IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


යාපනයේ දූපත්වාසීන්ගේ ප්‍රවාහන කටයුතුවලට නෞකා සේවයක්

(රොමේෂ් මධුෂංඛ)
 
යාපනය, කයිට්ස් සිට එළුවතිවු සහ අනලතිවු දූපත් සඳහා මගී ප්‍රවාහනය වෙනුවෙන් එලුතාරකයි නැමති සුඛෝපභෝගී මගී නෞකා සේවාවක් අද (14) සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව  ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශය පවසයි.
 
වායුසමීකරණ පහසුකම් සහිත නෞකාවක් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත නිල වශයෙන් පවරා දීමද එම අමාත්‍යංශය මගින් සිදුකෙරිණි.
 
රුපියල් මිලියන 137 ක මුදලක් මෙම මගී ප්‍රවාහන නෞකාව සඳහා ආයෝජනය කර ඇති අතර එය කොළඹ නැව් තටාකාංගනය නිෂ්පාදනය කර ඇත. මෙම මගී නෞකාව තුළ මගීන් 100 කට පහසුවෙන් ගමන් කළ හැකිය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ නීරීක්ෂණය යටතේ නව කාර්ය මණ්ඩලයක් පුහුණු කටයුතුවල නිරතව සිටිති.
 
මෙම මගී ප්‍රවාහන නෞකාව යෙදවීමත් සමග එළුවතිවු දුපතේ ජීවත්වන පවුල් 500 කගේ සහ අනලතිවු දූපතේ ජීවත්වන පවුල් 250 කගේ ප්‍රවාහන අවශ්‍යතා ඉටුකෙරෙනු ඇත.
 
ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශ ලේකම් වී.සිවඥානසෝති මහතා, යාපනය අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.මුරලිතරන් මහතා, කයිට්ස් ප්‍රාදේශීය ලේකම් මංජුලාදේවී සදීසන් මහත්මිය ඇතුළු පිරිසක් එලුතාරකයි මගී ප්‍රවාහන නෞකාව නිල වශයෙන් භාරදීමේ අවස්ථාවට එක්වූහ. 



අදහස් (5)

යාපනයේ දූපත්වාසීන්ගේ ප්‍රවාහන කටයුතුවලට නෞකා සේවයක්

රුවන් Monday, 14 October 2019 08:18 AM

මොනවා කළත් අවසානයේ සජිත් ජනපති වෙනවා. සජිත්ට ජයවේවා!

:       47       6

රවින් Monday, 14 October 2019 08:20 AM

මේවා බොහොම කලින් කරන්න තිබුණු වැඩ. ජනතාවගේ ගමන් බිමන් අදහස් හුවමාරු කරගැනීම දියුණුවන තරමටම සංහිඳියාව වැඩිවන බව වරක් ශ්‍රේෂ්ට ජන නායකයකු වන හිටපු අමාත්‍ය කදිරගාමන් මැතිතුමා කිවා වගේ මතකයි.

:       1       61

Saman Monday, 14 October 2019 08:39 AM

මේ බෝට්ටු සේවාව පටන් ගත්තේ මීට අවුරුදු 2 කට කලින්. තව බෝට්ටුවක් තියෙනවා ඒක පටන් පටන් ගත්තේ 2011 අවුරුද්දේ.

:       1       12

nishantha Monday, 14 October 2019 08:59 AM

බොහොම හොඳ වැඩක්. නමුත් නාගදීපය දක්වා තියෙන බෝට්ටු සේවය ගැනත් හිතන්න. හරිම අන්තරායදායක ගමනක් එක... ගොඩක් දෙනා ගමන් කරන මේ සඳහාත් පහසුකම් ඇති මගියාගේ ආරක්ෂාව සුරක්ෂිත වෙන විදියේ දෙයක් කළොත් වඩාත් වටිනවා...

:       0       45

sampath Monday, 14 October 2019 11:24 AM

නාගදීපයට හොද ප්‍රවාහන සේවයක් අවශ්‍යයයි. අර මාලු බෝට්ටුවක නග්ගගෙන මගීන් රැගෙන යන ගමන ඉතාමත් අන්තරාදායකයි.

:       0       18

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 0 0

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 43 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 107 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 150 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 307 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 683 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site