IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


යාපනයේ ජල ගැලිම් වලින් පුද්ගලයන් 13900 කට පිඩා

(සිතුම් චතුරංග)
            

යාපනය දිස්ත‍්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් පවුල් 3894 අයත් පුද්ගලයින් 13895 දෙනකු පීඩාවට පත්ව ඇතැයි යාපනය දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

ජලගැලීම් හේතුවෙන් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ප‍්‍රදේශයේ නිවාස පහක් පූර්ණ හානි සිදුවී ඇති අතර 225කට ආසන්න නිවාස සංඛ්‍යාවක් අර්ධ වශයෙන් හානි සිදුවී තිබේ.

යාපනය කරවෙට්ටි ග‍්‍රාමසේවා කොට්ඨාසයේ වැඩිපිරිසක් පීඩාවට පත්ව ඇති අතර එම කොට්ඨාසයේ පවුල් 686 ක පුද්ගලයින් 2335 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවද එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

යාපනය ප‍්‍රදේශයේ පවතින කලපුවල ජලමට්ටම ඉහළයෑම හේතුවෙන් වර්ෂාවත් සමඟ ජලගැලීම් තත්ත්වය උද්ගතව ඇතැයිද කීය.

කයිට්ස් , කරෙයිනගර් ,යාපනය, නල්ලූර් , කෝපායි, සන්දිලිපායි , උඩුවිල් , පේදුරුතුඩුව, තෙලිප්පලෙයි, මරදන්කර්ණි ප‍්‍රදේශයේ ජනතාව වැඩිවශයෙන් ජලගැලීම් හේතුවෙන් පීඩාවටපත්ව සිටින අතර එම ප‍්‍රදේශයේ වගාබිම්ද හානි සිදුවී ඇත.

ආපදා කලමනාකරණ ඒකකය වැඩිදුරටත් පැවසූයේ පවුල් 438 අයත් පුද්ගලයින් 1636 දෙනකු නිවාස වලින් ඉවත් කොට ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති බවයි.

පීඩාවට පත්වූවන් සඳහා යාපනය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය, ප‍්‍රාදේශය ලේකම් කාර්යාල හා යුද හමුදාව විසින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා පිසූ ආහාර ලබා දීමට කටයුතු කොට ඇති බවද යාපනය ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.

යාපනය ප‍්‍රදේශයේ ඇතැම් ස්ථාන වෙත මිලිමීටර 500 අධික වර්ෂාවක් ලැබී ඇතැයි දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකය වැඩිදුරටත් පැවසීය.
 



අදහස් (2)

යාපනයේ ජල ගැලිම් වලින් පුද්ගලයන් 13900 කට පිඩා

ජගත් ලියනගේ Saturday, 18 November 2017 01:20 AM

හැමදාම අපි දුකට කරදරයකට පත් වුණාම පිහිටට එන්නේ... හමුදාව තමයි. දේශපාලකයෝ එන්නේ ලකුණු දා ගන්නනේ.

:       0       40

Nimal Sunday, 19 November 2017 05:05 AM

ඔන්න බලාගන්න කාගෙත් පිහිටට එන්නේ අපේ ආමි එකේ කොල්ලෝ ටික....කෝ මේ මහලොකු දේශපාලඥයෝ......එයාලා ඔක්කොම සීතල කාමර වලට වෙලා ඇති.....එක රුපියලකින්වත් උදව් කරනවාද.... මේකේ පින්තූර ටික දැක්කම තේරෙනවා......අපේ කොල්ලන්ට ජය වේවා!!!!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 742 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 392 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 222 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 159 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 285 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 478 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1507 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site