IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


යාන්ත්‍රික කියත් වනජීවියට හෝ පොලිසියට බාරදෙන්න

(විනීතා එම් ගමගේ)

දිවයින පුරා රක්ෂිත වනාන්තර ආසන්න ප්‍රදේශයන්හි පෞද්ගලික පරිහරණයේ ඇති යාන්ත්‍රික කියත් පොලිස් ස්ථානවල හෝ වන නිලධාරි කාර්යාලවලට භාරදී අවශ්‍ය අවස්ථාවන්හි දී පමණක් අයිතිකරුවන්ට ලබා ගැනීමට හැකිවන අන්දමේ වැඩ පිළිවෙලක් වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශය සැලසුම් කර ඇත.

මේ වනවිටත් සියලු යාන්ත්‍රික කියත් පොලිස් ස්ථානවල ලියාපදිංචි කර ඇති අතර, එයින් රක්ෂිත වනාන්තර ආසන්න පදිංචිකරුවන් ගේ යාන්ත්‍රික කියත් හඳුනාගෙන ඒවා ආසන්න පොලිස් ස්ථානයට හෝ වන නිලධාරි කාර්යාලය භාරයට ගැනීමටත් ඒ වෙනුවෙන් හිමිකරුවන්ට අනු අංකයක් ඇතුළත්  පතක් නිකුත් කිරීමටත් අදහස් කරන බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ලංකාදීපයට අද (20) පැවැසීය.

එම යාන්ත්‍රික කියත් හිමිකරුවන්ට අවශ්‍ය අවස්ථාවල දී ඒවා ලබා ගත හැකි බවත් ඒ සඳහා අවශ්‍යතාව සනාථ කරන ලිපියක් ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබාගෙන ඉදිරිපත් කළ යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

අවශ්‍ය කාර්යයෙන් පසු යළිත් යාන්ත්‍රික කියත භාර දිය යුතු අතර එය ලබාගත් අවශ්‍යතාව ඉටුකරගෙන ඇත්ද එහි ස්වභාවය කුමක්ද යන්න ග්‍රාමනිලධාරීවරයා විසින් යාන්ත්‍රික කියත භාර දෙන ස්ථානයට ලබා දිය යුතු බවත් කී ලේකම්වරයා වන සංහාර නැවැත්වීමේ එක් පියවරක් ලෙස මෙම පියවර ගන්නා බව ද කියා සිටියේය.

මේ වනවිට කොස්, දෙල් වර්ග, ගැහැණු තල්ගස් හා නැදුන් ගස් කැපීම සම්පූර්ණයෙන් තහනම් වන අතර ගෙවත්තක ඇති ගසක් කපන්නට අවශ්‍ය වුවහොත් ඒ සඳහා බලපත්‍ර ලබා ගත යුතුවේ.

ගෙවතුවල පිහිටි වෙනත් ඕනැම ගසක් කපා ඉවත් කරගත හැකි අතර ඒ සඳහා විශේෂ  බලපත්‍ර අවශ්‍ය නොවේ.

කෙසේ වෙතත් වසරකට යාන්ත්‍රික කියත් 30,000 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වනු ලබන බව රජයේ සංඛ්‍යා ලේඛන වල සඳහන් වන අතර දිවයින පුරා යාන්ත්‍රික කියත් ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් ඇතැයි විශ්වාස කෙරේ.

 



අදහස් (24)

යාන්ත්‍රික කියත් වනජීවියට හෝ පොලිසියට බාරදෙන්න

ferna Sunday, 20 September 2020 07:32 PM

අදහස හොදා. නමුත් යමක් කියන්න ඕන. මේ නිලධාරීන් තම රාජකාරිය හරියට ඉටුකර රටට සේවය කරනවානම් ජනතාව නීති ගරුක වීම වලක්වනු කාටවත් නොහැකිය..

:       0       26

CHANDIMA Monday, 21 September 2020 12:27 AM

ඔන්න නටවන්න වගේ හදන්නේ.

:       0       11

මුණසිංහ Monday, 21 September 2020 02:09 AM

ඒකත් හොඳ තමා. ඒත් වන ජීවියටත් පොලිසියටත් තම රාජකාරිය හරියට කරනව නම් ඔය වගේ නීති අවශ්‍ය නැහැ. නුවර තට්ටු5 ක් හදනකම් නිළධාරින් ඇස් පියාගෙන හිටියද? ඒ වගේ තමා අනෙක් ඒවත්.

:       0       17

Bamunuarachchi Monday, 21 September 2020 02:09 AM

අලි ගොයම් කන එක නවත්වන්න ගෙවල්වල තිබෙන වංගෙඩි ගස්බදින්න කියා කීව කතාව මතක් වෙනවා.

:       0       71

bandara Monday, 21 September 2020 02:54 AM

පය බරවායට පිටිකර බෙහෙත් බැදීම... නීතිය හරියට නොකර ලොකු ලොක්කෝ බෙිරගෙන පොඩි එවුන් අහුකරන්න හදන්නේ...

