesday, 16 October 2018 03:06 PM

ඔව් ලුම්බිණි, වෙනම අමාත්‍යන්ශයක් කරලා ඇමතිකෙනෙක් පත් කරමු

:       0       1

OMG Tuesday, 16 October 2018 03:17 PM

අපිට සිංහල අමතක වෙනවා මේවා දැක්කම....

:       0       3

Ranga Tuesday, 16 October 2018 03:51 PM

දේශපාලකයන් ඉන්නා තුරු ඔය කියන සංහිඳියාව කිසිදාක ඇති කල නොහැක. ඔවුන් ඇතිවන සංහිඳියාව පවා විනාශ කිරීමට කටයුතු කරයි. ඒ ඔවුන්ගේ පැවැත්ම සඳහායි. සංහිඳියාව ඇති කල හැක්කේ එකිනෙකාට පොදු වූද එකිනෙකා ගරුකරන්නා වූද මාධ්‍යයන් හරහා මිස දේශපාලකයන් මුල් කරගෙන නොවේ. එය උතුරු කොනේ ඔබ හිනැහේ සෙල්ලම්මා නංගියේ දකුණු කරේ ඔබ හිනැහේ සුමනසිරී මල්ලියේ කිවූ පමණින් ඇති වන දෙයක් නොවේ. ක්‍රීඩාව , සාහිත්‍ය, කලාව, පොතපත, සමාජ ජාලා, එකිනෙකාට පොදු වූ මධ්‍ය ලක්ෂයන් තෝරාගන ඒ ඔස්සේ එකෙනෙකා තුල පවතින බැඳියාව වැඩි දියුණු කිරීම. උදාහරණ ලෙස ක්‍රිකට් ක්‍රීඩාව සෑම ජාතිකයන්ම එක ලෙස ආදරය කරන අතර මුත්තයියා මුරලිදරන් මහතා හරහා සිංහල ජනසමාජය, මුස්ලිම් ජන සමාජය තුල උද්යෝගය ඇති කිරීම ද රොෂාන මහානාම, මහේල ජයවර්ධන යන මහත්වරුන් හරහා දෙමළ ජනසමාජය තුල ප්‍රබෝදයක් ඇති කිරීම කල යුතුය...මෙය එක් උදාහරණයක් පමණි..

:       0       224

Ranga Tuesday, 16 October 2018 05:30 PM

හිතලම කරලද මන්දා

:       0       1

sam - canada Tuesday, 16 October 2018 09:20 PM

හා..හා... හා !!! විහිළු ගොඩයි

:       0       1

Jaya Wednesday, 17 October 2018 02:14 AM

තේරෙන්නේ නැද්ද ? එක ආයතනයකින් තමයි කරන්නේ. ඒ උතුරු පළාත් සභාව.

:       2       114

ruwan Wednesday, 17 October 2018 02:20 AM

අනෙක් පළාත්වලත් ඔහොම තමයි. මම හිතන්නේ මේ පුවරු සැකසීමේ ව්‍යාපාරය කරන්නේ වෙනත් ජාතිකයින්. නිසි අවබෝධයක් නොමැතිව කරන නිසා වැරදි වැඩියි.

:       1       13

nihal Wednesday, 17 October 2018 03:17 AM

කාට හරි තේරෙන්නේ නැද්ද මේක ඕනකමේ කරපු එකක් කියලා. අමාරු වචන හොදට ලියලා. මුල එක වරද්දලා.

:       0       121

Amal Wednesday, 17 October 2018 04:53 AM

ඇත්තටම ම ගිය පළමු යාපන සංචාරයේදී මට දැනුනේ ලංකාවේ සිටින හොඳම මිනිසුන් ඉන්නේ යාපනේ කියා. ත්‍රිරෝද රථයක නැගී තැනක් හොයා ගෙන එක එක්කගෙන අහගෙන යම් කිසි දුරක් මට යන්න උනා. අවසානේ කියක් ගෙවිය යුතුදැයි විමසු විට, එම පුද්ගලයා පැවසුවේ කියක් හරි දෙන ලෙසයි. එම ක්‍රියාවම කොළඹ හෝ නුවර වගේ පැත්තක වුනා නම්, රථ හිමිය ඉල්ලන ගාන අපට දෙන්න සිදුවෙනවා මෙය එක අවසථාවක් පමණි.

