(රොමේෂ් මධුෂංඛ)
යාපනය මයිලිඩ්ඩි ප්‍රදේශයේ නැවත පදිංචියට ගිය වැසියකුගේ ඉඩමේ තිබී මෝටාර් බෝම්බ තොගයක් හා කාලතුවක්කු උණ්ඩ තොගයක් සොයා ගත් බව පලාලි පොලීසිය කියයි.
යුද්දය හේතුවෙන් ආරක්ෂක අංශ බාරයේ තිබුණු ඉඩම් යළි මුල් අයිතිකරුවන් වෙත ලබා දීමෙන් පසුව එම ඉඩම් එළිපෙහෙළි කරමින් සිටි වැසියකුට අදාළ මෝටාර් බෝම්බ තොගය හමු වී ඇති අතර පසුව අදාළ ඉඩමේ අයිතිකරු විසින් පලාලි පොලීසියට දැනුම් දී ඇත.
පසුව පලාලි පොලීසිය විසින් යුද හමුදාවටද දැනුම් දීමෙන් පසුව එම ඉඩමේ තිබී මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් බොම්බ 7ක් හා කාලතුවක්කු උණ්ඩ 3ක් සොයාගෙන තිබේ.
මෙලෙසින් ඉඩමේ පොළව යටින් මෙවැනි බෝම්බ තවත් මතු වීමට ඉඩ ඇති බැවින් නැවත පදිංචියට ගිය වැසියන්ට අවධානයෙන් සිය ඉඩම් එළිපෙහෙළි කිරීමට කටයුතු කරන ලෙසට ආරක්ෂක අංශ ජනතාව දැනුවත් කර ඇත.
යුද සමයේදී කොටි සංවිධානය ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කරන ලද අවස්ථාවේදී පුපුරා නොගිය බෝම්බ හෝ එම සංවිධානය විසින් වල දමන ලද බෝම්බ තිබිය හැකි බවට සැක සහිත බැවින් ජනතාවට පරිස්සම් විය යුතු බවටද දැනුම් දී ඇත.
හමු වූ මෝටාර් බෝම්බ අධිකරණ නියෝගයකින් විනාශ කිරීමට පියවර ගන්නා බවටද පලාලි පොලීසිය වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
යාපනයේ නැවත පදිංචියට ගිය ඉඩමක යුද උපකරණ හමු වෙයි
prasadi Thursday, 19 April 2018 08:29 AM
'බෝම්බ තොගයක් හා කාලතුවක්කු උණ්ඩ තොගයක්' මෙය කිහිපයක් ලෙස නිවැරදි විය යුතුයි නේද ?
Bamunuarachchi Thursday, 19 April 2018 10:27 AM
මුළු උතුරු නැගෙනහිර පලාත්වලම සෝදිසි කලොත් සඟවපු අවි ආයුද සොයා ගන්න පුළුවනි. අපේ හමුදාව සහ පොලීසිය තිබෙන නිසා භයට මිනිසුන් හමුවන ආයුද ගැන බලදාරීන්ට දන්වනවා. හැබැයි අපේ හමුදාව ඉවත් වුනොත් ඔය ආයුද නැවත ත්‍රස්තයින් අතට පත්වෙනවා. එවිට 4 වෙනි ඊළාම් යුද්දය පටන්ගන්නේ කෙලින්ම මෝටාර් හෝ RPG ගහලය. එමනිසා හමුදාව කිසිදිනක උතුරෙන් ඉවත් නොකළ යුතුය.