( කේ බුද්ධික කුමාරසිරි )
හෝමාගම - මොරගහහේන මාර්ගයේ පිටිපන හල්ගහදෙනිය ප්‍රදේශයේදී අද (24) යතුරුපැදියක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදියෙහි ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් තරුනයෙකු මිය ගොස් ඇතැයි හෝමාගම පොලිසිය පවසයි
තුවාල ලබා රෝහලට ඇතුළත් කරන ලද අනෙක් තරුණයාද බරපතල තත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පවසයි
මිය ගිය තරුණයා තවත් මිතුරෙකු සමග හෝමාගම ප්‍රදේශයට පැමිණ යළි නිවස බලා යාමේදී අනතුර සිදු වූ පිටිපන, හල්ගහදෙනිය ප්‍රදේශයේදී එම දෙසටම ගමන් ගත් ති‍්‍ර රෝද රථයකට ඉස්සර කිරීමට යාමේදී තලගල දෙස සිට ඉදිරියෙන් පැමිණි වෑන් රථයේ ගැටී අනතුර සිදුව ඇතැයි කළ මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
අනතුරට ලක් වූ තරුණයින් සාදයක් පවත්වා ඒ සදහා තවත් අවශ්‍ය වූ ද්‍රව්‍ය කිහිපයක් රැගෙන ඒම සදහා හෝමාගම ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවත් අනතුර සිදුවන අවස්තාවේදී යතුරුපැදියෙහි ගමන් ගත් තරුණයින් දෙදෙනාම ආරක්ෂිත හිස් ආවරණ පැළඳ නොගෙන ගමන් කර ඇති බවත් එම දෙදෙනාම මත්පැන් පානය කර ඇති බවට සැක කල හැකි සාක්ෂි හමු වී ඇති බවද හෝමාගම පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසීය
මෙලෙස මිය ගොස් ඇත්තේ වැළිමඩ, පේරවැල්ල වැරැල්ලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රත්නායක මුදියන්සේලාගේ දර්ශණ නිවන්තක නමැති 30 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
ඔහු මෝටර් කාර්මිකයෙකු ලෙස රැකියාව කරමින් මොරගහහේන බෙරුකැටිය ප්‍රදේශයේ ඥාති නිවසක පදිංචිව සිට ඇති බවද පොලිසිය පවසයි.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
යතුරුපැදි-වෑන් අනතුරින් තරුණයෙක් මරුට