:       21       33

benat Wednesday, 17 October 2018 08:21 AM

රටක රාජ්‍ය ආයතනයකින් මෙවැනි වැඩක් කරද්දී මොනතරම් සොයාබලා කළයුතුද? රටේ පළාත්පාලන අමාත්‍යාංශය, මහාමාර්ග අමාත්‍යාංශය... මෙවැනි කටයුතුවලදී අදාළ පළාත් පාලන ආයතන සහ එහි කටයුතු සම්බන්ධයෙන් මගපෙන්වන්නේ නැද්ද? සිංහල භාෂාව නොදන්නා නිලධාරීන්ට නොදන්නා දෙයක් ගැන තම ස්වකැමැත්තට අනුව මෙසේ කටයුතු කල හැකිද? රටේ ජනතාවගෙන් ලබාගන්න බදු මුදලින් පඩි ගෙවන්නේ මෙවැනි දැනුමක් නැති රජයේ සේවකයන්ටද? අවුරුදු 26ක් පමණ විශාල ජීවිත සංඛ්‍යාවක් අහිමි කරගෙන, රට සුරපුරයක් කළහැකිව තිබූ මහා ධනස්කන්ධයක් වියදම් කරගෙන යුද්ධය අවසන් කර රට එක්සේසත් කලේ මෙවැනි හිතුමතේ වැඩ කරන්න අවසර දීමටද? එක කොඩියක් නම් එක භාෂාවක් පමණයි... රටේ භාෂාව වියයුත්තේ... ප්‍රාදේශීය කොඩි විශාල ගණනක් තිබිය හැකිලෙස ප්‍රාදේශීය භාෂා ද තිබුණාට කමක් නැහැ. නමුත් ප්‍රාදේශීය භාෂාවක් මහා භාෂාවට ඉහළින් ඔසවා තැබීම සුදුසු නැහැ. රටකට එක ප්‍රතිපත්තියක් එක ක්‍රමයක් තිබිය යුතුයි. එකඑක තැන්වලට එක එක විදියට සැලකීමට යාමෙන් කිසිම පාලනයක් හරියට කරගෙන යාමට නොහැකියි. අැයි මේය කළ නිලධාරින් සිංහල භාෂාව නොදන්නවා නම් මෙවැනි වැඩකදී තම ඉහළ ආයතනවලින් අදහස් නොවිමසා කටයුතු කලේ ඇයි?

:       0       60

benat Wednesday, 17 October 2018 08:24 AM

වසර 26 ක් යුද්ද කරලා ජයගත්තේ මෙහෙම හිතුමතේට වැඩකරන්න ඉඩ දෙන්නද ? එහෙමනම් ඔය 26 ම යුද්ද නොකර නිකම්ම දීලා දැම්ම නම් අඩුම තරමේ යුද්දෙට ගිය වියදමවත් ඉතුරුයි .

:       0       89

benat Wednesday, 17 October 2018 08:39 AM

විදුලිබල මණ්ඩලේ පුවරුව නම් හරියටම කරලා තියෙනවා. වනජීවී සංරක්ෂණ එකේ පුවරුව හදහද ඉන්නකොට හදන නිලධාරියාගේ ජීවිත රක්ෂණය දාපු නියෝජිතයා එතනට පැමිණීම නිසා වැරදීමකින් ඔහුගේ නම එහි සටහන්වී තියෙනවා. එසේ නැත්නම් වෙන කිසිම අයුරකින් මෙසේ පරිවර්තනයක් එන්න විදියක් නැහැ...