:       0       117

සමරේ Monday, 21 September 2020 03:35 AM

ඊට වැඩිය හරිම ලේසියි තමන්ගෙ දේශපාලන හෙංචයියන්ට කරන අනිසි ව්‍යාපාර ටික නවත්තල දාන්න කියල කිව්වා නම්. මොකද කැලෑ කපන්නෙ වැලි හාරන්නෙ ඔක්කොම නීති විරෝධී පරිසරයට හානි වෙන දේවල් ටික කරන්නෙ ඒ අය නිසා. දෙයක් කරන එක ඉතාම හොඳයි. හැබැයි එහි ප්‍රායෝගිකත්වයක් තිබිය යුතුයි. මේ කියල තියෙන විදියට ගෙවල් වල තියෙන පිහි ටිකත් පොලිසියට වනජීවී එකට දීල එන්න කියයි.

:       0       114

Niresh Monday, 21 September 2020 03:39 AM

මේ මොනාද මේ... වෙන කරන්න දේවල් නැතුවද මේ දොඩවන්නේ.

:       0       20

Kooralage Monday, 21 September 2020 04:51 AM

ඔය නීති ගේනකොට දැනටමත් මුළු රටේම වනාන්තර වල අවුරුදු 100 ය ගණන් පෞරාණික ගස් කපලා ඉවරයි.

:       0       280

Kamal Koyrala Monday, 21 September 2020 05:13 AM

ගෙදර ගහ කපාගන්න අවසර ගන්න ඕන. කැලේ කපන්න අවුලක් නැහැ.

:       0       148

lankaputhaMonday, 21 September 2020 06:58 AM

බුල්ඩෝසර් ගැන කුමක් කිව හැකිද?

:       0       108

ranaMonday, 21 September 2020 09:44 AM

පැදවීමට බලපත් නොදෙමු.

:       0       16

sharm warn Monday, 21 September 2020 06:10 AM

ඔව් ඔව්... නැතිනම් අපි සියලු යාන්ත්‍රික කියත් අත්අඩංගුවට අරං බන්ධනාගාර ගත කරන්න සියලු පියවර ගන්නවා. නොකීවයි කියන්න එපා.

:       0       5

Sunilsamaraweera Monday, 21 September 2020 06:27 AM

අතීසාරෙට අමුඩ ගහනව වගේ යෝජනා. ඒ කාලෙ වඩමඩු තහනම් කරන්න කතා කෙරුවා. තව ටික කලෙකින් කියයි ගෙදර තියෙන පිහියත් පොලසියට දා, උයන වෙලාවට අරන් යන්න කියලා. මේවට විද්‍යාත්මක විසඳූම් දෙන්න.

:       0       67

Kamal KoyralaMonday, 21 September 2020 09:54 AM

සුනිල් සමරවීර .., මේවා විද්‍යාත්මකව වියත්මගේ උපදෙස්.

:       0       125

siri Monday, 21 September 2020 06:55 AM

මුලින්ම මේක කිව්වේ හිටපු ජනාධිපතිතුමා ඒ දවස්වල ඔයාලම හිනාවුණා.

:       0       20

sunil Gnanasekera Monday, 21 September 2020 07:16 AM

කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නීති නැවතත් ක්‍රියාවේ යෙදෙන වගක්.

:       0       85

amila Monday, 21 September 2020 07:17 AM

මාර නීතිනේ මේවා...

:       0       2

ferna Monday, 21 September 2020 07:22 AM

කියත් මග. සමාන බවක් තියේද..?

:       0       268

Champa Monday, 21 September 2020 07:23 AM

වියත් මඟ, ඩෝසර් මඟ වෙලා එළිය, බලිය වෙලා තියෙන්නේ දැන්.

:       1       251

Prabha Monday, 21 September 2020 08:24 AM

කියත්ටික විතරක් මදි... ඩෝසර් ටිකත් පොලිසියේ ගල් කරන්න.

:       0       47

Bamunuarachchi Monday, 21 September 2020 12:51 PM

රක්ෂිත වනාන්තර කපන එක කවම දාකවත් නවත්වන්න බැහැ. එයා දැනුවත් වෙනවා වෙන්න පුළුවන්. මේ තරම් වනාන්තර කපලා කාටද දඬුවම් ලැබුණේ? කැලේ කැපිල්ලට සම්බන්ධ නිලධාරීන්ට මේවන තුරු දඬුවමක් ලැබිලා තියෙනවද? කැලේ කපපු අයට කරපු විනාශයට හරියන දඬුවම් ලැබිලා තියෙනවද? කපාපු ගස්වල වටිනාකම අයකර ගැනීම හෝ ඒ ලී කොහාටද ගියේ කියලා සොයලා බලලා ප්‍රසිද්ධ කළාද? නැහැ අමූලික බොරුවක් කරන්නේ.

:       0       2

Nihal Monday, 21 September 2020 02:29 PM

අපේ ගෙදර තියෙන පිහිකැති ටිකත් අරගෙන යන්න. හැබැයි උයන වෙලාවට ආයේ ඕනෑ.

:       0       0

Rohana Monday, 21 September 2020 05:03 PM

මෙයාලට 2/3 දුන්නේ මෙවැකි විහිලු බල බලා ඉන්නද?

:       0       0

ටි ඉන්දික Tuesday, 22 September 2020 04:52 AM

අායේ ඒ වලින් අවශ්‍ය වේලාවටවත් ප්‍රයෝජන ගත නොහැකි වේවි. වාහන පොලිසිවල තිබුණාම වෙන දේ කොහොමද..? එක තැන දිරාපත් වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 209 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 597 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 685 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 1109 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 762 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1630 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1553 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1457 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site