පැතුම් දර්ශන සහ දයාරත්න ඇඹෝගම
යාන්ඔයේ ජලය යට සැඟව තිබූ තවත් ගිනිඅවි අමතර කොටස් සහ උණ්ඩ රැසක් සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් භටයෝ සමත්වුහ.
හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතා විසින් කළ ඉල්ලීමකට අනුව තලෛයි මන්නාරම නාවික හමුදා කඳවුරේ ලුතිතන් (මැරින්) ආර්.පී.බී.රාජරත්න මහතා ඇතුළු අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම සිදුකෙරිණි.
එහිදී ටී-56 උණ්ඩ 976ක්, ටොම්බා බෝම්බ 2ක් ,ඩෙටනෙටර් 14ක්, හඳුනා නොගත් පතොරම් ගැබ් 2 ක්, එල්.එම්.ජි. පතුරම් රහිත වැල් 3 ක්, සොයාගෙන ඇත.
මෙම අවි කොටස් සෙවීමේ මෙහෙයුම සවස් වනතුරු සිදුකළ අතර තවදුරටත් ජලය යට අවි කොටස් ඇති බවට සැකකරන බැවින් ඉදිරියේ දී නැවත කිමිදුම් භටයන් යොදවා ජලය යට පරීක්ෂා කිරීමට කටයුතු කරන බව නාවික හමුදා නිලධාරීහු පැවසූහ.
ඉකුත් නොවැම්බර් 30 වැනි දා පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් යාන් ඔයෙන් අවි කොටස් ප්‍රථමයෙන් සොයා ගන්නා ලදී.
පාලම යට ජලයෙහි ගිනි අවි සඟවා ඇති බවට ලැබුණු තොරතුරක් අනුව විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් මෙහෙයුමක් ආරම්භ කළ අතර එහිදී ටී -56 පතොරම් 1400ක්, එම්.පි.එම්.ජි.පතොරම් 1379ක්, මැගසින්100ක්, අත් බෝම්බ 02ක්,ටොම්බ බෝම්බ 8ක්, එල්.එම්.ජී.උණ්ඩ සීයේ වැල් 12ක්,ඇතුළු තවත් ගිනිඅවි අමතර කොටස් රැසක් සොයා ගැනීමට සමත් විය.
පසුව හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති කළ ඉල්ලීමකට අනුව ගිනි අවි සෙවීමේ දෙවැනි මෙහෙයුම ආරම්භ කළේ ඉකුත් තුන් වැනි දා යුද හමුදා කොමාන්ඩෝ බළකායේ කිමිදුම් භටයන් විසිනි.
එහිදී ටී 56 පතොරම් 695ක්, එම්.පි.එම්.ජී. පතොරම් 319ක්, ඩෙටනෙටර් 40ක්, අත්බෝම්බ 3 ක්,ටොම්බා බෝම්බ 2 ක්, සොයාගැනීමට යුද හමුදා කමාන්ඩෝ භටයෝ සමත් වූහ.
(ඡායාරූප - පැතුම් දර්ශන)
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල
පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
යාන්ඔයේ ජලය යට සැඟවුණු තවත් ගිනිඅවි සොයා ගනී
rocky Thursday, 13 December 2018 01:20 PM
පින්තුරේ වම් පැත්ත නම් භයානක ආප්පයක් තියෙනවා වගෙයි!