:       0       1

KANDEPOLA Wednesday, 17 October 2018 10:56 AM

මේක නොදන්නාකම නෙවෙයි. ගොන්කම.

:       0       0

mad Wednesday, 17 October 2018 11:55 AM

මේකෙ සිංහල විතරක් නෙවෙයි, ඉංග්‍රීසිත් වැරදියි. Christian කියන එක ලියලා තියෙන්නෙත් වැරදියට.

:       0       0

Adam Wednesday, 17 October 2018 12:03 PM

කොන්ද පණ ඇති නායකයෙක්.... රටට නැති එකේ කරුමේ...

:       0       160

pakeer Wednesday, 17 October 2018 04:04 PM

මේක හිතා මතා කරපු වැඩක්. රටේ සල්ලි ටිකත් නාස්ති කරලා. ඒ අය පෙන්නන්න හදනවා යාපනේ අය දන්නේ දෙමල විතරයි කියල.

:       0       0

Bamunuarachchi Thursday, 18 October 2018 01:14 AM

බොහොම ඉස්සරනම් සිංහලයෝ මේවට හොඳ පිළිතුරු දුන්නා. දැන් අපි නිවටයෝ වෙලා

:       1       10

charles Thursday, 18 October 2018 01:28 AM

තව මාස 12 ක් බලන් ඉන්න වෙනවා.

:       8       16

අප්පුහාමි මාමා Thursday, 18 October 2018 03:37 AM

මේවගේම කතාවක් දකුනෙත් කීවා. මතකද පස්දුන් කෝරලේ නම හැදුන හැටි කිව්වා?

:       0       0

Mohamed Thursday, 18 October 2018 06:57 AM

උතුරේ සිංහල පුවරු ලිවීමේදී විකෘති වීම්, දකුණේ දෙමළ පුවරු ලිවීමේදී විකෘති වීම්, හරි හමං සිස්ටම් එකක් නැතුව හැම කෙනාටම ඕනෑ වගේ වැඩ කරන හින්දයි ඕක වෙන්නේ. රජයේ පුවරු සියල්ලන්ම එකතැනකින් සිදුවිය යුතුයි, එහි සියළුම භාෂා දන්නා අය සේවය කළ යුතුයි.

:       0       7

Darshana Thursday, 18 October 2018 11:43 AM

පළමුව ලිවිය යුත්තේ සිංහලෙනි. ඉන් පස්සේ අනෙක් භාෂාවලින් ලියුවට කමක් නැත.

:       0       0

Nimal Thursday, 18 October 2018 12:10 PM

අැත්තටම බැලුවොත් දකුණෙත් ඔය ටිකම තමයි. භාෂාව හොඳින් දන්නා අය නම් ඕක දන්නවා. දැන්වීම් පුවරු විතරක් නොවෙයි පත්තරවල බස, රූපවාහිනීවල, ගුවන් විදුලියේ බස ගැනත් හිතන්න. කොළඹ තිබෙන දැන්වීම් පුවරු විතරක් නොවෙයි ඇතැම් උසස් අධ්‍යාපනය කෙරෙන ආයතන නම් කර ඇති ආකාරය බලන්න. ඒවායේ සිටින උගතුන් ද ඒ බැව් නොදනී. අන්තර්ජාල බස ගැන නම් කියන්නට දෙයක් ම නැත.

:       0       7

විජිත් Thursday, 18 October 2018 05:20 PM

මම හිතන්නේ තවමත් මේවා නිවැරදි කරන්න පියවරක් අරන් නැහැ. රජයට එහෙමත් නැතිනම් ජනාධිපතිතුමාට බැරිද පළාත් සභාවට දන්වන්න වහාම මේ පුවරු නිවැරදි කරන්න කියලා. අනික උතුරේ ආණ්ඩුකාරයත් සිංහලයෙක්, එතුමාටවත් බැරිද මේ ගැන පියවරක් ගන්න.

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 5 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 280 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 385 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 926 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 844 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 693 3

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site